2013 වසරේ පෙබරවාරි මාසයට අයත් විද්‍යා පණිවුඩ

28

බ්‍රහස්පතින්දා

අද විදු වදන

27

බදාදා

අද විදු වදන

රුතිනියම්,රෝඩියම් ,පැලෙඩියම්,රිදී,ඔස්මියම්,ඉරිඩියම් ,ප්ලැටිනම් සහ රත්‍රං යන ලෝහ මල බඳින්නේ නැත.එබැවින් මෙම ලෝහ ‘නිෂ්ක්‍රීය ලෝහ’ (Noble Metals) ලෙසද හැඳින්වේ.


25

සඳුදා

සතියේ පැනයට පිළිතුර

සර්පයින් දිව පිටතට එවා වාතයේ අඩංගු සුවඳකාරක අංශු ග්‍රහණය කරගනියි.එනම් මොවුන් අප මෙන් නාසයෙන් සුවඳ පරික්ෂා කරන්නේ නැත.තවද එම අංශු ජේකබ්සන් අවයවය මතින් යවා අවට වාතය විශ්ලේෂණය කරති.උරගයින් දඩයම් කරන්නේද මෙම තොරතුරු භාවිතයෙනි.


22

සිකුරාදා

සතියේ පැනය

21

බ්‍රහස්පතින්දා

අද විදු වදන

20

බදාදා

අද විදු වදන

19

අඟහරුවාදා

අද විදු වදන

18

සඳුදා

සතියේ පැනයට පිළිතුර

අල තැම්බීමට ඒවාට ලැබෙන තාප ප්‍රමාණය බලපායි.ජලයේ තාපාංකය මත එය රඳවා පවතී. අඩු තාපාංකයක් පවතින විට ජලය සෙල්සියස් 100 ට එළඹීමට පෙර අඩු කාලයකින් නටයි.මෙනිසා අල වලට අවශ්‍ය තාප ප්‍රමාණය නොලැබේ. ජලයේ තාපාංකය වායුගෝල පීඩනය අඩු වන විට අඩු වේ.වායුගෝල පීඩනය, මුහුදු මට්ටමේ සිට උස වැඩි වත්ම අඩුවේ.


15

සිකුරාදා

සතියේ පැනය

14

බ්‍රහස්පතින්දා

අද විදු වදන

මිනිසෙකුගේ පෙනහළු වල ගර්ත ආවරණය කරමින් පවතින රුධිර කේශනාලිකා සියල්ල දිගහැර,එක පෙළකට සකස් කලවිට,ලැබෙන මුළු දිග කිලෝමීටර 992ක් පමණ වේ.
එනම් ශ්‍රී ලංකාවේ පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට ඇති මාර්ගය දිගේ දෙවරක් ඇදීමට තරම් ප්‍රමාණවත්ය.


13

බදාදා

අද විදු වදන

නිල් තල්මසෙකුගේ හෘදය කිලෝග්‍රෑම් 600ක් පමණ බරක් සහිත වේ.එය මිනිස් හෘදයේ බර මෙන් 2000 ගුණයකි.
නිල් තල්මසෙකුගේ දේහ බරට,හෘදයේ බර අනුපාතය 250:1 වේ.පුදුමයට කරුණක් නම් නිරෝගී වැඩුණු මිනිසෙකු සඳහා ද එම අනුපාතයම පැවතීමයි.


12

අඟහරුවාදා

අද විදු වදන

11

සඳුදා

සතියේ පැනයට පිළිතුර

මෙයට ප්‍රධාන හේතු දෙකකි.පළමුවැන්න, ඔවුන්ගේ ශක්ති හානිය අවම වීමයි.එහිදී පිටුපසින් සිටින කුරුල්ලා සෑම විටම ඔහුට ඉදිරියෙන් ගමන් ගන්න කුරුල්ලාට වඩා මඳක් හෝ ඉහල මට්ටමකින් ගමන් කරයි.මෙනිසා ඔවුන් ලක්වන වාත ප්‍රතිරෝධය අවම වේ. දෙවැන්න වන්නේ සියල්ලන් එකම ගමන් පථයක තබා ගැනීමට මෙය වැදගත් වීමයි.


8

සිකුරාදා

සතියේ පැනය

6

බදාදා

අද විදු වදන

4

සඳුදා

සතියේ පැනයට පිළිතුර

වාතය තුලින් තාපය ප්‍රධාන වශයෙන් සංක්‍රමණය වන්නේ සංවහන ධාරා හරහාය.මේවා සැමවිටම ඉහල දිශාවට ගමන් කරයි.එබැවින් ගින්න හටගත් පෙදෙසට ඉහල ප්‍රදේශය වඩාත් ඉක්මනින් රත් වේ.ඉක්මනින් ජ්වලන උෂ්ණත්වයට ලඟා වන ඉහලින් පිහිටි ශාක ආධාරයෙන් ගින්න කඳු මුදුන තෙක් පැතිර යයි.


1

සිකුරාදා

සතියේ පැනය