2012 වසරේ අගෝස්තු මාසයට අයත් විද්‍යා පණිවුඩ

30

බ්‍රහස්පතින්දා

අද විදු වදන

29

බදාදා

අද විදු වදන

28

අඟහරුවාදා

අද විදු වදන

විශ්වයේ බහුලතම මූලද්‍රව්‍ය වන්නේ හයිඩ්‍රජන්ය. නමුත් පෘථිවිය මත බහුලතම මූලද්‍රව්‍ය වන්නේ ඔක්සිජන්ය. පෘථිවි කබොලේ, වායු ගෝලයේ හා සාගර වල 49.5% කටත් වඩා පවතින්නේ ඔක්සිජන් වායුවයි.


27

සඳුදා

සතියේ පැනයට පිළිතුර

බලය යෙදෙන පෘෂ්ඨයේ වර්ග ඵලය අඩු වන විට එමගින් යෙදෙන පීඩනය වැඩි වේ. උල් සපත්තු වල උලෙහි වර්ග ඵලය අඩු නිසා එමගින් යම් වස්තුවක් මත ඇති වන පීඩනය ඉහලවේ.නමුත් පැතලි අඩි සහිත සපත්තුවක අඩියෙහි වර්ග ඵලය වැඩි නිසා එමගින් ඇති වන පීඩනය අඩුය. එමගින් උල් අඩි සහිත සපත්තුවකින් පෑගුන විට වැඩි වේදනාවක් දැනේ.


24

සිකුරාදා

සතියේ පැනය

23

බ්‍රහස්පතින්දා

අද විදු වදන

22

බදාදා

අද විදු වදන

21

අඟහරුවාදා

අද විදු වදන

20

සඳුදා

සතියේ පැනයට පිළිතුර

ශාකයක මුල් මගින් අවශෝෂනය කරගන්නා ජලය ශාක කඳ ඔස්සේ ඉහළට ගෙන යනු ලබන්නේ සෛලම වාහිනි නම් ඉතා සියුම් නාලිකා ඔස්සේය. ශාක කඳක් කැපූ විට මෙම සෛලම නාලිකා වල පවතින පෘෂ්ඨීක ආතතිය නිසා හට ගන්නා කේෂාකර්ෂණ බලය නිසා ශාක කඳ ඔස්සේ යම් දුරකට ජලය ඉහළට ගමන් කරයි. එසේම ශාකයක් කැපූ විටම එහි මූල පද්ධතිය විනාස නොවන නිසා එම මූල පද්ධතිය මගින් ඇති කරන මූල පීඩනය නම් බලය මෙසේ ශාක කඳ ඔස්සේ ජලය ඉහළට යාමට හේතු වේ.


17

සිකුරාදා

සතියේ පැනය

16

බ්‍රහස්පතින්දා

අද විදු වදන

15

බදාදා

අද විදු වදන

දැනට සොයාගෙන ඇති විශාලතම තාරකාව Canis Majoris නම් තාරකාවයි. එහි විෂ්කම්භය කොපමණද කියනවා නම් අපගේ සූර්යයා අඩි 4ක පළලකින් යුතු බෝලයක් ලෙස සැලකුවොත් Canis Majoris තාරකාව කිලෝමීටර 2.25ක් පමණ වේ.


13

සඳුදා

සතියේ පැනයට පිළිතුර

රාත්‍රී කාලයේදී ගන්නා ලද ඡායාරූප වල මිනිසුන්ගේ ඇස් රතු පාටින් දිස් වීම සාමාන්‍යය දෙයක්. අඳුරේදී ඇසට ඇතුලි වන ආලෝකය වැඩි කර ගැනීම සඳහා කනීනිකා සිදුරේ ප්‍රමාණය වැඩි වෙනවා. මේ නිසා අඳුරේදී ඡායාරූප ගන්නා අවස්ථා වලදී ඇසේ කනීනිකාව විශාල වී පවතී. කැමරාවේ ෆ්ලෑෂ් ආලෝකය එකවරම ඇසට ඇතුල් විමේදී රුධිරයේ පවතින රුධිර කේෂනාලිකා ආවරණය වන පරිදි කනීනිකාව සංකෝචනය කර ගැනීමට අවස්ථාවක් ඇසට ලැබෙන්නේ නැත. මේ නිසා එම රුධිර කේෂ නාලිකා වල වැදී පරාවර්තනය වන ආලෝකය නිසා ඡායාරූප වලදී ඇස් රතු පාටින් දිස් වේ.


10

සිකුරාදා

සතියේ පැනය

9

බ්‍රහස්පතින්දා

අද විදු වදන

8

බදාදා

අද විදු වදන

7

අඟහරුවාදා

අද විදු වදන

6

සඳුදා

සතියේ පැනයට පිළිතුර

මිනිස් ඇසට ආලෝකය ඇතුල් වන්නේ ස්වච්ඡය හරහා කනීනිකාව තුලිනි. කනීනිකාවේ ප්‍රමාණය වෙනස් වීම මගින් ඇස තුලට යන ආලෝක ප්‍රමාණය පාලනය වේ. ආලෝකය වැඩි ස්ථානයක සිටින විට කනීනිකාව කුඩා කිරීම මගින් අඩු ආලෝක ප්‍රමාණයනක් ඇස තුලට ලබා ගනී. අඳුරු ස්ථානයක සිටින විට ඇස වැඩි ආලෝක ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා කනීනිකාව විශාල කර ගනී. තඳ අව්වේ සිට අඳුරු ස්ථානයකට ක්ෂණිකව පැමිණි විට කනීනිකාවේ ප්‍රමාණය වෙනස් වීමට කාලයක් නොමැති බැවින් කළුවරක් දැනේ.


3

සිකුරාදා

සතියේ පැනය

2

බ්‍රහස්පතින්දා

අද විදු වදන