විදු නැණ හවුල

දකුණු ආසියාවේ ප්‍රථම විද්‍යා කෙටි පණිවුඩ සේවාව සහ විද්‍යා කවය

විද්‍යා කෙටි පණිවුඩ සේවාව

විද්‍යා කෙටි පණිවුඩ හා විද්‍යුත් පණිවුඩ සේවාව

සිංහල සහ ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන්

විදු නැණ හවුල විද්‍යා කෙටි පණිවුඩ සේවාව යනු ශ්‍රී ලාංකීය ජනතාව‍ගේ විද්‍යා සාක්ෂරතාව නංවාලීම හා විද්‍යාව පිළිබඳ ඔවුන්ගේ කුතුහලය වැඩිදියුණු කිරීමේ අභිප්‍රායෙන් ඔවුන් වෙත නොමිලේ ලබා දෙන සේවාවකි.

මෙම සේවාව සතියේ දිනවල දී සිංහල හා ඉංග්‍රීසි යන මාධ්‍ය දෙකෙන් ම සාමාජිකයින්හට සපයනු ලබන අතර භෞතික විද්‍යාව, රසායන විද්‍යාව,ජීව විද්‍යාව හා තාරකා විද්‍යාව යන විෂයන්ට අදාළව අඟහරුවාදා , බදාදා හා බ්‍රහස්පතින්දා දිනවල දී ඉතා ප්‍රයෝජනවත් හා සිත්ගන්නාසුලු කරුණු සාමාජිකයින් හට යොමු කරනු ලැබේ. සිකුරාදා දිනවලදී එදිනෙදා ජීවිතයේ සංසිද්ධියක් පිටුපස පවතින විද්‍යාත්මක සංකල්ප පිළිබඳ පැනයක් සාමාජිකයින් වෙත යොමු කරනු ලබන අතර මෙම පැනයට පිළිතුරු සැපයීමට ඔවුනට අවස්ථාව සලසා ඇත.

සියලු විද්‍යා පණිවුඩ විදු නැණ හවුලට එකතු වන්න

විද්‍යා හවුල

#AskVNH

ඔබට විද්‍යාත්මක කරුණක් සම්බන්දව යම් ගැටලුවක් ‍වේ නම්, විදු නැණ හවුල වෙත එය යොමු කිරීමට අවස්ථාවක් ඇත. විදු නැණ හවුලේ සම්පත්දායකයන් ඔබගේ ගැටලුවලට පිළිතුරු සැපයීමට නිරතුරුව සුදානම්ව සිටී.

ඔබගේ ගැටලු අපවෙත යොමු කළ පසු අප හැකි ඉක්මනින් එයට පිළිතුරු ලබා දීමට උත්සහ කරන්නෙමු.තවද #AskVNH යන හෑෂ්ටැග් එක භාවිත කරමින් ද Facebook,Twitter හෝ Google Plus යන සමාජ ජාල අඩවි හරහා ඔබගේ ගැටලු අපවෙත යොමුකළ හැකි ය.

ප්‍රශ්න යොමු කිරීමට හෝ කියවීමට පිවිසෙන්න
#Ask VNH

සමාජ ජාල අඩවි ඔස්සේ විද්‍යාව

අපි සමාජ ජාල අඩවි ඔස්සේ ද විද්‍යාව ප්‍රචලිත කරන්නෙමු

විද්‍යාව වඩාත් පුළුල් ප්‍රජාවක් ඔස්සේ ප්‍රචලිත කිරීම උදෙසා විදු නැණ හවුල විද්‍යා කෙටි පණිවිඩ සේවාව විසින් විද්‍යාත්මක කරුණු සමාජ වෙබ් අඩවි ඔස්සේ ද ව්‍යාප්ත කරනු ලැබේ. මෙමගින් සමාජිකයින් හට ඔවුන්ගේ විද්‍යා දැනුම,විද්‍යාත්මක තර්ක හා අදහස් දිවයින පුරා ව්‍යාප්ත වුණු විද්‍යාව පිළිබඳ නොනිමි උනන්දුවක් දක්වන දහසකුත් දෙනා සමග හුවමාරු කරගැනීමට අවස්ථාව සැලසේ.

විද්‍යා බ්ලොග් අඩවිය

විද්‍යා බ්ලොග් අඩවිය

විද්‍යාව සම්බන්ධ ලිපි සිංහල භාෂාවෙන්

විද්‍යාවේ අපූර්වතම සංකල්පයන්, නවතම විද්‍යාත්මක සොයාගැනීම් හා විද්‍යාවේ තවත් බොහෝ පැතිකඩයන් පිළිබඳව කරුණු සවිස්තරාත්මකව සිංහල භාෂාවෙන් සැපයීමේ හා විද්‍යා සමාජය උනන්දුවක් දක්වන විද්‍යාවේ විවිධ ක්ෂෙත්‍ර පිළිබඳ මනා දැනුමක් ඔවුනට ලබා දීමේ අරමුණින් ආරම්භ කරන ලද විදු නැණ හවුල විද්‍යා බ්ලොග් අඩවිය විද්‍යාවේ විවිධ ක්ෂෙත්‍ර අළලා ලියැවුණු ලිපි ගණනාවකින් සමන්විතය.

විද්‍යාව පිළිබඳ ඔබ දන්නා නවතම කරුණු හා විද්‍යාත්මක දැනුම විද්‍යා සමාජය හා බෙදාගැනීමට ඔබත් උනන්දු නම් ඔබේ විද්‍යා ලිපි සඳහා විදු නැණ හවුල විද්‍යා බ්ලොගය සෑමවිටම විවෘතව පවති යි.

විදු නැණ හවුල – ඉ-ස්වාභිමානී ජයග්‍රාහක

ජාතික ඉ-මාධ්‍ය තරගාවලිය 2014

2014 ඉ-ස්වාභිමානී ජාතික ඉ-මාධ්‍ය තරගාවලියෙහි ,ඉ - ඉගෙනුම් හා අධ්‍යාපන අංශය යටතේ තරග කො‍ට විදු නැණ හවුල විද්‍යා කෙටි පණිවිඩ සේවාව (OSCEM) ජයග්‍රහණය කළ බව සතුටින් දන්වා සිටිමු.

නිර්මාණශීලී තොරතුරු තාක්ෂණ අන්තර්ගතයන් හා යෙදවුම් ජාතික මට්ටමින් ඇගයීමට ලක් කිරීම සදහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් ඉ-ස්වාභිමානී සම්මාන ප්‍රදානෝත්සවය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි .මෙම සම්මාන ප්‍රදානයට පාත්‍ර වන නිර්මාණකරුවන්ට ජාත්‍යන්තර වශයෙන් පැවැත්වෙන විශ්ව සමුළු සම්මාන ප්‍රදානෝත්සවය නියෝජනය කිරීමේ අවස්ථාව ද උදා වේ.