2013 වසරේ ඔක්තෝම්බර් මාසයට අයත් විද්‍යා පණිවුඩ

31

බ්‍රහස්පතින්දා

අද විදු වදන

නිවෙස් වල ආලේප කරන සාමාන්‍ය තීන්ත ගත් කළ එහි රසායනික සංයෝග 10,000කට වඩා වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වේ. ඉන් රසායනික සංයෝග 300ක් පමණ විෂ සහිත වන අතර 150ක් පමණ පිළිකා සදහා දායක වේ.


30

බදාදා

අද විදු වදන

29

අඟහරුවාදා

අද විදු වදන

මෝරුන්ගේ ශරීරයේ අස්ථි නොමැත. ඔවුන්ගේ සැකිල්ල නිර්මාණය වී ඇත්තේ, මිනිසුන් වන අපගේ කන් සහ නාසය සැදීමට දායක වන නම්‍යශීලී ගුණ ඇති කාටිලේජ වලිනි.


28

සඳුදා

සතියේ පැනයට පිළිතුර

වලාකුලක බර විශාල පෙදෙසක පැතිරී ඇත. එමෙන්ම එහි ඇති ජල බිඳු හා අයිස් ස්ඵටික ඉතාමත් කුඩා වේ. මයික්‍රෝනයක් තරම් පමණ වේ. එනම් ඒවා අහසේ පා කිරීමට පෘතුවි පෘෂ්ටයේ සිට ඉහල නගින උණුසුම් වායු ධාරා වලට පවා හැකිය. නමුත් වලාකුළු සැමවිටම අහසේ පා වෙමින් නොපවතියි, උණුසුම් වායු ධාරා මගින් වලාකුළු පා කරමින් පවතින අතරතුර සිසිල් වී එහි ඇති ජල වාෂ්පද ඝනීභවනය වී වලාකුලේ ඇති ජල බිදු වලට එකතු වේ. එක්තරා අවස්ථාවකදී මෙම ජල බිදු වල බර උණුසුම් වායු ධාරා මගින් සපයන බලය ඉක්මවා යයි. එවිට මෙම ජල බිදු වර්ෂාවක් නිර්මාණය කරමින් පොළොව දෙසට ඇද වැටෙයි.


25

සිකුරාදා

සතියේ පැනය

24

බ්‍රහස්පතින්දා

අද විදු වදන

23

බදාදා

අද විදු වදන

පෘතුවිය හරියටම ගෝලාකාර නොවන නිසා, පෘතුවියේ මැද සිට පෘතුවිය මත ඈතින්ම සිටිය හැකි ස්ථානය වන්නේ එවරස්ට් කන්ද නොව ඉක්වදෝරයේ පිහිටන අක්‍රිය ගිනි කන්දක් වන චිම්බෝරාසෝ කන්දයි.


22

අඟහරුවාදා

අද විදු වදන

21

සඳුදා

සතියේ පැනයට පිළිතුර

පෑනේ විල්ල කුඩා දරුවන් අතින් ගිලීමට බොහෝ ඉඩකඩක් ඇත. මෙවිට විල්ල ස්වසන මාර්ගය තුල සිර වුවහොත් ස්වසනය කිරීමට අපහසු වී මරණයට පවා පත් විය හැකිය. නමුත් විල්ලේ ඉහල සිදුරක් පැවතීම මගින් ඒ හරහා වාතය ගමන් කිරීමට සළස්වයි. තවද විල්ලේ සිදුරක් පැවතීම මගින් විල්ලෙන් පෑන වසා ඇති විට එතුල හා පිටත වායු ගෝල පීඩනය සමාන වේ. එමගින් විල්ල ගැලවීමටද පහසු වේ.


18

සිකුරාදා

සතියේ පැනය

15

අඟහරුවාදා

අද විදු වදන

14

සඳුදා

සතියේ පැනයට පිළිතුර

අපි ලවණ ජලය අධික ලෙස පානය කළහොත් එමගින් අපගේ දේහ සෛල විජලනයට ලක් විය හැකිය. එමගින් අප මරණයට පවා පත් විය හැකිය. නමුත් මුහුදේ සිටින මාළු පරිවෘත්තීය ක්‍රියා මගින් වැඩිපුර ලවන වකුගඩු හා ජලක්ලෝම හරහා ඉවත් කරයි. මෙමගින් ඔවුන් විජලනයට පත් වීමෙන් වළකී.


11

සිකුරාදා

සතියේ පැනය

අපි මුහුදේ ලවණ ජලය වැඩිපුර පානය කළොත් එමගින් මරණයට පවා පත්විය හැකිය. නමුත් මුහුදේ සිටින මාළු සෑමවිටම ලවණ ජලය පානය කරත් එමගින් මිය යන්නේ නැත. මෙය සිදු වන්නේ කෙසේද?


10

බ්‍රහස්පතින්දා

අද විදු වදන

කාබන්හි එක් බහුරූපී අවස්ථාවක් වන ග්‍රැෆීන්හි එක් පරමාණුවක ඝනකමක් ඇති තට්ටුවක් මගින් අනෙක් සියලුම මූලද්‍රව්‍ය වලට වඩා හොදින් විදුලිය හා තාපය සන්නයනය කරයි.


9

බදාදා

අද විදු වදන

ග්‍රීන්ලන්ත මුහුදු සීමාවේ ගැඹුරු ජලයේ උෂ්ණත්වය වැඩිවීමේ සීඝ්‍රතාවය ගණනය කර තිබු පෘතුවියේ මධ්‍යන්‍ය සාගර ජල උෂ්ණත්ව වැඩිවීමේ සීඝ්‍රතාවයට වඩා 10 ගුණයකින් වැඩිය.


බදාදා

සතියේ පැනයට පිළිතුර

අපි කාරයක පිටු පස ආසනයේ ගමන් කරන විට අපට චලනය වන පිටත පරිසරය හොදින් දැකගැනීමට නොලැබේ. මේ නිසා අපගේ ඇස මගින් අපි නිශ්චලව සිටිනවා යයි සිතීමට පොළඹවයි. නමුත් අපගේ ඇතුල් කන තුල ඇති සමබරතාවයට අදාළ වූ කොටස මගින් අපි චලනය වන බව අපට දැනේ. අප දකින දේ සහ අපට දැනෙන දේ අතර ඇති පරස්පර බව අපිට පිටු පස ආසනයේ යන විට ගමන් අපහසුතාවය ඇති වීමට ප්‍රධාන හේතුවයි. මීට අමතරව පිටු පස ආසනයේ ඇති ගැස්සීමේ ස්වභාවයද මෙයට බලපායි.


8

අඟහරුවාදා

අද විදු වදන

4

සිකුරාදා

සතියේ පැනය

3

බ්‍රහස්පතින්දා

අද විදු වදන

කුහුඹුවන් ආහාරයක් ඇති ස්ථානයකින් පිටත්ව යන විට මග දිගට ෆෙරමෝන ශ්‍රාවය කරයි. මෙය අනෙක් කුහුඹුවන්ට ආහාර ඇති බවට සංඥා කරයි. මෙසේම යම් ස්ථානයක ආහාර නැති බව හගවන ෆෙරමෝනද පවතී.


2

බදාදා

අද විදු වදන

1

අඟහරුවාදා

අද විදු වදන

අවදි වීමට, නිදා ගැනීමට සහ ආහාර ගැනීමට අපට මතක් කරන්නේ අපගේ මොළය තුල ක්‍රියා කරන ජෛව විද්‍යාත්මක ඔරලෝසුවයි (Biological clock). එය කුඩා නින්දකින් පවා නැවත සකස් විය හැකි(reset) බවට විද්‍යාඥයින් සොයාගෙන ඇත.