2013 වසරේ ජූනි මාසයට අයත් විද්‍යා පණිවුඩ

28

සිකුරාදා

සතියේ පැනය

26

බදාදා

අද විදු වදන

25

අඟහරුවාදා

අද විදු වදන

ගගනගාමියෙකු අභ්‍යවකාශ ගමනකින් පසු නැවත පෘථිවියට පැමිණෙන විට, ඔහුගේ උස අඟල් 2ක් (සෙන්ටිමීටර පහක්) පමණ දක්වා වැඩි වී තිබීමට පුළුවන.
මෙයට හේතුව අභාවකාශයේ ගුරුත්වාකර්ෂණ බලයක් නොමැතිකමින් කොඳු ඇටපෙළ අතර ඇති කාටිලේජ තැටි ප්‍රසාරණය වීමට ලක්වන නිසාය.


24

සඳුදා

සතියේ පැනයට පිළිතුර

සාමන්‍ය වීදුරු වල ඉතා සුළු ප්‍රමාණයක් යකඩ ඔක්සයිඩ් අඩංගු වේ. අපට මෙම කොළ පැහැය පෙනීමට හේතුව වන්නේ එම යකඩ ඔක්සයිඩ් අයනයි. අඟල් 6ක් හෝ ඊට වැඩි ගනකමක් සහිත වීදුරුවක ඇති යකඩ ඔක්සයිඩ් මෙම කොළ පැහැය ඇති කිරීමට ප්‍රමාණවත් වේ. වීදුරුවේ පැත්තකින් බැලූ විට පමණක් මෙම කොළ පැහැය පෙනෙන්නේ එවිට වීදුරුවේ වැඩි ගනකමක් හරහා අප බලන නිසාය.


21

සිකුරාදා

සතියේ පැනය

20

බ්‍රහස්පතින්දා

අද විදු වදන

19

බදාදා

අද විදු වදන

18

අඟහරුවාදා

අද විදු වදන

17

සඳුදා

සතියේ පැනයට පිළිතුර

ඩයිනමෝව සහ ලාම්පුව එකිනෙක සම්බන්ධ කිරීමට නම් සාමාන්‍යයෙන් වයර් දෙකක් අවශ්‍යම වේ. මෙහිදී එක වයරයක් මඟින් බයිසිකලයේ ලාම්පුව සහ ඩයිනමෝව කෙලින්ම සම්බන්ධ කෙරේ. අනෙක් වයරය ලෙස යොදා ගන්නේ බයිසිකල් රාමුව ය.එය ලෝහමය එකක් නිසා විද්‍යුතය ගෙන යමින් පරිපථය සම්පූර්ණ කරයි.


14

සිකුරාදා

සතියේ පැනය

සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රොනික පරිපථයක් සම්පූර්ණ වීමට නම් අවම වශයෙන් සම්බන්ධක කම්බි දෙකක් වත් අවශ්‍ය වේ. නමුත් බොහෝවිට බයිසිකල් ඩයිනමෝවක් මඟින් එහි ලාම්පුව දැල්වීමට, ඩයිනමෝව සහ ලාම්පුව අතර අදිනු ලබන්නේ එක වයරයක් පමණි. මෙලෙස බල්බය දල්වා ගත හැක්කේ කෙසේද?


13

බ්‍රහස්පතින්දා

අද විදු වදන

12

බදාදා

අද විදු වදන

බ්‍රිතාන්‍ය පර්යේෂණයක් හෙළිදරව් කරන පරිදී ලොව වැඩියෙන්ම ප්‍රශ්න කිරීමට ලක්වන්නේ මවුවරුන් ය.(වෛද්‍යවරු, පෙර පාසල් ගුරුවරුන්ටත් වැනි අයටත් වඩා) එම ප්‍රමාණය දිනකට ප්‍රශ්න 280-300 අතර වේ.

එසේම ලොව වැඩිම කුතුහලයකින් පසුවන්නන් වන්නේ වයස අවුරුදු 4ක් වන ගැහැණු දරුවන් ය. ඔවුන් දිනකට ප්‍රශ්න 390ක් පමණ අනෙක් අයගෙන් අසයි.


11

අඟහරුවාදා

අද විදු වදන

10

සඳුදා

සතියේ පැනයට පිළිතුර

අපගේ රුධිර වර්ණකය හිමොග්ලොබින් නිසා රුධිරය සැමවිටම රතු පැහැ වේ. ශිරා නිල් පැහැයෙන් පෙනෙන්නේ ආලෝකයේ බලපෑමක් නිසාය. සුදු ආලෝකයේ සමහර වර්ණ වල සංඛ්‍යාතය අඩුය. එම නිසා රතු වැනි වර්ණ වලට සම හරහා විනිවිද යාමට නොහැක. නමුත් වැඩි සංඛ්‍යාත ඇති නිල් වර්ණයට සම තුලින් විනිවිද යාමට පුළුවන. මෙම නිල් ආලෝකය ධමනි මත වැදී පරාවර්තනය වේ. මෙම පරාවර්තිත කිරණ නිසා අපට ඒවා නිල්පාටින් පෙනේ. ඔබගේ ශිරා පිටතින් බැලූ විට නිල් පාට වුවත් රුධිර වහනය වීමකදී රුධිරය රතු පාටින් පෙනේ.


7

සිකුරාදා

සතියේ පැනය

6

බ්‍රහස්පතින්දා

අද විදු වදන

5

බදාදා

අද විදු වදන

4

අඟහරුවාදා

අද විදු වදන

3

සඳුදා

සතියේ පැනයට පිළිතුර

පාදයේ නියපොතු වලට වඩා අතේ නියපොතු හෘදයට වඩාත් ආසන්නව පිහිටයි. මෙනිසා අතේ නියපොතු වලට හොඳ රුධිර සැපයුමක් ලැබේ. එනම් පෝෂක සහ ඔක්සිජන් ප්‍රශස්ත ලෙසින්ම ලැබේ. මෙම හේතුව නිසා පාදයේ නියපොතුවලට වඩා අතේ නියපොතු වේගයෙන් වැඩේ.