2014 වසරේ මාර්තු මාසයට අයත් විද්‍යා පණිවුඩ

31

සඳුදා

සතියේ පැනයට පිළිතුර

කැල්සියම් කාබයිඩ් පළතුරු වලට ඉසූ විට එය ‍තෙතමනය සමග ප්‍රතික්‍රියා කර ඇසිටලීන් වායුව නිපදවයි. ඇසිටලීන්, පළතුරු තුල නිපදවෙන, පලතුරු ඉදවන සංයෝගයක් වන ‍‍එතිලීන් ආකාරයට ක්‍රියා කරමින් පළතුරු ඉදවීම වේගවත් කරයි. නමුත් කැල්සියම් කාබයිඩ් පිළිකාකාරක ගුණ දක්වන නිසා මෙය භාවිතය නුසුදුසුය.


28

සිකුරාදා

සතියේ පැනය

27

බ්‍රහස්පතින්දා

අද විදු වදන

කෙසෙල් තුල ස්වභාවයේ පවතින විකිරණශීලී පොටෑසියම්-40 අඩංගු වන නිසා එය ස්වාභාවිකවම විකිරශීලිවේ . නමුත් මෙහි විකිරණශීලිතාව ඉතා ස්වල්ප වශයෙන් පවතින බැවින් කෙසෙල් මගින් ශරීරයට හානියක් සිදු නොවේ. එම නිසා කෙසෙල් පරිභෝජනයට ගැනීමට බිය විය යුතු නැහැ


26

බදාදා

අද විදු වදන

ඩොල්ෆින් හා තල්මසුන් සිතාමතා ශ්වසනය සිදු කල යුතුය. මේ නිසා ඔවුන් විවේක ගැනීමේදී ඔවුන්ගේ මොළයේ එක් අර්ධයක් පමණක් අවධියෙන් තබා අනෙක නින්දට යාමට සලස්වයි . මෙම අවස්ථාවලදී මොවුන්ගේ එක් ඇසක් පමණක් විවරව පවතින අතර මෙමගින් මොවුනට විලෝපිකයින්ගෙන් ආරක්ෂා වීම පහසු වේ .


25

අඟහරුවාදා

අද විදු වදන

පෘථිවියේ අක්ෂය වටා පවතින චුම්භක ක්ෂේත්‍ර ඇති වීමට හේතු වන්නේ පෘථිවි මධ්‍යයේ පවතින අධික උණුසුම නිසා ඇතිවන සංවහන ධාරා නිසා සහ පෘථිවියේ සිදුවන භ්‍රමණය නිසා පෘථිවි හරයේ බහුල ලෙස පවතින ද්‍රව යකඩ භ්‍රමණ චලිතයක නිරත වීමයි.


24

සඳුදා

සතියේ පැනයට පිළිතුර

කස පහරක් මගින් ඇතිවන පිපිරුම් ශබ්දය ඇතිවන්නේ කස පහර ගැසීමේදී කසයෙහි කෙලවර ඇතිවන පුඩුව වාතයේ ධ්වනි වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කිරීම නිසා ඇතිවන ධ්වනි ගිගුරුම (sonic boom ) නම් සංසිද්ධිය හේතුවෙනි. ජෙට් යානයක් ධ්වනි ප්‍රවේගයට වඩා වැඩි ප්‍රවේගයකින් ගමන් කරන විට ඇතිවන ශබ්දයට හේතුවන්නේද මෙම සංසිද්ධියමය.


21

සිකුරාදා

සතියේ පැනය

20

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ඇපල් ඇට තුල සයනයිඩ් සහිත සංයෝග අඩංගු වේ. නමුත් අපගේ ශරීරයට ස්වභාවික විෂ සංයෝග ,ස්වල්ප ප්‍රමාණ වලින් බලපෑම් ඇති නොවන නිසා ඇපල් ඇට ස්වල්ප ප්‍රමාණවලින් ශරීරගත වීමෙන් හානියක් සිදු නොවේ.තවද මේවායේ පවතින ආරක්‍ෂිත ආවරණ නිසා මෙහි ඇතුලත පවතින සයනයිඩ් සංයෝග පහසුවෙන් පිටතට නොපැමිණේ. කෙසේවෙතත් ඇපල් ඇට ආහාරයට ගැනීමෙන් වැළකී සිටීම වඩාත් ආරක්ෂිතය


19

බදාදා

අද විදු වදන

හිම වලසුන් සුදු පැහැයෙන් දිස් වුවත් ඔවුන්ගේ ලොම් සැබවින්ම වර්ණ රහිත, පාරදෘශ්‍ය හා කුහරමය වේ .මොවුන් සුදු පැහැයෙන් දිස්වන්නේ මෙම කුහරමය ලොම් තුල පවතින අංශු මගින් දෘශ්‍ය ආලෝකය විසිරුවා පරාවර්තනය කරනු ලැබීම නිසාය.


18

අඟහරුවාදා

අද විදු වදන

ලොව පවතින ප්‍රබලතාවයෙන් ඉහළම ලේසර් වර්ගය වනුයේ Neodymium වලින් මාත්‍රණය කරන ලද Yttrium ස්ඵටිකය . මෙමගින් තත්පර භාගයක් ඇතුලතදී මුළු ඇමරිකා එක්සත් ජනපදයටම අවශ්‍ය බල ශක්තියටත් වඩා බල ශක්ති ප්‍රමාණයක් නිපදවිය හැක.


17

සඳුදා

සතියේ පැනයට පිළිතුර

මකුළුවන් තම පාද චලනය කරනුයේ ඔවුන්ගේ පාද තුල ඇති ද්‍රව පීඩනය ආධාරයෙනි . මෙම ද්‍රව පීඩනය ඇති කරනු ලබන්නේ මකුලුවාගේ හදවත මගිනි.මකුළුවන් මියගිය පසු ඔවුන්ගේ ශරීරයේ තවදුරටත් ද්‍රව පීඩනයක් ක්‍රියාත්මක නොවන බැවින් ඔවුන්ගේ පාද ස්වාභාවිකවම හැකිලෙයි .


14

සිකුරාදා

සතියේ පැනය

13

බ්‍රහස්පතින්දා

අද විදු වදන

12

බදාදා

අද විදු වදන

11

අඟහරුවාදා

අද විදු වදන

භූ කම්පනයකට පෙර ඇළ මාර්ග හා වෙනත් ස්වභාවික ජලාශ වලින් අමුතු ගන්ධයක් නිකුත් වේ . මෙය පොළොව තුල පවතින වායු නිදහස් වී පිටතට පැමිණීම නිසා සිදුවන අතර මෙවිට භූ ගත ජලයද උණුසුම් වේ .


10

සඳුදා

සතියේ පැනයට පිළිතුර

ජලයේ බොහෝ විට නොයෙක් වායු සහ ඛනිජ ස්වාභාවිකම දිය වී පවතී .අයිස් බඳුනක පවතින ජලය පිටත සිට ඝන වීම ආරම්භ වන විට , දිය වූ ඛනිජ අංශුන් සහ වායු අයිස් කැටයේ මධ්‍ය දෙසට පැමිණේ .මෙසේ අයිස් කැටයේ මධ්‍යයේ සිර වී පවතින ඛනිජ අංශු හා කුඩා වායු බුබුළු නිසා අයිස් කැටයේ මධ්‍ය අපැහැදිලිව සුදු පැහැයෙන් දිස්වේ.


7

සිකුරාදා

සතියේ පැනය

6

බ්‍රහස්පතින්දා

අද විදු වදන

බිත්තර කටු සෑදී ඇත්තේ කැල්සියම් කාබනේට් වලිනි . බිත්තරයේ මුළු බරින්
9-12% ක ප්‍රමාණයක් කටුව මගින් දරන අතර මෙහි ඔක්සිජන් ඇතුළුවිය හැකි , හා කාබන් ඩයොක්සයිඩ් සහ තෙතමනය ඉවත්විය හැකි කුඩා සිදුරු අඩංගු වේ


5

බදාදා

අද විදු වදන

4

අඟහරුවාදා

අද විදු වදන

3

සඳුදා

සතියේ පැනයට පිළිතුර

වියලි කාලවලදී සතුන්ට මෙන්ම ශාකවලටද ජලය හිඟ සම්පතකි .උත්ස්වේදනය මගින් ශාකයෙන් ජලය වාෂ්ප ලෙස පිටවන අතර මෙය ප්‍රධාන වශයෙන් සිදුවන්නේ ශාක පත්‍ර හරහාය. එමනිසා වියලි කාල ආරම්භයේදී ශාක,තම පත්‍ර හැලී යාමට සැලැස්වීම මගින් උත්ස්වේදනයෙන් ශාකයෙන් ඉවත්වන ජල ප්‍රමාණය අවම කර ගනී .