2014 වසරේ ජූලි මාසයට අයත් විද්‍යා පණිවුඩ

31

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ඔබ සිතා තිබෙනවාද කල්ගතවූ පුවත්පත් ආදිය අවපැහැගැන්වෙන්නේ ඇයි කියා ?

කඩදාසි සාදා ඇත්තේ දැව වලිනි . දැව තුල cellulose මෙන්ම තද පැහැති ලිග්නින් නම් සංයෝගයක්ද අඩංගු වේ . මෙම ලිග්නින් වාතයේ අඩංගු ඔක්සිජන් වලට හා සූර්යාලෝකයට, දිගු කලක් නිරාවරණය වූ විට එය ක්‍රමයෙන් ඔක්සිකරණය වන අතර එමනිසා කඩදාසිය අවපැහැයකින් දිස්වේ


30

බදාදා

අද විදු වදන

මාළුවන් ස්වර තන්ත්‍ර නොදරන බැවින් ඔවුනට කටහඬ නිපදවිය නොහැක. ඔවුන් එකිනෙකා හා සන්නිවේදනය කරනුයේ, තම අස්ථි, දත් ආදිය එකිනෙක ගැටීමට සැලැස්වීම මගින් හා ඔවුන්ගේ පේශි තම වාත කෝෂ වලට එරෙහිව කම්පනය වීමට සැලැස්වීම මගින් ඇති කරනු ලබන විවිධ ශබිදයන් මගිනි.


28

සඳුදා

සතියේ පැනයට පිළිතුර

උණු ජලය තුල, එහි උෂ්ණත්වය ඉහළ නැංවීමට උරාගත් තාපය අඩංගු වේ. හුමාලය තුල, එම තාපයට අමතරව උණු ජලය වාෂ්ප අවස්ථාවට පත් කිරීමට අවශ්‍ය තාපයද අඩංගු වේ. එම නිසා,එම උෂ්ණත්වයේම පවතින උණු ජලයට වඩා වැඩි තාපයක් හුමාලය තුල අඩංගු වේ. හුමාලය ඔබේ සිරුරෙහි ගැටුණු විට ,එය ජලය බවට ඝනීභවනය වෙමින් සිසිල් වන විට පිටකරන තාපය සාපේක්ෂව වැඩි නිසා හුමාලයෙන් සිදුවන පිළිස්සීමක් උණු ජලය නිසා සිදුවන පිළිස්සීමකට වඩා දරුණු වේ.


25

සිකුරාදා

සතියේ පැනය

24

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ඔබේ ඇඳුම්වල ව්‍යංජන ආදිය හැලුණු අවස්ථාවකදී සබන් කුඩු යොදා මෙය සෝදන්නට තැත් කළ විට එය රත් පැහැ ගැන්වෙනු ඔබ දැක ඇති. ඇඳුම්වල ඇති වන මෙම පැල්ලම්වල කහ අඩංගුය . කහ වල , එහි කහ පැහැයට හේතුවන වර්ණකයකුත්, තවත් රතු වර්ණකයකුත් අඩංගුවේ . කහ සමග සබන් කුඩු ගැටුණු විට ,එය සබන් කුඩුවල අඩංගු මේද අම්ල සමග ප්‍රතික්‍රියා කොට ,එහි අඩංගු රතු වර්ණකය සක්‍රිය කරන අතර මේ නිසා එය රතු පැහැයෙන් දිස්වේ.


23

බදාදා

අද විදු වදන

බොහෝ කුරුලු පැටවුන්ට කටුව පුපුරමින් පිටතට පැමිණීමට ආධාර කරන “egg tooth” නම් දත් වැනි ව්‍යුහයක් තිබෙන බව ඹබ අසා තිබෙනවාද? කටුව තුල සිටින කුරුලු පැටවා‍ගේ හොට සහ පාද ,කටුව කැඩීමට තරම් ශක්තිමත්ව වර්ධනය වී නොමැත. එම නිසා හොටෙහි කෙළවර පවතින මෙම කුඩා ව්‍යුහය මගින් කුරුළු පැටවා කටුව ‍‍‍බිඳින අතර ඉන්පසුව එම ව්‍යුහය හැලී යයි.


22

අඟහරුවාදා

අද විදු වදන

ඹබ කෙදිනක හෝ මැටි කළයක පවතින ජලය පානය කොට තිබෙනවාද? එසේ නම් එම ජලය එතරම් සිසිල් වුයේ කෙසේදැයි ඔබ සිතන්නට ඇති .මැටි කළයක ඉතාමත් සියුම් සිදුරු පවතියි. මෙ‍ම සිදුරු තුලින් ජලය පිටතට පැමිණ වාෂ්ප වන අතර මේ සඳහා අවශ්‍ය තාප ශක්තිය ලබා ගන්නේ කළයේ පවතින ජලයෙනි මේ නිසා කළය තුල පවතින ජලය සිසිල් වේ.


21

සඳුදා

සතියේ පැනයට පිළිතුර

බල්බයෙහි සූත්‍රිකාව සාදා ඇත්තේ ටන්ග්ස්ටන් ලෝහයෙනි. මෙය රත්වී ශ්වේතතප්තවී ආලෝකය නිපදවයි . මෙසේ රත්වීමේදී සුත්‍රිකාවේ අඩංගු ටන්ග්ස්ටන් ඉතා කුඩා ප්‍රමාණයක් ඌර්ධ්වපාතනය වේ. එනම් ඝන අවස්ථාවේ සිට වාෂ්ප අවස්ථාවට පත්වේ . මේවා බල්බයේ ඇතුළු පෘෂ්ටයේ තැන්පත්වන අතර මෙසේ දිගටම තැන්පත්වන විට එම කොටස් කළු පැහැයෙන් දිස්වේ.


18

සිකුරාදා

සතියේ පැනය

17

බ්‍රහස්පතින්දා

අද විදු වදන

අවපැහැගැන්වුණු කාසි , පිත්තල හෝ තඹ බඳුන් ආදිය පිරිසිදු කිරීමට විනාකිරි හෝ දෙහි යුෂ යොදා ගන්නේ ඇයි කියා ඔබ දන්නවාද?

ඒවායේ මතුපිට අවපැහැයට හේතුව දීර්ඝකාලීනව වාතයට නිරාවරණය වීම නිසා ඒවායෙහි සෑදෙන කළු , නිල් හෝ කොළ පැහැති සංයෝගයි . මෙම සංයෝග විනාකිරි වල ඇති ඇසිටික් , දෙහි යුෂ වල ඇති සිට්‍රික් වැනි අම්ල තුල දියවී ඉවත්වෙමින් නැවතත් ඒවායෙහි ඔපය ඇති කරයි.


16

බදාදා

අද විදු වදන

ඔබ දන්නවාද තුවාල මැසීමට ගන්නා නුල් සමහරක් තුවාල සුව වන තෙක් තිබී කෙමෙන් නොපෙනී යන්නේ කෙසේද කියා? මෙම මැසුම් නුල් සාදා ඇත්තේ කොලජන් , ලොම් හා සේද මෙන්ම ශරීරය තුල පවතින එන්සයිම හෝ ජලය සමග ප්‍රතික්‍රියා කරමින් බිඳ වැටෙන කෘතීම බහුඅවයවක මගිනි . මේවා බිඳවැටීමෙන් ශරීරයට අහිතකර නොවන ලෙස කුඩා ප්‍රමාණවලින් ජලය හා කාබන් ඩයොක්සයිඩ් නිපදවේ .


15

අඟහරුවාදා

අද විදු වදන

වායු සමීකරණ නොමැතිවත් සිසිල්ව ගොඩනැගිලි පිළිබඳව ඔබ අසා තිබෙනවාද ? Zimbabawe හි පිහිටා ඇති ‘East Gate’ නම් ගොඩනැගිල්ලේ පහළම මහලෙහි පවතින පංකා මගින් පිටත ඇති වාතය ඒ තුලට ඇදගනිමින් , එහි මධ්‍යයේ පවතින නලයක් තුලින් ඉහලට ගමන් කිරීමට සලස්වයි.නමුත් ඔබ දන්නවාද මෙම තාක්‍ෂණය මුලින්ම භාවිතා කර ඇත්තේ වේයන් විශේෂයක් විසින් බව ? මෙම හුඹස් සාදා තිබෙන්නේ එහි පහළ කොටස් වලින් වාතය ඇතුළු කොට සංවහන ධාරා ඔස්සේ ඉහළට ගමන් කරවීමට සැලැස්වීම මගින් එහි උෂ්ණත්වය නියතව පවත්වා ගැනීමට හැකි වන ලෙසය.


14

සඳුදා

සතියේ පැනයට පිළිතුර

බිත්තර තම්බන විට සමහර බිත්තර පිපිරී තිබීමට හේතුවන්නේ ඒවා තුල කටුවට ආසන්නයෙන් පවතින වාත අවකාශයයි .ජලය රත් වන විට මෙම වාතය ප්‍රසාරණය වන අතර වඩාත් ඉක්මනින් ජලය රත්වුවහොත් මෙම වාතයට කටුවේ කුඩා සිදුරු තුලින් පිටතට පැමිණීමට කාලය නොමැති වීම නිසා කටුව පුපුරමින් මෙම වාතය පිටතට පැමිණේ.


11

සිකුරාදා

සතියේ පැනය

10

බ්‍රහස්පතින්දා

අද විදු වදන

9

බදාදා

අද විදු වදන

8

අඟහරුවාදා

අද විදු වදන

ඔබට ගැටළුවක්ව තිබෙනවාද මෝරුන් එතරම් වේගයෙන් පිහිනා යන්නේ කෙසේද කියා ? මෝරෙකුගේ සම කුඩා දත් වැනි ව්‍යුහයන් වලින් ආවරණය වී ඇති අතර මේවා පිහිටා ඇති ස්ථානය අනුව ඒවායේ හැඩය හා දිශානතිය වෙනස් ය. එමගින් ජල පහර වඩාත් කාර්යක්ෂම ලෙස හසුරුවමින් එමගින් ඇති කරන ප්‍රතිරෝධය අවම කරයි . මෙම තාක්‍ෂණය උපයෝගී කොට නිපදවා ඇති විශේෂ පිහිනුම් ඇඳුම් ඔලිම්පික් උළෙලෙහිදීද ක්‍රීඩකයන් විසින් භාවිතා කරයි.


7

සඳුදා

සතියේ පැනයට පිළිතුර

කිඹුලන් යනු චලතාපී සත්ව විශේෂයක් වන අතර මොවුන්ට ස්වේද ග්‍රන්ථි නොපවතියි. එම නිසා මොවුන් බොහෝ විට තම මුව අයාගෙන එමගින් ශරීර තාපය පිට කරයි.


4

සිකුරාදා

සතියේ පැනය

3

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ඔබ කල්පනා කොට ඇති සමහර පක්ෂීන් කිසිඳු අපහසුවකින් තොරව මිරිස් කරල් සපා ආහාරයට ගන්නේ කෙසේද කියා , ඔබ දන්නවා මිරිස් වලින් ඇති වන දැවිල්ලට හේතුවන්නේ එහි අඩංගු capsaicin බව. නමුත් ගිරවුන් වැනි සමහර පක්ෂීන්ගේ දිවෙහි capsaicin වලට සංවේදී ප්‍රතිග්‍රාහක නොමැති නිසා මිරිස් කරල් සැපීමේදී ඔවුන්ට අපට මෙන් දැවිල්ලක් ඇති නොවේ.


2

බදාදා

අද විදු වදන

ඔබට විශ්වාස කල හැකිද සවස් කාලයට වඩා උදෑසනදී ඔබේ උස 1cm කින් පමණ වැඩි බව ? අප දිනක් තුල සිදු කරන සිටගැනීම් හිඳගැනීම් වැනි ක්‍රියාවලි වලදී අපගේ අස්ථි අතර පවතින කාටිලේජ ස්තර සම්පීඩනය වන නිසා අපගේ උස සවස් කාලය වන විට මදකින් අඩු වෙයි.


1

අඟහරුවාදා

අද විදු වදන

ඔබ සාමාන්‍ය කඩදාසි හා මුදල් නෝට්ටු අතර පවතින වෙනස අධ්‍යනය කොට තිබෙනවාද ? සාමාන්‍ය කඩදාසි එනම් පුවත්පත් ආදිය සාදා ඇත්තේ ශාක වලින් ලබා ගන්නා සෙලියුලෝස් වලිනි. නමුත් මුදල් නෝට්ටුව 75% කපු සහ 25% ලිනන් තන්තු වලින් සාදා ඇත. ඒ නිසා මුදල් නෝට්ටු වලට ජලයෙන් එතරම් බලපෑමක් ඇති නොවන අතර සාමාන්‍ය කඩදාසි ජලයෙන් පෙඟුණු විට ඉරී යයි.