2012 වසරේ ජූලි මාසයට අයත් විද්‍යා පණිවුඩ

31

අඟහරුවාදා

අද විදු වදන

අයිස් කැටයක පරිමාව එය සෑදීමට දායක  වූ ජල පරිමාවට වඩා 9%කින් පමණ වැඩිය. එයට හේතු වන්නේ අනෙකුත් බොහෝමයක් සංයෝගය සිසිල් වීමේදී සංකෝචනය වූවත්, ජලය සිසිල් වීමේදී ප්‍රසාරණය වීමයි.


30

සඳුදා

සතියේ පැනයට පිළිතුර

වතුර පිරී ඇති වීදුරුවකට ලුණු එකතු කිරීමේදී එහි වතුර ඉතිරි ඉවත්වේ යැයි ඔබට සිතුනත් ඇත්තටම සිදුවන්නේ වතුර ප්‍රමාණට අඩු වීමයි. ලුණු කුඩු නම් NaCl නම් සංයෝගයයි. ලුණු වතුරේ දියවී Na+ හා Cl- අයණ බවට විඝටනය වේ. මේ අයණ ජල අණු සමඟ අන්තර් අණුක ආකර්ෂණ බල සදා ගැනීම නිසා ජල පරිමාව අඩු වේ.


27

සිකුරාදා

සතියේ පැනය

26

බ්‍රහස්පතින්දා

අද විදු වදන

25

බදාදා

අද විදු වදන

“හමිංබර්ඩ්” නම් කුරුල්ලාට ඇවිදීමට නොහැක. එමු පක්ෂියාට හා කැන්ගරුට පසුපසට යාමට නොහැක. එහෙත් හමිංබර්ඩ්ට පසුපසට පියෑබීමට හැක. එසේ කල හැකි එකම පක්ෂයා හමිංබර්ඩ් වේ. ලංකාවේ හමිංබර්ඩ්ට සමාන කල හැකි පක්ෂියා පැණි කුරුල්ලා වේ.


24

අඟහරුවාදා

අද විදු වදන

කාමර උෂ්ණත්වයේදී ද්‍රව වශයෙන් පවතින මූලද්‍රව්‍ය වන්නේ බ්‍රෝමීන් හා රසදිය පමණයි. එනමුත් ඔබගේ අත්ල මත ගැලියම් තබාගතහොත් එය ද්‍රව බවට පත් වනු නිරීක්ෂණය කල හැක.


23

සඳුදා

සතියේ පැනයට පිළිතුර

බ්ත්තියේ ගෑමට අපි භාවිතා කරන්නේ දිය ගැසූ හුණුය. එනම් Ca(OH)2 ය. වාතයේ ඇති CO2 හා ප්‍රතික්‍රියා වී CaCO3 සෑදී කාලයත් සමඟ තවත් CO2 හමුවේ CaCO3 බවට පත් වේ. මේ නිසා දීප්තිමත් සුදු පැහැය බවට පත්වේ.Ca(OH)2 + 2 CO2 → Ca(HCO3)2


20

සිකුරාදා

සතියේ පැනය

19

බ්‍රහස්පතින්දා

අද විදු වදන

සයුර මගින් රතු-තැඹිලි(දිගු තරංග ආයාම ඇති) ආලෝකය අවශෝෂණය කරයි. එනිසා අඩි 30ක් පමණ ගැඹුරේ දී රතු ආලෝකය නොමැති නිසා ලේ වුව ද පෙනෙන්නේ කොළ පැහැයෙන්ය.


18

බදාදා

අද විදු වදන

විදුලි ආඳෙකුට වෝල්ට් 500ක් තරම් ප්‍රභල විද්‍යුත් කම්පන තම ශරීරය තුල නිපදවීමේ හැකියාව තිබෙනවා. ඔවුන් විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීම සඳහා මෙම විදුලි සැර උදවු කර ගන්නවා.


17

අඟහරුවාදා

අද විදු වදන

16

සඳුදා

සතියේ පැනයට පිළිතුර

ආප්ප සෝඩා ලෙස භාවිතා කරන්නේ සෝඩියම් බයිකාබනේට් නම් නම් රසායනික සංයෝගයයි. මෙය පිටි මිශ්‍රණයට යෙදු විට සෝඩියම් බයිකාබනේට් වියෝජනය වී සෝඩියම් කාබනේට්, ජලය හා කාබන් ඩයොක්සයිඩ් වායුන් සෑදේ. මෙම කාබන් ඩයොක්සයිඩ් වායුව පිටි අංශු මත හිරවීම නිසා පිටි පිපීම සිදු වේ. නමුත් කල් ඉකුත් වූ ආප්ප සෝඩා මේ සඳහා භාවිතා කල විට එහි පවතින සෝඩියම් කාබනේට් වියෝජනය වී ඇති නිසා පිටි අංශු අතර සිරවීමට ප්‍රමාණවත් තරම් කාබන් ඩයොක්සයිඩ් වායුව නොමැති බැවින් ආප්ප හරි හැටි පිපෙන්නේ නැත.


13

සිකුරාදා

සතියේ පැනය

12

බ්‍රහස්පතින්දා

අද විදු වදන

11

බදාදා

අද විදු වදන

10

අඟහරුවාදා

අද විදු වදන

9

සඳුදා

සතියේ පැනයට පිළිතුර

6

සිකුරාදා

සතියේ පැනය

5

බ්‍රහස්පතින්දා

අද විදු වදන

4

බදාදා

අද විදු වදන

බ්‍රහස්පති ග්‍රහයා මත පවතින සුප්‍රසිද්ධ රතු ලපය අවුරුදු 400ක් පමණ කාලයක් තිස්සේ සිට චලනය වෙමින් පවතින සුලි කුණාටුවකි. ‍මෙහි විශාලත්වය කොපමණද කියනවානම් පෘථිවිය වැනි ග්‍රහලෝක දුසිමක් වුවද මේ තුල ගිල්වන්න පුළුවන්.


2

සඳුදා

අද විදු වදන