2013 වසරේ මාර්තු මාසයට අයත් විද්‍යා පණිවුඩ

28

බ්‍රහස්පතින්දා

අද විදු වදන

27

බදාදා

අද විදු වදන

25

සඳුදා

සතියේ පැනයට පිළිතුර

සුදු වර්ණය මගින් එය මත පතිත වන සියලු විකිරණ පරාවර්තනය කරයි. ටෙස්ට් ක්‍රිකට් තරඟ දින ගණනාවක් පැවැත්වෙන නිසා ක්‍රීඩකයින් වැඩි කාලයක් හිරු එලියට නිරාවරණ වේ. එනිසා අඩු තාප ප්‍රමාණයක් අවශෝෂණය කර ශරීරය සිසිල්ව පවත්වා ගැනීමට සුදු ඇඳුම් උපකාරී වේ.


22

සිකුරාදා

සතියේ පැනය

එක් එක් රටවල ක්‍රිකට් ක්‍රීඩකයින්ට සිය රටටම ආවේනික වූ වර්ණවත් ඇඳුම් තිබේ. නමුත් ටෙස්ට් තරඟ සඳහා ඔවුන් සියල්ලන්ම අඳිනු ලබන්නේ සුදු පැහැති ඇඳුම්ය. මෙයට හේතුව ඔබ දන්නවද?


21

බ්‍රහස්පතින්දා

අද විදු වදන

බුධ ග්‍රහයා මත එක් දිනක් යනු එය මත වර්ෂයක කාලයක් මෙන් දෙගුණයකි.
එනම් තම අක්ෂය වටා භ්‍රමණය වීමට ගත කරන කාලයට වඩා අඩු කාලයකින් සූර්යයා වටා පරිභ්‍රමණය වන බවය.


20

බදාදා

අද විදු වදන

ලොව වැඩිම මිනිස් මරණ සංඛ්‍යාවකට හේතුවන සත්වයා වන්නේ මදුරුවාය. ඔවුන් අතින් වසරකට පුද්ගලයින් මිලියන දෙකකටත් වඩා වැඩි ගණනක් මරණයට පත්වන බව සොයාගෙන ඇත.


19

අඟහරුවාදා

අද විදු වදන

භූමිකම්පා සිදුවන විට රත්‍රං තැන්පතු ඇතිවන බව විද්‍යාඥයන් විසින් අනාවරණය කරගෙන ඇත.
භූගත ජලයේ සුළු සාන්ද්‍රණ වලින් (1ppm ) රත්‍රං අඩංගු වේ.භූ කම්පනයකදී එම ජලය ක්ෂණිකව වාෂ්ප වී රත්‍රං තැන්පතු ඇතිකරයි.


18

සඳුදා

අද විදු වදන

කාබන් නැනෝ නාලයක විෂ්කම්භයේ සාමාන්‍ය අගය නැනෝ මීටර එකකි.
එනම් නැනෝ නාල මිලියන 10ක් එකකට පසු එකක් සිටිනසේ පෙළ ගැස්වූ විට එහි ඝනකම සෙන්ටිමීටර එකක් පමණි.


14

බ්‍රහස්පතින්දා

අද විදු වදන

අපගේ ශරීර තුල ඇති හයිඩ්‍රජන් පරමාණු සියල්ලක්ම පාහේ නිර්මාණය වී ඇත්තේ , මීට වසර බිලියන 12 කටත් පෙරාතුව සිදුවූ මහා පිපුරුමේදී යැයි සැලකේ.


13

බදාදා

අද විදු වදන

ලොව සර්ප විශේෂ බොහොමයක් විෂ රහිත වේ.විෂ සහිත සර්ප විශේෂ 500 ක් පමණ සිටියි.ඔවුන්ගෙන්ද ආසන්නව විශේෂ 30 – 40 සංඛ්‍යාවක් මිනිසාට හානිකර වේ.
එනම් ලොව සියලුම සර්ප විශේෂ අතරින් මිනිසාට හානිකර වන්නේ 2% කටත් අඩු ප්‍රමාණයකි.


12

අඟහරුවාදා

අද විදු වදන

සූර්යයාගේ හරයේ උපදින ශක්තිය සූර්යයා මතුපිටට පැමිණීමට වසර මිලියන 50 ක පමණ කාලයක් ගතවේ.
එබැවින් සූර්යයා අද සිට ශක්තිය නිපදවීම නවතුවහොත්, එහි ප්‍රතිඵල පෘථිවියට දැනෙන්නේ අදින් වසර මිලියන 50 කට පසුය.


11

සඳුදා

සතියේ පැනයට පිළිතුර

බළලුන් වැනි සතුන්ගේ ඇසෙහි ඇති Tapetum Lucidum නම් ස්ථරයක් මගින් ආලෝකය පරාවර්තනය කරයි. දෘෂ්ටි විතානය මත පතිත වන ආලෝකය, මෙම ස්තරය මතද පතිත වේ.පරාවර්තනය නිසා අස තුල ආලෝක තීව්‍රතාව වැඩිවේ. එනිසා ඔවුන්ට රාත්‍රී දර්ශන හැකියාව ලැබේ. එසේම මෙම ආලෝකය හේතුවෙන් ඇසේ කණිනිකව විවිධ වර්ණ වලින් දිලිසීම සිදුවේ.


8

සිකුරාදා

සතියේ පැනය

කළුවර පරිසරයක සිටින බල්ලෙකුගේ හෝ බලලෙකුගේ ඇස වෙත සෘජු විදුලි පන්දම් එළියක් යොමු කල විට, නිල්,කොළ හෝ රතු වර්ණ වලින් ඒවා දිලිසේ.මිනිසුන්ගේ සාමාන්‍යයෙන් මෙම ලක්ෂණය දක්නට ලැබෙන්නේ නැත. මෙයට හේතුව කුමක්ද?


7

බ්‍රහස්පතින්දා

අද විදු වදන

මාරි කියුරිගේ පර්යේෂණ වාර්ථා අදටත් අධික විකිරණශීලිතාවක් පෙන්වයි.එබැවින් ඒවා පරිශීලනයේදී ආරක්ෂක ඇඳුම් පැළඳුම් භාවිතය අත්‍යවශ්‍ය වේ.


6

බදාදා

අද විදු වදන

5

අඟහරුවාදා

අද විදු වදන

රාත්‍රී කාලයේ බළලුන්ට පුදුමාකාර දෘෂ්ටි හැකියාවක් ඇත.(Night Vision)
යම් වස්තුවක් නිරීක්ෂණය කිරීමට බලලෙකුගේ ඇසකට අවශ්‍ය ආලෝක තීව්‍රතාව,මිනිස් ඇසකට අවශ්‍ය ප්‍රමාණය මෙන් 6 ගුණයකටත් වඩා අඩුය.


4

සඳුදා

සතියේ පැනයට පිළිතුර

සඳ එලිය හේතුවෙන් රාත්‍රී කාලයේ දඩයම් කරන සර්පයින්ව,අනෙක් සතුන්ට හොඳාකාරව දිස්වේ.මෙනිසා සර්පයින්ට ගොදුරු අල්ලාගැනීම ඉතා දුෂ්කර වේ. දින කීපයක් පමණ සඳ එලිය නිසා දඩයම් කරගත නොහැකි සර්පයින්ගේ විෂ ග්‍රන්ථි තුල වැඩි විෂ ප්‍රමාණයක් එකතු වී පවතී. මෙවිට දෂ්ඨ වීමකට ලක්වුවහොත් එහි දරුණු බව,අනෙක් දිනවලට වඩා වැඩිය.


1

සිකුරාදා

සතියේ පැනය