2014 වසරේ ජනවාරි මාසයට අයත් විද්‍යා පණිවුඩ

31

සිකුරාදා

සතියේ පැනය

30

බ්‍රහස්පතින්දා

අද විදු වදන

Benzoic අම්ලය සහ Sodium Benzoate ආහාර පරිරක්ෂක ලෙස බොහෝ ආහාර සදහා යොදාගනී. මේවා බහුලව භාවිතයෙන් තාවකාලිකව ජීරක එන්සයිම අක්‍රීය කරන අතර හිසරදය, බඩ රිදීම්, ඇදුම සහ කුඩා දරුවන් අසාමාන්‍ය ලෙස ක්‍රියාශීලී වීම වැනි රෝග ඇති කරයි.


29

බදාදා

අද විදු වදන

28

අඟහරුවාදා

අද විදු වදන

මාළුන්ගේ කොරපොතු ඔවුන් වර්ධනය වනවාත් සමග අලුතින් ඇති වන්නේ නැත, නමුත් ඒවා විශාලත්වයෙන් වැඩිවේ. මෙමගින් මාළුන්ගේ වර්ධන වලය නිර්මාණය වන අතර එමගින් මාළුන්ගේ වයස නිර්ණය කල හැකිය.


27

සඳුදා

සතියේ පැනයට පිළිතුර

මුහුණේ සම හා සංසන්දනය කරන විට තොල් සමෙහි ඇති සෛලීය තට්ටු ගණන ඉතා ස්වල්පයකි. මුහුණේ සමේ සෛලීය තට්ටු 16ක් පමණ පවතින අතර තොල් සමෙහි ඇත්තේ 3ක් හෝ 5ක් පමණි. එමෙන්ම තොල් සමෙහි රෝම නොපවතින අතර ස්වේද ග්‍රන්ථි ද නොපවතී. එමනිසා සාමාන්‍යයෙන් සම මෘදුව සහ උණුසුම්ව තබා ගන්න දහඩිය සහ මේදය තොල් සම මත නොපවතී, මේ නිසා තොල් සම ඉක්මනින් වියලීමට ලක්වේ. බහුතරයක් පැවසුයේ තොල් ඉක්මනින් වියලන්නේ එම සමේ අපිචර්ම ස්තරයක් නොමැති නිසාවෙන් බවයි. නමුත් එය ඉතා තුනී ස්තරයක් වශයෙන් තොල් සමෙහි පවතී.


24

සිකුරාදා

සතියේ පැනය

23

බ්‍රහස්පතින්දා

අද විදු වදන

සොසේජස්, බේකන් වැනි පෙර පිළියෙළ කරන ලද මාංස වල අනෙක් මාංස වලට වඩා සෝඩියම් ප්‍රමාණය 4 ගුණයක්ද නයිට්‍රේටමය ආහාර පරිරක්ෂක සියයට 50ක් ද වැඩිපුර අන්තර්ගත වේ.


22

බදාදා

අද විදු වදන

21

අඟහරුවාදා

අද විදු වදන

20

සඳුදා

සතියේ පැනයට පිළිතුර

තරු වල සිට පැමිණෙන ආලෝකය පෘතුවි වායු ගෝලයේ විවිධ ස්ථර හරහා ගමන් කරන විට විවිධ දිශා වලට නැමීමට (වර්තනයට) ලක්වේ. මෙලෙස ආලෝකය වර්තනයට ලක්වන්නේ ආලෝකය ගමන් කරන මාධ්‍යයේ ඝනත්ව වෙනසක් වූ විටයි. වායුගෝලයේ උණුසුම් සහ සීත වායු ප්‍රදේශ තුලින් ආලෝකය ගමන් කරන විට වර්තනයට ලක්වේ. මෙලෙස තරු වල සිට පැමිණෙන ආලෝකය විවිධ දිශා වලට වර්තනය වීම නිසා තරු චලනය වන්නාක් මෙන් පෙනේ. මෙය අපේ ඇස මගින් තරු දිදුලන්නාක් සේ දකියි.


17

සිකුරාදා

සතියේ පැනය

16

බ්‍රහස්පතින්දා

අද විදු වදන

දුම්කොළවල නිකොටීන් පවතින්නේ එම පැළයේ රසායනික ආරක්ෂක උපක්‍රමයක් ලෙසයි. නිකොටීන් මගින් සතුන්ගේ ස්නායු පේෂීය සන්ධිය එනම් සතුන්ගේ මාංස පේශී ස්නායු හමුවන ස්ථානය ඉලක්ක කරයි. සතුන් විසින් නිකොටින් අඩංගු ශාක ආහාරයට ගත් විට,ඔවුන්ගේ ස්නායු හා පේශී කෙරෙහි බලපෑමක් ඇති කරයි.එනම් ස්වසන හා චලනය වීමේ හැකියාවට බාධා ඇති කරයි.


13

සඳුදා

සතියේ පැනයට පිළිතුර

බොහෝ දෙනෙක් ජලයේ පෘෂ්ටික ආතතිය යොදාගෙන කෘමි සතුන් දිය මත ඇවිදියි යයි සිතයි. නමුත්, නව පර්යේෂණ වලින් පවසන අන්දමට ඇත්තටම සිදු වන්නේ කෘමීන්ගේ පාද වල ඇති ඉතා සියුම් නැනෝ කෙදි තුල සිරවී පවතින වායු බුබුළු මගින් කෘමීන්ව ජලය මත පා කිරීමයි.


10

සිකුරාදා

සතියේ පැනය

9

බ්‍රහස්පතින්දා

අද විදු වදන

8

බදාදා

අද විදු වදන

7

අඟහරුවාදා

අද විදු වදන

6

සඳුදා

සතියේ පැනයට පිළිතුර

නරක් වූ බිත්තර වල ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරීත්වය නිසා නිපදවෙන වායු බිත්තරයේ සවිවර කටුව හරහා ගමන් කරයි. මේ නිසා බිත්තරයේ ස්කන්ධය අඩුවී නැවුම් බිත්තර වලට වඩා සැහැල්ලු ස්වභාවයක් ගනියි.


3

සිකුරාදා

සතියේ පැනය

2

බ්‍රහස්පතින්දා

අද විදු වදන

පෆර් ෆිෂ් (ඉත්තෑ මත්ස්‍ය) වර්ගය තම ආරක්‍ෂාව සඳහා සයනයිඩ් වලට වැඩ 1200 වතාවක් විෂ සහිත රසායන ද්‍රව්‍යක් පිට කරයි. නමුත් ඩොල්ෆින්ලා මත් වීමට අවශ්‍ය වූ විට නියමිත රසායන ද්‍රව්‍ය ප්‍රමාණය ඉහත මත්සයින් සූප්පු කිරීම මගින් ලබාගනී.


1

බදාදා

අද විදු වදන