2014 වසරේ ඔක්තෝම්බර් මාසයට අයත් විද්‍යා පණිවුඩ

31

සිකුරාදා

සතියේ පැනය

30

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ඔබ වඩාත් ආස කරන කපු ඇදුමක් සේදීමෙන් පසු ප්‍රමාණයෙන් වඩාත් කුඩා වූ අවස්ථා ඔබ අත්විද තිබෙනවාද? කපු රෙදි සෑදීමේදී නූල් ඇඹරීමට හා ඇදීමට ලක්කරන අතර එහිදී එම බහුඅවයවක සෑදී ඇති හයිඩ්‍රජන් බන්ධන ආතතියට ලක්වී කෙටි වේ.මෙම කෙඳිති ජලයට දැමීමත් සමඟ එය ඇදී පවතින ස්වභාවයෙන් මිදී එහි මුල් ස්වභාවයට පත් වෙයි.


29

බදාදා

අද විදු වදන

තුවාල සේදීමට විෂබීජනාශකයක් ලෙස හයිඩ්‍රජන් පෙ‍‍රොක්සයිඩ් භාවිතා කල අවස්ථාවක් ඔබට මතකද? ඔබ මොහොතකටවත් සිතුවාද ඔබ ආහාරයට ගන්නා නැවුම් එළවලු පලතුරු තුල ස්වාභාවිකවම මෙම සංයෝගය අඩංගු වන බව?


28

අඟහරුවාදා

අද විදු වදන

වාහනයක ගමන් කිරීමේදී අසුන් පටියක් පැලදීමේ වාසිය ඔබ දන්නවාද?මෙමගින්, වාහනය නවත්වනවිට ඔබ ඉදිරියට විසිවීමේ දුර බොහෝ අඩුවේ.මෙය අවස්ථිති නියමයට අනුකුලවූ සංසිද්ධියකි .අසුන් පටිය බාධකයක් ලෙස ක්‍රියාකර ඔබ සතු වේගය අවශෝෂණය කර සිරුරේ දැඩි කොටස් වන පපු පෙදෙස උර කුඩුව ඔස්සේ ව්‍යාප්ත කරයි.එමනිසා ඔබට සිදුවන අනතුර අවමවේ.


27

සඳුදා

සතියේ පැනයට පිළිතුර

ගුවන් යානයක් ඉහලට ගැනීමේදී කනෙහි වේදනාවක් ඇතිවන්නේ කන් බෙරයේ දෙපස පීඩන වෙනසක් ඇතිවීම නිසායි.පොලව මට්ටමේදී කන් බෙරයේ දෙපස පීඩනය සමාන නිසා තෙරපීමක් ඇති නොවේ.නමුත් ගුවන්යානය ඉහලට ගැනීමේදී එය තුල පීඩනය පොලව මට්ටමට වඩා අඩුවේ.එමනිසා කනෙහි බාහිර කොටසේ අඩු පීඩනයක් පවතී.අභ්‍යන්තර කනෙහි තවමත් පවතින්නේ පොලව මට්ටමේ පීඩනයයි.එය බාහිරයට වඩා වැඩිය.මෙම හේතුවෙන් ඇතුළු කුටීරය මගින් කන් බෙරය මත ඇතිකරන තෙරපීම නිසා කනෙහි වේදනාවක් ඇතිවේ


24

සිකුරාදා

සතියේ පැනය

23

බ්‍රහස්පතින්දා

අද විදු වදන

බළලුන් තණකොළ ආහාරයට ගන්නේ ඇයි කියා ඔබ දන්නවාද?ඔවුන් මෙසේ සිදුකරන්නේ තම ආහාර ජීර්ණ පද්ධතියේ අඩංගු වන ජීර්ණයට ලක්නොවූ ඇටකටු කැබලි , ගිලුණු කෙස් බෝල ,ලොම් බෝල වැනි ද්‍රව්‍ය ඉවත්කර ගැනීමටයි.තණකොළ ජීර්ණය කරන සෙලියුලේස් එන්සිමය ඔවුන් සතු නොවුවත් එහි ඇති කෙදි මගින් මෙම අනවශ්‍ය ද්‍රව්‍ය ආහාර මාර්ගයෙන් ඉවත් කරනු ලබයි.


21

අඟහරුවාදා

අද විදු වදන

රත්තරන් හා සම්බන්ධ කැරට් යනු සංශුද්ධතාවය මනින මිනුමකි .කැරට් 24 රත්තරන් යනු සංශුද්ධ රත්තරන්ය.නමුත් මේවා ශක්තිමත් නැති නිසා,ඒවා තඹ හා රිදී වැනි ලෝහ සමග මිශ්‍ර කර ආභරණ තනනු ලබයි.කැරට් අගයෙන් අදහස් කරන්නේ මුළු ප්‍රමාණයෙන් එහි අන්තර්ගත වන රත්තරන් ප්‍රමාණය විසිහතරෙන් පංගුවක් ලෙසයි.මෙවැනි මිශ්‍රණ ඝන-ඝන මිශ්‍රණ ලෙස හඳුන්වන අතර මේ මිශ්‍ර ලෝහ ගණයට අයත් වේ.


20

සඳුදා

සතියේ පැනයට පිළිතුර

ධාවනය වන බසයක සිටින මගීන්ටද එම බසයේ ප්‍රවේගයම ලැබේ. මේ හේතුව නිසා එයින් ගොඩබසින මගියෙකුට එක්වරම නිශ්චලතාවට පත්විය නොහැක.මෙම ප්‍රවේගය මැඩපවත්වා ගැනීම සඳහා එම මගියා ටික දුරක් බසය ගමන් කරන දිශාවට දිවයයි .යම් ලෙසකින් ඊට විරුද්ධ දිශාවට එම මගියා ගමන් කළහොත් ඔහුගේ සමබරතාවය නැතිවී අනතුරු සිදුවිය හැක.


17

සිකුරාදා

සතියේ පැනය

16

බ්‍රහස්පතින්දා

අද විදු වදන

බෝදිලිමා දේහ පැහැය නිතර වෙනස් කරන්නේ ඇයි දැයි ඔබ දන්නවද? චලතාපින් වන මොවුන් දේහඋෂ්ණත්වය නියතව තබාගැනීමටත් තම අදහස් ප්‍රකාශ කිරීමටත් මෙසේ සිදුකරයි.


15

බදාදා

අද විදු වදන

කෙසෙල් ඉක්මනට ඉදවාගැනීමට පහසුම ක්‍රමය ඔබ දන්නවද? ඉදුණු තක්කාලි හා අමු කෙසෙල් පත්තර වලින් සාදන ලද මල්ලක බහා තැබූ විට එහි ඉදීමේ වේගය දෙගුණයකින් පමණ වැඩිවේ.මෙයට හේතුවන්නේ ඉදුණු තක්කාලි වලින් නිපදවන එතිලීන් හෝමෝනය පලතුරු ඉදීම උත්තේජනය කිරීමයි.


14

අඟහරුවාදා

අද විදු වදන

ඔබ මොහොතකටවත් සිතුවාද? කුහුබුවන්ට ඔවුන්ගේ ශරීර බර මෙන් පනස් ගුණයක බරක් එසවිය හැකි බව.මෙයට හේතුවන්නේ භෞතික විද්‍යාවේ ලීවර මුලධර්මයයි.ඔවුන්ගේ මාංශපේශීන් මිනිසුන්ට වඩා ශක්තිමත් නොවුවත් දේහවර්ගඵලය හා ස්කන්ධය අතර අනුපාතය ඉතා වැඩි නිසා ඔවුන්ට එවැනි විශාල බරක් එසවිය හැක.


13

සඳුදා

සතියේ පැනයට පිළිතුර

වසන ලද ගරාජයක් තුල වාහනයක් පණගන්වීමේදී,එන්ජිමෙහි අර්ධ දහනයෙන් නිපදවන CO සාන්ද්‍රණය ඉතා කෙටි කාලයක් තුල අධිකව වැඩි වේ. රුධිරයේ අඩංගු හිමොග්ලොබින්,CO කෙරෙහි දක්වන බන්ධුතාවය ඔක්සිජන් වලට වඩා වැඩිය .මේ හේතුවෙන් ඔක්සිජන් පරිවහනයට අවශ්‍ය හිමොග්ලොබින් ප්‍රමාණය හිඟ වේ. එමනිසා මිනිසුන් ක්ෂණිකව මරණයට ලක්වේ.


10

සිකුරාදා

සතියේ පැනය

9

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ඔබ මොහොතකටවත් සිතුවාද අධික ලෙස ජලය පානය කිරීම සිරුරට ඉතා අහිතකර බව? එමගින් සිරුරේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට හානි සිදුවන අතර, ඇතැම්විට මරණයටද හේතුවේ.


7

අඟහරුවාදා

සතියේ පැනයට පිළිතුර

සතුන් තුවාල ලෙවකන්නේ කේඨයේ අඩංගු ඇතැම් සාධක මගින් රුධිර කැටිගැසීමේ යාන්ත්‍රණය උත්තේජනය වන නිසා සහ කේඨයේ අඩංගු ලයිසොසයිම් එන්සයිමය මගින් බැක්ටීරියා සෛල බිත්ති විනාශ කර ආසාදන වලින් ආරක්ෂා කරන නිසාය .


3

සිකුරාදා

සතියේ පැනය

2

බ්‍රහස්පතින්දා

අද විදු වදන

මිනිසුන් විසින් පතෝල ගුණදායී එළවළුවක් ලෙස නොසැලකුවත් මෙය හෘදයට ඉතා හොද උත්තේජයකි. මෙමගින් රුධිර සංසරණ පද්ධතියේ සංකුලතා දුරු කරන අතර සිරුර තුල තරල නිපදවීමටත් තෙතමනය ආරක්ෂා කිරීමටත් ඉවහල්වේ.


1

බදාදා

අද විදු වදන

අලියන් සමහර අවස්ථාවලදී වැලි තවරාගෙන සිටින ආකාරය ඔබ දැක තිබේද ?සූර්ය රශ්මිය නිසා අපගේ සමට මෙන්ම අලියන්ගේ සමටද හානි සිදු විය හැකි අතර මෙයින් ආරක්ෂා වීම සඳහා අලියන් මෙසේ සිදුකරයි.