2012 වසරේ ජූනි මාසයට අයත් විද්‍යා පණිවුඩ

28

බ්‍රහස්පතින්දා

අද විදු වදන

අපගේ ඇසේ අක්ෂි කාචය නාභිගත කරන පේෂීන් දිනකට 100,000 වාරයක් පමණ චලනය වනවා. ඔබගේ පාදයේ පේෂියකට එයට සමාන ක්‍රියාවලියක් දැක්වීමට ඔබට සෑම දිනකම කිලෝමීටර 80ක් ඇවිද යාමට සිදු වනු ඇත.


27

බදාදා

අද විදු වදන

26

අඟහරුවාදා

අද විදු වදන

25

සඳුදා

සතියේ පැනයට පිළිතුර

දහනයට ඔක්සිජන් අවශ්‍යයවේ.නමුත් ලිපේ දර උඩ අළු බැදී ඇති විට දැල්වීම අඩුවේ. එහෙත් පිබින විට එම අළු ඉවත්ව ගොස් ඔක්සිජන් ලැබෙන නිසා හොදින් දැල්වේ. ඉටි පන්දම දැල්වීමට දහන ද්‍රව්‍යය ඉටි වාෂ්ප වේ. පිබින විට ඉහලින් ඇති වාතය හා ඉටි වාෂ්ප ඉවත්වී යන නිසා දැල්ල නිවී යයි.


22

සිකුරාදා

සතියේ පැනය

18

සඳුදා

සතියේ පැනයට පිළිතුර

දොඩම් ඇට වීදුරුවක් සාදන විට දොඩම් ඇට ගිලී පවතින්නේ ජලයේ ඝනත්වයට වඩා දොඩම් ඇට වල ඝනත්වය වැඩි බැවිනි. නමුත් ජලයට සීනි එකතු කිරීමේදී ජලයේ ඝනත්වය වැඩි වීම සිදුවේ. මෙසේ ජලයේ ඝනත්වය දොඩම් ඇට වල ඝනත්වයට වඩා වැඩි වූ විට දොඩම් ඇට ජලය මතු පිට පාවීමට පටන් ගනී.


15

සිකුරාදා

සතියේ පැනය

දොඩම් යුෂ වීදුරුවක් සාදන විට දොඩම් ඇට පතුලේ තිබුනද එයට සීනි දමා දිය කරන විට දොඩම් ඇට පාවීමට පටන් ගනී. මේ සදහා හේතුව කුමක්ද කියා ඔබ දන්නවාද?


14

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ලිතියම් වලට පුලුවන් ඔබ සිතන ආකාරය වෙනස් කරන්න. එයට මානසික රෝග වලට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාව තියෙනවා. ලිතියම් මූලද්‍රව්‍යය අපට වැදගත් ඖෂධ නිපදවීම සඳහා යොදා ගන්නවා කියා ඔබ දන්නවාද?


13

බදාදා

අද විදු වදන

එක වකුගඩුවකට සියුම් පෙරහන්(වෘක්කානු) මිලියන 1ක් පමණ තියනවා. එම පෙරහන් වලට මිනිත්තුවට රුධිරය ලීටර 1.3ක් පෙරීමට හැකි අතර දිනකට මූත්‍රා ලීටර 1.4ක් පමණ නිපදවනවා.