2014 වසරේ මැයි මාසයට අයත් විද්‍යා පණිවුඩ

30

සිකුරාදා

සතියේ පැනය

ඔබේ දෑස් මදකට වසා බලන්න ඔබට තනි පාදයකින් කෙතරම් වෙලා සිටගෙන සිටිය හැකිද කියා.ඔබට එතරම් වෙලා සිටිය නොහැකියි නේද? මීට හේතුව කුමක්ද?
ඔබේ පිළිතුර අප වෙත යොමු කර සතියේ ජයග්‍රාහකයා වන්න.


29

බ්‍රහස්පතින්දා

අද විදු වදන

මිරිස් කරලක් සැපු විට ඔබේ දිවට දැනෙන දැවිල්ලට හේතුවන්නේ එහි අඩංගු Capsaicin නම් රසායනික ද්‍රව්‍යයකි. මෙමගින් ඔබේ දිව සහ සමෙහි ඇති උෂ්ණත්ව සහ වේදනා ප්‍රතිග්‍රාහක උත්තේජනය කරමින් ඔබේ මොළයට ඒවා දැවෙන බවක් හඟවයි.


28

බදාදා

අද විදු වදන

27

අඟහරුවාදා

අද විදු වදන

ඔබ දන්නවාද ලොව වැඩිම ඝනත්වයක් සහිත දැව වර්ගය කුමක්ද කියා ? දකුණු අප්‍රිකාවේ ඇති Black Ironwood නමින් හඳුන්වන මෙම දැව විශේෂය අනෙක් දැව මෙන් නොව ජලයේ ගිලේ.


26

සඳුදා

සතියේ පැනයට පිළිතුර

බංකුවේ මතුපිට සමතල නිසා ඔබේ ශරීරයේ මුළු බරම අඩු වර්ගඵලයක් මත පැතිරේ. නමුත් බංකුවේ මෙන් නොව බොහෝ පුටුවල මතුපිට අවතල හැඩයකට සකස් කොට ඇති නිසා ඔබේ ශරීරයේ බර සාපේක්ෂව වැඩි වර්ගඵලයක් මත පැතිරේ. එවිට ඒකක වර්ගඵලයක් මත ඇතිවන බර සාපේක්ෂව අඩු නිසා ඔබට වැඩි අපහසුවක් නොදැනෙයි.


23

සිකුරාදා

සතියේ පැනය

22

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ඔබ දන්නවාද බෙහෙත් කරල් වල කොපු සාදා තිබෙන්නේ කුමකින්ද කියා ? මේවා සාදා ඇත්තේ සත්ව සම් සහ අස්ථි ආදියෙන් සකසනු ලබන ජෙලටින් මගිනි. මේවා ආමාශයට ගමන් කල පසු මිනිත්තු කිහිපයකින් දියවී ඒවායෙහි අඩංගු දෑ පිටතට පැමිණීමට සලස්වයි.


21

බදාදා

අද විදු වදන

ඉත්තෑවන් උපදින විට ඔවුන්ගේ කූරු වලින් ඉත්තෑ මවට හානියක් සිදුවීම වැලැක්වීමට පුංචි ඉත්තෑවන්ගේ කූරු , ආරක්ෂක පටලයකින් ආවරණය වී පවතියි . ඔවුන් ඉපදී පැය කිහිපයකින් මෙම පටලය වියලී හැලී යයි . සොබාදහමේ සෑම ගැටළුවකටම විසඳුම එය විසින්ම සපයා ඇති ආකාරය විශ්මයජනකයි නේද ?


20

අඟහරුවාදා

අද විදු වදන

කැමතිද දැනගන්න ඔබ සැමවිටම භාවිතා කරන බෝල් පොයින්ට් පෑනෙහි ක්‍රියාකාරිත්වය.? බෝල් පොයින්ට් පෑනක තුඩෙහි පවතින ලෝහ ගෝලය ඔබ ලියන කඩදාසිය හා පෑනෙහි තීන්ත කුරෙහි ඇති ඉක්මනින් වියලෙන තීන්ත අතර පවතින බාධකයක් ලෙස ක්‍රියා කරයි . ඔබ ලියන විට මෙම ගෝලය භ්‍රමණය වෙමින් කුරෙහි පවතින තීන්ත කඩදාසිය මතට ගෙන එයි.


19

සඳුදා

සතියේ පැනයට පිළිතුර

ආහාර නරක් වන්නේ ඒ මත සිදුවන ක්ෂුද්‍රජීවී වර්ධනය හා ක්‍රියාකාරිත්වය නිසාය .ඔබ යම් ආහාරයක් කල් තබා ගැනීම සඳහා එයට එක් කරන ලුණු මගින් ආහාරයේ පවතින ජලය ආස්‍රැතිය මගින් උරාගෙන එම ආහාරය විජලනයට භාජනය කරයි . මෙවැනි පරිසරයක ක්ෂුද්‍රජීවින්ට පැවතීමට නොහැකි නිසා ඔවුන් විනාශ වී හෝ තාවකාලිකව අක්‍රිය වී යයි. එම නිසා ආහාර දිගු කලක් නරක් නොවී පවතියි .


16

සිකුරාදා

සතියේ පැනය

අතීතයේ පටන් මිනිසා ආහාර කල් තබා ගැනීමට විවිධ ක්‍රම භාවිත කර තිබේ. ලුණු දමා කල් තබාගැනීම ඉන් එක් ක්‍රමයක්. ලුණු මගින් ආහාර කල් පවත්වා ගන්නේ කොහොමද කියලා ඔබ දන්නවාද ?


13

අඟහරුවාදා

අද විදු වදන

සබන් බුබුළු වල පවතින අලංකාරවත්ම දෙය නම් එහි දිස්වන වර්ණ රටාය . මෙම වර්ණ ඇතිවීමට හේතුව ඔබ දන්නවාද ? සබන් බුබුළු සෑදී ඇත්තේ සබන් පටල දෙකකිනි. සුදු ආලෝකය මෙහි පිටත පටලය මත පතිත වුනු පසුව එහි සමහර තරංග ආයාම වලට අයත් වර්ණ පරාවර්තනය වන අතර සමහර ඒවා ඇතුලත පටලය වෙත ගමන් කරයි. මේ ආකාරයට මෙහි පටල හරහා වර්තනය හා පරාවර්තනය වන ආලෝකය නිසා සබන් බුබුල වර්ණවත්ව දිස්වේ.


12

සඳුදා

සතියේ පැනයට පිළිතුර

ඔබේ මොළය මගින් ඔබේ පිහිටීම නිර්ණය කරනුයේ දෘෂ්ටිය, ස්පර්ශය හා ඇතුළු කනෙහි සංවේදන වැනි දෑ මගිනි . වාහනයක පිටුපස අසුනෙහි සිට පොතක් කියවන විට ඔබේ ඇස් මගින් දකිනුයේ නිශ්චල පොත සහ වාහනයේ අභ්‍යන්තරයයි. එමගින් ඔබේ මොළයට ඔබ නිශ්චලව සිටින බව දන්වයි. නමුත් වාහනයේ වේග වෙනස්වීම්, ගැස්සීම් යනාදිය ඔබේ ඇතුළු කන මගින් සංවේදනය කොට ඔබ චලනය වන බව මොළයට දන්වයි. මෙලෙස ඔබේ මොළයට ගමන් කරන සංවේදන වල පවතින පරස්පර බව නිසා ඔබට මෙසේ අපහසුතාවයක් දැනෙයි.


9

සිකුරාදා

සතියේ පැනය

ඔබට මතකද ඔබ වාහනයක පිටුපස අසුනෙහි හිඳ දුර ගමනක් යන අවස්ථාවක පොතක් කියැවීම ආරම්භ කර මද වේලාවකින් දැනුනු අපහසුතාව නිසා කියැවීම නැවතීමට සිදු වුනු දිනයක්? මෙසේ සිදුවීමට හේතුව ඔබ දන්නවාද?


8

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ඔබ දැන් දන්නවා පැන්සලක් ක්‍රියා කරන ආකාරය.ඔබට දැන් පැනයක් නැගෙනවා ඇති මකනය ක්‍රියා කරන්නේ කොහොමද කියලා. මකනය සාදා ඇති බහුඅවයවක ද්‍රව්‍යයේ අංශු ,කඩදාසියට වඩා ඇලෙනසුළුය. එබැවින් ඔබ මකනය පැන්සල් රේඛා මතින් යවන විට ඒවායේ අඩංගු මිනිරන් අංශු කඩදාසියේ ඇති තන්තු කොටස් අතරින් ඉවත්වී මකනයේ රැඳේ .


7

බදාදා

අද විදු වදන

පුංචි කාලයේ සිටම ඔබ ළඟින්ම සිටි මිතුරෙක් වන පැන්සල ක්‍රියා කරන්නේ කොහොමද කියලා දැනගන්න කැමතිද? ඔබ පැන්සල් තුඩ කඩදාසිය මත ඒ මේ අත හසුරුවන විට එහි පවතින කුඩා මිනිරන් අංශු ඔබේ කඩදාසියේ ඇති තන්තු කොටස් අතරින් රැදෙමින් ඔබට අවැසි රූ රටාව කඩදාසිය මත මවයි.


6

අඟහරුවාදා

අද විදු වදන

කණාමැදිරියන්ගේ පුංචි කොළ පැහැති එළිය නිපදවෙන්නේ ඔවුන්ගේ සමහර සෛල වල ඇති රසායන ද්‍රව්‍යක් ඔක්සිජන් සහ වෙනත් එන්සයිමයක් සමග ප්‍රතික්‍රියාකිරීමේ ප්‍රතිපලයක් ලෙසයි. මේ සෛල වලට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය පාලනය කිරීම මගින් මේ එළිය නිවීම හා පත්තුවීම සිදුකරනු ලබනවා. අපූරුම දෙය නම් සාමාන්‍ය ගෘහස්ථ විදුලි බල්බයක කාර්යක්ෂමතාව 10% වුනත් පුංචි කණාමැදිරියගේ එළිය ආසන්න වශයෙන් 100% කාර්යක්ෂමතාවයකින් යුක්ත වීමයි .


5

සඳුදා

සතියේ පැනයට පිළිතුර

වැසි දිනවල අවට පරිසරයේ උෂ්ණත්වය වෙනදාට වඩා අඩුය.මිනිසා යනු අචලතාපී සත්වයෙක් නිසා මෙවන් තත්වයකදී ඔබේ සිරුර මගින් එහි උෂ්ණත්වය පහළ බැසීම වැලැක්වීම සඳහා එහි පරිවෘතිය ක්‍රියා වේගවත් කොට තාපය නිපදවීම වැඩි කරයි .එම නිසා සීත දිනවලදී ඔබේ සිරුරේ ශක්තිපරිභෝජනය ඉහළ වන අතර වෙනත් දිනවලදීට වඩා වැඩියෙන් කුසගින්න දැනෙයි


2

සිකුරාදා

සතියේ පැනය