2012 වසරේ මැයි මාසයට අයත් විද්‍යා පණිවුඩ

25

සිකුරාදා

අද විදු වදන

අලින්ට ඉතා තඳ සමක් පවතින බව අපි හැමෝම දන්න දෙයක්. නමුත් කුඩා කූඩැල්ලෙකුගේ දත් මෙතරම් තඳ සමක් උනත් කැපී යන සේ හැපීමට සමත් කියලා ඔබ දැනගෙන සිටියාද? කූඩැල්ලන්ගේ චූෂකර වල තිබෙන ත්‍රිකෝනාකාර කැපුම් උපාංග නිසා ඔවුන්ට මෙසේ ඕනම තඳ සමක් කැපී යන සේ හපන්න පුළුවන්.


24

බ්‍රහස්පතින්දා

අද විදු වදන

අපි හැමෝම භාවිතා කරන “SUPER GLUE” නිපදවන්නේ කොහොමද කියලා ඔබ දන්නවාද? විද්‍යාවේ හුගක් සොයා ගැනීම් වගේ මෙයත් අහම්බෙන් සොයාගත් දෙයක්. ඒහි නිර්මාපකයා ප්‍රකාශ ආවරණ ද්‍රව්‍යය පිළිබදව පරීක්ෂණය කරමින් ඉන්න අතරතුරේදී වැරදීමකින් තමයි “SUPER GLUE”නිපදවිලා තියෙන්නේ.


23

බදාදා

අද විදු වදන

අපගේ ශරීරයේ ජීව ක්‍රියා දහස් ගණනින්. සිදුවෙනවා. මේ නිසා සෑම තත්පරයක් පාසාම අපගේ සිරුර තුල තාපය ජනනය වෙනවා කියලා ඔබ දැනගෙන හිටියාද? මේ විදිහට ශරීරය තුල විනාඩි 30කදී නිපදවෙන සම්පූර්ණ තාප ප්‍රමාණය ලීටර 2 කට ආසන්න ජල ප්‍රමාණයක් නටවන්න පුළුවන්.


22

අඟහරුවාදා

අද විදු වදන

ජලය තුලදී සෑම මීටර් 10 කටම පිඩනය වායුගෝල පිඩන 1 බැගින් වැඩිවේ. මේ නිසා ගැඹුරු මුහුදේ වෙනස සමුද්‍ර ජීවින් හට වායුගෝල පීඩන 20 සිට 1100 දක්වා වූ පිඩන පරාසයකට මුහුන දීමට සිදු වෙනවා.


21

සඳුදා

අද විදු වදන

පෙනහළු තුලට රුධිර කේෂනාලිකා මිලියන 300,000ක් පමණ තිබෙනවා. මේ රුධිර කේෂනාලිකා එකිනෙක ඇමිනුවොත් ඒවා 2400 km පමණ දුරකට විහිදෙනවා. පුදුමයි නේද? අපේ පෙනහළු වල තිබෙන රුධිර වාහිනි වල දිග මහවැලි ගඟ මෙන් 7 ත් ගුණයක්වත් වඩා වැඩි කියලා ඔබ නිකමටවත් සිතුවාද?


17

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ඔබ දැනගෙන සිටියාද? ඔබගේ ආමාශයේ තිබෙන ආමාශයික යුෂය සින්ක් ලෝහය දිය කිරීමට තරම් ප්‍රබල බව. වාසනාවකට මෙන් අපගේ ආමාශ බිත්තියේ පවතින නැවත නැවත නවීකරණය වන ශ්ලේෂ්මල ස්ථරය නිසා අපගේ ආමාශය ජීරණය නොවී පවතිනවා.


10

බ්‍රහස්පතින්දා

අද විදු වදන

කිසියම් පුද්ගලයක් හඬන විට එම පුද්ගලයාගේ ඇස් රතු වෙන්නේ ඇයි කියල ඔබ මීට පෙර සිතුවාද?හඬන විට ඇසේ ග්‍රන්ථි අවට තිබෙන රුධිර කේශනාලිකා කඳුළු නිපදවීම සඳහා අවශ්‍ය තරලය ලබා දීමට විස්තාරණය වීම සිදු වනවා . මෙම ක්‍රියාවලිය පාලනය වන්නේ ස්වයංසාධක ස්නායු පද්ධතිය මගිනි . යමෙකු අධික ලෙස හඬන විට ඇස මතුපිට තිබෙන රුධිර කේශනාලිකා පවා විස්තාරණය වෙනවා. මේ නිසා තමයි කවුරු හරි හඩන කොට ඇස් රතු වෙන්නෙ .


9

බදාදා

අද විදු වදන

අන්ධ පුද්ගලයන්ට පෙනීම ලබා දෙන එක මේ වනතෙක් විද්‍යාඥයන්ට හීනයක් වෙලා තිබුන දෙයක් . ඒත් දැන් මේ හීනය ඇත්තක් බවට පත් වෙන දවස වැඩි ඈතක නෙමෙයි තියෙන්නේ . මෑතකදී ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයක පර්යේෂකයින් පිරිසක් යාන්ත්‍රික අක්‍ෂි පද්ධතියක් නිර්මාණය කිරීමට සමත් වුනා . මේ නව සොයාගැනීම නිසා ළඟදීම අපට අන්ධ බව මිහිපිටින් තුරන් කරන්නට හැකියාව ලැබේවි .