2012 වසරේ දෙසැම්බර් මාසයට අයත් විද්‍යා පණිවුඩ

21

සිකුරාදා

අද විදු වදන

17

සඳුදා

සතියේ පැනයට පිළිතුර

ඔබ දන්නා පරිදි ජලය හා තෙල් මිශ්‍ර වීමක් සිදු නොවේ. සිදු වන්නේ එකකින් අනෙක විස්ථාපනය වීමක් පමණි.දිගින් දිගටම තාපය සැපයීමේදී තෙල් වල උෂ්ණත්වය හුමාලයටත් වඩා ඉහල අගයක් ගනියි.මේ නිසා රත් වූ තෙල් වලට ජලය ස්වල්පයක් එක් කල විට එම ජලය ඒ මොහොතේදීම හුමාලය බවට පත් වේ.මෙහිදී ජලය ප්‍රසාරණය වීම නිසා පිපිරීම් ඇති වී රත් වූ තෙල් ඉවතට විසි වේ.


14

සිකුරාදා

සතියේ පැනය

13

බ්‍රහස්පතින්දා

අද විදු වදන

12

බදාදා

අද විදු වදන

අප පාසලේදී ඉගෙන ගන්නා බ’නුලි මුලධර්මයම භාවිතා කරමින් පර්යේෂකයන් විසින් “Deep Flight” ලෙස හදුන්වනු ලබන කිමිදුම් යාත්‍රා වර්ගයක් නිපදව තිබේ.පියාපත් සහිත මෙම යාත්‍රා වල භාවිතා වන්නේද පියාසර කිරීම සදහා ගුවන්යානා වල භාවිතා වන තාක්ෂණයම වීම පුදුම සහගතය.


11

අඟහරුවාදා

අද විදු වදන

10

සඳුදා

සතියේ පැනයට පිළිතුර

බාබර්කියු දැමීමට භාවිතා කරන ලද ලිපෙහි දැවී අවසන් නොවූ අගුරු කැට පැවතීමට ඉඩ ඇත.සම්පුර්ණයෙන්ම වැසූ කාමරයක් තුලට පිටතින් ඔක්සිජන් වායුව ඇතුළු වන්නේ සුළු වශයෙනි.මේ නිසා බාබර්කියු දැමීම සදහා භාවිතා කර අවසන් වූ උදුනක් සම්පුර්ණයෙන්ම නොනිවා කාමරයක් තුල තබාගෙන නිදගනීමේදී, උදුනේ ඇති අගුරු ඔක්සිජන් වායුව සමග ප්‍රතික්‍රියා කර දහනය වීමට ඉඩ පවතී. මෙසේ ඔක්සිජන් වායුව දහනය වීම නිසා කාමරය තුල පවතින ඔක්සිජන් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වේ. මේ නිසා අවසානයේදී උදුන තුල සිදුවන්නේ අර්ධ දහනයකි. මෙනිසා එම දහනය වීමේදී කාබන්ඩයොක්සයිඩ් පිට වනු වෙනුවට වැඩි වශයෙන් පිට වන්නේ ජීවීන්ට අහිතකර කාබන්මොනොක්සයිඩ් වායුවයි.මෙම කාබන්මොනොක්සයිඩ් වායුව වැඩිපුර ආග්‍රහණය කිරීමෙන් මිනිසුන් මිය යාමට පවා ඉඩ ඇත.


7

සිකුරාදා

සතියේ පැනය

6

බ්‍රහස්පතින්දා

අද විදු වදන

මිනිසාගේ සමේ වර්ණය තීරණය වන්නේ ශරීරය මගින් නිපදවෙන මෙලනින් ප්‍රමාණය මගිනි.අඩු මෙලනින් ප්‍රමාණයක් ඇති විට සුදු පැහැයටත්,වැඩියෙන් ඇති විට අඳුරු පැහැයටත් හුරුවේ.


5

බදාදා

අද විදු වදන

ගුරුත්වයට විරුද්ධව ක්‍රියා කිරීමට ඇතැම් අවස්ථා වලදී ජලයට හැකියාව පවතියි. කේශික නල වැනි ඉතා කුඩා නල ඔස්සේ ජලය ඉහලට ගමන් කිරීම හෙවත් කේශික උද්ගමනය මේ සදහා නිදසුන් වේ.


4

අඟහරුවාදා

අද විදු වදන

3

සඳුදා

සතියේ පැනයට පිළිතුර

සත්වයෙකුට විදුලිසැර වැදීමටනම් උගේ දේහය හරහා විදුලිය සන්නයනය කරන කම්බි වල සිට ආරෝපණ භූ ගත වීමක් හෝ විභවය වැඩි තැනක සිට අඩු තැනකට ආරෝපණ ගමන් කිරීමක් සිදුවිය යුතුය.නමුත් වවුලන් ඇතැම් විට ඉහලින් පවතින කම්බි වල එල්ලී සිටින නිසා ඔවුන් සජීවී හා උදාසීන කම්බි අතර ගැටීමට වැඩි ඉඩක් පවතී. මේ නිසා වවුලන්ගේ දේහය හරහා විද්යුිත් ආරෝපණ ගමන් කිරීම නිසා ඔවුන් මිය ය හැක.