ජීව විද්‍යාව වර්ගීකරණයට අදාළ විද්‍යා ගැටලු

2012 මාර්තු 20 වන අඟහරුවාදා

Q: ගොටුකොළ සැදීමේදී දෙහි යුෂ එකතු කරන්නේ ඇයි?

Answered by Team Vidu Nena Hawula

ගොටුකොළ සැදීමේදී දෙහි යුෂ එකතු කරන්නේ මූලිකවම රසය වැඩි කිරීමේ අරමුණින් වුවද එමගින් ගොටුකොළ වල අඩංගු යකඩ අයන අවශෝෂණය පහසු කරවයි.

2012 මාර්තු 25 වන ඉරිදා

Q: හඳුන් දිවියා,කොළ දිවියා,කැලෑ බළලා,බළල් දිවියා යනුවෙන් හඳුන්වන්නේ එකම සතෙක්ද? ඔවුන් ලංකාවට ආවේනිකද?

Answered by Mr. Imesh Bandara – Zoology specialist , Mrs. Buddhika Perera – Research assistant at IFS

කොළ දිවියා සහ බළල් දිවියා ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේදී හඳුන්වනු ලබන්නේ Rusty-Spotted Cat (Priorailurus rubiginosus) නම් බළල් පවුලට අයත් සත්වයාය.වල් බළලා නැතිනම් කැලෑ බළලා ලෙස හඳුන්වනු ලබන්නේ Jungle Cat (Felis chaus) නම් සත්වයාය.හඳුන් දිවියා යනු Fishing Cat (Priorailurus viverrinus )ලෙස හඳුන්වන සත්වයායි.මේ සියල්ලෝම බළල් පවුලට අයත් වන අතර දේශීය සත්වයන් වේ.නමුත් ලංකාවට පමණක් ආවේනික සත්වයන් නොවේ.

2012 අප්‍රේල් 15 වන ඉරිදා

Q: මුහුදු සිංහයා, ප්ලැටිපස් ,සීල් මත්සයා අයත් වන වර්ග හා ගෝත්‍ර මොනවාද?

2012 අප්‍රේල් 20 වන සිකුරාදා

Q: ලිපිඩ තුල ද්‍රාව්‍ය විටමින සහ අද්‍රාව්‍ය විටමින මොනවාද?

2012 අප්‍රේල් 22 වන ඉරිදා

Q: මිනිසාගේ ඇති කුඩාම අස්ථිය කුමක්ද?

2012 අප්‍රේල් 25 වන බදාදා

Q: ඕසෝන් වායුව නිල් වර්ණයක් දරයි.අහස නිල් පැහැ වන්නේ මේ නිසාද?

Answered by Team Vidu Nena Hawula

ඕසෝන් වායුව යන්තම් නිල් වර්ණයක් දැරුවද අහසෙහි නිල් පැහැයට හේතුව ඕසෝන් නිල් පැහැ වීම නොවේ. සූර්යාලෝකය පෘථිවියේ වායුගෝලයට ඇතුළුවන විට වායුගෝලයේ පවතින වායු හා වෙනත් අංශු මගින් මෙම ආලෝකය සෑම දිශාවක් ඔස්සේම ප්‍රකිරණය කරයි. නිල් වර්ණය තරංග ආයාමයෙන් අඩු හා ශක්තියෙන් ඉහළ නිසා එය අනෙක් ආලෝකයන්ට වඩා වැඩියෙන් ප්‍රකිරණය වේ . එම නිසා බොහෝ විට අපට අහස නිල් පැහැයෙන් දිස්වේ.

2012 මැයි 22 වන අඟහරුවාදා

Q: සමහර මල් උදේට එක වර්ණයකුත්, සවසට තවත් වර්ණයකුත් ගන්නේ ඇයි?

Answered by Professor Gamini Senevirathne (IFS )

එම ශාක සෛල වල පවතින ලව වර්ණක සාන්ද්‍රණය වෙනස් වීම නිසා මෙසේ ඇතැම් ශාක වල මල් වල පැහැය,දවසේ විවිධ වේලාවන් වලදී වෙනස් වේ.මේ සඳහා මූලිකව බලපාන්නේ Anthocyanin නම් වර්ණකයයි.මෙසේ ඇතැම් ශාක පුෂ්ප වල පැහැය වෙනස් වීම පරාගනයට දක්වන අනුවර්තනයකි.විවිධ වර්ණයන්ට ආකර්ෂණය වන කෘමින් ගෙන්වා ගැනීම මගින් පරාගන ක්‍රියාවලිය කාර්යක්ෂම කර ගැනීමට මෙනිසා හැකියාව ලැබේ.

2012 ජූනි 6 වන බදාදා

Q: ගවයින්ගේ රෝමාන්තිකය ආමාශයට සමාන ව්‍යුහයක්ද? එය ආමාශයෙන් ස්වාධීන ව්‍යුහයක්ද?

2012 ජූනි 17 වන ඉරිදා

Q: අලි පැටවෙකු මවගේ කුස තුල කොපමණ කාලයක් සිටිනවාද?

2012 ජූලි 6 වන සිකුරාදා

Q: කනාමැදිරියාගේ ආලෝකය ලැබෙන්නේ කෙසේද?

Answered by Team Vidu Nena Hawula

කනාමැදිරියාගේ ආලෝකය නිපදවෙන්නේ ඔවුන්ගේ උදරයේ අඩංගු ලුසිෆෙරින් නම් සංයෝගයක්, ඔක්සිජන් සමඟ සම්බන්ධ වන අවස්ථා වලදීය. මෙහිදී නිපදවෙන ආලෝකය විහිදුවීමට උදරයේ සෛල තුල යුරික් අම්ල ස්ඵටික අඩංගු ය.