2013 වසරේ ජූලි මාසයට අයත් විද්‍යා පණිවුඩ

31

බදාදා

අද විදු වදන

29

සඳුදා

සතියේ පැනයට පිළිතුර

දුම් බටයට ඉහලින් ඇති වාතය වේගයෙන් ගමන් කරන නිසා දුම් බටය ඉහල කෙළවර අසල වායු පීඩනය අඩු වේ.(බර්නූලි නියමයට අනුව) බටයේ පහල පීඩනය මෙයට සාපේක්ෂව වැඩිය. මෙනිසා පීඩනය වැඩි ස්ථානයේ සිට පීඩනය අඩු ස්ථානය දක්වා බටය දිගේ ඉහලට දුම ගමන් කරයි. දුම ඉක්මනින් ඉවත් වන නිසා එන්ජිමේ කාර්යක්ෂමතාව වැඩි වේ.


26

සිකුරාදා

සතියේ පැනය

බොහෝ වාහන වල දුම් බටය පිහිටන්නේ පිටුපසට මුහුණලා ය. ඇත්තෙන්ම වාහනයේ දුම් බටය මඟින් දුම ඉවත් වන ශීඝ්‍රතාව රථයේ ඉන්ධන කාර්යක්ෂමතාවට ද බලපායි. වඩාත් සාර්ථක ලෙස ඉන්ධන පිරිමසින්නේ, විශාල ට්‍රක් රථ වල ඇති පරිදී සිරස්ව ඉහලට දුම් බටය තැබීම බව පිළිගැනේ. මෙයට විද්‍යාත්මක හේතුව කුමක්ද?


25

බ්‍රහස්පතින්දා

අද විදු වදන

අපගේ චන්ද්‍රයා වෙනුවට එක වරම බ්‍රහස්පති ග්‍රහයා පැමිණියහොත් අපට දිස්වන අලුත් සඳ 1600 ගුණයක් විශාල එකකි.
නමුත් ගණනය කිරීම් වලට අනුව බ්‍රහස්පතිගේ ප්‍රබල ගුරුත්වාකර්ෂණය නිසා එක දවසක් ඇතුලත පෘථිවිය, බ්‍රහස්පති ග්‍රහයා මත ගැටෙනු ඇත.


24

බදාදා

අද විදු වදන

22

සඳුදා

සතියේ පැනය

19

සිකුරාදා

සතියේ පැනයට පිළිතුර

විද්‍යාඥයන් පවසන්නේ 8 ඉලක්කමේ හැඩයට යාමෙන්, මීයන්ට තමාට ආගන්තුක වටාපිටාවක් පිළිබඳව පැහැදිලි සිතියමක් සකස් කරගත හැකි බවයි. ඒ අතරවාරයේ ආරක්ෂාකාරී ස්ථානයක් හමුවූ විට මෙම 8 මාර්ගයෙන් වහා බැහැර වේ.


18

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ඔබ අපගේ ක්ෂීරපථයේ ඇති සියලුම තාරකා ගණන් කරන්නට ආරම්භ කළා යැයි සිතන්න. එක තත්පරයකට එක තාරකාව බැගින් ගණන් කලත් ඔබට කාර්යය නිම කිරීමට වර්ෂ 3000 ක් පමණ ගතවනු ඇත.


17

බදාදා

අද විදු වදන

16

අඟහරුවාදා

අද විදු වදන

15

සඳුදා

සතියේ පැනයට පිළිතුර

චන්ද්‍රයා පෘථිවිය වටා භ්‍රමණය වීමත්, තම අක්ෂය වටා භ්‍රමණය වීමත් යන දෙකම සිදුවීමට ගතකරන කාල සමාන වේ. මේ නිසා පෘථිවියේ සිටින අපට චන්ද්‍රයා තම අක්ෂය වටා භ්‍රමණය වන බවක් පෙනෙන්නේ නැත.


12

සිකුරාදා

සතියේ පැනය

11

බ්‍රහස්පතින්දා

අද විදු වදන

10

බදාදා

අද විදු වදන

චුයින්ගම් නිර්මාණය කරන ලද්දේ විලියම් සෙම්පල් නම් දන්ත වෛද්‍යවරයා විසිනි.
ඔහු ඇත්තෙන්ම චුයින්ගම් නිර්මාණය කලේ හනු වලට ව්‍යායාමයක් සැපයීම සඳහා ය.


9

අඟහරුවාදා

අද විදු වදන

මිනිස් සිරුරේ ඇති සියලුම රුධිර සෛල එක මත එක තැබුවහොත්(එකක ඝනකම සෙන්ටිමීටර 0.0002 ලෙස සැලකූ විට), එමගින් කිලෝමීටර් 49,980 ක් උස කුළුණක් නිර්මාණය වේ.


8

සඳුදා

සතියේ පැනයට පිළිතුර

ඇහිබැම මඟින් නළලේ සෑදෙන දහඩිය ඇස් කරා ගලාගෙන ඒම වළකියි. මෙය වැදගත් වන්නේ දහඩිය වල ඇති ලවන ඇසට වැටුණහොත් ඇස් වේදනා ඇති වන නිසාය. මීට අමතරව ඇහි බැම සන්නිවේදනයට හා හැඟීම් ප්‍රකාශ කිරීමට අවශ්‍ය වේ. සමහර අවස්ථා වල වචන ගණනාවක අර්ථය අපට ඇහි බැමෙහි සිදුකරන සරල චලනයකින් හැඟවීමට පුළුවන.


5

සිකුරාදා

සතියේ පැනය

4

බ්‍රහස්පතින්දා

අද විදු වදන

3

බදාදා

අද විදු වදන

2

අඟහරුවාදා

අද විදු වදන

මිනිස් මොළයක් මඟින් දිනකදී ඇති කරන විද්‍යුත් සංවේදන ප්‍රමාණය, ලොව සියලුම ස්ථාවර දුරකථන මඟින් දිනකදී ඇති කරන විද්‍යුත් සංවේදන ප්‍රමාණයටත් වඩා වැඩිය.


1

සඳුදා

සතියේ පැනයට පිළිතුර

මදුරුවන් කන අසලින් නාද කිරීමේ අරමුණ අපව කෝපයට පත් කිරීමයි. මෙවිට අපගේ අනුවේගී ස්නායු පද්ධතිය උත්තේජනය වී සිරුරේ සමට ආසන්න රුධිර කේශනාලිකා විස්තාරණය කරයි.( හරස්කඩ විශාල වේ) එවිට කේශනාලිකා බිත්ති තුනී වේ. එසේ වූ විට මදුරුවන්ට ලේ උරා බීම පහසු වේ. නමුත් මදුරුවන්ට ලේ උරාබීමට නම් අප අනිවාර්යයෙන් කෝප විය යුතු නැත. එවිට සිදුවන්නේ ක්‍රියාව පහසුවීමක් පමණි.