භෞතික විද්‍යාව වර්ගීකරණයට අදාළ විද්‍යා ගැටලු

2012 ජනවාරි 7 වන සෙනසුරාදා

Q: නැනෝ තාක්ෂනය මුලින් සොයා ගත්තේ කවුද?

2012 අප්‍රේල් 25 වන බදාදා

Q: ඕසෝන් වායුව නිල් වර්ණයක් දරයි.අහස නිල් පැහැ වන්නේ මේ නිසාද?

Answered by Team Vidu Nena Hawula

ඕසෝන් වායුව යන්තම් නිල් වර්ණයක් දැරුවද අහසෙහි නිල් පැහැයට හේතුව ඕසෝන් නිල් පැහැ වීම නොවේ. සූර්යාලෝකය පෘථිවියේ වායුගෝලයට ඇතුළුවන විට වායුගෝලයේ පවතින වායු හා වෙනත් අංශු මගින් මෙම ආලෝකය සෑම දිශාවක් ඔස්සේම ප්‍රකිරණය කරයි. නිල් වර්ණය තරංග ආයාමයෙන් අඩු හා ශක්තියෙන් ඉහළ නිසා එය අනෙක් ආලෝකයන්ට වඩා වැඩියෙන් ප්‍රකිරණය වේ . එම නිසා බොහෝ විට අපට අහස නිල් පැහැයෙන් දිස්වේ.

2012 මැයි 22 වන අඟහරුවාදා

Q: දුරේක්ෂය සොයා ගනු ලැබුවේ කවුරුන් විසින්ද ?

2012 අගෝස්තු 2 වන බ්‍රහස්පතින්දා

Q: කොලෙස්ටෙරෝල් බැඳීම නිසා කෙනෙක්ගේ රුධිර නාල පටු වද්දී, රුධිර ගමනට ඇතිවන අවහිරතාව තරල ගතිකය ඇසුරෙන් පහදා දිය හැකිද?

Answered by Prof.Lakshman Dissanayake.

තරල ගතිකය ඇසුරෙන් රුධිර ගමන පහදා දිය නොහැක. අප තරල ගතිකයේ ඉගෙන ගන්න එක බර්නුලි නියමයක් නම් නලයක් ක්‍රමයෙන් පටු වත්ම එය තුල තරලයේ පීඩනයද ක්‍රමයෙන් අඩු විය යුතු බවය. නමුත් මෙම නියමය දේහය තුලදී රුධිරයට වලංගු නොවේ. මීට මූලිකම හේතුව, තරල ගතිකයේ ද්‍රවයක් විසින් තෘප්ත කල යුතු අවශ්‍යතාවන්ට, රුධිරය එකඟ නොවීමයි. රුධිරය දුස්ස්‍රාවී බල සහිත, අනාකූල අනවරත ප්‍රවාහයක නොදෙන තරලයක් වේ. ඇතැම් කේශනාලිකා වල හරස්කඩ වර්ගඵලය, එතුලින් ගමන් කරන රතු රුධිරානු වල වර්ගඵලයට බොහෝදුරට ආසන්න වේ. එවැනි අවස්ථා වලදී රුධිරය තරලයක් ලෙස සැලකීම පවා ගැටළු සහගතය. එබැවින් සාමාන්‍ය අවස්ථා වලදී පවා දේහය තුලදී රුධිර ගමනට බර්නූලි නියමයන් යෙදිය නොහැක.

2012 සැප්තැම්බර් 17 වන සඳුදා

Q: SPH අගය යනු කුමක්ද? නිරෝගී ඇසක SPH අගය කොපමණ විය යුතුද?

Answered by Team Vidu Nena Hawula

SPH = Sphere Power ඇසෙහි දර්ශන තතය මනිනු ලබන ඒකකයකි. SPH අගය 0 යනු මධ්‍ය අගයයි. එම අගය + වේනම් දුර දෘෂ්ටිකත්වය සහ – වේනම් අවිදුර දෘෂ්ටිකත්වය ඇතැයි හඳුනා ගැනේ.

2012 නොවැම්බර් 2 වන සිකුරාදා

Q: කළු වර්ණය අනෙකුත් වර්ණ අවශෝෂණය කරනවාද?

Answered by Team Vidu Nena Hawula

යම් වස්තුවක් කළු පැහැයෙන් දිස්වන්නේ එම වස්තුව මතට පතනය වන සියලුම දෘශ්‍ය කිරණ එමගින් අවශෝෂණය කරන බැවිනි. යම් වස්තුවක් සුදු පැහැයෙන් දිස්වන්නේ ඒමත පතනය වන සියළුම දෘශ්‍ය කිරණ එමගින් පරාවර්තනය කරන බැවිනි.

2013 ඔක්තෝබර් 4 වන සිකුරාදා

Q: ද්‍රව්‍ය ප්‍රමාණය (පදාර්ථ ප්‍රමාණය) මනින්නේ මවුල වලිනි. එසේනම් ස්කන්ධය (mass) මගින් කුමක් මනින්නේද?

Answered by Team Vidu Nena Hawula

මවුල වලින් මෙන්ම ග්‍රෑම් වලින් මනිනු ලබන්නේ යම් ද්‍රව්‍යක ඇති පදාර්ථ ප්‍රමාණයයි. නමුත් භාවිතය අනුව රසායනික කටයුතු සඳහා මවුල ඒකකය වඩාත් උචිත වේ. එමෙන්ම එදිනෙදා ජීවිතයේ යම් ද්‍රව්‍යක ප්‍රමාණය පැවසීමට ස්කන්ධය යොදා ගැනීම උචිත වේ. එබැවින් මෙය භාවිතය අනුව වෙනස් වේ.

2013 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

Q: ඩොප්ලර් ආචරණ රැලිති ටැංකියෙන් ආදර්ශනය කල හැකිද? පෙන්විය හැකි නම් පෙන්වීම සදහා ගත යුතු ක්‍රියා මාර්ග කවරේද?

Answered by විදු නැණ හවුල කණ්ඩායම

රැලිති ටැංකිය මගින් ඩොප්ලර් ආචරණය පෙන්වීමට හැකිය. ඒ සදහා කම්පන තුඩු භාවිතා කිරීම වඩාත් පහසුවේ. එක් කම්පන තුඩක් රැලිති ටැංකියේ එක් අන්තයක කම්පනය වීමට සලස්වා වෙනත් කම්පන තුඩක් රැලිති ටැංකියේ අනෙක් අන්තයේ සිට පළමු කම්පන තුඩ කම්පනය වන සංඛ්‍යාතයෙන් කම්පනය කරමින් පළමු කම්පන තුඩ දෙසට චලනය කිරීම මගින් ඩොප්ලර් ආචරණය ආදර්ශනය කළ හැක.

2014 ජනවාරි 15 වන බදාදා

Q: Huge water tanks are built with a large circular water storage tank on top of a thin column.this odd structure with an elevated center of gravity seems very unstable.but they are built. what is the reason behind this?

Answered by Prof. Ranjith Dissanayake, Head, Department of Civil Engineering, University of Peradeniya, Peradeniya, Sri Lanka

1. To increase the water pressure ,which makes it easy to distribute water to long distances.
2. It also works as a pendulum so when unstable (like in earthquake or wind forces) not a big problem as it gets stable automatically.

2014 පෙබරවාරි 3 වන සඳුදා

Q: අකුණු ගසන අවස්ථාවක ජංගම දුරකථනයක් ළඟ තබා ගෙන සිටීම අවදානම්ද ?

Answered by Team Vidu Nena Hawula

සෛද්ධාන්තිකව කරුණු සැලකීමෙන් පැවසිය හැක්කේ අකුණු ගැසීම කෙරෙහි ජංගම දුරකථන භාවිතයේ බලපෑමක් නැති බවය. නමුත් යම්කිසි හේතුවක් නිසා යම් පුද්ගලයෙකුට අකුණක් වැදෙන විට ජංගම දුරකථනයක් භාවිතා කරමින් සිටියහොත් ඉන් පුද්ගලයාට ඇතිවන හානිය වඩාත් බරපතල වේ.