2015 වසරේ ජනවාරි මාසයට අයත් විද්‍යා පණිවුඩ

30

සිකුරාදා

සතියේ පැනය

ඈත පිහිටි වස්තු හා ළඟ පිටිහි වස්තු දෙස මාරුවෙන් මාරුවට බැලීම ඇසට හොඳ ව්‍යායාමයක් වන්නේ ඇයි? ඔබේ පිළිතුරු අප වෙත එවා මෙම සතියේ ජයග්‍රාහකයා වන්න.


29

බ්‍රහස්පතින්දා

අද විදු වදන

විදුලි ආඳන් හට ඔවුන්ගේ වලිගයේ ඇති විද්‍යුත් අවයව මගින් අශ්වයෙක් වුවත් අඩපණ කළහැකි තරමේ විදුලි සැර නිපදවිය හැකි වීම ඇත්තෙන්ම පුදුම සහගතයි නේද?


28

බදාදා

අද විදු වදන

දියබල්ලන් නිදගනීමේදී එකිනෙකා හා අත්වැල් බැඳගන්නා බව ඔබ දැන සිටියාද? ඔවුන් මෙසේ කරන්නේ ඔවුන්ගේ කණ්ඩායමෙන් වෙන්වී ඉවතට පාවීම වලකාගනීමටයි.


27

අඟහරුවාදා

අද විදු වදන

කසයකින් නැගෙන කන් බිහිරිකරවන ශබ්දයට හේතුව කසයේ කෙලවර කොටස ශබ්දයේ වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කිරීම නිසාවෙන් ඇති වන ස්වනික ගිගුරුමක්(Sonic Boom) බව ඔබ දැන සිටියාද?


26

සඳුදා

සතියේ පැනයට පිළිතුර

යම් වස්තුවක් සුදු පාටින් පෙනීමට එමගින් ආලෝක වර්ණාවලියේ ඇති සියලු වර්ණ එක හා සමානව පරාවර්තනය කර නැවත අපේ ඇස වෙත ලබාදිය යුතුය. එලෙසම යම් වස්තුවක් අවර්ණ වීමට එමගින් සුදු ආලෝකය පරාවර්තනයකින් තොරව ඒ හරහා ගමන් කල යුතුය. අයිස් කැටයක් තනි ඒකකයක් වන අතර එතුලින් ආලෝකය පරාවර්තනය නොවී ගමන් කරයි. නමුත් හිම සෑදී ඇත්තේ ඉතා කුඩා අයිස් කැබලි සෑහෙන ප්‍රමානයකිනි. මෙම කැබලි අතර වාත අංශු සිරවීම නිසා හිම තුලින් සුදු ආලෝකය ගමන් කිරීමේදී එය පරාවර්තනයට ලක්වී හිම සුදු පාටින් දිස්වේ.


23

සිකුරාදා

සතියේ පැනය

22

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ගුරුත්වකර්ෂණ නියමයන්ට පටහැනිව හූනන් ඉතා පහසුවෙන් බිත්ති මත ගමන්කරන්නේ කෙසේදැයි ඔබ කල්පනා කර ඇත්ද? ඔවුන්ගේ පාද වල පෘෂ්ඨයේ ඇති සියුම් කේශ මගින් ඔවුන් පෘෂ්ඨ මත ගැටෙන වර්ගඵලය වැඩි කොට, බිත්ති සමග වැන්ඩර්වාල් බල සාදාගැනීමෙන් ඔවුන්ට මෙම හැකියාව ලැබී ඇත.


21

බදාදා

අද විදු වදන

20

අඟහරුවාදා

අද විදු වදන

පළගැටියෙකුගේ කන් ඔවුන්ගේ ඉදිරි පාද මත, දණහිසට මදක් පහළින් ස්ථානගතව ඇති බව පැවොසුවහොත් ඔබ පුදුම නොවන්නේද? ඔවුන්ගේ පිටසැකිල්ලෙහි ඇති කුඩා විවර මගින් දෙපා තුලට සාදන කුටීර තුල මේවා පිහිටා තිබේ.


19

සඳුදා

සතියේ පැනයට පිළිතුර

ඇඳුම් අව්වේ වියලීමෙදී ප්‍රභාවිච්චේදනය නම් ක්‍රියාවලියක් මගින් ඇඳුම් වල ඇති දුඟද හමන සංයෝග බිඳහෙලනු ලබයි. මේ සඳහා බහුලවම ආධාර වන්නේ සූර්යලෝකයේ ඇති පාරජම්බුල විකිරිණ වේ. එමෙන්ම නිවෙස් තුල ඇඳුම් වියලීමේදී, තෙතමනය සාපේක්ෂව වැඩි බැවින් ඇඳුම් මත දිලීර වර්ධනය වී එමගින් දුඟඳ නිපදවීමටද ඉහල හැකියාවක් ඇත.


16

සිකුරාදා

සතියේ පැනය

13

අඟහරුවාදා

අද විදු වදන

වේගයෙන් ශාක කඳකට කොටන කොට්ටොරුවකුගේ දර්ශනයක් ඔබ දැක තිබෙනවාද? මෙතරම් වේගයෙන් හිස චලනය කලත් එමඟින් කොට්ටොරුවන්ගේ හිසට ආබාධයක් සිදු නොවන්නේ ඔවුන්ගේ හිසෙහි, කම්පන අවශෝෂනය කිරීමට හැකි සවිවර අස්ථි හා තරලයන් පැවතීම නිසාවෙනි.


12

සඳුදා

අද විදු වදන

ගිනිකෙළි සංදර්ශන වලදී ගිනි පාගන පුද්ගලයන්ගේ පාද ගින්නෙන් පිළිස්සීමට ලක් නොවීම ඇත්තෙන්ම පුදුම සහගතයි නේද?අඟුරු කැබල්ලේ මධ්‍ය‍යේ අධික උණුසුමක් පවතින අතර අඟුරු කැබලි සතු දුර්වල තාප සන්නායකතාව සහ ඔවුන්ගේ පාද අඟුරු මත ගැටෙන කාලය ඉතා සීමිත වීමත් නිසා අඟුරු කැබලි මධ්‍යයයේ ඇති අධික උණුසුම පාදයට නොදැනීම මෙයට හේතුවයි.


7

බදාදා

අද විදු වදන

කුඩා ඇත් පැටවුන් උපදින විට ඔවුන් දළ නොදරන අතර මිනිස් දරුවන්ගේ කිරි දත් මතුවන්නා සේම ඇත් පැටවුන්ගේද ප්‍රථමයෙන්ම තාවකාලික දළ ඇති වී ඔවුන් තරුණ වීමත් සමඟ ඒවා වෙනුවට ස්ථිර දළ වර්ධනය වන බව ඇත්තෙන්ම අපූරුයි නේද?


6

අඟහරුවාදා

අද විදු වදන

පොසිල ඉන්ධන වලට විකල්පයක් ලෙස ගත හැකි ප්‍රොපේන් වායුව අපේ ඇසට නොපෙනෙන ඉතා කුඩා බැක්ටීරියාවක් භාවිතයෙන් නිපදවිය හැකි බව ඔබ මොහොතකටවත් සිතුවාද? E-coli නමැති මෙම බැක්ටීරියාව භාවිතයෙන් මේද අම්ල ප්‍රොපේන් වායුව බවට හැරවිය හැකි බව නවතම පර්යේෂණ වලින් සොයා ගෙන ඇත.


5

සඳුදා

සතියේ පැනයට පිළිතුර

පර්යටනයේ යෙදෙන පක්ෂීන් හට පෘථිවියේ චුම්භක ක්ෂේත්‍ර වල ප්‍රභලතාවයේ ඉතා සුළු වෙනස් වීම් පවා හදුනා ගැනීමේ විශේෂ හැකියාවක් පවතී.පෘථිවියේ ධ්‍රැව ආසන්නයට යන විට චුම්භක ක්ෂේත්‍රෙය් ප්‍රභලතාවය වැඩිවන බව ඔවුන් හදුනාගන්නා අතර මෙම චුම්භක ක්ෂේත්‍රෙය් වෙනස් වීම් තුළින් ඔවුන් පියාසර කරන ස්ථානයේ පිහිටීම පිළිබඳව දැන ගැනීමටත් උතුරු දකුණු දිශා හඳුනා ගැනීමටත් ඔවුන්ට හැකියාව ලැබී ඇත.


2

සිකුරාදා

සතියේ පැනය

ශීත සෘතුව මඟහැරීමට ඇතැම් පක්ෂීන් තාවකාලික නැවතුම්පල සොයා ,කිලෝ මීටර් දහස් ගණන් දුර පියාසර කරන බව ඔබ අසා ඇති. මෙම පක්ෂීන් ඔවුන්ගේ ගමන් දිශාව නිවැරදි ලෙස හදුනා ගන්නේ කෙසේ දැයි ඔබ දන්නවාද?


1

බ්‍රහස්පතින්දා

අද විදු වදන

සමනළුන් ,මීමැස්සන් වැනි කෘමිසතුන් ජලය යහමින් අඩංගු ගංඟා ආශ්‍රිත පරිසරවලදී පවා කිඹුලන්ගේ දෑස් වලින් කදුළු උරා බොන්නේ ඇයි දැයි ඔබ දන්නවාද?කිඹුලන්ගේ කදුළු වල කෘමීන්ට අත්‍යවශ්‍ය වන ඛණිජ ලවණ සහ පෝෂක අඩංගු වීම මෙයට හේතුවයි.