2014 වසරේ අගෝස්තු මාසයට අයත් විද්‍යා පණිවුඩ

29

සිකුරාදා

සතියේ පැනය

28

බ්‍රහස්පතින්දා

අද විදු වදන

Calcium Carbonate වලින් සෑදී ඇති සිප්පි කටු වල අලංකාර රටා නිර්මාණය වී ඇත්තේ කටුව සෑදෙන අවධියෙහි එහි ඇතිවන පරිවෘතීය අපද්‍රව්‍ය හේතුවෙනි . මෙම කුඩා සත්වයින් ආහාරයට ගන්නා ද්‍රව්‍ය ද මොවුන්ගේ වර්ණ කෙරෙහි බලපායි . කටුව සෑදීමේදී දිගින් දිගට වර්ණක ස්‍රාවය වුවහොත් සර්පිලාකාර වර්ණ රටා ඇති වන අතර කඩින් කඩ ස්‍රාවය වුවහොත් තිත් සහිත වර්ණ රටා ඇති වේ.


27

බදාදා

අද විදු වදන

ඔබ දන්නවාද ඔබේ සමෙහි පැහැය මෙන්ම ඔබේ ඇසෙහි වර්ණයත් මෙලනින් ප්‍රමාණය මත රඳා පවතින බව ?
ජාන මගින් තීරණය වන පරිදි ,ඇසේ තාරා මණ්ඩලයෙහි වැඩි මෙලනින් ප්‍රමාණයක් අඩංගු නම් ඇස් කළු හෝ දුඹුරු පැහැ වේ , සාපේක්ෂව අඩු ප්‍රමාණයකින් මෙලනින් අඩංගු නම් කොළ පැහැ ඇස් ඇති වන අතර ඉතා’අඩු ප්‍රමාණයකින් මෙලනින් අඩංගු නම් හෝ මෙලනින් අඩංගු නොවේ නම් ඇස් නිල් පැහැයක් ගනී.


26

අඟහරුවාදා

අද විදු වදන

චූෂක යනු අප එදිනෙදා ජීවිතයේ භාවිත කරන ඉතා ප්‍රයෝජනවත් උපකරණයකි. මේවා ක්‍රියා කරන්නේ වායු පීඩනය ආධාරයෙන් බව ඔබ දන්නවාද ?. ඔබ චූෂකය සුමට පෘෂ්ටයකට තද කළ විට ඒ තුල පවතින වාතය පිටව ගොස් එතුල ආංශික රික්තයක් ඇති වේ.එවිට පිටත පවතින වාතයේ පීඩනය වැඩි නිසා එමගින් ඇති වන තෙරපීම මගින් චූෂකය පෘෂ්ටයෙහි රඳවා තබා ගනියි.


25

සඳුදා

සතියේ පැනයට පිළිතුර

මදුරුවන් දෂ්ට කරන විට ඔවුන් ඔබේ සම සිදුරු කරමින් ඔවුන්ගේ ඛේඨය ඔබේ සිරුරට ඇතුළු කරයි. මෙහි රුධිරය කැටි ගැසීම වලක්වන සංයෝගයක් අඩංගුය ඔබේ ප්‍රතිශක්ත පද්ධතිය මගින් මෙසේ සිරුරට ඇතුළු වන ඛේඨයට එරෙහිව සටන් කිරීමට හිස්ටමින් නම් ද්‍රව්‍යක් නිපදවයි.හිස්ටමින් මගින් මදුරුවා සිදුරු කළ ස්ථානයේ රුධිර වාහිනී ඉදිමීමට සලස්වන අතර එම නිසා එහි පවතින ස්නායු උද්දීපනය වේ. මෙය ඔබට කැසීමක් ලෙස දැනේ.


22

සිකුරාදා

සතියේ පැනය

21

බ්‍රහස්පතින්දා

අද විදු වදන

කපු වලට එහි ස්කන්ධය මෙන් 27 ගුණයක් ද්‍රව ජලය අවශෝෂණය කල හැක. ඔබ දන්නවාද කපු වලට මේ තරම් අවශෝෂණ හැකියාවක් ලැබුනේ කෙසේද කියා? කපු සෑදී ඇත්තේ දීර්ඝ අනු දාමයකින් සැදුම් ලත් සෙලියුලෝස් වලිනි. මෙම සෙලියුලෝස් අණු වල කෙලවරවල් වල ඔක්සිජන්/හයිඩ්‍රජන් කාණ්ඩ පවතී. මේවා ඍණ ලෙස ආරෝපිත වන අතර ධන හා ඍණ ආරෝපිත අග්‍ර (ද්වී ධ්‍රැව) දරන ජල අණු මේවාට ආකර්ෂණය වේ.


20

බදාදා

අද විදු වදන

19

අඟහරුවාදා

අද විදු වදන

ඔබ කැමතිද දැනගන්න X කිරණ ඡායාරූප නිපදවෙනු ලැබෙන්නේ කෙසේද කියා ?

ඔබේ ශරීරයේ තිබෙන මෘදු පටක මගින් X කිරණ එතරම් හොඳින් අවශෝෂණය නොකරන බැවින් ඒවා හරහා X-කිරණ පහසුවෙන් ගමන් කරයි . නමුත් ඔබේ අස්ථි වල අඩංගු කැල්සියම් මගින් හොඳින් X කිරණ අවශෝෂණය කරයි. එම නිසා ඒ හරහා ඉතා අඩු X කිරණ ප්‍රමාණයක් ගමන් කරයි . ඔබ දකින X-කිරණ ඡායාරූපය සාදනු ලබන්නේ මෙසේ ඔබේ ශරීරය තුලින් ගමන් කරන X කිරණ රටාව මගිනි .


18

සඳුදා

සතියේ පැනයට පිළිතුර

උල්කාපාතය වායුගෝලයේ ගැටුණු විට ඊට ඉදිරියෙන් පවතින වාතය ඉතා ඉක්මනින් සම්පීඩනයට ලක්වන නිසා එය රත්වේ. තවද උල්කාපාතය වායුගෝලයේ වාත අණු සමඟ ගැටීමේදී ඇතිවන ඝර්ෂණ බලය නිසාද තාපය හටගනී . මෙම හේතු නිසා රත්වන උල්කාපාතය දහනය වෙමින් වායුගෝලය හරහා ගමන් කරයි.


15

සිකුරාදා

සතියේ පැනය

14

බ්‍රහස්පතින්දා

අද විදු වදන

මුතු බෙල්ලාගේ කටුව සෑදෙනුයේ උගේ ප්‍රාවරයෙන් ස්‍රාවය වන ප්‍රෝටිනමය කාබනික ද්‍රව්‍යක් මගිනි. ප්‍රාවරය හා කටුව අතර ප්‍රදේශයට වැලි කැටයක් හෝ කිසියම් ආගන්තුක ද්‍රව්‍යක් ඇතුළු වූ විට ප්‍රාවරය මගින් ඊට ප්‍රතිචාරයක් ලෙස කටුව සෑදී ඇති ද්‍රව්‍යයෙන්ම ස්ථර වශයෙන් එම ආගන්තුක ද්‍රව්‍ය ආවරණය කරන අතර එමගින් අවසානයේ මුතු ඇටයක් සෑදෙයි.


13

බදාදා

අද විදු වදන

විලෝපිකයන් විසින් ගොදුරු කර ගැනීමට තැත් කරන හූනන් ,තම වලිගය කඩා දමා පළා යන ආකාරය ඔබ දැක ඇති. හූනන් ගේ වලිගයෙහි විශේෂ පටකයකින් සෑදී ඇති දුර්වල ස්ථානයක් ඇති අතර , වලිගයේ ඇති පේශි ඇඹරූ විට මෙම ස්ථානයෙන් වලිගය පහසුවෙන් කැඩී යයි. කැඩුණු වලිගයෙහි ඇති පේශි හා ස්නායු නිසා එය තවදුරටත් ගැස්සෙමින් , හූනා පළා යන තෙක් විලෝපිකයාගේ අවධානය ඒ කෙරෙහි පවත්වා ගනියි .


12

අඟහරුවාදා

අද විදු වදන

මකුළුවන් අනෙක් සත්වයින්ගෙන් තම දැල් ආරක්ෂා කරගැනීමට යොදාගන්නා උපක්‍රමයක්, වීදුරු කවුළු වල පක්ෂීන් ගැටීම වැලැක්වීම සදහා යොදාගෙන ඇත.මෙම වීදුරුවල ඇති විශේෂ පාරජම්බුල ආලෝක පරාවර්තන හැකියාව සහිත ආලේපය මගින් එය පක්ෂීන්ට පැහැදිලිව දර්ශනය වීමට සලස්වයි . මෙම ආලේපය නිපදවා ඇත්තේ මකුළු දැල් සේද වල පරාවර්තන හැකියාව අනුකරණයෙන් වන අතර මෙවැනි විදුරු මගින් පක්ෂීන් විදුරු මත ගැටීමෙන් සිදුවන අනතුරු විශාල ලෙස අඩු කරයි .


11

සඳුදා

සතියේ පැනයට පිළිතුර

යම් ආහාරයක රසය ඔබේ මොළය මගින් හඳුනාගන්නේ, එහි සුවඳ පිළිබඳව සංවේදනද ඔබට දැනුණු විටය. ඔබට සෙම්ප්‍රතිශ්‍යාවක් වැළඳුනු විට, ඔබේ නාසයේ ආඝ්‍රාණ ප්‍රතිග්‍රාහක, ශ්ලේෂ්මල වලින් වැසී පවතින නිසා ,ආහාරයේ සිට ඔබේ නාසය වෙත පැමිණෙන සුවඳ අඩංගු වාත අංශු වලට ඒවා වෙත පැමිණිය නොහැක .එම නිසා, ඔබට එහි සුවඳ නොදැනෙන අතර, ඔබේ මොළයට ආහාරයෙහි සුවඳ පිළිබඳව පණිවිඩ නොලැබෙන බැවින් ඔබට එහි රසයද නියම ආකාරයෙන් නොදැනේ .


8

සිකුරාදා

සතියේ පැනය

7

බ්‍රහස්පතින්දා

අද විදු වදන

සමහර පක්ෂීන්ගේ බිත්තර, විවිධ වර්ණ රටා දරන්නේ ඇයි කියා ඔබ දන්නවාද ? නවතම පර්යේෂණ වලින් අනාවරණය වී ඇති ආකාරයට කටුවේ පවතින වර්ණක මගින් , බිත්තරය තුලට පමණට වඩා සුර්යාලෝකය ඇතුළු වීමට ඉඩ නොදී , කළලයේ වර්ධනයට අවශ්‍ය තරම් UV ආලෝකය ඇතුළු වීමට ඉඩ සලස්වයි .


6

බදාදා

අද විදු වදන

ඔබේ ශරීරයේ අඩංගු පේශි ගණන , දළඹුවෙකුගේ සිරුරෙහි අඩංගු පේශි ගණනෙන් අඩකටත් වඩා අඩු බව ඔබට විශ්වාස කල හැකිද? සාමාන්‍ය මිනිස් ශරීරයක් තුල ඇත්තේ පේශි 700ක් පමණ වන අතර දළඹුවෙකුට උගේ සංකීර්ණ හා විශේෂ චලන ආකාරය සඳහා උපකාරී වන පේශි 2000කට අධික සංඛ්‍යාවක් ඇත.


5

අඟහරුවාදා

අද විදු වදන

සමනළයින්ගේ පියාපත් වල ඇති අලංකාර වර්ණ ඇති කිරීමට ඒවායෙහි පවතින කුඩා නැනෝ ව්‍යුහයන් උපකාරී වේ. මේවා මත පතනය වන ආලෝකය විවිධ දිශා ඔස්සේ පරාවර්තනය වෙමින් හා ඉන් පසුව නිරෝධනයට ලක්වීම නිසා එම පියාපත් විවිධ වර්ණවලින් අපට දිස්වේ . මෙම තාක්‍ෂණය යොදාගෙන නිපදවා ඇති ‘Mirasol’ නම් ඉලෙක්ට්‍රොනික තිර , ඒමත පතනය වන ආලෝකයේ පරාවර්තනයෙන් ප්‍රදීපනය වේ. මේවාට පසු අලෝකනයන්(back lighting) අවශ්‍ය නොවන බැවින් සැලකිය යුතු තරම් ශක්තියක්ද ඉතිරි වේ .


4

සඳුදා

සතියේ පැනයට පිළිතුර

බළලුන්ට අක්ෂකාස්ථියක් නොමැති අතර ඔවුනට ඉතා නම්‍යශීලි කොඳු ඇට පෙළක් සහිත විශේෂ අස්ථි සැකැස්මක් පවතියි. මේ නිසා ඔවුනට තම ඉදිරි පාද නිදහස්ව චලනය කල හැකි අතර තම සිරුර පහසුවෙන් නැමීමට හා භ්‍රමණය කිරීමටද හැකියාව පවතියි. මේ නිසා ඔවුන් යම් ස්ථානයකින් පහළට වැටෙන විට බොහෝ විට ඔවුනට තම පාද මත පතිත වීමට හැකි වන ලෙස තම සිරුරේ ඉරියව්ව වෙනස් කරගත හැකි වන අතර ඔවුන්ගේ පතුල් මගින් මෙහිදී ඇතිවන ගැටුමේ බලපෑම අවම කරයි.


1

සිකුරාදා

සතියේ පැනය