2013 වසරේ නොවැම්බර් මාසයට අයත් විද්‍යා පණිවුඩ

29

සිකුරාදා

සතියේ පැනය

28

බ්‍රහස්පතින්දා

අද විදු වදන

27

බදාදා

අද විදු වදන

26

අඟහරුවාදා

අද විදු වදන

25

සඳුදා

සතියේ පැනයට පිළිතුර

එළිමහන් තැනිතලා බිමක සිටින විට අකුණු අනතුරකින් වැළකී සිටීමට සුදුසුම අයුර වන්නේ හැකිතාක් කකුල් එක ළගින් තබා ගෙන අත් මගින් කන් වසාගෙන හිස දණහිස් අතර තබා ගනිමින් හැකිතාක් පහත් වී සිටීමයි. එමෙන්ම ඔබගේ පාද පමණක් පොළොව ස්පර්ශ කල යුතුය. මෙලෙස සිටීමෙන් පොළොව හරහා විදුලිය ගමන් කරන විට ශරීරය තුලින් ගලන විද්‍යුත් විභවය අඩු වන්නේ පාද එක ළග තිබෙන නිසා එමගින් ඇති වන විභව අන්තරය අඩු නිසාවෙනි.


22

සිකුරාදා

සතියේ පැනය

අකුණු සහිත අවස්තාවකදී ඔබ තැනිතලා බිමක සිටියි නම් බිම දිගා නොවන ලෙස අප පැවසුවා ඔබට මතක ඇති. එසේනම් එවැනි අවස්තාවකදී අකුණු අනතුරකින් බේරීමට අපි සිටිය යුතු සුදුසුම ආකාරය කුමක්ද?


21

බ්‍රහස්පතින්දා

අද විදු වදන

බටර් රසැති පොරි (popcorn) වල බටර් රසය ලබා දෙන්නේ ස්වභාවිකව නොව කෘතීම රසකාරක හා රසායනික ද්‍රව්‍ය වලිනි. මයික්‍රෝවේව් උදුන් වල නිපදවන පොරි වල අඩංගු Diacetyl නම් බටර් රසැති රසකාරකය ශ්වසන ක්‍රියාවලියට බෙහෙවින් හානිකර වේ.


20

බදාදා

අද විදු වදන

අකුණු සහිත කුණාටු අවස්ථාවකදී ඔබ එළිමහන් තැනිතලා බිමක සිටියි නම් කිසි විටකත් බිම දිගා වී සිටීමෙන් වළකින්න.
අකුණක් පොළොව මතට වැදීමෙන් පසු එම භූමි ප්‍රදේශයේ විද්‍යුත් විභවයක් පැතිරේ. ඔබ මෙම ප්‍රදේශයේ සිටියහොත් මුළු ශරීරය හරහාම විදුලිය ගමන් කිරීමෙන් හානියක් සිදුවීමේ අවදානමක් ඇත.


19

අඟහරුවාදා

අද විදු වදන

18

සඳුදා

සතියේ පැනයට පිළිතුර

වලාකුලෙහි ඇති ජල බිඳු හිරු එලිය විසුරුවා හරියි. හිරු එලිය මෙම ජල බිඳු තුලින් ගමන් කරද්දී අපකිරණයට ලක් වී රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ හා දම් යන වර්ණ හතට වෙන්වේ. මෙම වර්ණ හත එකම ප්‍රමාණයෙන් ජල බිඳු මගින් වර්තනයට ලක් කිරීම නිසා ඈතින් නිරීක්ෂණය කරන විට එය සුදු පැහැයෙන් දිස්වේ. එමෙන්ම ජල බිඳු ක්‍රමයෙන් විශාල වන විට හිරු එලිය විසුරුවා හැරීමේ හැකියාව අඩු වී එමගින් ආලෝකය උරාගැනීම වැඩි වේ. එමනිසා වැහි වලාකුළු අදුරු පැහැයෙන් දිස් වේ.


15

සිකුරාදා

සතියේ පැනය

අහසේ වලාකුළු නිර්මාණය වී ඇත්තේ විනිවිද පෙනෙන කුඩා ජල බිඳිති වලින් නම් සමහර වලාකුළු සුදු පැහැයෙනුත් සමහරක් අළු පැහැයෙනුත් දිස් වන්නේ කෙසේද?


14

බ්‍රහස්පතින්දා

අද විදු වදන

13

බදාදා

අද විදු වදන

12

අඟහරුවාදා

අද විදු වදන

11

සඳුදා

සතියේ පැනයට පිළිතුර

සංශුද්ධ ඔක්සිජන් සාමාන්‍ය වායුගෝල පීඩනයේදී ආශ්වාස කළහොත් පරමාණුක ඔක්සිජන් නිර්මාණය වේ. මෙහි විඛාදක ගුණ ඇති නිසා පෙනහළු වල පටක විනාශ වී යයි. එමනිසා සංශුද්ධ ඔක්සිජන් ආශ්වාස කිරීම අපිට අහිතකර වේ. නමුත් සති දෙකක කාලයක් පුරා අඩු පීඩන වලදී සංශුද්ධ ඔක්සිජන් ආශ්වාස කිරීමෙන් කිසිදු හානියක් සිදු නොවන බවට ඇපලෝ ගගනගාමීන් පිරිසක් වාර්තා කර තිබේ.


8

සිකුරාදා

සතියේ පැනය

අපි සියලු දෙනාටම ඔක්සිජන් අත්‍යවශ්‍ය වේ, නමුත් අපි සංශුද්ධ ඔක්සිජන් යම් වෙලාවක් ආශ්වාස කලොත් එයින් මරණයට පවා පත්විය හැකිය. මෙහි විද්‍යාත්මක පසුබිම කුමක්ද?


7

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ගෑස් කාන්දු වීමක් හඳුනාගැනීමට ගෑස් වලට කුණු බිත්තර වල ගන්ධය එකතු කරයි. මෙය ගෑස් කාන්දු වීමෙන් ඇතිවන අනතුරු වළක්වා ගැනීමට භාවිතා වන උපාය මාර්ගයකි.


6

බදාදා

අද විදු වදන

5

අඟහරුවාදා

අද විදු වදන

4

සඳුදා

සතියේ පැනයට පිළිතුර

250,000 කට වඩා ස්වේද ග්‍රන්ථි සහිත අපේ කකුල් අප සිරුරේ වැඩිපුරම දහඩිය නිපදවෙන කොටසකි. මූලිකව දහඩිය සැදී ඇත්තේ ලවණ සහ ජලය මගින් පමණි එමනිසා එයට ප්‍රබල ගන්ධයක් නැත. මෙම ගන්ධය ඇති වන්නේ අප සම මත වෙසෙන බැක්ටීරියා මගින් දහඩිය මත ක්‍රියා කර බැහැර කරන අපද්‍රව්‍ය මගිනි. අපගේ කකුල් මත නිපදවෙන දහඩිය මේස් හා සපත්තු මගින් උරාගන්නා නිසා එය පහසුවෙන් වාතය හා මුසු නොවේ. මෙය බැක්ටීරියා වර්ධනයට හිතකර වේ. මෙනිසා සපත්තු ගලවන විට දැඩි දුර්ගන්ධයක් හමයි.


1

සිකුරාදා

සතියේ පැනය