2014 වසරේ සැප්තැම්බර් මාසයට අයත් විද්‍යා පණිවුඩ

30

අඟහරුවාදා

අද විදු වදන

සෑම තත්පරයක් තුලදීම සූර්යා මගින් හයිඩ්‍රජන් ටොන් මිලියන 600 ක් පමණ පරිභෝජනය කරමින් හීලියම් සාදන අතර, මේ ක්‍රියාවලිය නිසා සූර්යාගේ සංයුතියෙන් 25% ක් හීලියම් වලින් සමන්විතය.


29

සඳුදා

සතියේ පැනයට පිළිතුර

පීඩනයක් යෙදු විට අයිස් වල ද්‍රවාංකය පහළ බසියි. අයිස් මත ලිස්සා යන්නන් ගේ පාවහන් වල පතුලෙහි ඇති තියුණු තල මගින් අයිස් මත ඇති කරන ඉහළ පීඩනය නිසා තලයට යටින් පවතින අයිස් දියවේ. ක්‍රීඩකයාගේ පාවහන් සැබවින්ම ලිස්සා යන්නේ එම අයිස් දියවී සෑදෙන ජලය මතිනි. යෙදුනු පීඩනය ඉවත් කල පසුව, සිසිල් පරිසරය නිසා නැවතත් එම ස්ථානයේ පවතින ජලය අයිස් බවට පත්වේ.


26

සිකුරාදා

සතියේ පැනය

25

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ඔටුවන් යනු කාන්තාරයට අපූරු ලෙස අනුවර්තනය වී ඇති සත්ව කාණ්ඩයකි. කාන්තාරයේ දුහුවිලි වලින් ආරක්ෂා වීමට, ඔටුවන් සතුව ඝන ඇස් පිහාටු පේළි දෙක බැගින් ඇති අතර අවශ්‍ය විටෙක තම නාස් පුඩු වසා ගැනීමේ හැකියාවක්ද ඇත.


24

බදාදා

අද විදු වදන

ඔබේ වැලමිට යමක ගැටීමෙන් විටෙක ඇතිවන වේදනාව ඔබ අත්විඳ තිබෙනවාද?
ඔබේ වැලමිට අභ්‍යන්තරයෙහි , ඔබේ අතෙහි පේශි ක්‍රියාකාරිත්වයට හා අතෙහි 4 සහ 5 වන ඇඟිලි වලට සම්බන්ධ ස්නායුවක් පවතියි . වැලමිට යමක ගැටුණු විට , වැලමිටෙහි සිට උරහිස දක්වා දිවෙන දිගු අස්ථිය, මෙම ස්නායුව මත තෙරපීමෙන් ඔබට එම වේදනාව ඇතිවේ.


23

අඟහරුවාදා

අද විදු වදන

ටයිටන් යනු සෙනසුරු ග්‍රහයාගේ උපග්‍රහයෙකි. දැනට අනාවරණය වී ඇති පරිදි ටයිටන් හි ඉතා ඝනකම් වායුගෝලයක් හා ඉතා අඩු ගුරුත්වාකර්ශනයක් පවතින බැවින් සාමාන්‍ය මිනිසෙකුට තම දෑත් වලට පියාපත් යුගලක් සවි කර පියාපත් සැලීමෙන් එහි පියාසර කළ හැක.


22

සඳුදා

සතියේ පැනයට පිළිතුර

ඇවිදින විට සිරුරේ ඇතිවන කෝණික ගම්‍යතාව, අත් ඉදිරියට හා පසුපසට චලනය කිරීම මගින් අඩු කරන අතර ඇවිදීම නිසා සිරුරේ ඇතිවන භ්‍රමණ චලිතයද මෙමගින් අඩු කරයි. මෑතකදී සිදුකරන ලද පර්යේෂණ වලින් අනාවරණය වී ඇති පරිදි මෙමගින් ශරීරයේ සමබරතාවය ආරක්ෂා කරන අතර ඇවිදීමේදී වැයවන ශක්තියද අවම කරයි.


19

සිකුරාදා

සතියේ පැනය

18

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ඇඳුම් වල පවතින පැල්ලම් ඉවත්කිරීමට ක්ලෝරීන් විරංජන කාරක යොදාගනී. නමුත් මෙමගින් ඇත්තවශයෙන්ම සිදුකරනුයේ පැල්ලමෙහි අඩංගු වර්ණකාරකය ඉවත්කිරීමයි. විරංජන කාරකය ජලය සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් නිපදවෙන ඔක්සිජන්, වර්ණකාරකයෙහි අඩංගු බන්ධන ඔක්සිකරණය කරන අතර එවිට එහි ආලෝක අවශෝෂණ හැකියාව නැතිවී එය නොපෙනී යයි.


17

බදාදා

අද විදු වදන

ඔබේ නිවසේ සුලභව වෙසෙන “daddy-long-legs” නම් කුඩා, දිගු, සිහින් පාද සහිත මකුළුවන් ඔබ දැක ඇති.
මොවුන්ගේ මකුළු දැල්වලට යන්තම් තට්ටු කළ විට , ටික වෙලාවක් යනතුරු ඔවුන් දැල සමගම සෙලවෙන ආකාරයත් ඔබ දැක ඇති. ප්‍රමාණවත් වේගයකින් සෙලවෙන විට, ඔවුන්ව හරියාකාරයෙන් නොපෙනෙන නිසා මොවුන්ව දඩයම් කිරීමට පැමිණෙන සතුන්ගෙන් මොවුන් ආරක්ෂා වේ.


16

අඟහරුවාදා

අද විදු වදන

15

සඳුදා

සතියේ පැනයට පිළිතුර

කැරපොත්තන්ගේ සිරුරු පැතලි හා මහත් වන අතර දිගු සිහින් පාද 6 කින් සමන්විත වේ . මොවුන් මියයත්ම ඔවුන්ට තම පේශි පාලනය කරගත නොහැකි වන අතර මේ නිසා මොවුන්ගේ පාද වල පේශි හැකිළී සිරුරේ යටි පෙදෙසට ඇදී යයි. මෙවිට කැරපොත්තාගේ සිරුරේ සමතුලිතතාවය ගිලිහී ඌ යටිකුරු වේ .


12

සිකුරාදා

සතියේ පැනය

11

බ්‍රහස්පතින්දා

අද විදු වදන

වැරදීමකින් හෝ ඔබ මිරිස් කරලක් සපා ජලය ස්වල්පයක් පානය කොට , ඇතිවන දැවිල්ල ඉවත් කරගැනීමට තැත් කොට තිබෙනවාද? මීළඟ වතාවේ බටර් ස්වල්පයක් ගෙන දිවේ තබා ගෙන බලන්න.මිරිස් වල ඇති capsaicin නම් සංයෝගය ජලභීතික වන අතර , තෙල් හා මේද ද ජලභීතික බැවින් එතුල capsaicin දියවී ජලයට වඩා හොඳින් එය ඉවත් කරයි .


10

බදාදා

අද විදු වදන

ඔබේ තොල් වල කොලජන් නම් ප්‍රෝටීනයක් අඩංගු වේ . නමුත් මහලු වත්ම ඔබේ ශරීරය මගින් මෙම ප්‍රෝටීනය නිපදවීම ක්‍රමයෙන් අඩුවන බැවින් , ඔබ මහලු වන විට ඔබේ තොල් ,ප්‍රමාණයෙන් කුඩා හා සිහින් වේ.


9

අඟහරුවාදා

සතියේ පැනයට පිළිතුර

බීජයක් පැල වීම සඳහා අවශ්‍ය මූලික සාධක වනුයේ තෙතමනය , ප්‍රශස්ත උෂ්ණත්වය හා වාතයයි (ඔක්සිජන්). පැපොල් ගෙඩියෙහි කුහරය තුල ප්‍රමාණවත් තරම් තෙතමනය හා වාතය පවතියි . තරමක් උණුසුම් දේශගුණ තත්ත්ව වලදී ගෙඩියෙහි ඇතුලත ප්‍රමාණවත් උෂ්ණත්වයකට පත් වූ විට බීජ පැල වේ . ආලෝකය , බීජ පැලවීමට අත්‍යවශ්‍ය සාධකයක් නොවේ.


5

සිකුරාදා

සතියේ පැනය

මේ සිදුවීමට මදක් අවධානය යොමු කරන්න. දිනක් සිසුවෙක් ඉදුණු පැපොල් ගෙඩියක් කැපු විට එහි තිබු සමහර බීජ පැළවී තිබෙනු දුටුවා. මීට හේතුව ඔබට පැහැදිලි කළ හැකිද ?


4

බ්‍රහස්පතින්දා

අද විදු වදන

කාබන් මොනොක්සයිඩ් (CO) ආඝ්‍රාණය කිරීම නිසා පුද්ගලයෙකු මිනිත්තු 15 කට අඩු කාලයකදී මරණයට පත්විය හැක. CO පෙනහළු තුලට ඇතුළු වූ පසු රුධිරයේ ඇති ඔක්සිජන් පරිවාහකය වන හිමොග්ලොබින් , ඔක්සිජන් වලට නොබැඳි CO සමග බැඳේ . සිරුරට ඇතුළු වන CO ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යත්ම සෛල වලට රුධිරය හරහා ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වන අතර ක්‍රමයෙන් රුධිරයේ ඔක්සිජන් පරිවහන හැකියාව අඩු වී පුද්ගලයා මිය යයි.


3

බදාදා

අද විදු වදන

සාගරයේ වෙසෙන ක්ෂීරපායියෙකු වන ඩොල්ෆින් තම මවගෙන් කිරි උරා බොන්නේ කෙසේදැයි ඔබ සිතා තිබෙනවාද? ඩොල්ෆින්ට තම දිව බටයක් ආකාරයට රෝල් කළ හැක . තවද ඔවුන්ගේ දිවෙහි දෙපස ඇති ඇඟිලි වැනි නෙරුම් මගින් ,කුඩා ඩොල්ෆින්ගේ මුඛය තුල කිරි රඳවා තබා ගන්නා අතර මුහුදු ජලය මුඛය තුලට ඇතුළු වීම වළකයි. ඩොල්ෆින්ගේ කිරි උකු බවින් අධික වීමද ජලය තුල එය පානය කිරීම පහසු කරයි.


2

අඟහරුවාදා

අද විදු වදන

ස්පොන්ජ් යනු පිරිසිදු කිරීමේ කටයුතු වලදී බහුලව භාවිත වන උපකරණයකි . මේවාට එතරම් අවශෝෂණ හැකියාවක් ලැබී ඇත්තේ කෙසේද කියා ඔබ දන්නවාද ? ස්පොන්ජ් සෑදී ඇති ලිහිල් තන්තු අතර වැඩිපුර ඇත්තේ හිස් අවකාශය . පෘෂ්ඨික ආතතිය නිසා මේවා අතරට ජලය ඇදී පැමිණෙන අතර ජල අණු වල බන්ධන හැකියාව නිසා ජලය ස්පොන්ජය තුල රැඳී පවතියි .


1

සඳුදා

සතියේ පැනයට පිළිතුර

වවුලන්ගේ පසුපස පාද ඉතා කුඩා හා දුර්වල නිසා ඔවුනට පාද ආධාරයෙන්, ගුවනට නැගීමට අවශ්‍ය වේගය අත් කරගත නොහැක . තවද,ඔවුන්ගේ පියාපත් මගින් එක්වරම පියාසැරිය ආරම්භ කිරීමට තරම් බලයක් නිපදවිය නොහැක . එම නිසා මොවුන් ඉදිරි පාද ආධාරයෙන් ඉහල ස්ථානයකට නැග , එල්ලී සිටින ස්ථානය අත්හැර වැටෙනවාත් සමගම පියාසර කිරීම ආරම්භ කරයි . තවද එලෙස එල්ලී සිටීමෙන් මොවුන්ට විලෝපිකයන්ගෙන්ද සැඟවී ආරක්ෂා විය හැකි වේ.