2013 වසරේ සැප්තැම්බර් මාසයට අයත් විද්‍යා පණිවුඩ

30

සඳුදා

සතියේ පැනයට පිළිතුර

විදුලි සැර වැදීම යනු සිරුර තුලින් විද්‍යුත් ධාරාවක් ගමන් කිරීමකි. මෙසේ සිදුවන විට අපගේ පේශි සංකෝචනය උත්තේජනය වේ. සිරුරෙන් දෙසට ගාත්‍රා යොමු කරන පරිදි පේශි සංකෝචනය වූවොත් ඔහු විසි වී යනු ඇත. ඇතැම් විට එය මීටර් කීපයක් පවා විය හැකිය. නමුත් මිලි ඇම්පියර් 10 ට වැඩි ධාරා මගින් ඇඟිලි හකුළුවන සහ ගාත්‍රා සිරුර තුලට යොමු පරිදි සංකෝචනය කරයි. මෙවිට ඔහු ධාරා ප්‍රභවයට ඇලී පවතී. සම්පත් දායකත්වය – නවෝදන කන්කානම්ගේ මහතා B.Sc. (Electrical Engineer)


27

සිකුරාදා

සතියේ පැනය

26

බ්‍රහස්පතින්දා

අද විදු වදන

25

බදාදා

අද විදු වදන

24

අඟහරුවාදා

අද විදු වදන

23

සඳුදා

සතියේ පැනයට පිළිතුර

වැහි බින්දු තත්පරයට මීටර් 10ක් පමණ වේගයෙන් පහලට වැටෙන අතරතුර හිරු එලිය වැහි බින්දු තුලින් ආසන්න වශයෙන් තත්පරයට මීටර් 220,000,000ක් පමණ වේගයෙන් ගමන් කරයි. හිරු එලිය වැහි බින්දුව තුලින් ගමන් කරද්දී, වැහි බින්දුව වැටෙන්නේ නැනෝමීටර් 1ක් පමණ වූ ඉතාමත් කෙටි දුරකි. මෙහිදී හිරු එලියට සාපේක්ෂව වැහි බින්දුව නිශ්චලය. මේ නිසා දේදුන්න නිශ්චලව පවතී යයි අපට පෙනෙයි.


20

සිකුරාදා

සතියේ පැනය

18

බදාදා

අද විදු වදන

17

අඟහරුවාදා

අද විදු වදන

16

සඳුදා

සතියේ පැනයට පිළිතුර

අප මානසික ආතතියකින් පසුවෙන විටක මොළයෙන් සමහර හෝමෝන නිපදවෙයි. මේවා මොලය තුල තිබීම එහි සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට හානිකර වේ. මෙවිට ඇසේ ආශ්‍ර ග්‍රන්ථි උත්තේජනය වී කඳුළු ශ්‍රාවය කරයි. දේහයට අහිතකර මෙම හෝර්මෝන මේ තුල දිය කර, ඇස් මගින් පිටතට මුදා හරියි.


13

සිකුරාදා

සතියේ පැනය

12

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ග්‍රැෆින් නැනෝ ව්‍යුහ භාවිතයෙන් ට්‍රාන්සිස්ටර් නිපදවීම සඳහා නූතන විද්‍යාඥයින් ස්වභාවික DNA අණුවේ හැඩය යොදාගෙන ඇත. ඔවුන් පවසන්නේ අනාගතයේ බිහිවන ජංගම උපකරණ වල වේගය වැඩි කිරීමට මෙම සංකල්පය යොදාගත හැකි බවය.


11

බදාදා

අද විදු වදන

10

අඟහරුවාදා

අද විදු වදන

ලොව වේගවත්ම මිනිසා, උසේන් බෝල්ට් මීටර් 100 දිවීමේ තරඟයක් තත්පර 9.58 කින් නිම කරන විටල ලොව වේගවත්ම සත්වයා වන පිරිජියානු උකුස්සා (Peregrin Falcon) එය තත්පර 1.1 කින් නිම කර, එයින්ද නොනැවතී ගමන් කළහොත් තවත් මීටර් 800ක් පමණ ඉදිරියෙන් සිටිනු ඇත.


9

සඳුදා

සතියේ පැනයට පිළිතුර

බොහෝ වෙලාවක් ජලයේ තබා තිබෙන විට ඇඟිලිවල සමෙහි සෛල තුලට ආශ්‍රැතිය මගින් ජලය ඇතුල් වේ. මෙනිසා සෛල ඉදිමෙන්නට පටන් ගනී. මෙය සමට රැලි වැටුණු ස්වභාවයක් ලබා දේ.


6

සිකුරාදා

සතියේ පැනය

5

බ්‍රහස්පතින්දා

අද විදු වදන

4

බදාදා

අද විදු වදන

මැක්කන්ට තමා මෙන් 200 ගුණයක් උසක් දක්වා පැනීමේ හැකියාව තිබේ. එය මිනිසෙක් කොළඹ ලංකා බැංකු ගොඩනැගිල්ල (105m) මෙන් හතර ගුණයක උසක් පැන්නා හා සමානය.


3

අඟහරුවාදා

අද විදු වදන

2

සඳුදා

සතියේ පැනයට පිළිතුර

මවුල වලින් මෙන්ම ග්‍රෑම් වලින්ද මනිනු ලබන්නේ යම් ද්‍රව්‍යයක ඇති පදාර්ථයේ ප්‍රමාණයයි. නමුත් භාවිතය අනුව රසායනික කටයුතු සඳහා මවුල ඒකකය වඩාත් උචිත වේ. එමෙන්ම එදිනෙදා ජීවිතයේ යම් ද්‍රව්‍යයක ප්‍රමාණය පැවසීමට ස්කන්ධය යොදා ගැනීම උචිත වේ. එබැවින් මෙය භාවිතය අනුව වෙනස් වන්නකි.