2014 වසරේ දෙසැම්බර් මාසයට අයත් විද්‍යා පණිවුඩ

22

සඳුදා

සතියේ පැනයට පිළිතුර

දිගු වේලාවක් ආහාර නොගෙන සිටීමේදී හෝ ආහාර වේලක් මඟහැරිය විට හිසරදයක් ඇතිවන්නේ රුධිරයේ සීනි මට්ටම,එහි පැවතිය යුතු සීනි මට්ටමට වඩා අඩු වීම නිසායි.මෙහිදී මොළයට ග්ලූකෝස් සැපයීම අඩු වී ආතති තත්ත්ව වලදී නිදහස් වන හෝමෝන නිදහස් වේ.එහිදී මුහුණේ සහ නළලේ පේශි සංකෝචනය වීම නිසාද මෙම හිසේ කැක්කුම ඇතිවේ.


19

සිකුරාදා

සතියේ පැනය

18

බ්‍රහස්පතින්දා

අද විදු වදන

මීයන්ගේ මුඛයේ ඉදිරිපස ඇති තියුණු දත් හතර, ඔවුන්ගේ ජීවිත කාලය පුරාම වර්ධනය වන බව ඔබ දන්නවාද? ඔවුන් නිතරම ශක්තිමත් ද්‍රව්‍ය සපා කන නිසා දත් ගෙවීමට ලක් වන අතර මෙමගින් ඒවා අනවශ්‍ය ලෙස වර්ධනය වීම වළකී.


17

බදාදා

අද විදු වදන

ඇදුම් මැදීම සඳහා භාවිතා කරන ලෑල්ලේ ආවරණයට යටින් ඇලුමිනියම් තහඩුවක් තැබිමෙන් ඇදුම් මැදීම සඳහා ගතවන කාලය භාගයකින් පමණ අඩු කර ගත හැකියි නේද? මෙසේ සිදුවන්නේ, ඇලුමිනියම් තහඩුව මඟින් ස්ත්‍රික්කයෙන් නිපදවෙන තාපය නැවත ඇදුම වෙත ලබා දෙන බැවින් ඇදුමේ දෙපසම එකවර මැදීමට ලක්විමයි.


16

අඟහරුවාදා

අද විදු වදන

සර්පයන් හට අභ්‍යන්තර කනෙහි කන් බෙරයක් නොමැති වුවත් ඔවුන් නලාකරුවන්ගේ නලා හඩ වෙත ඇදී යන අයුරු ඔබ දැක තිබෙනවාද? මෙයට හේතු වන්නේ ශබ්ද තරංග වල කම්පන ඔවුන්ගේ සම සහ මාංශ පේශීන් හරහා අභ්‍යන්තර කනට සම්බන්ධ හකු අස්ථියක් වෙත සම්ප්‍රේෂණය වීම සහ එම අස්ථියේ කම්පන මොලය හදුනා ගන්නා නිසාය.


15

සඳුදා

සතියේ පැනයට පිළිතුර

මෙය සිදුවන්නේ විද්‍යුත් චුම්භක තරංගවල ගමන අවහිර වීම නිසායි .ජංගම දුරකථන ඒ අවට ඇති සංඥා සම්ප්‍රේෂක මධ්‍යස්ථාන සමඟ ගුවන් විදුලි සංඥා හුවමාරු කරගනී. දුරකථන ඇමතුමක් ලැබෙන විට සංඥා විශාල ප්‍රමාණයක් දුරකථනය වෙත ගමන් කරන අතර ,එය අසල ඇති ස්පීකරයට මෙම තරංග ග්‍රහනය කරගැනීමේ හැකියාවක් පවතී. ඉන් පසු එහි ඇති පරිපථ මඟින් විද්‍යුත් චුම්භක තරංග ශබ්ද තරංග බවට පත් කරන අතර තවදුරටත් ඒවා වර්ධනය වීම නිසා වෙනස් වූ උස් ශබ්දයක් අපට ඇසේ.


12

සිකුරාදා

සතියේ පැනය

ස්පීකරයක් අසල තබා ඇති ඔබේ ජංගම දුරකථනයට ඇමතුමක් හෝ පණිවිඩයක් ලැබෙන විට ස්පීකරය තුලින් වෙනස් වූ ශබ්දයක් නිකුත්වනවා නේද? මෙයට හේතුව ඔබ දන්නවාද?


11

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ඇතැම් පුර හද දිනයන්හි චන්ද්‍රයාට මදක් ඈතින් ඒ වටා විහිදුණු රැස් වළල්ලක් පවතිනවා ඔබ දැක තිබෙනවාද? මෙය ඇතිවිමට හේතුව වන්නේ ඉහළ අහසේ ඇති ෂඩාස්‍රාකාර අයිස් කැබලි මගින් ආලෝක කිරණ වර්තනය කර වළල්ලක් සෑදෙන පරිදි යොමු කරන බැවිනි.


10

බදාදා

අද විදු වදන

සමහරක් පෙන්ගුවින් පක්ෂීන්ට වේග‍යෙන් පිහිනීමට හැකිවී ඇත්තේ කෙසේදැයි ඔබ දන්නවාද?ඔවුන්ට පියාපත් වල අඩංගු සිහින් පිහාටු සැලීම මගින් වායු බුබුලු නිපදවිමේ විශේෂ හැකියාවක් පවතින අතර මේ හේතුවෙන් ඒ අවට ප්‍රදේශයේ ජලයේ ඝනත්වය අඩු වන අතර පිහිනීමට එල්ල වන බාධාව අවම වී පිහිනීම පහසු කරයි.


9

අඟහරුවාදා

අද විදු වදන

මැස්සන් අධිකව ගැවසෙන ස්ථානවල ජලය සහිත පොලිතින් මල්ලක් එල්ලීමෙන් මැස්සන්ගේ කරදරය මගහරවා ගතහැකි බව ඔබ දන්නවාද? ආලෝක කිරණ ජලය තුලින් වර්තනය වි කෘමීන්ගේ ඇස වෙත ගමන් කිරිමෙන් ප්‍රතිබිම්භ රැසක් සෑදෙන අතර මෙම දෘෂ්ටි මායාවන් හේතුවෙන් කෘමීන් ව්‍යාකූලත්වයට පත්වී ඉවත්වයයි.


8

සඳුදා

සතියේ පැනයට පිළිතුර

ගොඩනැගිලි වල පහළ මාලයේ බිත්ති වල දිය සීරාව ඇති ස්ථාන වෙත බිත්තියේ කුඩා අවකාශ ඔස්සේ භූගත ජලය හා එහි දියවී ඇති ලවණ ගමන් කරයි. එම ජලය වාෂ්ප වී ගිය විට ලවණ පමණක් ඉතිරි වන අතර ඒවා සුදු පැහැති පැල්ලම් ලෙස දිස් වෙයි. මෙම ලවණ වායුගෝලයේ ජල වාෂ්ප අවශෝෂණය කරන අතර කල් යෑමේදී මෙම තෙත් ස්ථාන වල දිලීරද වර්ධනය වේ.


5

සිකුරාදා

සතියේ පැනය

ඇතැම් පැරණි ගොඩනැගිලි බිත්ති වල දිය සීරාව සමග සුදු පැහැති පැල්ලම් ඇතිවී තිබෙන අයුරු ඔබ දැක තිබෙනවාද? මෙම පැල්ලම් මොනවාද? මේවා ඇති වන්නේ කෙසේදැයි ඔබ දන්නවාද?


4

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ඈනුම් ඇරීමේදී ඇතැම් විට ඇසට කදුළු නැගෙනවා නේද? ඈණුම් ඇරීමේදී මුහුණේ පේෂි හැකිලීමට ලක් වන නිසා කදුළු ග්‍රන්ථි වලට තෙරපීමක් ඇතිවී කදුළු පිටතට පැමිණෙන අතර වෙනත් අවස්ථා වලදී ඇසට පැමිණෙන කඳුලු ඉවත් කරන ඇසේ පහළ දාරයේ පවත්නා සිදුර ඈනුම් අරින අවස්ථා වලදී වැසී පවතින බැවින් ඇසට පැමිණෙන කදුළු පිටතට වෑස්සේ.


3

බදාදා

අද විදු වදන

ඇතැම් වීදුරු භාජන වලට උණු වතුර දැමීමේදී ඒවා අනපේක්ෂිත ලෙස පිපිරී ගිය අවස්ථාවක් ඔබට සිහියට නගාගත හැකිද ?මෙයට හේතු වන්නේ අධික උණුසුම නිසා වීදුරුවේ ඇතුළු පෘෂ්ටය ප්‍රසාරණයට ලක් වීමයි. නමුත් තවමත් පිටත පෘෂ්ටය උණුසුම් වී නැති නිසා මුළු බදුනම එකවැර ප්‍රසාරණයට ලක් නොවේ. මෙවිට බදුන පුපුරා යන්නේ ඇතුළු පෘෂ්ටයෙන් ඇති කරන අධික තෙරපීම නිසාය.


2

අඟහරුවාදා

අද විදු වදන

ඔබ පැපොල් ආහාරයට ගත් අවස්ථාවක නොදැනුවත්ව හෝ පැපොල් ඇටත් ආහාරයට ගෙන ඇති .නමුත් මෙම පැපොල් ඇට ඔබේ ආහාර ජීර්ණ පද්ධතියේ අඩංගු පරපෝෂිත ජීවීන් හා ඔවුන්ගේ බිත්තර විනාශ කිරිමට උපකාරී වන බව ඔබ දැනසිටියාද? මේ සදහා හේතුවන්නේ පැපොල් ඇට වල අඩංගු පැපේන් එන්සයිමයයි


1

සඳුදා

සතියේ පැනයට පිළිතුර

මෙසේ බටර් සහ මාගරින් වලින් අප්‍රසන්න ගන්ධයක් ඇතිවීමට හේතුව ඒවා මුඩු වීමේ ක්‍රියාවලියට ලක්වීමයි. මෙහිදී සිදුවන විද්‍යාත්මක සංසිද්ධිය වන්නේ බටර් වල ඇති සංකීර්ණ මේද අණු බිදී අප්‍රසන්න ගන්ධයක් ඇතිකරන වඩා සරල අණු බවට පත් වීමයි.