2013 වසරේ දෙසැම්බර් මාසයට අයත් විද්‍යා පණිවුඩ

31

අඟහරුවාදා

අද විදු වදන

රතු බඩ සහිත කොට්ටෝරුවගේ (Red bellied woodpecker) දිව ඔහුගේ මුළු ශරීරයේ දිග මෙන් 2/3ක ප්‍රමාණයක් දක්වා දික් කල හැකිය. මෙම දිගු දිව කොට්ටෝරුවගේ හිස තුල රඳවා තබා ගත හැක්කේ ඇස් වළයන් සහ මොළය වටා එතීමෙන් පමණි.


30

සඳුදා

සතියේ පැනයට පිළිතුර

පැහැබර දිනයන්හි දිවා කාලයේදී උදෑසනට වඩා දහවල් කාලයේදී ප්‍රබල හිරු එළියක් ලැබේ. මෙවිට දිය යට පවතින දිය සෙවල වල ප්‍රභාසංස්ලේෂණ ශීඝ්‍රතාව ඉහල යයි. එවිට නිපදවෙන ඔක්සිජන් වායු බුබුළු දිය සෙවල මත හිරවේ. එමගින් දිය සෙවල දහවල් කාලයේදී දිය මත පාවේ.


27

සිකුරාදා

සතියේ පැනය

26

බ්‍රහස්පතින්දා

අද විදු වදන

24

අඟහරුවාදා

අද විදු වදන

23

සඳුදා

සතියේ පැනයට පිළිතුර

පුද්ගලයින් දෙදෙනෙකුට කිසිවිටකත් එක සමාන දේදුන්නක් දැකගත නොහැක. අප නිරීක්ෂණය කරන කෝණය අනුව, දේදුන්නේ ඇති ජල බිංදු මගින් වර්තනය වන වර්ණය වෙනස් වී දිස් වේ. පුද්ගලයින් දෙදෙනෙකුගේ ඇස් එකම මොහොතේ, එකම ස්ථානයක නොපිහිටින බැවින් ඔවුන්ට දේදුන්න පෙනෙන කෝණය වෙනස් වේ. එමනිසා එකිනෙකට වෙනස් ලෙසින් දේදුන්න දකියි. තවද, ජල බිංදු සෑමවිටම චලනය වෙමින් පවතින නිසා සෑමවිටම අප දකින්නේ ද එකිනෙකට වෙනස් දේදුන්නකි.


20

සිකුරාදා

සතියේ පැනය

19

බ්‍රහස්පතින්දා

අද විදු වදන

රත්තරන් දුර්ලභ ලෝහයක් සේ සැලකුවත්, පෘතුවියේ පොළොවේ සිට, මිනිසාගේ දණහිස මට්ටම තෙක් ආවරණය කිරීමට තරම් ප්‍රමාණවත් රත්තරන් ප්‍රමාණයක් පෘතුවි කබොලේ ඇත.


18

බදාදා

අද විදු වදන

16

සඳුදා

සතියේ පැනයට පිළිතුර

පොරි යනු ශාක බීජයකි, එහි මධ්‍යයයේ කුඩා ශාක කළලයක් පවතියි. මෙම කළලය ජලය අඩංගු මෘදු පිෂ්ටමය ද්‍රව්‍යය වලින් වට වී ඇත. මෙය ශක්තිමත් කොපුවකින් සම්පූර්ණයෙන් ආවරණය වී ඇත. මෙය සෙල්සියස් අංශක 200ට වඩා රත් වන විට ඇතුළත ජලය වාෂ්ප වී පිටත කොපුව මත පීඩනයක් ඇති කරයි. එමගින් පිටත කොපුව පිපිරී පිෂ්ටමය ද්‍රව්‍ය ඉවතට විසුරුවා හරියි.


13

සිකුරාදා

සතියේ පැනය

12

බ්‍රහස්පතින්දා

අද විදු වදන

11

බදාදා

අද විදු වදන

බොහෝ දෙනෙකු දේදුන්න නිර්මාණය වී ඇත්තේ රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ සහ දම් යන වර්ණ හතෙන් පමණක් කියයි. නමුත් සත්‍ය වශයෙන්ම එය නිර්මාණය වී ඇත්තේ අඛණ්ඩව පවතින වර්නවලියකිනි. එහි අප ඇසට දැකගැනීමට නොහැකි වර්ණ පවා ඇත.


10

අඟහරුවාදා

අද විදු වදන

අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගගනගාමීන්ගේ, මුත්‍ර සහ දහඩිය 93%ක්ම පමණ නැවත පානීය ජලය බවට පරිවර්තනය කෙරේ. අපවිත්‍ර ජලය නැවත පාරිභෝජනයට ගත හැකි පරිදි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී සකස් කරන්නේ මෙම යන්ත්‍රයයි.


9

සඳුදා

සතියේ පැනයට පිළිතුර

ජෙට් යානාවේ ගමන් මග පිටුපසින් සදෙන වලාකුළු මෙන් සුදු පැහැති තීරුව සෑදෙන්නේ ජෙට් යානාවේ ඉන්ධන දහනයෙන් ඇතිවන ජල වාෂ්ප මගිනි. ජෙට් යානාවේ ඉන්ධන සෑදී ඇත්තේ කාබන් සහ හයිඩ්‍රජන් මගිනි. මෙය වාතයේ ඔක්සිජන් හා දහනය වන විට කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප නිපද වේ. මෙම ජල වාෂ්ප ඉහල ආකාශයේ සුළං සහ උෂ්ණත්වය නියමාකාරව පවතින විට ඝනීභවනය වීමෙන් සුදු පැහැති වලා තීරුවක් මෙන් දිස්වේ.


6

සිකුරාදා

සතියේ පැනය

5

බ්‍රහස්පතින්දා

අද විදු වදන

4

බදාදා

අද විදු වදන

සෞරග්‍රහ මණ්ඩලයේ දරුණුතම සුළං හමන්නේ නෙප්චූන් ග්‍රහයා මතයි. එය පැයට සැතපුම් 1500ක පමණ වේගයක් අත් කරගනී.
නෙප්චූන් ග්‍රහයාගේ භූ ලක්ෂණ සාමාන්‍යයෙන් පැතලි ස්වභාවයක් ගන්නා නිසා මෙම දැඩි සුළං පාලනය කළ හැකි තරම් ඝර්ෂණයක් එයට නොමැත.


3

අඟහරුවාදා

අද විදු වදන

2

සඳුදා

සතියේ පැනයට පිළිතුර

බල්ලන්ගේ නාසයෙන් නිතරම ශ්ලේශ්ලමයක් (දියරයක්) වෑස්සේ. මෙම නිසා බල්ලන්ගේ නාසය නිතරම තෙත් ස්වභාවයක් ගනියි. මෙම දියරය මගින් බල්ලන්ට වාතයේ ඇති රසායනික ද්‍රව්‍ය උරාගැනීමෙන් ගඳ සුවඳ හඳුනාගැනීමට උපකාරී වේ. තවද බල්ලන්ගේ සිරුරෙන් තාපය පිටකිරීමටද මෙම දියර උපකාරී වේ.