2015 වසරේ ඔක්තෝම්බර් මාසයට අයත් විද්‍යා පණිවුඩ

30

සිකුරාදා

සතියේ පැනය

29

බ්‍රහස්පතින්දා

අද විදු වදන

සූර්යයා මත ඇති අඳුරු ලප පිළිබඳ ඔබ දන්නවාද? “Sunspots” ලෙස හඳුන්වන මේවා ඇතිවන්නේ සූර්යයාගේ චුම්භක ක්ෂේත්‍රයේ ඇතිවන අන්තර්ක්‍රියා මගිනි. මේවා මත උෂ්ණත්වය සුර්යයාගේ අනෙක් ස්ථාන වලට සාපේක්ෂව 2000°C කින් පමණ අඩුය.


28

බදාදා

අද විදු වදන

මිලි තත්පර 7කටත් වඩා අඩු කාලයක් තුල තම දිව සිරුරේ දිගින් භාගයක් දක්වා දිගු කළ හැකි මධ්‍යම ඇමරිකානු Bolitoglossa dofleini සැලමන්දරා පිළිබඳ ඔබ අසා තිබෙනවාද? මෙහිදී මාංශපේෂී කිලෝග්‍රෑමයකට වොට් 18,000ක් තරම් වන ශක්තියක් නිපදවෙන අතර මෙම සිදුවීම ඔබ එක් වරක් ඇසිපිය ගැසීම මෙන් 50 ගුණයක් වේගයෙන් සිදුවේ.


26

සඳුදා

සතියේ පැනයට පිළිතුර

කඹ මත ඇවිදින්නන් දිගු හරස් දණ්ඩක් ගෙන යන්නේ එවිට පද්ධතියේ ස්කන්ධ ව්‍යාප්තිය වැඩි කර අවස්ථිති ඝූර්ණය (භ්‍රමණයට දක්වන අකමැත්ත) වැඩි කරගැනීමටයි. එය වැඩි වූ විට කඹය වටා මිනිසා සහ දණ්ඩ යන පද්ධතියට භ්‍රමණය වීමට ඇති හැකියාව අඩුවේ. එවිට කඹයෙන් වැටීමට ඇති හැකියාව අඩුවේ.


23

සිකුරාදා

සතියේ පැනය

22

බ්‍රහස්පතින්දා

අද විදු වදන

අප අද ඊජිප්තුවේ දකින විශාල පිරමිඩ හා ස්මාරක තැනීම සඳහා පැරණි ඊජිප්තුවන්ට ‍ටොන් ගණන් බරැති හිරිගල් කුට්ටි ඇදගෙන යාමට සිදු වුණා. කිසිදු නූතන කාර්මික උපකරණයක් නැතිව ඔවුන් මෙය සිදුකළේ කෙසේදැයි ඔබ කල්පනා කොට තිබෙනවාද? අලුතෙන් සොයාගෙන ඇති පරිදි මොවුන් ගල් කුට්ටි ඇදගෙන යාමට පෙර කාන්තාරයේ වැලි මතට වතුර එකතු කර තිබෙනවා. මෙලෙස නියමිත ප්‍රමාණයක් වතුර එකතු කිරීම මගින් වැලි කැට එකට බැඳී තල්ලු කිරීමේදී ඇතිවන ඝර්ශනය විශාල වශයෙන් අවම කරවන බව සොයාගෙන කිබෙනවා.


21

බදාදා

අද විදු වදන

වායු දූෂණය ගැන පවසන විට ඔබට එකවරම සිහියට නැගෙන්නේ එම දූෂිත වාතය ආඝ්‍රාණය කළ විට අපේ ශ්වසන පද්ධතියට වන හානිය පිළිබඳව විය හැකියි. නමුත් අලුතෙන් සොයා‍ගෙන ඇති පරිදි වාතයේ ඇති ඇතැම් දූෂක අංශු වලට අපේ සම හරහා කෙලින්ම අපේ සිරුරු වලට ඇතුළු විය හැකියි. එබැවින් ඔබ දූෂිත පරිසරයක ඇති වාතයට නිරාවරණය වී සිටින විට මුඛ හා නාස් ආවරණ පැළඳ සිටීම පමණක් ප්‍රමාණවත් නොවිය හැකිය.


20

අඟහරුවාදා

අද විදු වදන

ඉරි සහිත පෘෂ්ඨ චලනය වීමේදී නිරීක්ෂකයින් ව්‍යාකූලත්වයට පත්වන නිසා මෑතක් වන තුරු විද්‍යාඥයින් විශ්වාස කලේ සීබ්‍රාවුන්ට විශේෂිත ඉරි සහිත සමක් ඇත්තේ විලෝපීන්ව මුළා කර ඔවුන්ගෙන් පලායාමට බවයි. නමුත් නවතම අධ්‍යනයකින් පෙනී ගොස් ඇත්තේ මෙම ඉරි මගින් ඔවුන්ට මැස්සන්ගෙන් ආරක්ෂා වීමටද හැකි බවයි. පර්යේෂකයින් මේ බව තහවුරු කොට ඇත්තේ සත්ව සමට සමාන ඉරි සහිත පෘෂඨ නිර්මාණය කර ඒවාට ආකර්ෂණය වන මැස්සන් ප්‍රමාණ අධ්‍යනය කිරීමෙනුයි.


19

සඳුදා

සතියේ පැනයට පිළිතුර

බළලුන්ට තමන්ගේ සිරුර කරකවාගත හැකි ලෙස පිහිටන විශේෂිත අස්ථි සැකැස්මක් සහිත කොඳුඇට පෙළක් ඇත. වැටීම ආරම්භ වූ පසු බළලා ඇස් හා කණ් වලින් ලැබෙන සංවේදන වලට අනුව හිස හැරවීම ආරම්භ කරයි. ඉන්පසුව බළලාගේ කොඳුඇට පෙළද, උගේ ඉදිරි හා පසු පාදද පිළිවලින් පොළව දෙසට හැරී පොළව මත පතිත වීමට සිරුර සූදානම් කරයි.


16

සිකුරාදා

සතියේ පැනය

15

බ්‍රහස්පතින්දා

අද විදු වදන

උල්කාපාත වලට ඒවායේ විවිධ වර්ණ ලැබෙන්නේ කෙසේදැයි ඔබ කල්පනා කොට තිබෙනවාද? ඒවා ලැබී ඇත්තේ උල්කාවේ අන්තර්ගත ලෝහ මගිනි. උල්කාව දැවෙන විට, එහි සෝඩියම් ඇත්නම් එයට තැඹිලි-කහ පැහැයක්ද, යකඩ ඇත්නම් කහ, මැග්නීසියම් ඇත්නම් නිල්-කොළ, කැල්සියම් ඇත්නම් ජම්බුල වර්ණයද ලෙස පාටක් ලැ‍බේ. මීට අමතරව වායුගෝලයේ ඇති වායු අණු මගින්ද උල්කාපාතයේ වර්ණයට බලපෑමක් ඇතිකළ හැක.


14

බදාදා

අද විදු වදන

සුපෝෂණය, ජලාශ දූෂණය වීම නිසා ඇතිවන සුලභ තත්වයකි. මේ නිසා ජලාශ වල, පරිසරයට අහිතකර ඇල්ගී විශාල ලෙස ඇතිවීම සිදුවේ. මෙම ඇල්ගී යොදාගෙන සෝඩියම්- අයන් බැටරි වලට යොදාගත හැකි වැඩි ධාරිතාවක් සහිත ඉලෙක්ට්‍රෝඩ, ඉතා අඩු වියදමකින් නිපදවිය හැකි සාර්ථක ක්‍රමයක් සොයාගැනීමට විද්‍යාඥයින් සමත්වී තිබෙනවා.


13

අඟහරුවාදා

අද විදු වදන

කූඹි ජනපද වල රැජිණියන් ප්‍රජනනයත්, සොල්දාදුවන් ජනපදය ආරක්ෂා කිරීමත්, වැඩකරුවන් කෑම සෙවීමත් සිදුකරයි. නමුත්, අළුතෙන් සොයාගන්නා ලද පරිදි, අනෙක් ජනපද වල කුඹීන් විසින් රැස්කරන ලද ආහාර සොරාගන්නා කූඹි පිරිසක්ද වෙසෙනවා. මොවුන් සොරකමේ යෙදෙමින් සිටියදී, එම ජනපදයේ කූමින්ට හසු වුවහොත්, එම කූඹීන් විසින් ඔවුන්ව ඔසවාගෙන ගෙනගොස් ජනපදයට මීටරයක් පමණ දුරින් අතහරී. ඉන් ටික වේලාවකට පසු මෙම කූඹීන් නැවතත් සොරකමේ යෙදේ.‍


12

සඳුදා

සතියේ පැනයට පිළිතුර

අපේ දිවේ උෂ්ණත්වයට සංවේදී විශේෂිත ප්‍රතිග්‍රාහක (TRPM8) ඇත. අපි ආහාරයට ගන්නා මින්ට් වල ඇති මෙන්තෝල් මෙම TRPM8 හා බැඳේ. මෙහිදී නිපදවන සංඥා මොළයට ගමන් කර අපේ මුඛය සීතලට නිරාවරණය වී ඇති බවට පණිවිඩ ලබා දෙයි. ඒ නිසා අපට මුඛයේ සීතලක් දැනේ.


9

සිකුරාදා

සතියේ පැනය

8

බ්‍රහස්පතින්දා

අද විදු වදන

පොල් කඩන මිනිසුන් ඒවා කඩා බිමට අතහැරීමට පෙර ඒවා එහි සිරස් අක්ෂය වටා කරකවා අතහරින්නේ ඇයිදැයි ඔබ දන්නවාද? මෙසේ කරන්නේ එහි කෝණික ගම්‍යතාව නියත දිශාවකට පවත්වා ගැනීම මගින්, පොල් ගෙඩිය පැලීමකින් තොරව පොළව මත පතිත කර ගැනීමටයි. කෝණික ගම්‍යතාව නියත විට පොල් ගෙඩිය වැටීමේදී එය වෙනත් අක්ෂ වටා කැරකීමකට භාජනය නොවන නිසා පොල් ගෙඩියේ උල සහිත ඝණකම් කොටස පොළව මත වැදෙන ලෙස පතිත කරගත හැක.


7

බදාදා

අද විදු වදන

කාබන් ඩයොක්සයිඩ් හා හිරු එළිය යොදාගෙන ඉන්ධන නිපදවිය හැකි කෘතීම පත්‍රයක් නිපදවීමට විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබෙනවා. ස්වභාවික ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය අධ්‍යනය කොට නිපදවා ඇති මෙය, අර්ධ සන්නායක නැනෝවයර් හා බැක්ටීරියා යොදාගෙන මෙතේන්, ගැසොලීන් වැනි ඉන්ධන නිපදවීමට සමත් වී තිබෙනවා. කෙසේ වෙතත් මෙය තවමත් පවතින්නේ පර්යේෂණ මට්ටමේ.


6

අඟහරුවාදා

අද විදු වදන

බෙහෝ වල් ශාක, ස්වභාවික දුර්ගන්ධ ඇති කර ඔවුන්ට හානි කිරීමට පැමිණෙන පළිබෝධයන්ගේ සතුරු සත්වයින් ආකර්ශණය කරගන්නා බව ඔබ දැන සිටියාද? මෙලෙස ආකර්ශණය කරගන්නා සත්වයින්, පළිබෝධයන් ආහාරයට ගන්නා නිසා ශාක ආරක්ෂා වේ.


5

සඳුදා

සතියේ පැනයට පිළිතුර

මීමැස්සන්ට කටු සහිත උල් දෙකකින් යුතු විතක් පවතී. මිනිසෙකුට විදීමෙන් පසු ඔවුන්ගේ විත නැවත සමෙන් ඉවතට ඇද ගැනීමට ඔවුන් අසමත් වේ. මෙයට හේතුව මිනිසුන්ට ඇති ගණකම් සමයි. විතත් සමඟ මීමැස්සාගේ ආහාර ජීරණ මාර්ගයේ විශාල කොටසක්, මාංශපේශීන් හා ස්නායු සම තුල ඉතිරි වේ. සිරුරට සිදුවන මෙම විශාල හානිය නිසා මීමැස්සා මිය යයි.


2

සිකුරාදා

සතියේ පැනය

1

බ්‍රහස්පතින්දා

අද විදු වදන

දත්ත සම්ප්‍රේෂණයේදී අද සුලභව භාවිතා කරන Wi-Fi තාක්ෂණය අපට ඉතා වාසිදායක වුවත්, Li-Fi වල ආගමනයත් සමඟ Wi-Fi වලට හිමිව තිබූ තැන අහිමි වේවි. Li-Fi යනු ආලෝක විමෝචක දියෝඩ (LED) යොදාගෙන දත්ත සම්ප්‍රේෂණය කළහැකි ජාලයක්. මෙය නිර්මාණය කර ඇත්තේ නිවෙස්වල භාවිතා වන සාමාන්‍ය LED බල්බ වලට සමාන බල්බ යොදාගෙනයි. එවිට ඔබට Li-Fi තාක්ෂණයෙන් අන්තර්ජාලය භාවිතා කිරීමට අවශ්‍ය වූ විට කළ යුතු වන්නේ ලයිට් බල්බයක් ක්‍රියාත්මක කිරීම පමණි.