2014 වසරේ ජූනි මාසයට අයත් විද්‍යා පණිවුඩ

30

සඳුදා

සතියේ පැනයට පිළිතුර

යමක් දහනය වන විට එය ඉහළ උෂ්ණත්වයකට රත් වන අතර එවිට දහනය වන ද්‍රව්‍යයේ අඩංගු පරමාණු වල ඉලෙක්ට්‍රෝන එම තාප ශක්තිය අවශෝෂණය කරමින් උත්තේජිත අවස්ථාවකට එළඹේ. නමුත් එම තත්වයේ ඉලෙක්ට්‍රෝන පැවතීම අස්ථායි බැවින් මෙම ඉලෙක්ට්‍රෝන ආලෝකය ලෙස ශක්තිය පිටකරමින් නැවතත් යථාතත්වයට පත්වේ.


27

සිකුරාදා

සතියේ පැනය

26

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ඔබ සිතා තිබෙනවාද ‘Super Glue ‘ එතරම් සවිමත් ඇයි කියා ? ‘Super Glue’ වලට මෙතරම් ශක්තිමත් ලෙස ඇලවිය හැක්කේ ජලයේ අඩංගු හයිඩ්රොක්සිල් අයන වල ආධාරයෙනි.සෑම පෘෂ්ටයකම ඉතා කුඩා ජල ප්‍රමාණයක් හෝ පවතින නිසා Super Glue ස්වල්පයක් හෝ යමක ගැටුණු විට එය එහි පවතින ජලය සමග දිගු සවිමත් දාම සාදමින් ස්වල්ප මොහොතකින් පෘෂ්ට දෙක අතර සවිමත් ජල වාරක බන්ධනයක් සාදයි.


25

බදාදා

අද විදු වදන

අලියෙකුගේ දෙපසට වැනෙන කන්පෙති දෙකෙන් සිදුකල හැක්කේ ඇසීම පමණක් නොවන බව ඔබ දන්නවාද ? අලියාගේ කන්පෙති වල සමට ආසන්නව අධික රුධිර වාහිනී ප්‍රමාණයක් පවතියි. මොවුන් කන්පෙති දෙපසට වනන විට මෙම රුධිර වාහිනී වල අඩංගු රුධිරය සිසිල් වන අතර මෙම රුධිරය අලියාගේ සිරුර පුරා සංසරණය වෙමින් සිරුර සිසිල් කිරීමට දායක වේ


24

අඟහරුවාදා

අද විදු වදන

කිඹුලන්ට ඔවුන්ගේ දිව චලනය කල නොහැකි අතර සැපීමද සිදු කල නොහැක. මොවුන්ගේ ආමාශයේ ඇති ජීර්ණ යුෂ කෙතරම් ප්‍රබලදැයි කිවහොත් එමගින් වානේ ඇන පවා ජීර්ණය කල හැක.


23

සඳුදා

සතියේ පැනයට පිළිතුර

එදිනෙදා ජීවිතයේ අපට දක්නට ලැබෙන බොහෝ වර්ණ සෑදී ඇත්තේ ආලෝකයේ ප්‍රාථමික වර්ණ වන රතු, නිල් සහ කොළ වර්ණ ආලෝක වලින් දෙකක් හෝ කිහිපයක් අඩු වැඩි වශයෙන් එකතුවීමෙනි. නමුත් දුඹුරු වර්ණය සෑදීමට අදාළ වර්ණ දේදුන්නේ පිහිටා ඇත්තේ එකිනෙකට ඈතින් බැවින් එම වර්ණ ආලෝකයන්ට දේදුන්නේ දී එකතු වී දුඹුරු වර්ණය සෑදීමට නොහැකිය. එම නිසා එම වර්ණය දේදුන්නේ දිස් නොවේ.


20

සිකුරාදා

සතියේ පැනය

දේදුන්න යනු සොබාදහමේ තවත් එක් අපුරු නිර්මාණයක්. නමුත් සොබාදහමේ වඩාත් සුලභව දැකිය හැකි වර්ණයක් වන දුඹුරු වර්ණය දේදුන්නේ දක්නට නොමැති වීමට හේතුව ඔබ දන්නවාද?


19

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ඔබ කැමතිද ගිනි කූරක් ක්‍රියා කරන ආකාරය දැන ගන්න ?
ඔබ ගිනි කූර, පෙට්ටියෙහි රළු කොටසෙහි ගැසූ විට ඇතිවන ඝර්ෂණයෙන් ජනිත වන තාපය නිසා ගිනි කූරු හිසෙහි පවතින රතු පොස්පරස් වලින් ස්වල්පයක් වාතයේදී දහනය වන සුදු ෆොස්ෆරස් බවට පත්වෙමින් ඔක්සිජන් නිපදවන රසායනික ප්‍රතික්‍රියාවක් ආරම්භ කරයි. මෙම ඔක්සිජන් හා තාපය නිසා ගිනි කූරු හිසෙහි ඇති සල්ෆර් දහනය වෙමින් දැල්ලක් ලබා දෙයි.


18

බදාදා

අද විදු වදන

සතුන් මෙන්ම ශාකවලටද එකිනෙක හා සන්නිවේදනය කල හැකි බව ඔබ දන්නවාද?
පර්යේෂණ වලින් අනාවරණය වී ඇති පරිදි කෘමින් විසින් හානි කරනු ලැබූ ශාක මගින් අධික ලෙස නිපදවනු ලබන රසායන ද්‍රව්‍ය විශේෂයක් මගින් එහි පත්‍ර වල පෝෂණ ගුණය අඩු කරන අතර අසල්වැසි ශාක වලටද මේ පිළිබඳව අනතුරු අඟවයි. මෙවිට එම ශාකද එම රසායන ද්‍රව්‍යයම නිපදවමින් කෘමි හානි වලින් ආරක්ෂා වෙයි.


17

අඟහරුවාදා

අද විදු වදන

සාගරය අපට දිස්වන්නේ අඳුරු නිල් පැහැයකින් වුවත්,සාගර ජලය සාපේක්ෂව විනිවිද පෙනෙන සුළු වන අතර සූර්යාලෝකයෙන් 5 %, අඩි 262( මීටර් 80) පමණ ගැඹුරකට සාගර ජලය තුලින් ගමන් කරයි.


16

සඳුදා

සතියේ පැනයට පිළිතුර

එසේ මාර්ගවල සෑදෙන වතුර වළවල්වලට පතිත වන ආලෝක කිරණවලින් කොටසක් වාත-තෙල් අතුරු මුහුණතින් පරාවර්තනය වී ඔබේ ඇස වෙත ගමන් කරන අතර අනෙක් කොටස තෙල් තට්ටුව තුලට වර්තනය වී එය තෙල්-ජල අතුරු මුහුණතෙන් පරාවර්තනය වී ඔබේ ඇස වෙත ගමන් කරයි.
මෙසේ ස්ථාන දෙකකදී පරාවර්තනය වී පැමිණෙන ආලෝකය ඇස වෙතට පැමිණීම සඳහා ගමන් කල යුතු දුරවල් අතර පවතින වෙනස අනුව ඇතිවන නිරෝධනය නම් සංසිද්ධියක් හේතුවෙන් සුදු ආලෝකයේ සමහර වර්ණ නොපෙනී ගොස් සමහර ඒවා දීප්තිමත්ව දිස්වෙමින් විවිධ වර්ණවල එකතුවක් ලෙස දිස්වේ.


13

සිකුරාදා

සතියේ පැනය

11

බදාදා

අද විදු වදන

සිනහසීම රැවීමට වඩා පහසු කාර්යක් බව ඔබ දැනසිටියාද? ඔබේ මුහුණේ අඩංගු පේශි 60න් සිනහසීමට වැය වන්නේ පේශි 20ක් පමණක් වන අතර රැවීමට පේශි 40 ක් පමණ වැය වේ.


9

සඳුදා

සතියේ පැනයට පිළිතුර

අපගේ සිරුරේ පවතින සියළුම සන්ධි ඝන තරලයකින් වටවී පවතී. ඔබේ පාද හෝ අත් ඇදීමකට ලක් කරන විට මෙම සන්ධි ආශ්‍රිත අස්ථි එකිනෙකින් ඈත්වන අතර සන්ධි වටා පවතින පටක වලින් සැදී කොපුද, පරිමාව වැඩිවෙමින් ඇදීමට ලක්වේ.
මෙවිට එහි පීඩනය අඩු වන අතර ඒ තුල පවතින තරලයේද පීඩනය අඩුවේ. එවිට එම තරලයේ දියවී පවතින විවිධ වායු වල දියවීමේ හැකියාව අඩු වන නිසා ඒවා බුබුළු සාදමින් තරලයෙන් පිටතට පැමිණේ. සන්ධිය තවදුරටත් ඇදෙනවිට කොපුවේ පීඩනය තවත් අඩු වන අතර එනිසා වායු බුබුළු සියුම් ශබ්දයක් නගමින් පිපිරෙයි.


6

සිකුරාදා

සතියේ පැනය

ඔබ බොහෝ වේලා එකම ඉරියව්වේ සිට ඔබේ පාද හෝ අත් එක්වරම දිග හැර ඇදීමකට ලක් කල අවස්ථාවක් මදකට සිහියට නගා ගන්න. එවන් අවස්ථාවල ඔබේ සන්ධි වලින් සියුම් ශබ්දයක් නැගුනු ආකාරය ඔබට මතක ඇති. මීට හේතුව ඔබ දන්නවාද ?


5

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ඔබත් කෙදිනක හෝ මින්ට් ආහාරයට ගෙන තිබේ නම් එමගින් ඇති කරන සිසිලස අත්විඳ ඇති. මෙයට හේතු වන්නේ එහි අඩංගු මෙන්තෝල් නම් සංයෝගයකි . මෙමගින් ඔබේ සෛල වල ක්‍රියාකාරිත්වය සිසිල් යමක් ස්පර්ශ වූ විට ඇතිවන ක්‍රියාකාරිත්වයට සමාන එකක් බවට පත් කරන අතර ඔබේ සෛල මගින් මෙම ක්‍රියාකාරිත්වය උෂ්ණත්ව වෙනසක් ලෙස හඳුනාගෙන ඔබේ මොළයට දන්වයි.


4

බදාදා

අද විදු වදන

ඔබ දන්නවාද කූඩැල්ලෙකු ඔබෙන් ලේ උරා බොන විට ඔබට එය නොදැනෙන්නේ මන්ද කියා? කූඩැල්ලෙකු ගේ ඛේටයේ නිර්වින්දක සංයෝග අඩංගු වන නිසා ඔබේ සම සිදුරු කරන විට එය ඔබට නොදැනේ.


3

අඟහරුවාදා

අද විදු වදන

පෙන්ගුවින්ගේ වර්ණ වල අපුරු රහසක් පවතින බව ඔබ දැන සිටියාද? පෙන්ගුවින් මුහුදේ පිහිනා යන විට , මොවුන්ගේ පිටුපසෙහි කළු පැහැය , ගැඹුරු මුහුදේ තද පැහැය සමග මුසු වෙමින් ඉහළ සිට බලන විලෝපිකයන්ගෙන් ඔවුන්ව ආරක්ෂා කරන අතර ,මොවුන්ගේ උදරයේ සුදු පැහැය අහස හා හිම වල පැහැය සමග මුසුවෙමින් මුහුදු පතුලේ සිට ඉහළ බලන විලෝපිකයන්ගෙන් මොවුන් ආරක්ෂා කරයි.


2

සඳුදා

සතියේ පැනයට පිළිතුර

තනි පාදයකින් සිටගෙන සිටීමට නම් අප ශරීරය එහි සමතුලිතතාවය හොඳින් පවත්වා ගත යුතුය. අපේ ශරීරයේ සමතුලිතතාව පවත්වා ගන්නා ප්‍රධාන කොටස පවතින්නේ අප කනෙහි බව ඔබ දන්නවා ඇති. නමුත් එය වඩාත් හොඳින් පවත්වා ගැනීමට අපේ දෑස් වලින් ලැබෙන සංවේදනද උපකාරී වේ . ඔබ දෑස් වසා සිටින විට ඔබේ වටපිටාව පිළිබඳව ප්‍රමාණවත් තොරතුරු ඔබේ මොළයට නොලැබෙන නිසා එම ඉරියව්වේ රැඳී සිටීම ඔබට අපහසු වේ .