2013 වසරේ අගෝස්තු මාසයට අයත් විද්‍යා පණිවුඩ

30

සිකුරාදා

සතියේ පැනය

SI ඒකක ක්‍රමයේදී පදාර්ථ ප්‍රමාණය මනින්නේ “මවුල” මගිනි.එසේනම් ස්කන්ධය යන රාශියෙන් අප මනින්නේ කුමක්ද? මෙසේ රාශි දෙකක් භාවිතා කිරීම අවශ්‍යද?


29

බ්‍රහස්පතින්දා

අද විදු වදන

28

බදාදා

අද විදු වදන

27

අඟහරුවාදා

අද විදු වදන

26

සඳුදා

සතියේ පැනයට පිළිතුර

දිවා කාලයේ සූර්යයා මගින් පෘථිවි පෘෂ්ටය රත් කෙරෙනු ලබයි.එවිට පොලොවට ආසන්නයෙන්ම පිහිටා තිබෙන වාත ස්ථරය ද රත් වේ. රත් වූ වාතය සංවහන ධාරා ඔස්සේ අහසේ ඉහලට ගමන් කරයි. මෙලෙස ඉහල නගින වාතය යම් පෘෂ්ටයක ගැටුනහොත් මත එය මත උඩුකුරු බලයක් ඇති කරයි. උකුස්සන්,රාජාලියන් තම පියාපත් හැකිතාක් දිගහරිමින් වැඩි උඩුකුරු බලයක් ලබාගනී. එය ඔවුන්ට අහසේ රැඳී සිටීමට උපකාරී වන නිසා පියාපත් සැලීමේ අවශ්‍යතාවක් නොමැත.


23

සිකුරාදා

සතියේ පැනය

22

බ්‍රහස්පතින්දා

අද විදු වදන

කැමරා තාක්ෂණය මගින් දැනට ලබාගෙන ඇති උපරිම විභේදන හැකියාව (Resolution) ආසන්නව මෙගාපික්සල් 100 ක් වේ. නමුත් ඔබ දන්නවාද මිනිස් ඇසේ විභේදන හැකියාව මෙගාපික්සල් 576 ක් පමණ වන බව ?


21

බදාදා

අද විදු වදන

බල්ලෙකුගේ මොලයේ ප්‍රමාණය මිනිස් මොලයෙන් 10න් පංගුවක් පමණ කුඩා වුවත් ඔවුන්ගේ ගඳ සුවඳ හඳුනාගැනීමට ක්‍රියාත්මක වන ප්‍රදේශය මිනිස් මොලයේ ඊට අදාළ ප්‍රදේශය මෙන් 40 ගුණයක් පමණ විශාල ය.


19

සඳුදා

සතියේ පැනයට පිළිතුර

දිය ඇල්ලක ජලය පහළට වැටෙන අතරතුර වායුගෝලීය වාතය ජලය සමග මිශ්‍ර වේ. මෙනිසා දිය ඇල්ල පාමුල ජලයේ මිශ්‍ර වී ඇති වාත ප්‍රමාණය ඉහළ සාන්ද්‍රණයක් ගනී. ජලයේ වාත බුබුළු මිශ්‍ර වී ඇති විට එහි ඝනත්වය අඩු වේ. එවැනි ස්ථානයක යම් අයෙකු පිහිනන විට ඔහුට ජලයෙන් ලැබෙන උඩුකුරු තෙරපුම අඩුවේ. මෙනිසා එහි ගිලෙන්නට ඇති අවදානම ඉහල වේ.


16

සිකුරාදා

සතියේ පැනය

15

බ්‍රහස්පතින්දා

අද විදු වදන

14

බදාදා

අද විදු වදන

13

අඟහරුවාදා

අද විදු වදන

12

සඳුදා

අද විදු වදන

8

බ්‍රහස්පතින්දා

අද විදු වදන

වීදුරු දිරාපත් වීමට වසර මිලියනයක් පමණ ගතවේ. තවත් ලෙසකින් කිවහොත් ඔබට වීදුරු අති විශාල වාර ගණනක් ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන්, නැවත නැවතත් භාවිතයට ගත හැකිය.


7

බදාදා

අද විදු වදන

Googol යන යෙදුමෙන් අදහස් කෙරෙන්නේ 1යි බින්දු 100, එසේත් නැත්නම් 10යේ 100 වැනි බලය යන සංඛ්‍යාවයි.
කල්පනාවෙන්! මෙය Google සෙවුම් යන්ත්‍රයේ නම සමඟ පටලවා නොගන්න. Google නිර්මාතෘවරයන් එම අර්ථය එන පරිදි වචනය යොදා ගත්තද අකුරු වැරදි ලෙස යොදාගෙන තිබේ.


6

අඟහරුවාදා

අද විදු වදන

මී පැණි කිලෝග්‍රෑම් එකක් නිපදවීම සඳහා මීමැස්සන්ට මල් පැණි කිලෝග්‍රෑම් 4ක් පමණ එකතු කිරීමට අවශ්‍ය වේ.
මෙම ප්‍රමාණය එකතු කරගන්නට එක මීමැස්සෙකුට මීටර් 20,000 පමණ පියඹා යාමට සිදුවේ.


5

සඳුදා

සතියේ පැනයට පිළිතුර

දිගු දුරක් ගමන් කිරීම නිසා ටයර් රත්වේ. එවිට ටයර් එක තුල ඇති වාතය ද රත් වීමට ලක් වේ. වාතය රත් වන නිසා ටයර් එක තුල වායු පීඩනය වැඩිවේ. එනිසා මේ අවස්ථාවේ වායු පීඩනය මැන්නොත් ලැබෙන අගය, නියම අගයට වඩා වැඩි අගයකි. එබැවින් නිවැරදි පීඩනය මැනගැනීමට ටයර් එක කාමර උෂ්ණත්වයට සිසිල් වනතෙක් සිටීම වඩාත් සුදුසු වේ.


2

සිකුරාදා

සතියේ පැනය

දීර්ඝ ගමනක් යන අතරවාරයේ වාහනයේ ටයර වල වායු පීඩනය පරීක්ෂා කිරීමට ඔබට අවශ්‍ය වුනා යැයි සිතන්න. ඊට ඔබ වාහනය මඳකට නවතා, ටයර සිසිල් වීමට ඉඩ සලසා, පසුව පීඩනය මැනගත යුතු වේ.මෙසේ කිරීමට හේතුව ඔබ දන්නවාද?


1

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ඇමරිකාවේ එම්පයර් ස්ටේට් (Empire State) ගොඩනැගිල්ලට ඇතුළුවන පුද්ගයින්ට ලබාදෙන ප්‍රසිද්ධ උපදෙසක් ඇත.
“443m උස මෙම ගොඩනැගිල්ල මුදුනේ සිට කාසියක් බිම අත්හරින්න නම් එපා!
එය මිනිසෙක් මත පතිත වුවහොත්, එහි ඇති අධික වේගය නිසා මිනිසෙකු මරණයට පත්වීමට පවා පුළුවන.”