විද්‍යා හවුල

පිළිතුරක් සොයන දැ‍වෙන විද්‍යා ගැටලුවක් ඔබ සතු ද ?
අපගේ සම්පත්දායකයින් ඔබගේ ගැටලු වලට පිළිතුරු සොයාදීමට නිරතුරුව සූදානම්ව සිටී.

ඔබගේ විද්‍යා ගැටලු අප වෙත යොමු කරන්න.

captcha

*සැ:යු - අප විදු නැණ හවුල පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම ඉතා අගය කොට සලකන බැවින් මතු සඳහන් ප්‍රශ්න එවන ලද සාමාජිකයාගේ තොරතුරු අප විසින් මෙහි සඳහන් නොකරනු ලබයි.

විදු නැණ හවුල සාමාජිකයින් විසින් අප වෙත යොමු කළ විද්‍යා ගැටලු

2017 නොවැම්බර් 2 වන බ්‍රහස්පතින්දා

Q: උණුසුම සහ තාපය වෙනස මොකක්ද?

Answered by විදු නැණ හවුල කණ්ඩායම

තාපය යනු ශක්ති ආකාරයකි. එය වස්තුවක අංශුවල මුළු චාලක ශක්තිය හා විභව ශක්තිය මත රඳා පවතී.මෙය ගණනය කිරීම්වලින් ලබාගන්නා රාශියකි.

අප වස්තුවක උණුසුම් හෝ සිසිල් බව තීරණය කරන්නේ උෂ්ණත්වය මතයි. එය රදා පවතින්නේ අංශුවල මධ්‍යන්‍ය චාලක ශක්තිය මතයි.මෙය උෂ්ණත්වමානයකින් මැනිය හැකි රාශියකි.

උෂ්ණත්ව අන්තරයක් ඇති විට වස්තුවෙන් වස්තුවට ගලා යන්නේ තාපයයි. තාපය ගලා යන දිශාව තීරණය වන්නේ උෂ්ණත්වය මතයි. එහිදී තාපය, වැඩි උෂ්ණත්වයේ සිට උෂ්ණත්වය අඩු ස්ථානයට උෂ්ණත්ව සමාන වන තුරු ගලයි.

වස්තුවක තාප ශක්තිය රඳන්නේ අංශු ප්‍රමාණය මතයි. එහෙත් උෂ්ණත්වය ද්‍රව්‍ය ප්‍රමාණය මත රදා නොපවතී. උදාහරණයක් ලෙස එකම උෂ්ණත්වයේ ඇති විශාල වස්තුවක අඩංගු තාප ප්‍රමාණය  එම වර්ගයේම කුඩා වස්තුවක ඇති තාප ප්‍රමාණයට වඩා වැඩිය

2017 සැප්තැම්බර් 19 වන අඟහරුවාදා

Q: ගොඩ සුළං හා මුහුදු සුළං යනු මොනවා ද ?

Answered by විදු නැණ හවුල කණ්ඩායම

ගොඩ සුළං යනු ගොඩබිමේ සිට මුහුද දෙසට හමන සුළඟයි. ගොඩ සුළං ඇතිවන්නේ සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේදීය. රාත්‍රියේ දී ගොඩබිම, මුහුදට වඩා සීතල වේ (ජලයේ තාප ධාරිතාව අධික නිසා සිසිල් වන ගතිය අඩුයි). මේ නිසා මුහුදට වහාම ඉහළින් ඇති වාතය සාපේක්ෂව උණුසුම්, ඝනත්වය අඩුයි. එනිසා ඉහළ යයි. එබැවින් එහි වායු පීඩනය ද අඩුයි.

නමුත් ගොඩබිමට ඉහළින් ඇති වාතය සිසිල්. ඝනත්වය වැඩියි. පීඩනය වැඩියි.

මෙම පීඩන වෙනස හමුවේ වෙරළේ ඇති වාතය වැඩි පීඩනයේ සිට අඩු පීඩනයක් ඇති මුහුද දෙසට ගලයි. මෙලෙස වෙරළේ සිට මුහුද දෙසට ගලායන වායු ප්‍රවාහය ගොඩ සුළං ලෙස හඳුන්වයි.

මුහුදු සුළං යනු මුහුදේ සිට වෙරළට හමා එන සුළඟයි. දහවල් කාලයේ දී ඇතිවේ. දහවලට ගොඩබිම වැඩිපුර තාපය උරා ගන්නා නිසා, මුහුදට වඩා උණුසුම්ය. මේ නිසා වෙරළේ ඇති වාතය රත් වී ප්‍රසාරණය වී ඉහළ ගොස් වායු පීඩනය අඩුවේ. එවිට මුහුදේ ඇති සිසිල් වාතය වෙරළට හමා එයි. අපි එය මුහුදු සුළං ලෙස හඳුන්වමු.

 

2017 අගෝස්තු 28 වන සඳුදා

Q: ජීවින් වර්ගීකරණයේ ඉතිහාසය පිළිබඳව පැහැදිලි කරන්න

Answered by විදු නැණ හවුල කණ්ඩායම

පොදු ගති ලක්ෂණ වලට අනුව ජීවීන් කාණ්ඩ වලට සැකසීම වර්ගීකරණයයි. එය කෘත්‍රිම වර්ගීකරණය හා ස්වභාවික වර්ගීකරණය ලෙස ආකාර දෙකයි. මුල් කාලීන වර්ගීකරණ සියල්ලම පාහේ කෘත්‍රිම ඒවා වේ. පීවින් විද්‍යාත්මකව වර්ග කළ පළමු තැනැත්තා ඇරිස්ටෝටල් ය. ඔහු ජීවීන් සතුන් හා ශාක ලෙස වර්ග කළේය. සතුන් සංචරණ විධි, ප්‍රජනනය, රතු රුධිර සෛල ඇති නැති බව ආදිය මත වර්ග කරන ලදි.

ඇරිස්ටෝටල්ගේ ශිෂ්‍යයෙක් වන තියෝප්‍රැස්ටස් ශාක ඒවායේ විලාසය අනුව ගස්, පඳුරු හා පැළෑටි ලෙස තුනකට වර්ග කළේය.

පසුව ජීවිත කාලය අනුව වර්ග කරන ලදි.(ඒක වාර්ෂික, ද්වි වාර්ෂික, බහු වාර්ෂික ශාක)

වර්ගීකරණයේ හා නාමකරණයේ පියා ලෙස හඳුන්වන්නේ කැරොලස් ලිනේයස්. ඔහු ශාක 6000ක් පමණ තක්සෝන ධූරාවලියකට අනුව වර්ග කළ බව කියැවේ. සපුෂ්ප ශෘක අඩංගු රේණු ගණන හා කීල ගණන පදනම් කර වර්ග කළේය. විශේෂය, ඝණය, ගෝත්‍රය, වර්ගය යන තක්සෝන භාවිතා කරන ලදි. ජීවින් ශාක හා සතුන් ලෙස රාජධානි දෙකකට වර්ග කළේය.

පසුව අර්නස්ට් හේකල් ප්‍රොටිස්ටා නම් තුන්වැනි රාජධානියක් හඳුන්වා දුන්නේය. වංශය යන තක්සෝනය හඳුන්වා දුන්නේ ද ඔහුයි.

රාජධානි පහේ වර්ගීකරණය ඉදිරිපත් කරන ලද්දේ රොබට් විටේකර් විසිනි. ඔහු හඳුන්වා දුන් රාජධානි 5 ‍වන්නේ මොනෙරා, ප්‍රො‍ටිස්ටා, ෆන්ගායි, ප්ලාන්ටේ සහ ඇනිමාලියා යන ඒවාය. වර්ගීකරණයේ නිර්ණායක වූයේ සෛලිය සංවිධානය, ඒකසෛලික බහුසෛලික බව, පෝෂණ ක්‍රමය, කලල සාදන හෝ නොසාදන බව ආදියයි.

ඩාවිනගේ පරිනාම වාදය පිළිගැනීමත් සමඟ වර්තමානයේ බහුලව භාවිතා කෙරෙන්නේ ස්වභාවික වර්ගීකරණ පද්ධති. දැන් ජීවිනගේ පරිනාමික බන්ධුතා අධ්‍යයනය කිරීමට අනුක ජීව විද්‍යාත්මක ක්‍රම යොදා ගැනේ. ඒ අනුව ඈත අතීතයේ පටත් ජීවීන් පරිනාමය වීම සලකා රාජධානි වලට වඩා ඉහළින් පිහිටන ‘අධිරාජධානි’ 3කට ජීවින් වර්ග කර දක්වයි. බැක්ටීරියා අධිරාජධානිය, ආකියා අධිරාජධානිය සහ යුකැරියා අධිරාජධානිය යන මේවා හඳුන්වා දුන්නේ කාල් වූස් (1977) ය.

2017 අගෝස්තු 28 වන සඳුදා

Q: ලැමාක්ගේ වාදය පැහැදිලි කරන්න.

Answered by විදු නැණ හවුල කණ්ඩායම

පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණය පිළිබඳ වාදය ලෙස ද මෙය හැඳින්වේ.

ලැමාර්ක් වාදයට අනුව,

සතුන්ගේ ස්වරූපය හා සංවිධානය කෙරෙහි පරිසරය බලපායි. යම් අවයවයක් තිරන්තරයෙන් අඛණ්ඩව භාවිතා වේ නම්, එය ශීඝ්‍රය‍ෙන් වර්ධනය වී විශාල වේ. එසේම යම් අවයවයක් කිසිසේත් භාවිතා නොකරන්නේ නම් එය ක්‍රමයෙන් ක්ෂය වී යයි.  පරිසරයේ බලපෑම ඇතිව දිගු කාලයක් තුළ යම් අවයවයක් භාවිතා කිරීම හෝ නොකිරීම නිසා ජීවින් පෙන්නුම් කරන නව ලක්ෂණ එනම් ʿපරිචිත ලක්ෂණʾ එම ජීවියාගේ ප්‍රජනනයේ දී දුහිතෘන්ට උරුම වේ. මේ ආකාරයට කාලාන්තරයක් මුළුල්ලේ පරිචිත ලක්ෂණ පරම්පරාගත වී නව ජීවීන් බිහි වේ.

උදා- • ජිරාෆියන්ගේ ගෙල දිගු වීම

  • සර්පයන්ගේ ගාත්‍රා නැති වීම
  • යකඩ තලන පුද්ගලයන්ගේ අත්වල මාංශ පේශි ශක්තිමත් වීම

නමුත් මෙම පරිචිත ලක්ෂණ ප්‍ර‍වේණිගත වන ආකාරය පහදා දිය නොහැකි වීම සහ පසුව ඉදිරිපත් වූ ස්වභාවික වරණ වාදය වඩාත් තාර්කික වීමත් සමඟ ලැමාර්ක් වාදයට තිබූ පිළිගැනීම අඩුවිය.

2017 අගෝස්තු 28 වන සඳුදා

Q: සම නිවුන්නු අතර හා අසම නිවුන්නු අතර වෙනස පැහැදිලි කරන්න

Answered by විදු නැණ හවුල කණ්ඩායම

ඩිම්බයක් හා ශුක්‍රාණුවක් සංසේචනයෙන් යුක්තාණුවක් සෑදුණු පසු එනම් දෙමාපියන්ගේ වර්ණදේහ එකතු වී සැදෙන එකම යුක්තාණුවක් දෙකඩ වීමෙන් හටගන්නා නිවුන්නු, සම නිවුන්නු නම් වේ. මෙසේ ඇතිවන නිවුන් දරුවන් එකම ගොනොමයක් උරුමකර ගනිති. එනම් ඔවුන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය බොහෝ දුරට සමාන වේ. ඒ නිසාම ඔවුන්ගේ ඇස්වල වර්ණය, කෙස්වල වර්ණය, රුධිර වර්ගය ආදිය එකම වන අතර හැඩරුව ද බොහෝ සෙයින් සමාන වේ.

අසම නිවුන්නු ඇති වීමේ දී ඩිම්බ දෙකක් වෙන වෙනම ශුක්‍රාණු දෙකකින් සංසේචනය වී යුක්තානු දෙකක් සෑදේ. එහිදී එකිනෙකාගේ ප්‍රවේණික ද්‍රව්‍ය සංකලනයන් එකිනෙකට වෙනස් නිසා ඔවුන්ගේ භෞතික ලක්ෂණ හා හැඩරුව ද වෙනස්ය. මෙලෙස සෑදෙන නිවුන් දරුවන් ප්‍රති විරුද්ධ ලිංගිකයන් හෝ එකම ලිංගයේ දරුවන් විය හැක.

2017 අගෝස්තු 28 වන සඳුදා

Q: ඩාවින්ගේ වාදය පැහැදිලි කරන්න.

Answered by විදු නැණ හවුල කණ්ඩායම

චාල්ස් ඩාවින්ගේ පරිනාම වාදය, ස්වභාවික වරණ වාදය ලෙස ද හැඳින්වේ. මෙය ප්‍රධාන නිරීක්ෂණ හා උපකල්පන/නිගමන වලින් යුක්තයි.

වැදගත් නිරීක්ෂණ වන්නේ අධි ප්‍රජනනය, ගහණයේ විශාලත්වයේ ස්ථිතික බව, ගහණය තුළ ඇති විවිධත්වය යි. ස්වභාවික ගහණ වල ජීවත්වන ජීවීන්ට අතිමහත් ප්‍රජනක විභවයක් ඇත. ගහණයක ජීවීන්ගේ සංඛ්‍යාවන් කෙටි කාලීනව සුළු වශයෙන් වෙනස් වුව ද දිගු කාලීනව ජීවී ඝනත්වය සමතුලිත මට්ටමේ පවතී. මෙම ජීවීන් අතර විවිධත්වයක් දැකිය හැක. එකම විශේෂයේ ජීවීන් බොහෝ සෙයින් සමාන වුවත් රූප විද්‍යාත්මක හෝ හැසිරීම් රටා අනුව ඔවුන් අතරේ වෙනස්කම්(ප්‍රභේදන) දැකිය හැක. මෙම ප්‍රභේදන හිතකර හෝ අහිතකර විය හැක. සමහර ප්‍රභේදන පරම්පරාගත වේ. ආවේනි ප්‍රභේදන නම් වන මේවා පරිනාමයට වැදගත් වේ.

මේ නිරීක්ෂණ මත පදනම් වී වැදගත් නිගමන 2කට එළඹුණි. ඒවා වන්නේ,

  1. ජීවන සටන
  2. උචිතෝන්නතිය

ගහණ වල ජීවත්වන ජීවීන් අතරින් විශාල ප්‍රමාණයකට ප්‍රජනක අවධිය තෙක් ජීවත් වී නැවත ජනිතයින් බිහිකිරීමට අවස්ථාව නොලැබේ. පරිසරයේ පවතින සීමිත සම්පත්; වාසස්ථාන, ජලය, ආහාර, ප්‍රජනක සහකරුවන් අත්කර ගැනීම සඳහා ජීවීන් අතර නිරන්තර තරඟයක් පවතී. තරඟය නිසා සෑම ජීවියෙක් අතරම ජීවත් වීම සඳහා ජීවන සටනක් පවතී.

එහිදී අදාල පරිසරයේ ජීවත් වීමට වඩාත් උචිත අනුවර්තිත ලක්ෂණ පෙන්වන ජීවීන් වාසි ලබාගෙන ජය ගනියි. නොනැසී සිටීමට වැඩි හැකියාවක් දරයි. මෙලෙස උචිතයන් ප්‍රමුඛ වීම උචිතෝන්නතියයි.

පරිසරයට අනුවර්තිත ලක්ෂණ සහිත ජීවීන්ට ප්‍රවර්තනය හා ප්‍රජනනය සඳහා වැඩි අවස්ථාවක් ලැබී ස්වභාවික වරණය සිදුවේ. ඉතා දීර්ඝ කාලයක් මෙසේ ස්වභාවික වරණය වීමෙන් නව විශේෂ බිහි වේ.

2017 අගෝස්තු 28 වන සඳුදා

Q: පාරිසරික ජීව විද්‍යාව යනු කුමක්ද ?

Answered by විදු නැණ හවුල කණ්ඩායම

ජීවීන් හා ඔවුන්ගේ පරිසරය අතර ඇති අන්තර් ක්‍රියා පිළිබඳව විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම පාරිසරික ජීව විද්‍යාව ලෙස හඳුන්වයි. පරිසරය තුළ ජීවීන් හා අජීවී ද්‍රව්‍ය අනතර් සම්බන්ධයක් සහිතව ස්ථායි පද්ධතියක් ලෙස සකස් වී ඇත. මෙම සංඝටක වල ලක්ෂණ, ජෛව විවිධත්වය, පවතින අන්තර් ක්‍රියා, ඒවායෙහි සමතුලිත බව බිඳී ජෛව විවිධත්වය හායනය විය හැකි ආකාර පිළිබඳව හදාරනු ලබයි.

2017 අගෝස්තු 15 වන අඟහරුවාදා

Q: බීකරයට ගත් ද්‍රාවණයක් රත් කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කවරේද?

Answered by විදු නැණ හවුල කණ්ඩායම

දාහකයට 2-4cm පමණ ඉහළින් සිටින සේ තෙපා ආධාරකය මත යකඩ මුදුව රඳවා ගන්න.

එය මත කම්බි දැල තබන්න.

බීකරයේ අඩක් පමණ වන තුරු ජලය පුරවා කම්බි දැල මත තබන්න.

දාහකය දල්වා උණුසුම් දැල්ලක් ලැබෙන ලෙස සකස් කරගන්න. දාහකය කම්බි දැල යටින් තබා ද්‍රාවණය රත් කරගන්න.

රත් කිරීමේ ක්‍රියාවලිය සෙමෙන් කළ යුතු එකක් නම් දාහක දැල්ලේ තීව්‍රතාව අඩුකරන්න.

දැල්වෙනසුලු (ගිනි ගන්නා සුලු) ද්‍රාවණ රත් කිරීමේ දී ජලය මෙන් මෙසේ කෙලින්ම දැල්ලට අල්ලනු නොලැබේ. ඒ වෙනුවට ජල තාපකයක් භාවිතයෙන් රත් කරනු ලබයි.

2017 අගෝස්තු 13 වන ඉරිදා

Q: ප්‍රති ඔක්සිකරණය යනු කුමක්ද?

Answered by විදු නැණ හවුල කණ්ඩායම

ප්‍රතිඔක්සිකරණය යනු ඔක්සිකරණය වීම වළක්වාලීමයි. මෙය සිදුකරන අණු ප්‍රතිඔක්සිකාරක නම් වේ.

කිසියම් අණුවකින් ඉලෙක්ට්‍රෝන ඉවත්කිරීම හෝ හයිඩ්‍රජන් ඉවත් කිරීම හෝ ඔක්සිජන් ලබා ගැනීම ඔක්සිකරණය නම් වේ. අණුවක් ඉලෙක්ට්‍රෝන ඉවත් කරමින් ඔක්සිකරණයට ලක් වී මුක්ත ඛණ්ඩකයක් බවට පත් වූ විට, ප්‍රතිඔක්සිකාරක අදාල මුක්ත ඛණ්ඩකයට ඉලෙක්ට්‍රෝන දායක කරමින් එය උදාසීන කරයි.

2017 ජූලි 13 වන බ්‍රහස්පතින්දා

Q: ඇස පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීමක්

Answered by විදු නැණ හවුල කණ්ඩායම

ආලෝකය හඳුනාගන්නා ඉන්ද්‍රිය වන්නේ ඇසයි. නොයෙකුත් වර්ගයන්හි ආලෝක සංවේදී ඉන්ද්‍රියන් විවිධ සත්ත්ව කොට්ඨාශවල ඇත. ඒ අතරින් සරලතම ඇස්, තම වටපිටාවෙහි ආලෝකය හා අඳුර වෙන්කර හදුනාගන්නවා හැර වෙනත් කාර්යයක් කිරීමට අපොහොසත් වේ. වඩාත් සංකීර්ණ ඇස්වලට වර්ණ සහ හැඩතල හඳුනාගත හැක. එවැනි ඇතැම් ඇස්වලට වර්ණ සහ මිනිස් ඇසක මෙන් දෘෂ්ටි පරාසය විශාල වශයෙන් අතිපිහිත වීමෙන් වඩාත් හොඳින් වස්තුවක ගැඹුර පිළිබඳව සංජානයක් ලබා දිය හැක. අනෙකුත් සංකීර්ණ ඇස් ඇති හාවුන්, කටුස්සන් වැනි සතුන්ගේ මෙම අතිපිහිත වීම වලක්වා ගැනීම සඳහා ඇස් එකිනෙකට දුරින් පිහිටා ඇත.

ජීවින් අධ්‍යයනය කිරීමේ දී ආකාර කිහිපයක ඇස් හඳුනාගත හැක.

  • ප්‍රතිබිම්භ නොසාදන සරල ඇස් – ගැඩවිලා, කූඩැල්ලාට ඇත
  • ප්‍රතිබිම්භ සාදන සරල ඇස් – මකුළුවන්, පත්තෑයන්ට ඇත
  • සංයුක්ත ඇස් – අක්ෂිකා හෙවත් ඔමැටිඩියා නම් ඒකක දහස් දහස් ගණනක් ඒකාබද්ධ වී සංයුක්ත ඇසක් සෑදේ. එක් එක් අක්ෂිකාවකින් ප්‍රතිබිම්භයේ කොටසක් බැගින් සාදයි. ලැබෙන්නේ ප්‍රතිබිම්භ කොටස් රැසක එකතුවක් බැවින් විචිත්‍ර ප්‍රතිබිම්භයක් නම් වේ. කෘමීන්ට ඇත්තේ මෙම සංයුක්ත ඇස් ය.

මිනිස් ඇස

මිනිස් ඇසේ ව්‍යුහය

මිනිස් ඇස විෂ්කම්භය 25mm පමණ වන ගෝලාකාර ව්‍යූහයකි. එහි පිටත පෘෂ්ඨයට සවි වී පවතින අක්ෂි පේශී මඟින්, ඇස හිස්කබලේ අක්ෂී කුහරයට සම්බන්ධව පවති.

අක්ෂීගෝලයේ බිත්තිය පිටත සිට ඇතුළතට පිළිවෙළින් බාහිර තන්තුමය ස්තරය , මධ්‍ය වාහිනීමය ස්තරය සහ ඇතුළු දෘෂ්ඨී විතානය යන ස්තර 3 කින් සමන්විත වේ.

බාහිරම ස්තරය අක්ෂීගෝලයේ අපර පෙදෙසේ දී ශ්වේත ඝන ස්තරය ලෙස පවතී. පුර්ව කලාපය තුළ දී ශ්වේතඝන ස්තරය පාරදෘශ්‍ය ස්වච්ඡය බවට පත්වෙමින් ඇස තුලට ආලෝකය ඇතුල්වීමට සලස්වනු ලබයි. ඇසේ සුදු ඉංගිරියාව ල‍ෙස හඳුන්වනු ලබන්නේ ද ම‍ෙම කලාපයයි.

ශ්වේත ඝන ස්තරයට ආසන්නව ඊට ඇතුළතින් පවතින තුනී ස්තරය රුධිර ග්‍රාහිය නම් වේ. ම‍ෙය විශාල ල‍ෙස රුධීර වාහිනි වලින් සමන්විත වන අතර අක්ෂී ගෝලයේ පටකවලට පෝෂණය සැපයිම සඳහා වැදගත් වේ. පුර්ව කලාපය තුළ දී රුධීර ග්‍රාහිය ප්‍රතියෝජක දේහය හරහා ඇසේ තාරා මණ්ඩලය සමඟ සම්බන්ධ වේ. ප්‍රතියෝජක දේහයේ ඇති ප්‍රතියෝජක පේශී (සිනිදු පේශී) අක්ෂී කාචයේ වක්‍රතාවය ව‍ෙනස් කිරීම මඟින් ප්‍රතිබිම්භ නාභිගත කිරීමට වැදගත් වේ. අක්ෂී කාචයට ඉදිරිපසින් සහ ස්වච්ඡයට ඇතුළතින් පවතින සංකෝචනය විය හැකි මඩලක් වැනි ව්‍යුහය තාරා මණ්ඩලය ල‍ෙස හඳුන්වන අතර එහි වූ විවරය වන, කණිනිකාව හෙවත් කළුඉංගිරියාව තුලින් අක්ෂී කාචය තුලට ආලෝකය ඇතුළු වේ. තාරා මණ්ඩලය තුල කණිනිකාව විශාලනය සහ කුඩා කිරීම සඳහා වැදගත් වන සිනිදු පේශී පවතී.

ඇස අභ්‍යන්තරයේම පවතින දෘෂ්ඨී විතානය ආලෝකය ප්‍රතිග්‍රහණය/සංවේදනය කිරීම සඳහා වැදගත්වන කේතු සහ යෂ්ටි සෛල ලෙස හදුන්වන ප්‍රකාශ ප්‍රතිග්‍රාහක සෛල දරනු ලබයි. දෘෂ්ටිවිතානය තුල ප්‍රකාශ ප්‍රතිග්‍රාහක සෛල මඟින් ආලෝකය සංවේදනය කිරිමෙන් පසුව එ්වා ස්නායු පණිවිඩ බවට හැරවීම සඳහා වැදගත්වන ස්නායු සෛල ස්තරයක්ද දෘෂ්ඨී විතානයේ පවති.

එ් අනුව දෘෂ්ටි විතානය තුළ

  • කේතු සහ යෂ්ටි සෛල වලින් සමන්විත ප්‍රකාශ ප්‍රතිග්‍රාහි සෛල ස්තරය
  •  ද්විධ්‍රැව නියුරෝන සහ ගැන්ග්ලියා සෛලවලින් සමන්විත ස්නායු සෛල ස්තරය
  • අමතර ආලෝකය අවශෝෂණය කරන වර්ණක සහිත අපිච්ඡද සෛල ස්තරය ඇත.

ගැන්ග්ලියෝන් ස්නායු ස‍ෛලවල අක්සනයන් එක් වීම‍ෙන් දෘෂ්ඨික ස්නායුව සැද‍ෙන අතර එ්වා අක්ෂිගෝලයේ පිටුපස කලාපය‍ෙන් පිටතට ගමන් කරනු ලබයි. දෘෂ්ටික ස්නායුව අක්ෂිගෝලය‍ෙන් පිටවන ස්ථානය දෘෂ්ටික මඬල නම් වේ. මේ ප්‍රදේශය තුල ප්‍රකාශ ප්‍රතිග්‍රාහක නොපවතින බැවින් එම කලාපය ප්‍රතිබිම්භ සැදීම සඳහා වැදගත් නොවන අතර අන්ධ බිංදුව (Blind spot) ල‍ෙස හඳුන්වනු ලබයි. දෘෂ්ඨී විතානයේ තරමක් මධ්‍යයට වන්න කේතු ස‍ෛල විශාල‍ ල‍ෙස එක්රැස්වීම‍ෙන් සකස් වූ මධ්‍යය කහ බිංදුව (central fovea) ල‍ෙස හඳුන්වන ප්‍රදේශයක් පවති. මෙය දෘෂ්ඨී විතානයේ උපරිම දෘෂ්ඨී තීව්‍රතාවයක් පවතින ප්‍රදේශය යි.

අක්ෂි ගෝලය තුල ප්‍රධාන අන්තර්ගතය වන්‍නේ ද්වි උත්තල අක්ෂී කාචය සහ එය ද‍ෙපසින් පවතින කාච රසය සහ අම්මය රසය ල‍ෙසින් හඳුන්වන තරලයන්ය. අක්ෂී කාචයට පිටුපසින් දෘෂ්ඨී විතානයට ඉදිරිය‍ෙන් පවතින ජ‍ෙලිමය තරලය කාච රසය ල‍ෙස හඳුන්වනු ලබයි. අක්ෂී කාචයට ඉදිරි පසින් අක්ෂි ගෝලයේ පුර්ව කලාපය තුල පවතින ප්‍රතියෝජක දේහය සහ තාරා මණ්ඩලය මඟින් ස්‍රාවය කරනු ලබන තරලය අම්මය රසයයි.

දෘෂ්ටිය ඇතිවන අන්දම

ඇසට ඇතුළුවන ආලෝක කිරණ ස්වච්ඡය මගින් වර්තනය කර, කණිනිකාව වෙත යොමු කරයි. ඉන්පසු කාචය මගින් වර්තනය හා නාභිගත කිරීම සිදු කරයි. දෘෂ්ටි විතානය මත ප්‍රතිබිම්භ ඇති වේ. ඒවා යෂ්ටි සෛල හා කේතු සෛල මගින් හඳුනා ගෙන රසායනික ව‍ෙනස්වීම් සිදු වේ. මෙම ප්‍රකාශ ප්‍රතිග්‍රාහි සෛලවලින් ලැබෙන පණිවිඩයන් ස්නායු ආවේග බවට හරවනු ලබයි. දෘෂ්ඨීක ස්නායුව ඔස්සේ ම‍ෙම පණිවිඩයන් මොළයේ අපර කපාල කණ්ඩිකාවේ ප්‍රාථමික දෘෂ්ඨී ප්‍රදේශය ව‍ෙත ග‍ෙනයයි. ප්‍රාථමික දෘෂ්ඨී ප්‍රදේශය ද්විතික දෘෂ්ඨී ප්‍රදේශයන් හි උපකාරය සහිතව නිවැරදි ප්‍රතිබිම්බයක් අවසන්වරට සකස් කර දෙයි.

2017 ජූලි 10 වන සඳුදා

Q: ප්‍රකාශ රසායනික ධූමිකාව යනු කුමක්ද?

Answered by විදු නැණ හවුල කණ්ඩායම

ප්‍රකාශ රසායනික ධූමිකාව හෙවත් Photochemical Smog යනු කහ පැහැයට හුරු තිමිරයකි. ධූමිකාවක් (Smog) යනු දුමෙහි (smoke) හා මීදුමෙහි (fog) සංයෝජනයකි. වායුගෝලයේ ඇති නයිට්‍රජන් වල ඔක්සයිඩ, නොදැවුණු හයිඩ්‍රොකාබන, වාශ්පශීලී කාබනික සංයෝග ආදිය හිරු එළිය හමුවේ හා 15oC ක‍ට ඉහළ උෂ්ණත්වවල දී ඕසෝන්, ඇල්ඩිහයිඩ, පෙරොක්සි ඇසිටිල් නයිට්‍රේට (PAN), පෙරොක්සි ඛෙන්සිල් නයිට්‍රේට (PBN) යනාදියට පරිවර්තනය වීමෙන් මෙය ඇති වේ. මෙම රසායන ද්‍රව්‍ය සූර්යාලෝකය හමුවේ නිපදවෙන බැවින් ප්‍රකාශ රසායනික ධූමිකාව ලෙස හැඳින්වේ. එය පෙනීමට බාධා කරන අතර ඇස්වල දැවිල්ල ඇති කරයි.

2017 ජූලි 5 වන බදාදා

Q: වර්නියර් කැලිපරයෙන් මිනුම් ගන්නේ කෙසේද?

Answered by විදු නැණ හවුල කණ්ඩායම

මුලින්ම වර්නියර් කැලිපරයේ කුඩාම මිනුම සොයා ගත යුතුයි. පසුව මූලාංක දෝෂයක් ඇත්දැයි පරික්ෂා කර අදාල වස්තුවල මිනුම් ගැනීම සිදුකරයි. පහත සබැඳියාව වෙත පිවිසී එම වීඩියෝව නැරඹීමෙන් ඔබට මේවා ගැන දැනගත හැක.

https://www.youtube.com/watch?v=EwH2LD-5eWY

2017 ජූනි 16 වන සිකුරාදා

Q: CH²=C=CH² සංයෝගයේ ව්‍යුහය අවකාශ ව්‍යාප්තිය පිළිබඳ විස්තර කරන්න. H පරමාණු එකම තලයක නොපිහිහිටන්නේ ඇයි? අණුවේ අවකාශ ව්‍යාප්තිය සිග්මා හා පයි බන්ධන සමගින් දක්වන්නේ කෙසේද??

Answered by විදු නැණ හවුල කණ්ඩායම

ඇලීන් නම් වන මෙම අණුවේ මධ්‍ය කාබන් පරමාණුව පයි බන්ධන දෙකක් සාදයි ( එක් කාබන් පරමාණුවක් සමඟ එක බැගින් දෙපස ඇති කාබන් පරමාණු දෙක සමඟ). එනම් මධ්‍ය කාබන් පරමාණුවට sp මුහුම් කාක්ෂිත දෙකක් සහ p කාක්ෂික දෙකක් ඇත. දෙපස ඇති කාබන් පරමාණු sp2 මුහුම් කාක්ෂික 3ක් සහ p කාක්ෂික එකක් බැගින් දරයි.

P කාක්ෂික අතිච්ඡාදනයෙන් සෑදෙන පයි බන්ධන දෙක එකිනෙකට ලම්භක විය යුතුයි (90°ක කෝණයක් පයි බන්ධන දෙක අතර පැවතිය යුතුයි).

ඒ සඳහා දෙපස ඇති කාබන් පරමාණු දෙකෙහි p කාක්ෂික ද එකිනෙකට ලම්භක විය යුතුයි. එනම් මධ්‍ය කාබන් පරමාණුව දෙපස ඇති මෙතිලීන් කාණ්ඩ දෙක ද එකිනෙකට ලම්භක වේ. මේ කාබන් පරමාණු දෙකේ ඉතිරි sp2 මුහුම් කාක්ෂික වල අවකාශීය ව්‍යාප්තිය ද තීරණය වන්නේ p කාක්ෂික වල පිහිටීමට අනුරූපවයි. එබැවින් අණුවේ H පරමාණු පවතින්නේ එකම තලයක නොවේ.

2017 ජූනි 7 වන බදාදා

Q: C2H2 යන සංයෝගයේ මුහුම් කාක්ෂික පිහිටන අයුරු පෙන්වා දෙන්න

Answered by විදු නැණ හවුල කණ්ඩායම

Ethyne වල කාබන් පරමාණු SP මුහුම් කාක්ෂික දෙකක් හා P කාක්ෂික දෙකක් බැගින් දරයි. කාබන් පරමාණු හයිඩ්‍රජන් සමඟ σ බන්ධනයෙන් බැඳී පවතී. කාබන් පරමාණු දෙකෙහි මුහුම් කාක්ෂික අතර σ බන්ධනයක් ද, නුමුහුම් P කාක්ෂික අතර π බන්ධන දෙකක් ද පවතී.

එකිනෙකට ලම්භක මේ π බන්ධනවල ඉලෙක්ට්‍රෝන වලා අතිච්ඡාදනයෙන්, ඉලෙක්ට්‍රෝන ඝනත්වය අධික ඉලෙක්ට්‍රෝන සිලින්ඩරයක් නිර්මාණය වේ.

මෙම අණුවේ ජ්‍යාමිතිය රේඛීය වේ.

නිල් – හයිඩ්‍රජන් වල 1S කාක්ෂික

දම් – කාබන් වල SP මුහුම් කාක්ෂික

රෝස – කාබන් වල නුමුහුම් 2P කාක්ෂික

 

 

P කාක්ෂික අතිච්ඡාදනයෙන් ඉලෙක්ට්‍රෝන ඝනත්ව සිලින්ඩරයක් සෑදේ.

2017 ජූනි 7 වන බදාදා

Q: බීට් අල කැපූ විට දම් පැහැයට හුරු රතු පැහැයකින් යුතුවූ දියරයක් ගලන්නේ ඇයි?

Answered by Vinuri Attygalla, Medical Student, University of Sri Jayewardenepura

බීට් අල සෛලවල රික්තක යුෂයේ බීටාසයනින් වර්ගයට අයත් රතු පැහැයට හුරු බීටානින් (Betanin) වර්ණකය අඩංගුය.

(බීටාසයනින් (Betacyanin) යනු බීටාලේන් (Betalain) වර්ණකවල එක් කාණ්ඩයකි.)

බීට් අල කැපූ විට කැපුම් පෘෂ්ඨයේ සෛලවල සෛල ප්ලාස්ම පටල හා රික්තක පටලවලට හානිවීම නිසා බීටානින් සහිත රික්තක යුෂය සෛලවලින් පිටතට ගලයි. බීටානින් රතු පැහැ නිසා ගලන දියරය රතු පැහැවේ.

2017 ජූනි 7 වන බදාදා

Q: ප්‍රෝටීන වල ව්‍යුහය පැහැදිළි කර දෙන්න.

Answered by Vinuri Attygalla, Medical Student, University of Sri Jayewardenepura

ප්‍රෝටීනවල තැනුම් ඒකකය ඇමයිනෝ අම්ලයි.පළමුව ඇමයිනෝ අම්ලයක ව්‍යුහය හඳුනාගනිමු.කාබන් පරමාණුවකට කාබොක්සලික් අම්ල කාණ්ඩයක්, ඇමයින් කාණ්ඩයක්, R කාණ්ඩයක් හා හයිඩ්‍ර‍ජන් පරමාණුවක් සම්බන්ධව ඇති විට එය ඇමයිනෝ අම්ලයකි.

ඇමයිනෝ අම්ල අතර පෙප්ටයිඩ බන්ධන සෑදී බහුඅවයවීකරණයෙන් පොලිපෙප්ටයිඩ සෑදේ. ප්‍රෝටීනයක පොලිපෙප්ටයිඩ දාම එකක් හෝ කීපයක් තිබිය හැකිය.

ප්‍රෝටීනවල ප්‍ර‍ධාන ව්‍යුහ ආකාර 4කි. ඒවා ප්‍රාථමික,ද්විතියීක,තෘතියීක හා චාතුර්ක වේ.

ප්‍රාථමික ව්‍යුහය වන්නේ යම් ප්‍රෝටීනයක ඇමයිනෝ අම්ල එයට නිශ්චිත අනුපිළිවෙලට පෙප්ටයිඩ බන්ධනවලින් බැඳී සාදන රේඛිය දාම ව්‍යුහයයි.එය සරල පොලිපෙප්ටයිඩයකි.

ද්විතියික ව්‍යුහය යනු පොලිපෙප්ටයිඩවල ක්‍ර‍මවත් සැකැස්වීම් ස්ථානීයව ඇතිවීමයි. එයට ප්‍ර‍ධාන ලෙස හයිඩ්‍ර‍ජන් බන්ධන සෑදීම බලපායි. ප්‍ර‍ධාන ද්විතියික ව්‍යුහ වන්නේ ඇල්ෆා හෙලික්ස ව්‍යුහය හා රැලිතල ව්‍යුහයයි. ඇල්ෆා හෙලික්ස ව්‍යුහයේ දී පොලිපෙප්ටයිඩ දාමය සර්පිලාකාර වේ.උදා-කෙරටින් ප්‍රෝටීනයේ බහුලව ඇත. රැලිතල ව්‍යුහයේ දී පොලිපෙප්ටයිඩ කොටස් එකිනෙකට සමාන්තරව හෝ ප්‍ර‍තිසමාන්තරව පිහිටයි.

තෘතියික ව්‍යුහය යනු පොලිපෙප්ටයිඩ දාමය විවිධ බන්ධනවල දායකත්වයෙන් සාදන සමස්ත ත්‍රිමාණ ව්‍යුහයයි.මෙයට බන්ධන වර්ග 4ක් දායක වේ.ඒවා ඩයිසල්ෆයිඩ බන්ධන, ජලභීතික බන්ධන, හයිඩ්‍ර‍ජන් බන්ධන හා අයනික බන්ධනයි. උදා-මයෝග්ලොබින් ප්‍රෝටීනය, බොහෝ එන්සයිම.

චාතුර්ක ව්‍යුහය යනු ව්‍යුහයෙන් එකිනෙකට සමාන හෝ අසමාන පොලිපෙප්ටයිඩ දාම (උපඒකක) 2ක් හෝ වැඩි ගණනක් එකට බැඳී සාදන ත්‍රිමාණ ව්‍යුහයයි. මෙම උපඒකක එකිනෙක බැඳීමට දායක වන්නේ ජලභීතික බන්ධන, අයනික බන්ධන හා හයිඩ්‍ර‍ජන් බන්ධනයි. උදා-හිමොග්ලොබින් ප්‍රෝටීනය.

2017 ජූනි 6 වන අඟහරුවාදා

Q: වැඩි වියට පත් වීමෙන් පසු කටහඬ වෙනස් වීම ප්‍රජනනයට බලපාන්නේ කෙසේද??(වැඩි වියට පත් වීම යනු ප්‍රජනනයට සුදුසු තත්වයට පත්වීම නිසා)

Answered by විදු නැණ හවුල කණ්ඩායම

පිරිමි අයට මෙහිදී වඩාත් ගැඹුරු ප්‍රබල කටහඬක් ලැබේ. මෙය පරිනත වත්ම සතුරන් බියගන්වා තම ආරක්ෂාව සලසා ගැනීමට උපකාර වේ.

එසේම මෙම සමයේ දී කටහඬ වෙනස් වීම, ප්‍රජනනයේදී සහකරුවන් තෝරා ගැනීමේ දී ආකර්ෂණය ඇති කර ගැනීමට හේතු වේ.

2017 ජූනි 4 වන ඉරිදා

Q: පේර වල පේර රසය වගේම සුවඳත් එනවා… එහෙම රස මෙන්ම සුවඳත් ගේන්නට පුලුවන් වෙන්නෙ කොහොමද ?

Answered by Answered by Vinuri Attygalla, Medical Student, University of Sri Jayewardenepura

පේරවලට අනන්‍ය රසයක් හා සුවඳක් ගෙනදෙන්නේ එහි ඇති රසායනික අණු සංයුතියයි.

පේරවල සුවඳ බැලුවහොත් පේර සුවඳ ගෙන දෙන අණු (එස්ටර), නාස් පුඩු හරහා නාස් කුටීරයට ඇතුළු වී එහි පිහිටි ආඝ්‍රාණ සංවේදක සෛල උත්තේජනය කරයි.එවිට එම සෛල ජනනය කරන ස්නායු ආවේගය ඊට සම්බන්ධ කපාල ස්නායුව ඔස්සේ මොළයේ ආඝ්‍රාණය සම්බන්ධ ප්‍රදේශයට සම්ප්‍රේෂණය වේ.ඉන්පසු මොළය මගින් එය පේර සුවඳ ලෙස හඳුනාගැනීම නිසා අපට පේර සුවඳ දැනේ.

පේර ආහාරයට ගන්නා විට පේර රස ඇති කරන අණු මගින් දිවෙහි ඇති රස ප්‍ර‍තිග්‍රාහක සෛල උත්තේජනය කරයි.එවිට එම සෛල ජනනය කරන ස්නායු ආවේගය ඊට සම්බන්ධ කපාල ස්නායු ඔස්සේ මොළයේ රස සම්බන්ධ ප්‍රදේශයට සම්ප්‍රේෂණය වේ.ඉන්පසු මොළය මඟින් අදාළ රසය පේර රසය බව හඳුනාගැනීම නිසා අපට පේර රසය දැනේ.

එමෙන්ම, පේර ආහාරයට ගන්නා විට එහි ඇති පේර සුවඳ ඇති කරන අණු, ග්‍ර‍සනිකාව හරහා ප්‍ර‍ශ්වාස වාතයට මුසුවීමෙන් නාස් කුටීරයට ඇතුල් වේ.ඉන්පසු ඒවා ආඝ්‍රාණ ප්‍ර‍තිග්‍රාහක සෛල උත්තේජනය කරයි.ජනනය වන ස්නායු ආවේගය මොළයේ ආඝ්‍රාණය සම්බන්ධ ප්‍රදේශයට සම්ප්‍රේෂණය කෙරේ.ඉන්පසු මොළය මගින් පේර සුවඳ හඳුනාගැනේ.

මෙලෙස පේර ආහාරයට ගැනීමේ දී පේර රසයත් සුවඳත් යන දෙකම දැනීම නිසා එය රසවිඳීමේ හැකියාව වැඩිවේ.පේර පමණක් නොව සියලු ආහාර රසවිඳීමේ දී මෙලෙස රසය මෙන්ම සුවඳ ද ඉවහල් වේ.

2017 මැයි 30 වන අඟහරුවාදා

Q: ඌනන විභජනයෙහි කලා පැහැදිලි කරන්න.

Answered by විදු නැණ හවුල කණ්ඩායම

අදියර 2යි. පිට පිට සිදුවන සෛල විභාජන 2කින් යුක්තයි.

  1. ඌනන විභාජනය I
  2. ඌනන විභාජනය II

එක් එක් අදියර කලා 4කින් බැගින් යුක්තයි.

ඌනනය I

  1. ප්‍රාක් කලාව I

දීර්ඝතම අවධිය යි. වර්ණදේහ ඝනීභවනය වේ. න්‍යෂ්ටික පටල බිද වැටීම සිදු වේ. න්‍යෂ්ටිකාව නොපෙනී යාම සිදු වේ. කේන්ද්‍ර දේහ ප්‍රතිවිරුද්ධ ධ්‍රැව වලට ගමන් කරයි .කේන්ද්‍ර දේහ වලින් තර්කු නිපදවීම සිදු වේ.

සමජාත වර්ණදේහ යුගලනය වේ. ඒවා අතර අවතරණය සිදුවේ. (මෙය අනිවාර්ය නොවේ) සමජාත වර්ණදේහ අතර අවතරණය වූ ස්ථාන මංසල් වලින් බැඳී පවතී.

 

  1. යෝග කලාව I

මෙහිදී වර්ණ දේහාංශ සහිත වර්ණ දේහ යුගල් ලෙසම සෛලයේ මධ්‍ය ප්‍රදේශයට පැමිණ තලය දෙපස ස්ථානගත වේ. මෙම වර්ණ දේහ වල සෙන්ටෝමියර සඳහා ප්‍රතිවිරුද්ධ ධ්‍රැව වලින් පැමිණෙන තර්කු තන්තු සම්බන්ධ වීම සිදු වනු ලැබේ. මෙහිදී එක් වර්ණදේහයක සෙන්ට්‍රොමියරය එක් ධ්‍රැවයකට බැඳේ.

 

  1. වියෝග කලාව I

ධ්‍රැව හා වර්ණදේහ වල සෙන්ට්‍රොමියර යා කරන ක්ෂුද්‍ර නාලිකා කෙටි වීමේ ප්‍රතිඵලයක් ලෙස සමජාත වර්ණදේහ යුගල වෙන්වී ධ්‍රැව කරා ඇදී යයි. එක් ධ්‍රැවයක වර්ණදේහ සංඛ්‍යාව මාතෘ න්‍යෂ්ටියේ වර්ණදේහ සංබ්‍යාවෙන් අඩකි.

 

  1. අන්ත කලාව I ‍

මෙහිදී ප්‍රතිවිරුද්ධ ධ්‍රැව සඳහා ඇදීයන ලද වර්ණදේහ වටා නැවත නව න්‍යෂ්ටි පටල ඇති වී දුහිතෘ න්‍යෂ්ටි දෙකක් සෑදේ. සෛල ප්ලාස්ම විභාජනය ඇරඹේ. අවතරණය සිදු වී ඇත්නම් සමජාත වර්ණදේහයක වර්ණදේහාංශ යුගල සර්වසම නොවේ.

මීලඟට ඌනනය II විභාජනය ඇරඹේ. එය අනූනන සෛල විභාජනයට සමාන වේ.

  1. ප්‍රාක් කලාව II

වර්ණදේහ ඝනීභවනය වේ. න්‍යෂ්ටික පටල බිද වැටීම සිදු වේ. න්‍යෂ්ටිකාව නොපෙනී යාම සිදු වේ. කේන්ද්‍ර දේහ ප්‍රතිවිරුද්ධ ධ්‍රැව වලට ගමන් කරයි .කේන්ද්‍ර දේහ වලින් තර්කු නිපදවීම සිදු වේ.

  1. යෝග කලාව II

මෙහිදී වර්ණ දේහාංශ සහිත වර්ණෙදේහ සෛලයේ මධ්‍ය ප්‍රදේශයට පැමිණේ. මාධ්‍ය තලයකට / සමක තලයකට පිළියෙළ වීම සිදු වනු ලැබේ. මෙම වර්ණ දේහ වල සෙන්ටෝමියර සඳහා ප්‍රතිවිරුද්ධ ධ්‍රැව වලින් පැමිණෙන තර්කු තන්තු සම්බන්ධ වීම සිදු වනු ලැබේ. එක් වර්ණදේහයක සෙන්ට්‍රොමියරයට ධ්‍රැව දෙකෙන්ම එන තර්කු තන්තු බැඳේ.

  1. වියෝග කලාව II

මෙහිදී සෙන්ටෝමියරයහි කොහෙසින් ප්‍රෝටීනය දියවී සෙන්ටෝමියරය පැලීමෙන් වර්ණදේහාංශ ප්‍රතිවිරුද්ධ ද්‍රව වලට ගමන් කිරීම සිදු වනු ලැබේ.

  1. අන්ත කලාව II

මෙහිදී ප්‍රතිවිරුද්ධ ධ්‍රැව සඳහා ඇදීයන ලද වර්ණදේහාංශ වටා නව න්‍යෂ්ටි පටල ඇති වීම සිදු වනු ලැබේ. න්‍යෂ්ටිකාව නැවත පෙනීම සිදු වනු ලැබේ .දැන් මෙම වර්ණදේහාංශ වර්ණදේහ ලෙසට හඳුනවනු ලැබේ .

න්‍යෂ්ටිය බෙදී අවසන් වීමෙන් පසුව සෛල ප්ලාස්මයද විභාජනය වී නව දුහිතෘ සෛල දෙකක් ඇති කරලීම සිදු වේ. සත්ව සෛල විභාජනයේදී භේදක අැලියක් ඇතිවී සෛල ප්ලාස්මය අවතලනය වී එය සිදු වන අතර ශාක සෛල වල අවතලනයක් හෝ භේදන ඇලියක් ඇති නොවී සෛල දෙක අතර සෛල තලයක් ඇති වීම හරහා එය සිදු වේ. එහි දී සෛල තලය‍ෙහි සෛල බිත්ති සංඝටක තැම්පත් වී ප්ලාස්ම විභාජනය සිදු වී නව සෛල දෙකක් ඇතිවීම සිදු වනු ලැබේ.

අවසානයේ දී ආරම්භක සෛලයේ එනම් මව් න්‍යෂ්ටියේ වර්ණදේහ සංඛ්‍යාවෙන් අඩක් වූ වර්ණදේහ සංඛ්‍යාවක් සහිත දුහිතෘ සෛල 4ක් සෑදේ.

2017 මැයි 29 වන සඳුදා

Q: ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳව විස්තරයක් අවශ්‍යයි.

Answered by විදු නැණ හවුල කණ්ඩායම

ක්ෂුද්‍ර ජීව විද්‍යාව යනු පියවි ඇසින් දැකගත නොහැකි, අන්වීක්ෂ ආධාරයෙන් හඳුනාගත යුතු, තරමින් 0.1mm ට වඩා කුඩා වර්ගීකරණය අතින් විවිධ වූ ජීවින් කණ්ඩායමක් වන ‘ක්ෂුද්‍ර ජීවීන්’ පිළිබඳව හැදෑරීමයි.

විවිධ ක්ෂුද්‍ර ජීවීන් හා ඔවුන් සතු ලක්ෂණ, ක්ෂුද්‍ර ජීවී අධ්‍යයන ක්‍රම, ආසාධක රෝග, කර්මාන්ත හා කෘෂිකර්මය සඳහා ක්ෂුද්‍ර ජීවීන් භාවිතය ආදී ක්ෂේත්‍රයන් ගැන මෙහිදී සාකච්ඡා කෙරේ.

2017 මැයි 29 වන සඳුදා

Q: අධි මාත්‍ර මුල ද්‍රව්‍ය හා අංශු මාත්‍ර මුල ද්‍රව්‍ය පිළිබඳ වැඩි විස්තරයක් කරන්න.

Answered by Vinuri Attygalla, Medical Student, University of Sri Jayewardenepura

අධිමාත්‍ර‍ මූලද්‍ර‍ව්‍ය

ජීවියාගේ දේහ බරින් 0.01% ක් හෝ ඊට වැඩියෙන් ඇති මූලද්‍ර‍ව්‍ය අධිමාත්‍ර‍ මූලද්‍ර‍ව්‍ය වේ.

C, H, O, N, P, S, Ca, K, Mg මීට අයත් වේ.ඇතැම් ජීවීන්ගේ(උදා – මිනිසා) Na, Fe, Cl ද අධිමාත්‍ර‍ මූලද්‍ර‍ව්‍ය වේ.

 

අංශුමාත්‍ර‍ මූලද්‍ර‍ව්‍ය

ජීවියාගේ දේහ බරින් 0.01% ට වඩා අඩුවෙන් ඇති මූලද්‍ර‍ව්‍ය අංශුමාත්‍ර‍ මූලද්‍ර‍ව්‍ය වේ. B, Mn, Zn, Cu, Mo, Cl, Fe, Si, V, Cr, I, Co, Ar විවිධ ජීවීන්ගේ අංශුමාත්‍ර‍ මූලද්‍ර‍ව්‍ය වේ.(ඉහත පැවසූ ලෙස මින් ඇතැම් මූලද්‍ර‍ව්‍ය සමහර ජීවීන්ගේ අධිමාත්‍ර‍ මූලද්‍ර‍ව්‍ය වේ.)

ශාකවල ප්‍ර‍ධාන අංශුමාත්‍ර‍ මූලද්‍ර‍ව්‍ය B, Mn, Zn, Cu, Mo, Cl හා Fe වේ.

 

ශාක තුළ අධිමාත්‍ර‍ මූලද්‍ර‍ව්‍යවල කෘත්‍යන්,

C     – කාබනික අණුවල මූලික සංඝටකයකි.

H     – කාබනික අණුවල මූලික සංඝටකයකි.

O     – කාබනික අණුවල මූලික සංඝටකයකි, ස්වායු ස්වසනයට භාවිතා වේ.

N     – ඇමයිනෝ අම්ල, ප්‍රෝටීන, නියුක්ලියෝටයිඩ, නියුක්ලික් අම්ල, ක්ලෝරොෆිල්, සහඑන්සයිම වල සංඝටක.

P     – නියුක්ලියෝටයිඩ, අධි ශක්ති පොස්පේට් සංයෝග සෑදීම(ATP), DNA, RNA, පොස්පොලිපිඩවල සංඝටකයකි, බොහෝ සහඑන්සයිමවල සංඝටකයකි.

S     – සමහර ඇමයිනෝ අම්ල, සමහර ප්‍රෝටීනවල සංඝටකයකි, සහඑන්සයිම් A වල සංඝටකයකි

Ca   – සෛල බිත්ති මධ්‍ය සූස්තර සංඝටකයකි, එන්සයිම සක්‍රියක

K     – ශාක පුටිකා ඇරීමේ වැසීමේ ක්‍රියාවලියට, එන්සයිම සක්‍රියක, හරිතප්‍ර‍ද සෑදීමට(හරිතප්‍ර‍දවල සංඝටකයක් නොවේ), සෛල යුෂයේ ද්‍රාව්‍ය විභවය පවත්වා ගැනීම, ප්‍රෝටීන සංස්ලේෂණයට

Mg – හරිතප්‍ර‍ද අණුවේ සංඝටකයකි, බොහෝ එන්සයිම සක්‍රියකාරකයකි.

 

 

ශාක තුළ අංශුමාත්‍ර‍ මූලද්‍ර‍ව්‍ය සමහරක කෘත්‍යන්,

Fe – ක්ලෝරොෆිල් සංස්ලේෂණයට (සංඝටක නොවේ), සයිටක්‍රෝම් නයිට්‍ර‍ජනේස්වල සංඝටකයකි

Zn – බොහෝ එන්සයිම සක්‍රියකයකි

B    – නියුක්ලික් අම්ල නිපදවීම

Mo – නයිට්‍ර‍ජන් තිරකිරීම, නයිට්‍රේට් ඔක්සිහරණය

Cu – සමහර එන්සයිමවල සංඝටක, සමහර එන්සයිම සක්‍රියක

 

 

නිසි ලෙස ඉහත මූලද්‍ර‍ව්‍ය නොලැබුණු විට ශාක පෙන්වන ඌනතා ලක්ෂණ

ලක්ෂණය                                                       හිඟ මූලද්‍ර‍ව්‍ය

දුර්වල වර්ධනය/කුරු ශාක ඇතිවීම                   – N, Mg, Fe, S

අස්වාභාවික වර්ධනය                                      – N, Ca

හරිතක්ෂය/කොළ පැහැය නැතිවී කහ පැහැ වීම – N, Mg, K, Fe, S

නෙක්‍රෝසිය/පත්‍ර‍ මත දුඹුරු පැහැති ලප ඇතිවීම – K
මිනිසා තුළ අධිමාත්‍ර‍ හා අංශුමාත්‍ර‍ මූලද්‍ර‍ව්‍ය කීපයක කෘත්‍යයන්

C     – කාබනික අණුවල මූලික සංඝටකයකි.

H     – කාබනික අණුවල මූලික සංඝටකයකි.

O     – කාබනික අණුවල මූලික සංඝටකයකි, ස්වායු ස්වසනයට භාවිතා වේ.
N     – ඇමයිනෝ අම්ල, ප්‍රෝටීන,නියුක්ලියෝටයිඩ,නියුක්ලික් අම්ල, සහඑන්සයිමවල සංඝටක.

Ca   – අස්ථිවල සංඝටකයකි, පේශි සංකෝචනයට අවශ්‍ය වේ.
P     – නියුක්ලියෝටයිඩ, අධි ශක්ති පොස්පේට් සංයෝග සෑදීම(ATP), නියුක්ලික් අම්ල, පොස්පොලිපිඩවල, අස්ථිවල සංඝටකයකි.

K     – ස්නායු ආවේග සම්ප්‍රේෂණයේ දී වැදගත් වේ.

S     – සමහර ඇමයිනෝ අම්ල, සමහර ප්‍රෝටීන සංඝටකයකි, සහඑන්සයිම් A වල සංඝටකයකි

Na   – ස්නායු ආවේග සම්ප්‍රේෂණයේ දී වැදගත් වේ, දේහයේ ජල තුල්‍යතාව පවත්වා ගැනීමට උපකාරි වේ.

Fe   – හිමොග්ලොබින් අණුවේ සංඝටකයකි.

I      – තයිරොක්සින් හෝමෝනයේ සංඝටකයකි.

Co – විටමින් B12 හි සංඝටකයකි.

2017 මැයි 29 වන සඳුදා

Q: ආර්ද්‍රතාව යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද ?ඒ පිළිබඳව වැඩිදුරටත් විස්තර කරන්න.

Answered by විදු නැණ හවුල කණ්ඩායම

ආර්ද්‍ර‍තාව යනු වායුගෝලයේ පවතින ජලවාෂ්ප ප්‍ර‍මාණය ඉදිරිපත් කරන රාශියකි. සරලව වායු‍ගෝලයේ තෙතමනය ලෙස හැඳින්විය හැකිය.

ආර්ද්‍ර‍තාව ගණනය කරන ආකාර 2කි.

1.නිරපේක්ෂ ආර්ද්‍ර‍තාව

2.සාපේක්ෂ ආර්ද්‍ර‍තාව

 

1.නිරපේක්ෂ ආර්ද්‍ර‍තාව

අදාල අවකාශයේ ඒකක පරිමාවක පවතින ජල වාෂ්ප ප්‍රමාණයයි.

නිරපේක්ෂ ආර්ද්‍ර‍තාව = ජල වාෂ්ප ස්කන්ධය/ පරිමාව

යම් නිශ්චිත උෂ්ණත්වයක දී වායුකලාපයකට ජල වාෂ්ප එක්වන විට නිරපේක්ෂ ආර්ද්‍ර‍තාව වැඩිවේ.නමුත් එය වැඩිවන්නේ එක්තරා අගයක් දක්වා පමණි. එම උපරිම අගයේ දී එම වායුකලාපය ජලවාෂ්පවලින් සංතෘප්ත වී ඇත. තව දුරටත් ජල වාෂ්ප වාතයට එක්නොවේ.

උෂ්ණත්වය වැඩිවන විට නිරපේක්ෂ ආර්ද්‍ර‍තාවට තිබිය හැකි උපරිම අගය ද වැඩිවේ. එනම් යම් වායු පරිමාවක් සංතෘප්ත කිරීමට අවශ්‍ය ජල වාෂ්ප ප්‍ර‍මාණය වැඩිවේ.

2.සාපේක්ෂ ආර්ද්‍ර‍තාව

යම් මොහොතක දී පවතින නිරපේක්ෂ ආර්ද්‍ර‍තාව, එම උෂ්ණත්වයේදී පැවතිය හැකි උපරිම නිරපේක්ෂ ආර්ද්‍ර‍තාවට දක්වන අනුපාතය සාපේක්ෂ ආර්ද්‍ර‍තාවයි.බොහෝවිට මෙය ප්‍ර‍තිශතයක් ලෙස දැක්වේ.කාලගුණ වාර්තාවල දී සුලබව භාවිතා වන්නේ මෙම මිනුමයි.

කාලගුණික හා දේශගුණික විපර්යාස නිර්ණයට ආර්ද්‍ර‍තාව වටිනා දත්තයකි. වර්ෂාපතනවල විශාලත්වය හා කුණාටු ඇතිවීම පිළිබඳ අනාවැකි කීමට ආර්ද්‍ර‍තාව ඉවහල් වේ.

ජල වාෂ්ප හරිතාගාර වායුවක් බැවින් එය පෘථිවිය උණුසුම් කරයි.ජල වාෂ්ප නොතිබුණේ නම් පෘථිවියේ උෂ්ණත්වය ජීවයට අහිතකර ලෙස පහළ යනු ඇති.එබැවින් ආර්ද්‍ර‍තාව පෘථිවි උණුසුම රැක ගැනීමට දායකත්වය දෙයි.නමුත් ආර්ද්‍ර‍තාව ඉතා අධික වීම ජීවයට යහපත් නොවේ.

උෂ්ණත්වය අධික දිනයක දී ආර්ද්‍ර‍තාව ද වැඩිව පැවතුනහොත් සිරුර අධික ලෙස උණුසුම් වේ යැයි ඔබ අසා ඇති.එයට හේතුව මෙසේය. උෂ්ණාධික විට ස්‍රාවය වන දහඩිය සිරුරෙන් තාපය උරාගෙන වායුගෝලයට වාෂ්පවීම නිසා සිරුර සිසිල් වේ. නමුත් ආර්ද්‍ර‍තාව වැඩිවිට, වාතය ජල වාෂ්පවලින් සංතෘප්ත වීමට ආසන්න බැවින් දහඩිය වාෂ්ප වීම අඩාල වේ. එනිසා සිරුරෙන් තාපය ඉවත් වීම අඩාල වී උණුසුම් වේ.

2017 මැයි 29 වන සඳුදා

Q: අනාගතයේ යම් දවසක අප ආලෝකයේ ප්‍රවේගයෙන් ගමන් ගන්නා මගී යානාවක් නිපදවුවහොත් එහි ඇතිවන ත්වරණය නිසාවෙන් මගීන්ට හානියක් සිදුවිය හැකිද? එයට සාර්ථකව මුහුණදිය හැකි ක්‍රමවේදයක් තිබේද?

Answered by විදු නැණ හවුල කණ්ඩායම

පරිමිත ත්වරණයකින් ගමන් කර ආලෝකයේ ප්‍රවේගයට එළඹීමට නම් අනන්ත කාලයක් ගත වේ. එනම් පරිමිත ත්වරණයකින් ගොස් ආලෝකයේ ප්‍රවේගයට සමාන ප්‍රවේගයක් අත්කරගත නොහැක.

2017 මැයි 28 වන ඉරිදා

Q: අනාගතයේ යම් දවසක අපට හැකිවේවි අභ්‍යවකාශය ජයගන්නට. එනම් ආලෝකයේ ප්‍රවේගයෙන් ගමන් ගන්නා යානා නිපදවීමට…එම ප්‍රවේගය නිසා කාලය ගලා යාමේ ස්‍රීග්‍රතාව අඩු වෙයිද? නැත්තන් කාලය එම යානයට සාපේක්ෂව නවතීයිද?

Answered by මහාචාර්ය ආසිරි නානයක්කාර, පර්යේෂණ මහාචාර්ය, ජාතික මූලික අධ්‍යයන ආයතනය

සාපේක්ෂතාවාදය අනුව, මෙහිදී කාලය ගලා යාමේ ශීඝ්‍ර‍තාව ශුන්‍ය වේ. එනම් කාලය නතර වේ.

මේ පිළිබඳ අමතර කරුණු පහත දැක්වේ. එම ප්‍රවේගයට පත්වන යානයේ ස්කන්ධය අනන්තය දක්වා වැඩි වන අතර එම වේගය ලබාගැනීමට අවශ්‍ය ශක්තිය ද අනන්ත වෙයි.

2017 මැයි 19 වන සිකුරාදා

Q: ක්ෂාරීය පාංශු ලෝහ කාබනේට වල වියෝජන උෂ්ණත්වය කාණ්ඩය ඔස්සේ පහලට වැඩිවීමට හේතු දක්වන්න.

Answered by විදු නැණ හවුල කණ්ඩායම

කාණ්ඩය පහළට Be2+ සිට Ba2+ දක්වා යාමේදී සාදන කැටායන වල අරය ක්‍රමයෙන් වැඩිවේ. එවිට එම ධන අයන වල ධ්‍රැවීකරණ බලය ක්‍රමයෙන් අඩුවීමට පටන් ගනියි. මීට සමානුපාතිකව ධන අයන මගින් CO32- අයනයේ ඉලෙක්ට්‍රෝන වළාව විකෘති වීමේ ප්‍රවනතාවය ද අඩු වේ.

( සාමාන්‍යයෙන් ධන අයන මගින් ඍණ අයනය ධ්‍රැවීකරණයට ලක්වීමේ දී අයනික සංයෝගය තුළ සහසංයුජ ලක්ෂණ ඉස්මතු වී ස්ථායිතාවය අඩු වේ. )

මේ අනුව BeCOසිට BaCO3 දක්වා යාමේදී සංයෝග වල අයනික ප්‍රතිශතය වැඩි වේ. ස්ථායිතාවය වැඩි වේ. එවිට අයනික ජාලය බිඳ හෙළීම සඳහා ලබා දිය යුතු ශක්තිය ද වැඩි වේ. එනම් BeCOසිට BaCO3 දක්වා වියෝජන උෂ්ණත්වය වැඩි වේ.

2017 මැයි 17 වන බදාදා

Q: ජාන විකරණය යනු ?

2017 මැයි 10 වන බදාදා

Q: සෛල චක්‍රය විස්තර කරන්න. එකිනෙක පහදන්න.

Answered by විදු නැණ හවුල කණ්ඩායම

සෛල චක්‍රය

එක් සෛල විභාජනයක ආරම්භයේ සිට ඊළඟ සෛල විභාජනයේ ආරම්භය තෙක් සෛලයක සිදුවන සිදු වීම් සෛල චක්‍රයක් ලෙසට හදුන්වනු ලැබේ .එහි ප්‍රතිඵලය ල‍ෙසට තනි සෛලයකින් සෛල දෙකක් ඇතිවීම සිදු වේ.

අවධි 5 කින් සමන්විත වේ.

  • G1 (වර්ධනය / පරතර කලාව)
  • S (DNA සංශ්ලේෂණ කලාව )
  • G2 (වර්ධනය පරතෙර කලාව)
  • M අනුනනයේ න්‍යෂ්ටි විභාජන කලාව
  • C ප්ලාස්ම විභාජන කලාව

G1 (වර්ධනය / පරතර කලාව)

සෛල චක්‍රයේ දිර්ඝතම කලාව යි . සෛලයක් බිහි වීමෙන් පසු DNA ප්‍රතිවලිත වීම දක්වා අතර පරතරය කාල සිමාව මෙලෙස හැදින් වීම සිදු වන ලදී .මෙම කලාවේදී ප්‍රධාන වශයෙන් සෛල වර්ධනය වීමත් ප්‍රෝටීන ආදිය සංශ්ලේෂණය වීමත් අනෙකුත් පරිවෘත්තිය ක්‍රියාද සිදු වීම සිදු වනු ලැබේ .

S (DNA සංශ්ලේෂණ කලාව )

න්‍යෂ්ටිය තුල DNA සංශ්ලේෂණය මගින් වර්ණදේහ ද්විකරණය සිදු වීම සිදු වන කාල සිමාව මෙලෙස හැඳින් වේ.

G2 (වර්ධනය පරතෙර කලාව)

මෙය සෛලයහි ද‍ෙවන වර්ධන කලාව යි. DNA සංශ්ලේෂණය හා අනුනන න්‍යෂ්ටි විභාජනය (M) අතර කාල සිමාව මෙලෙස හැඳින් වේ. මෙහිදී සෛලය වර්ධනය සමඟම සෛලය හි ප්ලාස්මයේ ඇති මයිට්‍රොකොන්ඩ්‍රියා, හරිතලව, සෙන්ට්‍රොසෝම ආදි වෙනත් ඉන්ද්‍රිකා ද විභාජනය වී ඉන්ද්‍රිකා දිවිකරණය වීම මගින් අනූනන විභාජනයට සූදානම් වීම සිදු වේ .

M අනුනනයේ න්‍යෂ්ටි විභාජන කලාව

න්‍යෂ්ටිය අනුනන විභාජනයට ලක්වන කාල සිමාව මෙලෙස හැදින් වීම සිදු වනු ලැබේ . මෙහිදී එක් න්‍යෂ්ටියකින් නව න්‍යෂ්ටි දෙකක් ඇති වීම සිදු වේ.

C ප්ලාස්ම විභාජන කලාව

න්‍යෂ්ටි විභාජනය සිදු වීමෙන් පසුව ප්ලාස්ම විභාජනයට ලක්වී සෛල දෙක වෙන්වී නව සෛල දෙකක් ඇති වීමහි ක්‍රියාවලිය මෙලෙස හඳුන්වනු ලැබේ.

සෛල චක්‍රයක් සඳහා ගත වන කාලය ජීවියා‍ග‍ෙන් ජීවියාට හා පටකයෙන් පටකයට වෙනස් වීම සිදු වනු ලැබේ.

සත්ව කලලයක සෛල චක්‍රය සඳහා ගත වනු ලබන කාලය මිනිත්තු කිහිපයක් වන නමුදු අක්මා සෛලයක් සඳහා ගතවනු ලබන කාලය අවුරුදු කිහිපයක් පමණ විය හැක.

සෛල චක්‍රයක් දික් වීම සදහා හේතුව වනුයේ G1 දික්විම වේ .

DNA සංස්ලේෂණයට පෙර දීර්ඝතම කාලයක් ගත කල සෛල වල G0 නමැති විරාම කාලයක් ඇතැයිද සලකනු ලැබේ.

2017 මැයි 9 වන අඟහරුවාදා

Q: හෙරෝයින් භාවිතා කල පසු පුද්ගලයින් නිතර නාසය කැසීම සිදුකරයි. මෙයට හේතුව කුමක්ද?

Answered by විදු නැණ හවුල කණ්ඩායම

හෙරෝයින් රුධිර ධාරාවට ඇතුළු වූ පසු ඒ ඔස්සේ දේහය පුරා පැතිර ගොස් මස්තිෂ්කයට හා සුෂුම්නාවට ඇතුල් වීමට හැකි වේ. එහිදී opioid receptors නම් විශේෂ ස්නායු සෛල වර්ගයක මුදුනේ ඇති ප්‍රෝටීන හා බැඳෙයි. මේවායින් එක් ප්‍රතිග්‍රාහක සෛල වර්ගයක් කැසීමේ සංවේදනය ඇති කිරීමට හේතු වේ. හෙරොයින් හමුවේ එම ප්‍රතිග්‍රාහක සක්‍රිය වී ස්නායු සම්ප්‍රේෂක හරහා සුෂුම්නාවේ ඇති GRPR receptors සක්‍රිය කරවයි. මෙහි ප්‍රතිඵලය ලෙස කැසීමේ සංවේදනය ඇති වේ. නාසය අවට හා මුහුණේ ඉහළ ප්‍රදේශ වල ඇතිවන මෙම කැසීම, ඉහළ මාත්‍රාවකින් හෙරොයින් ගත් විට සිරුරේ අනෙක් ප්‍රදේශ වල ද ඇති විය හැක.

2017 මැයි 8 වන සඳුදා

Q: රුධිර වර්ග මොනවාද? පහදන්න.

Answered by විදු නැණ හවුල කණ්ඩායම

විවිධ සාධක පදනම් කරගෙන රුධිරය වර්ග නර ඇත. ඒවායින් සමහරක් නම්,

  1. ABO වර්ගීකරණය
  2. Rh වර්ගීකරණය
  3. MN වර්ගීකරණය

මින් බහුලව භාවිතා කරන්නේ ABO වර්ගීකරණය යි.

මෙහිදී මිනිසාගේ රතු රුධිර සෛල වල ප්ලාස්ම පටලයේ පිහිටන, ප්‍රවේණිකව නිර්ණය වන “ඇග්ලුටිනෝජන්/ප්‍ර‍තිදේහජනක” නම් පොලිසැකරයිඩ වර්ග තිබීම හෝ නොතිබීම මත රුධිර ගණ වර්ග කෙරේ. ප්‍ර‍තිදේහජනක A හා ප්‍ර‍තිදේහජනක B ලෙස වර්ග දෙකකි. මේ ක්‍ර‍මයට අනුව රුධිර වර්ග හතරයි.

  1. A වර්ගය – රතු රුධිරාණු වල ප්‍ර‍තිදේහජනක A පමණක් ඇත. රුධිර ප්ලාස්මාවේ ප්‍ර‍තිB නම් ප්‍ර‍තිදේහය ඇත.
  2. B වර්ගය – රතු රුධිරාණු වල ප්‍ර‍තිදේහජනක B පමණක් ඇත. ප්ලාස්මාවේ ප්‍ර‍තිA නම් ප්‍ර‍තිදේහය ඇත.
  3. AB වර්ගය – රතු රුධිරාණු වල ප්‍ර‍තිදේහජනක B හා ප්‍ර‍තිදේහජනක A යන දෙකම ඇත. ප්ලාස්මාවේ ප්‍ර‍තිA හෝ ප්‍ර‍තිB ප්‍ර‍තිදේහ නැත.
  4. O වර්ගය – රතු රුධිරාණු වල ප්‍ර‍තිදේහජනක B හෝ ප්‍ර‍තිදේහජනක A යන දෙකම නැත. ප්ලාස්මාවේ ප්‍ර‍තිA හා ප්‍ර‍තිB ප්‍ර‍තිදේහ දෙකම ඇත.

රීසස් සාධකය Rh factor

මෙය රතු රුධිර සෛල මත ඇති තවත් ප්‍ර‍තිදේහජනකයකි. රීසස් නම් වඳුරන්ගේ රතු රුධිර සෛල වලින් සොයාගත් “ප්‍ර‍තිදේහජනක D” මගින් මුලින්ම හඳුනාගන්නා ලදි. Rh සාධකය අඩංගු රුධිරය Rh+ ලෙසත්, අඩංගු නොවන රුධිරය Rh- ලෙසත් වර්ග කෙරේ. එයත් සැලකූ විට රුධිර වර්ග 8කට බෙදිය හැක.

A+, A-, B+, B-, AB+, AB-, O+, O-

2017 මැයි 3 වන බදාදා

Q: න්‍යෂ්ටියේ ස්ථායිතාව ගැන දැනගන්න කැමතියි.

Answered by විදු නැණ හවුල කණ්ඩායම

න්‍යෂ්ටිය තුළ ප්‍රෝටෝන හා නියුට්‍රෝන අඩංගු වේ. න්‍යෂ්ටියක ස්ථායිතාවය මත බලපාන ප්‍ර‍ධාන සාධකය වන්නේ එහි අඩංගු නියුට්‍රෝන හා ප්‍රෝටෝන අතර අනුපාතයයි(n/p).

n/p = 1 නම් ස්ථායි වන අතර 1ට වඩා වැඩි නමි එය අස්ථායි තත්වයට පත් වේ. එම අනුපාතය 1ට වඩා වැඩිවන  සෑම ඒකකයක් පාසාම න්‍යෂ්ටියේ අස්ථායිතාව ඉහළ යයි.

n/p = 1 වී ඒවා ඉරට්ටේ සංඛ්‍යා නම් වඩා ස්ථායි වේ.

n/p = 1 වී ඒවා ඉරට්ටේ සංඛ්‍යා වී එලෙසම 4හි ගුණාකාර නම් ඒවා ඉතාම ස්ථායි වේ.

න්‍යෂ්ටියක ප්‍රෝටෝන ගණන වැඩිවත්ම නියුට්‍රෝන ගණන ද ඉහළ යයි. මීට සමානුපාතිකව ඒවායේ n/p අනුපාතය ද 1න් අපගමනය වී අස්ථායි වේ. අස්ථායි න්‍යෂ්ටි විකිරණශීලීය. ඒවා විකිරණ පිටකරමින් n/p අනුපාතය 1ට ආසන්න කරගැනීමට උත්සහ ගනියි. සාමාන්‍යයෙන් පරමාණුක ක්‍ර‍මාංකය 83ට වඩා ඉහළ මූලද්‍ර‍ව්‍ය පරමාණු විකිරණශීලී වේ.

2017 මැයි 1 වන සඳුදා

Q: O2NC6H4NHCOCH3 + H+/H2O??

2017 අප්‍රේල් 26 වන බදාදා

Q: සෛල බිත්තියේ ව්‍යූහය පැහැදිලි කරන්න.

Answered by විදු නැණ හවුල කණ්ඩායම

ශාක සෛල, දිලීර සෛල හා බැක්ටීරියා සෛල දැඩි සෛල බිත්තියකින් ආවරණය වේ.

ශාක සෛල බිත්ති, කොටස් දෙකකට බෙදනු ලැබේ.

  1. ප්‍රාථමික සෛල බිත්තිය
  2. ද්විතියික සෛල බිත්තිය

  1. ප්‍රාථමික සෛල බිත්තිය

ප්‍රධාන ලෙස සෙලියුලෝස් වලින්ද, අමතරව හෙමිසෙලියුලෝස්, පෙක්ටීන් වලින් ගොඩනැගී ඇත. සෑම සජීවී ශාක සෛලයකම ප්‍රාථමික සෛල බිත්තියක් සහිතය. ප්‍රත්‍යස්ථ වන අතර තුනී ස්ථරයකි.

  1.   ද්විතියික සෛල බිත්තිය

ද්විතියික සෛල බිත්තිය පිහිටන්නේ ප්‍රාථමික සෛල බිත්තියට ඇතුලතිනි. මෙය ඉතාමත් ඝණ, දෘඩ බිත්තියකි. මෙහි සෙලියුලෝස් වලට අමතරව ලිග්නීන්, සුබෙරීන් වැනි සංඝටකද අඩංගු වේ.

සෛල බිත්තිය අජීවී ය. ද්විතියික සෛල බිත්තිය ඇතිවීමේ දී යාබද සෛල අතර ද්‍රව්‍ය හුවමාරුව පවත්වා ගත හැකි වන සේ සෛල බිත්ති වල කුහර නැතහොත් කූව ඇතිවේ.

කූ යනු ශාක සෛල බිත්ති වල ප්‍රාථමික බිත්තිය තැන්පත් නොවීමෙන් හෝ ඉතා තුනීවට තැන්පත් වීමෙන් සෑදෙන්නා වූ සිදුරු වේ. මේ නිසා සෛල බිත්තියෙහි තැනින් තැන සිදුරු ඇති වී ඇත. කූ ආකාර දෙකකි. ඒවා නම්,

  1. සරල කූ
  2. ගැටි කූ

සරල කූ ප්‍රාථමික බිත්තියක් හා ද්විතියික බිත්තියක් සහිත සෛල වල පිහිටයි. ගැටි කූ සැම විට ද්විතියික බිත්තියක් ඇති සෛල වල පමණක් පිහිටා ඇත. ද්විතියික බිත්තිය ගැට්ටක් ලෙස සෛල ප්ලාස්මය තුල නෙරා ඒමෙන් ගැටි කූ ඇති වී ඇත. යාබද සෛල වල පොදු බිත්තියේ සමාන ස්ථාන වලින් කූ හටගනී. මේවා කූ යුගලයක් හෙවත් කූ ක්ෂේත්‍රයක් ලෙස හඳුන්වයි. කූව හරහා ඇතිවන ප්ලාස්මබන්ධ මගින් යාබද සෛල වල සෛල ප්ලාස්ම යා කෙරේ.

ශාක පටකවල යාබද සෛල වල සෛල බිත්ති අතර මධ්‍ය සූස්තරය නම් ස්ථරයක් ද ඇත. පෙක්ටින් වලින් සෑදී ඇත. සෛල එකට බැඳ තබා ගැනීමට උදව් වේ.

2017 අප්‍රේල් 26 වන බදාදා

Q: ලව වර්ග පිලිබඳ පහදන්න.

Answered by විදු නැණ හවුල කණ්ඩායම

සූන්‍යෂ්ටික ශාක සෛල වල දැකිය හැක. හරිතලව යනු එවන් ප්‍රධාන ලව වර්ගයකි. ඒවායේ හරිතප්‍රද වර්ණක අඩංගුයි. හරිතලව වලට අමතරව බොහෝ ශාක සෛල තුළ වෙනත් ලව වර්ග ඇත.

උදා: වර්ණලව, ශ්වේතලව

මේවා සෑම එකක්ම වර්ධනය වන්නේ සෛල තුළ ඇති අවර්ණ ඉතා කුඩා ප්‍රාග්ලව වලිනි. සෑම ලවයක්ම පටල දෙකකින් ආවරණය වන අතර ශාකය තුළ වෙනස් කාර්යයක් කිරීමට හැඩ ගැසී ඇත. කැරොටිනොයිඩ් වර්ණලව තුළ රතු, කැඹිලි හෝ කහ පැහැති කැරොටිනොයිඩ් වර්ණක වන කැරොටින්, සැන්තොෆිල් අඩංගුයි. ක්ලෝරොෆිල් වර්ණකය නැති නිසා ප්‍රභාසංස්ලේෂණය නොකරයි. ඉදුණු පළතුරු වර්ණවත් වන්නේත් මල් සහ කැරට් අල ආදිය වර්ණවත් වන්නේත් මේවා නිසාය.

ශ්වේතලව සුදු පැහැතිය. වර්ණක නොමැතිය. බොහෝ විට ආහාර තැන්පත් කිරීම සඳහා සැකසී ඇත. පිෂ්ටලව වල පිෂ්ටය ද, මේදලව වල මේදය ද, ප්‍රෝටීනලව තුළ ප්‍රෝටීන ද තැන්පත් වේ.

2017 අප්‍රේල් 24 වන සඳුදා

Q: බ්ලයින්ඩ් ස්පොට් එක ගැන විස්තර කරන්න පුලුවන්ද?

Answered by විදු නැණ හවුල කණ්ඩායම

මිනිස් ඇසෙහි ඇතුළතම ස්ථරය දෘෂ්ටි විතානයයි. එහි අපර කොටසට දෘෂ්ටික ස්නායුව සම්බන්ධ වේ. Blind spot හෙවත් දෘෂ්ටික ‘අන්ධ බිංදුව’ ලෙස හඳුන්වන්නේ දෘෂ්ටි විතානයේ දෘෂ්ටික ස්නායුව සම්බන්ධ වෙන මෙම ස්ථානයයි. එහි ප්‍රකාශ ප්‍රතිග්‍රාහක සෛල වන යෂ්ටි හෝ කේතු සෛල කිසිවක් නැත. එබැවින් ආලෝක සංවේදී නොවේ. අන්ධ බිංදුව කියා හඳුන්වන්නේ මේ නිසාය.

 

 

ඇස් දෙකේම blind spots ඇත. වම් ඇසේ අන්ධ බිංදුව මදක් වමට බරව ද, දකුණු ඇසේ අන්ධ බිංදුව මදක් දකුණට බරව ද පිහිටයි. මෙම ලක්ෂයට අදාලව දර්ශනය විය යුතු කොටස, අපේ මොළය විසින් හඳුනා ගෙන ඊට අදාල ප්‍රතිබිම්භය නිර්මාණය කරමින් එම අඩුව පුරවනු ලබයි. (මේ සඳහා මොළය එම ලක්ෂය අවට පරිසරයේ ස්වභාවය උපයෝගී කර ගනියි)

2017 අප්‍රේල් 23 වන ඉරිදා

Q: නිවුන් දරුවන් ගර්භාෂයට සම්බන්ධ වන්නේ පෙකණි වැල් දෙකකින්ද එසේත් නැතිනම් එකකින්ද ඒ කෙසේද?

Answered by විදු නැණ හවුල කණ්ඩායම

නිඹුල්ලු ඇතිවන ප්‍රධාන ආකාර දෙකකි.

  1. ද්වි අණ්ඩජ නිඹුල්ලු – (අසම නිවුන්නු) ඩිම්බ දෙකක් වෙන වෙනම ශුක්‍රාණු දෙකකින් සංසේචනය වී යුක්තානු දෙකක් සෑදේ. ඒවා ගර්භාෂයට වෙන වෙනම සම්බන්ධ වී කළල බන්ධ placenta දෙකක්, පෙකෙනි වැල් umbilical cord දෙකක් වෙන වෙනම නිර්මාණය කරගනී.
  1. ඒක අණ්ඩජ නිඹුල්ලු – ඩිම්බයක් හා ශුක්‍රාණුවක් සංසේචනයෙන් යුක්තාණුවක් සෑදුණු පසු, එම යුක්තාණුව දෙකට බෙදේ. මෙසේ ඇතිවන නිවුන් දරුවන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය බොහෝ දුරට සමාන වේ. මොවුන්ට සාමාන්‍යය‍ෙන් ඇත්තේ තනි කළල බන්ධයකි.

එහෙත් සංසේචනය සිදු වූ වහාම භේදනය වුවහොත්, ද්වි අණ්ඩජ නිඹුල්ලු මෙන් වෙන වෙනම ගර්භාෂයේ අධිරෝපණය වී කළල බන්ධ දෙකක් ඇති විය හැක.

සංසේවනයෙන් දින ගණනකට පසු භේදනය වී නම් ගර්භාෂයට සම්බන්ධ වන්නේ තනි කළල බන්ධයකිනි.

නමුත් මෙම අවස්ථා දෙකේදීම පෙකෙනි වැල් දෙකක් වෙන වෙනම ඇති වේ.

2017 අප්‍රේල් 23 වන ඉරිදා

Q: ‘චුම්බක ක්ෂේත්‍රයක් තුළ සුපිරි සන්නායකයක් තැබූ විට සිදුවන්නේ කුමක්ද? Maglev train වල මූලික ප්‍රවේගය ලබාගන්නා අයුරු පැහැදිලි කරන්න.’

Answered by Prof. Lakshman Dissanayake - National Institute of Fundamental Studies, Kandy.

චුම්බක ක්ෂේත්‍රයක් තුළ සුපිරි සන්නායකයක් තැබූ විට සිදුවන්නේ කුමක්ද?

මයිස්නර් ආචරණය හා පූර්ණ පාරචුම්භකත්වය

චුම්භක ක්ෂේත්‍රයක් තුළ සුපිරි සන්නායකයක් තබා ඇති විට චුම්භකය හා සුපිරි සන්නායකය අතර විකර්ෂණයක් පවතී. මෙම චුම්භක ස්‍රාව විකර්ෂණය යනු සුපිරි සන්නායක වල ප්‍රධාන භෞතික ගුණාංගයකි. එය මයිස්නර් ආචරණය ලෙස හැඳින්වේ.

තවත් විදියකින් කිව්වොත් චුම්භක ක්ෂේත්‍රයක් තුළ ඇති සුපිරි සන්නායකයක් ‘පූර්ණ පාරචුම්භකත්වය’ ප්‍රදර්ශනය කරයි. එනම් සුපිරි සන්නායකය අභ්‍යන්තරයේ පවතින මුළු චුම්භක ක්ෂේත්‍රය ශුන්‍යයට ඉතා ආසන්න වේ. හෞතික විද්‍යාවේ දී මෙවන් අවස්ථාවක්, චුම්භක ග්‍රාහිතාව/නැඹුරුබව (magnetic susceptibility) -1 වූ මොහොතක් ලෙස හඳුන්වයි.

පාරචුම්භකත්වය ප්‍රදර්ශනය කරන වෙනත් සාමාන්‍ය ද්‍රව්‍ය(සුපිරි සන්නායක නොවන ඒවා) ද ඇත. යොදනු ලබන චුම්භක ක්ෂේත්‍රයේ දිශාවට ප්‍රතිවිරුද්ධව ස්වයංසිද්ධව ඇති වන චුම්භකනයක් මේවායෙහි ස්වභාවිකවම පවතී. කෙසේ වෙතත් සුපිරි සන්නායකවල සහ සාමාන්‍ය ද්‍රව්‍යවල පාරචුම්භකත්වයේ මූලාරම්භයන් බොහෝ සෙයින් වෙනස්ය. සාමාන්‍ය ද්‍රව්‍යවල පාරචුම්භකත්වය ඇතිවන්නේ යොදන ලද ක්ෂේත්‍රයක් හමුවේ විද්‍යුත් චුම්භකව ප්‍රේරිත පරමාණුවක න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන බැමීමෙහි ඍජු ප්‍රතිඵලයක් ලෙසයි. නමුත් සුපිරි සන්නායක වල පූර්ණ පාරචුම්භකත්වය ඇතිවන්නේ යොදන ලද ක්ෂේත්‍රයට ප්‍රතිවිරුද්ධව ගලමින් පවත්නා වූ නිවාරණ ධාරාව මගිනි (මයිස්නර් ආචරණය); කක්ෂීය බැමුම් නිසා පමණක්ම නොවේ.

එබැවින් සුපිරි සන්නායකවල චුම්භක ස්‍රාව විකර්ෂණය ඇතිවන්නේ, යොදන ලද චුම්භක ක්ෂේත්‍රයක් හමුවේ සුපිරි සන්නායකවල ඇතිවන ‘අනවරත’ හෙවත් ක්ෂය නොවී පවත්නා ප්‍රේරිත විද්‍යුත් ධාරා නිසාය. සුපිරි සන්නායකවල ප්‍රතිරෝධයක් නොමැති නිසා විද්‍යුත් ධාරාව ක්ෂය නොවී පවතී. චුම්භක ක්ෂේත්‍රයක් තුළ සුපිරි සන්නායකයක් තැබූ විට, සන්නායක ඉලෙක්ට්‍රෝන සාදන අනවරත ධාරා පුඩු මගින් ප්‍රතිවිරුද්ධ වූ චුම්භක ක්ෂේත්‍රයක් නිර්මාණය කරයි.

 

Maglev train වල මූලික ප්‍රවේගය ලබාගන්නා අයුරු පැහැදිලි කරන්න

MagLev (Magnetically Levitated Trains) හෙවත් චුම්භක බලය මගින් එසැවෙන දුම්රිය වල මූලික ආරම්භක ප්‍රවේගය ලබාගන්නේ ද සාම්ප්‍රදායික විදුලි මෝටර හරහාය. එමෙන්ම ආරම්භයේ දී මෙම MagLev දුම්රිය ද සාම්ප්‍රදායික විදුලි දුම්රියක් ලෙසට ධාවනය වේ.

සුපිරි සන්නායක චුම්භක ක්ෂේත්‍රයට දුම්රිය අවතීර්ණ වූ විට අදාල විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර දෙකේ විකර්ෂණය නිසා දුම්රිය එසැවීම සිදුවේ. (එක් සුපිරි සන්නායක දඟරයක් ධාවන පථය මතට ද, අනෙක දුම්රියේ පතුළට ද සවිකර ඇත. ඒ දෙක අතර ප්‍රතිවිරුද්ධ විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර දෙකක් පවතී)

සුපිරි සන්නායක දුම්රිය, ඉහතදී විස්තර කරන ලද මයිස්නර් ආචරණය හෝ චුම්භක ස්‍රාව විකර්ෂණය මත ක්‍රියාත්මක නොවන බව සිහි තබා ගන්න! එය ක්‍රියා කරන්නේ සුපිරි සන්නායක දඟර දෙකක් මගින් ඇති කරනු ලබන ප්‍රතිවිරුද්ධ විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර දෙකක් අතර පවතින විකර්ෂණ බලය මගිනි.

2017 අප්‍රේල් 23 වන ඉරිදා

Q: කැමරාවක ඇති flasher එක මගින් නිකුත් කරන ආලෝකය අපගේ ඇසට හානිදයකද?

Answered by විදු නැණ හවුල කණ්ඩායම

මෙය ඇසට හානිදායක වීමේ අවධානමක් ඇත. ඉතා ප්‍රබල flash light එකක් දෙස දිගු වේලාවක් බලා සිටියහොත් ප්‍රකාශ ප්‍රතිග්‍රාහක සෛල හා ස්නායු වලට හානිකර විය හැක. විශේෂයෙන්ම ඉතා කුඩා දරුවන් නම් ප්‍රබල ආලෝකය හමුවේ අන්ධ වීමට පවා හැක. නමුත් සාමාන්‍ය flasher එකකින් වන හානිය නොසලකා හැරිය හැක. කෙසේ වෙතත් මෙම ආලෝකය දෙස එක එල්ලේ බැලීම යෝග්‍ය නොවේ.

2017 අප්‍රේල් 20 වන බ්‍රහස්පතින්දා

Q: රුධිරයේ ප්‍රතිදේහ පරීක්ෂා කිරීමෙන් හඳුනාගත හැකි රෝග මොනවාද?

Answered by විදු නැණ හවුල කණ්ඩායම

සමහර පිළිකා වලදී සිරුරේ අලුතින් ප්‍රතිදේහ නිපද වේ. අස්ථි පිළිකා වලදී සිරුරේ ඇති සමහර ප්‍රතිදේහ අසාමාන්‍ය ලෙස වැඩි වේ. මෙවැනි රෝගී තත්ව, ප්‍රතිදේහ සඳහා රුධිර පරික්ෂාවක් කිරීමෙන් හඳුනා ගත හැක.

තවත් සමහර රෝග තත්ව වලදී සිරුරට ඇතුළුවන ප්‍රතිදේහ ජනක වලට එරෙහිව ප්‍රතිදේහ නිපදවේ. ඒ ඇසුරෙන් ද රෝග හඳුනාගත හැක.

උදා:- ඩෙංගු, HIV, H1N1

2017 අප්‍රේල් 18 වන අඟහරුවාදා

Q: හෙලිකොප්ටරයක චලිතය ගැන පහදන මූලධර්මය කුමක්ද?? ඒ ඇසුරෙන් එහි චලිතය විස්තර කරන්න.

Answered by විදු නැණ හවුල කණ්ඩායම

බ’නුලි මූලධර්මය යි. හෙලිකොප්ටරයේ  තල, ගුවන්යානාවල පියාපත්වල විශේෂිත හැඩයටම සාදා ඇත. එනම් ඉහළින් වක්‍ර හා පහළින් පැතලි ස්වභාවයක් ගනියි. සුළඟ, තල මතින් ගමන් කරන විට යානය මත උඩු අතට බලයක් ලැබේ (බ’නුලි නියමයට අනුව – ඉහළින් ඇති වාතයේ වේගය වැඩි වී පීඩනය අඩු වේ. වැඩි පීඩනයක් සහිත පහළ කොටසේ සිට ඉහළට බලයක් ඇති වේ.) මෙම බලය හෙලිකොප්ටරයේ බරට සමාන වූ විට එය ඉහළ යයි.

මෙලෙස ප්‍රමාණවත් තරම් වාතය පියාපත් හරහා ගමන් කරවීමට, ගුවන් යානයක නම් එය වේගයෙන් ඉදිරියට චලිත විය යුතුය. නමුත් හෙලිකොප්ටරය තම තල කරකැවීම මගින් පියාපත් හරහා වාතය ගලා යාමට සලස්වයි.

2017 අප්‍රේල් 18 වන අඟහරුවාදා

Q: මානව කලල පටල හටගන්නා අයුරු විස්තර කරන්න

Answered by විදු නැණ හවුල කණ්ඩායම

සංසේචනයෙන් සෑදෙන යුක්තානුව පැලෝපීය නාලය දිගේ ගමන් කරන විට අනූනනයෙන් කිහිප විටක් බෙදී මොරුලාවා නම් සෛල ගොනුව සාදයි. ගර්භාෂයේ දී මොරුලාවා ප්‍රතිසංවිධානය වී බ්ලාස්ටකෝෂ්ඨය නම් තරලය පිරි කුහරයක් සහිත සෛල ගෝලයක් සාදයි. එහි පිටතින්ම පිහිටන සෛල ස්ථරය පෝෂ්‍ය බ්ලාස්ටය නම් වේ.

පෝෂ්‍ය බ්ලාස්ටයේ බාහිර සෛල වලින් හටගන්නා ප්‍රසර හෙවත් පෝෂ්‍ය බිලාස්ට අංගුලිකා, එන්ඩොමෙට්‍රියම තුළට යැවේ. ඇතුළු සෛල පිණඩයේ සෛල බෙදී කලලය බවට පත්වේ. එය නොනවත්වා වැඩෙන අතර බාහිරතම පටක ක්‍රමයෙන් කලල පටල බවට පත්වීම අරඹයි. කලල පටල 4ක් විකසනය වේ.

  1. කෝරියම (Chorion) – මුලින්ම ඇතිවන්නේ මෙයයි. බ්ලාස්ට කෝෂ්ඨයේ පිටතින්ම පිහිටි සෛල ස්ථරය වන පෝෂ්‍ය බ්ලාස්ටයෙන් හට ගනී. කලලය ආරක්ෂා කරන අතර කලල බන්ධය සෑදීමට දායක වේ.
  2. කලලාවාරය (Amnion) – දෙවනුව ඇතිවේ. බ්ලාස්ට කෝෂ්ඨයේ ඇතුළු සෛල ගොනුවේ බාහිරතම සෛල වලින් හටගනී. කලලාවාරික තරලය නම් තරලයක් පිරුණු කලලාවාරික කුහරය වට කරමින් පිහිටයි. එම තරලය නිපදවයි. කලලය එහි අවලම්භනය වී පිහිටයි. පසුව කෝරියම හා බැඳේ.
  3. බීජාන්න මඩිය (Yolk sac) – තුන්වන කලල පටලය වන මෙමගින් මිනිසාගේ පැහැදිලි කෘත්‍යයක් ඉටු නොවේ (උරගයින් හා පක්ෂින්ගේ පෝෂණයට දායක වේ). පසුව කලල බන්ධය තුළ ගිලී යයි.
  4. අලින්ථය (Allantois) – හතරවැනි කලල පටලයයි. කලලයේ පසු බඩවැලෙන් හටගනී. කෝරියම සමඟ සමීපව සම්බන්ධ වී කෝරියම් අංගුලිකා හා පෑහී කලල බන්ධය සෑදීමට දායක වේ.

    •Embryo – කලලය      Umbilical cord – පෙකනි වැල

2017 අප්‍රේල් 18 වන අඟහරුවාදා

Q: න්‍යෂ්ටික විලයනය හා විඛණ්ඩනය පැහැදිලි කරන්න.

Answered by විදු නැණ හවුල කණ්ඩායම

මේවා පරමාණුක න්‍යෂ්ටි තුළ සිදුවන විපර්යාස වේ. න්‍යෂ්ටික විලයනයේ දී කුඩා පරමාණුක න්‍යෂ්ටි දෙකක් එකට එකතු වී විශාල පරමාණුක න්‍යෂ්ටියක් සෑදේ. H2, He වැනි අඩු පරමාණුක ස්කන්ධයක් සහිත සැහැල්ලු පරමාණු මෙවන් විපර්යාස වලට ගොදුරු වීමේ ඉඩකඩ වැඩියි. උදා-: සූර්යයා තුළ ශක්තිය ජනනය වන්නේ H2, He බවට විලයනය වීමෙනි.

න්‍යෂ්ටික විඛණ්ඩන ප්‍රතික්‍රියා වලදී විශාල පරමාණුක න්‍යෂ්ටියක් වෙනත් පරමාණු බවට කැඩීම සිදුවේ. එලෙසම මෙවැනි ප්‍රතික්‍රියා වලදී ඉතාමත් අධික තාපයක් නිදහස් වේ. උදා-:

  • යුරේනියම් විඛණ්ඩනය U  Ba + Kr + n

  • න්‍යෂ්ටික බලාගාර වල සිදුවන ප්‍රතික්‍රියා
  • න්‍යෂ්ටික බෝම්බ තුළ සිදුවන ප්‍රතික්‍රියා

මෙම ප්‍රතික්‍රියා ප්‍රත්‍යාවර්ත නොවේ.

2017 අප්‍රේල් 18 වන අඟහරුවාදා

Q: බැක්ටීරියා සෛලයේ ව්‍යුහය පහදන්න.

Answered by විදු නැණ හවුල කණ්ඩායම

බැක්ටීරියා ඒක සෛලික කුඩා සෛල වේ. ප්‍රාග්න්‍යෂ්ටික සෛලීය සංවිධානයක් දරයි. හැඩය අනුව බැක්ටීරියා වර්ග තුනයි.

  1. කොකුස- ගෝලාකාර
  2. බැසිලස්- දණ්ඩාකාර
  3. ස්පිරිලුම්- සර්පිලාකාර

දර්ශීය බැක්ටීරියා සෛලයක හැඩය දණ්ඩාකාරයි (බැසිලස්). බැක්ටීරියා සෛලයක පිටතින්ම ඇත්තේ සෛල බිත්තියයි. තරමක් ඇඩි එය සෑදී ඇත්තේ පෙප්ටිඩෝග්ලයිකෑන් හෝ පොලිසැකරයිඩ ප්‍රෝටීන් වලිනි. සෛල බිත්තියට පිටතින් නානුමය ප්‍රාවරය/කැප්සිඩය පිහිටයි. මෙය පොලිසැකරයිඩමය වේ. සමහර බැක්ටීරියා වල ප්‍රාවරය ඝන වී කෝෂ්ඨය සාදයි.

සෛල බිත්තියට ඇතුළතින් ඇත්තේ සෛල ප්ලාස්ම පටලයයි. එමගින් සෛල ප්ලාස්මය වට වේ. සෛල ප්ලාස්ම පටලය සමහර ස්ථාන වලදී මධ්‍යයට නෙරා මීසොසෝම සාදයි. සෛලීය සවායු ශ්වසනයට දායක වන මේවා සවායු බැක්ටීරියා තුළ පමණක් පිහිටයි.

ප්ලාස්ම පටලයට ඇතුළතින් සෛල ප්ලාස්මය තුළ පටලමය ඉන්ද්‍රිකා කිසිවක් අඩංගු නොවේ. අඩංගු එකම ඉන්ද්‍රිකාව රයිබොසෝම ය. මේවා කුඩා 70S රයිබොසෝම වේ.

පටල වලින් වට වී සංවිධානය වූ න්‍යෂ්ටියක් නොමැත. න්‍යෂ්ටික ද්‍රව්‍ය නියෝජනය වන්නේ චක්‍රීය DNA අණුවක් මගිනි. හිස්ටෝන් ප්‍රෝටීන් වලින් වට වී නොමැති මෙය නග්න DNA නම් වේ. සමහර බැක්ටීරියා වල සෛල ප්ලාස්මයේ කුඩා වෘත්තාකාර DNA ඇත. මේවා බැක්ටීරියා ප්ලාස්මිඩ නම් වේ.                                                                                                                                                                                                                                                                                                                                          සමහර බැක්ටීරියා වල සෛල ප්ලාස්ම පටලයෙන් පිටතට විහිදෙන දිගු බහිශ්සෛලීය කෂිකා එකක් හෝ කිහිපයක් ඇත. මේවා 9+2 ක්ෂුද්‍ර නාලිකා ව්‍යුහය නොදරයි.

සෛල ප්ලාස්ම පටලයෙන් ඇරඹී සෛල බිත්තියෙන් පිටතට නෙරන කුඩා ප්‍රසර ඇත. ඒවා පිලයි/පිලි නම් වේ.

ප්‍රභාසංස්ලේෂී බැක්ටීරියා වල ප්ලාස්ම පටලය නෙරා ප්‍රභාසංස්ලේෂක සූස්තර පිහිටයි. ඒවා තුළ ප්‍රභාසංස්ලේෂක වර්ණක වන බැක්ටීරියෝ ක්ලෝරොෆිල්, බැක්ටීරියෝ විරිඩින් අඩංගුය.

බැක්ටීරියා සෛල තුළ, සෛල සැකිල්ල නම් ව්‍යුහය අඩංගු නොවේ. එමෙන්ම ඌනන විභාජනය හෝ අනූනන විභාජනය සිදු නොවේ. සරල විභාජනයක් දැකිය හැක.‍

2017 අප්‍රේල් 17 වන සඳුදා

Q: ඇනිලීන් නයිට්‍රොකරණය කළ නොහැක්කේ ඇයි?

Answered by විදු නැණ හවුල කණ්ඩායම

ඇනිලින් සාමාන්‍ය පරිදි නයිට්‍රොකරණය කළ නොහැක.

ඇනිලින් නයිට්‍රොකරණ මිශ්‍රණය මගින් ඔක්සිකරණය වී විනාශ වී යා හැක. ඒ බෙන්සින් වලය ඉතා ප්‍රබලව සක්‍රිය වී ඇති බැවිනි.

තවද සාමාන්‍ය නයිට්‍රොකරණ මිශ්‍රණය HNO3 හා H2SO4 වලින් සමන්විතයි. මෙම ආම්ලික මාධ්‍යය හමුවේ ඇනිලීන්, ඇනිලිනියම් අයනයේ සල්ෆේටය හෝ බයිසල්ෆේටය සාදයි.

C6H5NH2 + H2SO4 —> [C6H5NH3]+ + [HSO4]-

ඇනිලින් මෙන් නොව, ධන ආරෝපණයක් සහිත ඇනිලිනියම් අයනය NO2+ ඉලෙක්ට්‍රොෆිලිකය හමුවේ දක්වන්නේ ඉතා අඩු ප්‍රතික්‍රියාකාරීත්වයකි. එම නිසා ඇනිලින් මෙලෙස නයිට්‍රොකරණයට ලක් නොවේ.

එබැවින් ඇනිලින් නයිට්‍රොකරණය කිරීමට නම් පළමුව NH2 කාණ්ඩයට ඇසිල් කාණ්ඩයක් බද්ධ කර, බෙන්සින් වලයේ ප්‍රතික්‍රියාකාරීත්වය අඩු කළ යුතුය. පසුව ඇසිල් කාණ්ඩය සහිත බෙන්සින් වලය නයිට්‍රොකරණය කළ හැක. අනතුරුව භෂ්මයක් යොදා ඇසිල් කාණ්ඩය ඉවත් කරයි.

C6H5NH2 + (CH3CO)2O —> C6H5NHCOCH3 + CH3COOH

C6H5NHCOCH3 + HNO3 (in conc. H2SO4) —> O2NC6H4NHCOCH3 + H2O

O2NC6H4NHCOCH3 + OH- —> O2NC6H4NH2 (nitroaniline)+ CH3COO-

ඇසිල් කාණ්ඩයේ ත්‍රිමාණ අවහිරය නිසා ඕතෝ ඵලය අඩුවෙන් ද පැරා ඵලය වැඩියෙන් ද ලැබේ.

2017 අප්‍රේල් 17 වන සඳුදා

Q: ජීව විද්‍යාව යනු කුමක්දැයි හඳුන්වන්න.

Answered by විදු නැණ හවුල කණ්ඩායම

ජීව විද්‍යාව යනු ජීවීන් පිළිබඳ හැදෑරීමයි. ජීවය යන්න අර්ථ දැක්වීම අපහසු නිසා ජීවීන් හඳුනා ගැනීමට ඔවුන් සතු මූලික ලක්ෂණ 7ක් අපි භාවිතා කරමු.

  1. ක්‍රමවත් බව හා සංවිධානය
  2. වර්ධනය හා විකසනය
  3. පරිවෘත්තිය
  4. උද්දීප්‍යතාවය හා සමායෝජනය
  5. අනුවර්ථනය
  6. ප්‍රජනනය
  7. ආවේණිය හා පරිනාමය

මෙම ලක්ෂණ සහිත අය, එනම් ජීවීන් ගේ රූපීය, කායික, ව්‍යුහ විද්‍යාත්මක හා චර්යාත්මක ලක්ෂණ ද සම්භවය හා ව්‍යාප්තිය පිළිබඳ අධ්‍යයනයයි.

2017 අප්‍රේල් 3 වන සඳුදා

Q: පුරපසලොස්වක, අමාවක ආදී වශයෙන් චන්ද්‍රයාගේ විවිධ අවස්ථා ඇතිවන්නේ කෙසේ ද?

Answered by විදු නැණ හවුල කණ්ඩායම

සූර්යයා වටා පෘථිවිය පරිභ්‍රමණය වන්නා සේ, පෘථිවිය වටා චන්ද්‍රයා පරිභ්‍රමණය වේ. චන්ද්‍රයා දීප්ත වස්තුවක් නොවේ. අපට චන්ද්‍රයා දිස්වන්නේ සූර්යාලෝකය චන්ද්‍රයා මත පතනය වී එම ආලෝකය පරාවර්තනය වීමෙනි. බථිවිය වටා එක් වටයක් භ්‍රමණය වීමට චන්ද්‍රයාට දින 29 ½ක් ගත වේ. එම දින 29 ½ ඇතුළත දිනපතා අපට හඳ දිස්වන්නේ වෙනස් හැඩ වලිනි.මෙසේ චන්ද්‍රයාගේ දෘශ්‍ය හැඩය වෙනස්වන රටාව ‘චන්ද්‍ර කලා’ නම් වේ.

රූපයෙහි 1 පිහිටුමේ දී සඳේ ආලෝකමත් වූ කොටස පෘථිවියට අනෙක් පැත්තේ පිහිටි නිසා, චන්ද්‍රයා අපට නොපෙනේ. මෙය අමාවක (New moon) දිනයයි. එදින සඳ නොපෙනේ.

ඉන් දින 14කට පමණ පසු චන්ද්‍රයා 5 පිහිටුමට පැමිණේ. එවිට සඳේ ආලෝකවත් වන පෘෂ්ඨය මුළුමුනින්ම පෘථිවියට පෙනෙයි. මෙය සිදුවන්නේ පසළොස්වක දාය (Full moon).

2017 මාර්තු 31 වන සිකුරාදා

Q: ප්‍රති ඔක්සිකාරක යනු මොනවාද?? ඒවායේ ක්‍රියකාරිත්වය සහ ප්‍රති ඔක්සිකාරක විටමින විස්තර කරන්න.

Answered by විදු නැණ හවුල කණ්ඩායම

ප්‍රතිඔක්සිකාරක යනු වෙනත් අණු හා සංයෝග, ඔක්සිකරණයට ලක්වීම වළක්වන අණු වේ. සිරුර තුළ ඔක්සිකරණ ප්‍රතික්‍රියා සිදුවන විට මුක්ත ඛණ්ඩක නිපදවේ. මෙම ආරෝපිත අණු අස්ථායි බැවින් DNA ඇතුළු අනෙක් අණු සමඟ දාම ප්‍රතික්‍රියා සිදු කරමින් සෛල වලට හානි පමුණුවයි.

අණුවක් ඉලෙක්ට්‍රෝන ඉවත් කරමින් ඔක්සිකරණයට ලක් වී මුක්ත ඛණ්ඩකයක් බවට පත් වූ විට ප්‍රති ඔක්සිකාරක, අදාල මුක්ත ඛණ්ඩකයට ඉලෙක්ට්‍රෝන දායක කරමින් එය උදාසීන කරයි.

බීටා කැරොටින්, විටමින් C හා විටමින් E ප්‍රධාන ප්‍රති ඔක්සිකාරක විටමින වේ. රතු, තැඹිලි, කහ හා දම් පැහැයට හුරු එළවලු හා පළතුරු වල මේවා අඩංගු වේ.

2017 මාර්තු 23 වන බ්‍රහස්පතින්දා

Q: ජල බීකරයක් සුමට තිරස් ආනත තලයක් ඔස්සේ ගුරුත්වය යටතේ ලිස්සා යනවිට එහි ජල පෘෂ්ඨය තලයට සමන්තරව පැවතීම භෞතික විද්‍යාවෙන් සෛදාන්තිකව පැහදිලි කරන්නේ කෙසේද?

Answered by විදු නැණ හවුල කණ්ඩායම

බීකරයේ මතුපිට ජල පෘෂ්ඨයේ m ස්කන්ධයෙන් යුත් ජල අංශුවක් සැලකූ විට, තලයට සමාන්තර අක්ෂය ඔස්සේ ඇති mg Sinθ සංරචකය නිසා ත්වරණය වේ. සුමට තලයක ගුරුත්වය යටතේ ත්වරණය වන්නක් නිසා එම අක්ෂය ඔස්සේ වෙනත් කිසිඳු බාහිර බලයක් ක්‍රියා කිරීම අවශ්‍ය නොවේ.

තලයට ලම්භක අක්ෂය සැලකූ විට බරෙහි mg Cosθ සංරචකය පහළට ක්‍රියා කරයි. මෙම අක්ෂය ඔස්සේ චලිතයක් සිදු නොවන නිසා එම අක්ෂය ඔස්සේ බල සමතුලිත විය යුතුයි. එසේ වීමට නම් යාබද ජල අංශු වලින් ඇති කරන අභිලම්භ ප්‍රතික්‍රියා වල සම්ප්‍රයුක්තය (R) රූපයේ පරිදි තලයට ලම්භකව ඉහළට ක්‍රියා කළ යුතුයි. එසේ වන්නේ ජල පෘෂ්ඨය ආනත තලයට සමාන්තර වූ විටය. 

2017 මාර්තු 21 වන අඟහරුවාදා

Q: අකුණු සන්නායක සෑදීමට ගන්නා වඩාත් සුදුසු ලෝහය කුමක්ද ?

2017 මාර්තු 20 වන සඳුදා

Q: ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂය පිළිබඳව පහදා දෙන්න.

Answered by විදු නැණ හවුල කණ්ඩායම

ඉලෙක්ට්‍රෝන සතු තරංගමය ගුණය ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය නිපදවීම සඳහා පාදක වූ මූලික කරුණයි. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය මගින් ආලෝක අන්වීක්ෂයකට සාපේක්ෂව වඩාත් විශාලිත ප්‍රතිබිම්බ ලබා ගැනීමේ හැකියාව ඇත.
20 වන සියවස මැද භාගය වන විට විද්‍යාඥයින් විසින් සම්ප්‍රේෂක ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය (TEM) හා පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය (SEM) යන ප්‍රධාන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ යුගල නිපදවීමට සමත් විය.
මෙහිදී ආලෝකය වෙනුවට ඉලෙක්ට්‍රෝන කදම්භයක් භාවිතා කරයි. අයනීකරණ කුටීරයේ ඉලෙක්ට්‍රෝන  නිපදවයි. ත්වරකය මගින් වේගය වැඩි කරයි. ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ රික්ත කුටීරයක් තුළික් බැවින් ඉලෙක්ට්‍රෝන ගමනට බාධා ඇති නොවේ. මේවායෙහි උපනෙත හා අවනෙත ලෙස යොදා ගන්නේ වීදුරු කාජ නොව චුම්බක කාච වේ. මෙම චුම්බක ඉලෙක්ට්‍රෝන මත ඇති කරන බලපෑම මගින්   ඉලෙක්ට්‍රෝන නාභිගත කරයි. මෙහිදී චුම්බක ක්ෂේත්‍රයක් නිපදවීම සඳහා බොහෝ සෙයින් ක්‍රමානුකූලව නිර්මාණය කරන ලද,ධාරා ගෙන යන සන්නායක දඟර යොදා ගනියි.
ප්‍රතිබිම්භ ඍජුවම නිර්ක්ෂණය කළ නොහැක. ප්‍රතිදීප්ත තිරයක් මත හෝ ඡායාරූප තහඩුවක් මගින් ලබාගත් ඡායාරූපයක් හෝ නිරික්ෂණය කරයි.
අන්වීක්ෂයක උපරිම විභේදන හැකියාව තීරණය වන්නේ එම අන්වීක්ෂය මගින් නාභිගත කරන විකිරණ වර්ගය මතය.මෙහිදී විකිරණ වර්ගයේ තරංග ආයාමය කුඩා වත්ම අන්වික්ෂයේ විභේදන හැකියාව වැඩි වේ.  ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය මගින් 0.004nm තරංග ආයාමයක් ලබා ගැනීම සඳහා   ඉලෙක්ට්‍රෝන වෝල්ට් 105 වැනි විශාල විභව අන්තරයක් යටතේ ත්වරණය කරයි.සෛද්ධාන්තිකව මෙසේ 0.004 nm තරංග ආයාමයක් ලබා ගත හැකි වුවද, ප්‍රායෝගිකව චුම්බක කාච මගින් ඇති කරන අප්‍රේරණය නිසා ලබා ගත හැකි අවම තරංග ආයාමය 0.1 සිට 0.5 nmට සීමා වේ. එතෙකුද ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය මගින් ආලෝක අන්වීක්ෂයකට සාපේක්ෂව 103 ගුණයක් විශාලිත ප්‍රතිබිම්බ ලබා ගැනීමේ හැකියාව ඇත.

 

2017 මාර්තු 20 වන සඳුදා

Q: සාන්ද්‍ර හා තනුක යන පද පහදන්න.

Answered by විදු නැණ හවුල කණ්ඩායම

උදාහරණයක් ලෙස H2SO4 ද්‍රාවණයක් ගනිමු. එහි H2SO4 අඩු ප්‍ර‍මාණයක් ද ජලය වැඩි ප්‍රමාණයක් ද ඇති විට එය තනුක H2SO4 ද්‍රාවණයක් ලෙස හැඳින්වේ. එනම් ද්‍රාව්‍යය අඩුවෙන්ද ද්‍රාවකය වැඩියෙන්ද ඇති විට තනුක ලෙස හඳුන්වයි.

ද්‍රාව්‍ය ප්‍ර‍මාණය වැඩි විට සාන්ද්‍ර‍ H2SO4 ද්‍රාවණයක් නම් වේ. මෙහි ද්‍රාවකය වන ජලය, තනුක ද්‍රාවණයට සාපේක්ෂව අඩුය. එනම් සාන්ද්‍ර ද්‍රාවණයක, ඒකක ද්‍රාවණ පරිමාවක ඇති ද්‍රාව්‍ය මවුල ප්‍රමාණය තනුක ද්‍රාවණයකට සාපේක්ෂව වැඩිය.

2017 මාර්තු 12 වන ඉරිදා

Q: Na2O2 හා KO2 වගේ සංයෝග වල borne Haber චක්‍ර අදිද්දී O2 වලට කෙළින්ම delta Ea 1 & 2 දෙන්න පුලුවන්ද? නැත්තම් කොහොමද ??

Answered by විදු නැණ හවුල කණ්ඩායම

Na2O2 සෑදී ඇත්තේ Na+ අයන හා [O2]2- අයන වලිනි. එනිසා O2 වලින් [O2]2- අයනය සෑදීමට අවශ්‍ය අයනීකරණ ශක්තිය දිය යුතුයි.

KO2 සෑදී ඇත්තේ K+ අයන හා [O2] – අයන වලිනි. මෙහිදී O2 වලින් [O2]- අයනය සෑදීමට අවශ්‍ය අයනීකරණ ශක්තිය දිය යුතුයි.

2017 මාර්තු 9 වන බ්‍රහස්පතින්දා

Q: DNA වල ක්‍රියාකාරීත්වය පහදා දෙන්න

Answered by විදු නැණ හවුල කණ්ඩායම

DNA වල මූලික කාර්යය වන්නේ ජීවීන්ගේ වර්ධනය, ප්‍රවර්තනය හා ප්‍රජනනය සඳහා අවශ්‍ය තොරතුරු හා සංඥා සැපයීම යි. ප්‍රෝටීන සංස්ලේෂණයට අවශ්‍ය ප්‍රවේණික තොරතුරු DNA වල ගබඩා වී ඇති අතර, එම කේතයට අනුව සංස්ලේෂණය කෙරෙන ප්‍රෝටීන ජීවී දේහ තුළ අත්‍යවශ්‍ය ක්‍රියා සිදු කරයි.

2017 මාර්තු 9 වන බ්‍රහස්පතින්දා

Q: ජීව වායු ඒකකයක් යනු කුමක්ද ? එහි ක්‍රියාකාරීත්වය පහදා දෙන්න.

Answered by විදු නැණ හවුල කණ්ඩායම

ජීව වායුව නිපදවා ගැනීම සඳහා යොදා ගන්නා ඇටවුම කි. එනම් සාමාන්‍ය ඉදිකිරීම් ද්‍රව්‍ය භාවිතා කර සාදාගන්නා වායුරෝධක කුටීරයක් තුල කාබනික ද්‍රව්‍ය දිරාපත් කරගැනීමටත් ඉන් පිටවන වායුව රැස් කර ගැනීමටත් සාදාගන්නා පද්ධතියකි.

එහිදී ශාක, සත්ත්ව අපද්‍රව්‍ය ඇතුළු දිරාපත් වන ද්‍රව්‍ය, පැසීම් ප්‍රතික්‍රියාකාරකය හෙවත් ජීරක ටැංකියට ඇතුල් කරයි. මේ සඳහා ඝන, අර්ධ ඝන සහ දියරමය තත්වයේ ඇති මුළුතැන්ගෙයින් ඉවත ලන දෑ, ගොම, කොළ රොඩු ආදී ඕනෑ ම දිරාපත් වන යමක්‌ යොදාගත හැකියි.

එය තුළ 38-40°C උෂ්ණත්වයක් පවත්වා ගනියි. ඔක්සිජන් හා ආලෝකය නොමැති තත්ව යටතේ මෙම උපස්ථර, ක්ෂුද්‍ර ජීවීන් මගින් දිරාපත් වීමට හරියි.

නිෂ්පාදනය කෙරෙන ජීව වායුව ටැංකියේ ඉහළින් ලබා ගෙන විදුලිය හා තාපය ජනනය කිරීමට භාවිතා කරයි. ජීරක ටැංකිවල ඉතිරි වන දිරාපත් වූ කොටස්‌ ඉතා සාරවත් පොහොරක්‌ ලෙස භාවිත කළ හැකිය.

2017 මාර්තු 9 වන බ්‍රහස්පතින්දා

Q: උෟරන්ගේ ඉන්සියුලින් හා මානව ඉන්සියුලින් ඒක අැමයිනෝ අම්ලයකින් වෙනස් වනවා නම් ඒය මානව ඉන්සියුලින් නිපදවීම සදහා යෝග්‍ය වන්නේ කෙසේද ?

Answered by විදු නැණ හවුල කණ්ඩායම

ඉන්සියුලින් හෝමෝනය ඇමයිනෝ අම්ල 51ක අනුක්‍ර‍මයකින් යුක්තයි. මානව ඉන්සියුලින් වලට වඩාත් සමාන සත්ත්ව ඉන්සියුලින් වර්ගය වන්නේ, එක් ඇමයිනෝ අම්ලයක වෙනසක් පෙන්වන ඌරන්ගෙන් ලබාගන්නා ඉන්සියුලින්ය. මේවායේ ක්‍රියාකාරීත්වයන් සමාන නිසා බොහෝ දුරට ගැටළුවක් ඇති නොවේ. නමුත් ඇතැම් පුද්ගලයින් තුළ මෙම ආගන්තුක ඉන්සියුලින් වලට එරෙහිව ආසාත්මිකතා ඇතිවීමට, හෝමෝනයේ ක්‍රියාකාරීත්වය අඩාල වීමට හැක.

අමතර – ඌරන්ට පෙර භාවිතා කළේ ගවයින්ගෙන් ලබා ගන්නා ඉන්සියුලින්. මෙය හා මානව ඉන්සියුලින් අතර ඇමයිනෝ අම්ල 3ක වෙනසක් පවතී.

2017 මාර්තු 8 වන බදාදා

Q: ඌරෙකුගෙන් ඉන්සියුලින් ලබා ගන්නේ කෙසේ ද?

Answered by විදු නැණ හවුල කණ්ඩායම

අග්න්‍යාශයේ බීටා සෛල වල ඉන්සියුලින් නිපද වේ. ඌරන්ගේ අග්න්‍යාශයන් ගෙන ඒවායේ ඇති මෙම ඉන්සියුලින්, සුදුසු ද්‍රාවකයක් ආශ්‍රය‍ෙන් නිස්සාරණය කර ගනියි. පසුව ඒවා පිරිසිදු කිරීමේ ක්‍රියාවලි වලට භාජනය කරයි.

ඌරන්ගේ ඉන්සියුලින් හා මානව ඉන්සියුලින් අතර ඇත්තේ එක් ඇමයිනෝ අම්ලයක වෙනසකි. එනිසා දියවැඩියාවට ප්‍රතිකාර ලෙස මානව ඉන්සියුලින් නිපදවීමට මෙලෙස නිස්සාරණය කරගත් ඉන්සියුලින් යොදා ගන්නා ලදි.

එහෙත් වර්තමානයේදී ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණයේ දියුණුවත් සමඟ මානව ඉන්සියුලින් ජානය බැක්ටීරියා වලට ඇතුළු කර ඒවා ක්ලෝනීකරණය කිරීම හරහා ඉන්සියුලින් නිපදවා නිස්සාරණය කර ගනියි.

2017 පෙබරවාරි 28 වන අඟහරුවාදා

Q: ලේ දන්දුන් පසු රුධිර දායකයා මහත් වන බව ඇත්තක්ද?

Answered by විදු නැණ හවුල කණ්ඩායම

කෙටි කාලයක් තුළ සිරුරෙන් වැඩි රුධිර ප්‍රමාණයක් ඉවත් කෙරෙන නිසා එම අඩුව පුරවා ගැනීමට විශාල ශක්තියක් අවශ්‍ය වේ. එබැවින් වෙනදාට වඩා වැඩිපුර ආහාර ගැනීමටත් ව්‍යායාම නොකර සිටීමටත් පෙළඹ‍ෙන නිසා බර වැඩිවිය හැක. එසේ නොමැතිව ලේ දන්දීම හා බර වැඩිවීම අතර ඍජු සම්බන්ධයක් ඇත්දැයි පරීයේෂණ හරහා තහවුරු කරගෙන නැත.

එහෙත් දන් දෙන සෑම රුධිර පයින්ට් එකක්ම ප්‍රතිස්ථාපනය කිරීම සඳහා කැලරි 650ක් පමණ බැගින් වැය වේ. මෙහිදී ප්‍රමාණවත් තරම් පෝෂක බාහිරයෙන් ලබා නොගතහොත් බර අඩු වීමට හැක.

2017 පෙබරවාරි 15 වන බදාදා

Q: ගොඩ සුළං යනු කුමක්ද?

Answered by විදු නැණ හවුල කණ්ඩායම

ගොඩ සුළං සාමාන්‍යයෙන් ඇති වන්නේ රාත්‍රී කාලයේදී ය. රාත්‍රියේ දී ගොඩබිම, මුහුදට වඩා සීතල වේ (ජලයේ තාප ධාරිතාව අධික නිසා සිසිල් වන ගතිය අඩුයි).

මේ නිසා මුහුදට වහාම ඉහළින් ඇති වාතය සාපේක්ෂව උණුසුම්ය. ඝනත්වය අඩුයි. එනිසා ඉහළ යයි. එබැවින් එහි වායු පීඩනය ද අඩුයි.

නමුත් ගොඩබිමට ඉහළින් ඇති වාතය සිසිල්. ඝනත්වය වැඩියි. පීඩනය වැඩියි.

මෙම පීඩන වෙනස හමුවේ වෙරළේ ඇති වාතය වැඩි පීඩනයේ සිට අඩුු පීඩනයක් ඇති මුහුද දෙසට ගලයි. ගොඩ සුළං ලෙස හඳුන්වන්නේ මෙලෙස වෙරළේ සිට මුහුද දෙසට ගලායන වායු ප්‍රවාහයයි.

2017 පෙබරවාරි 15 වන බදාදා

Q: ගොඩනැගිලි ගල් වල විශිෂ්ට ගුරුත්වය යනු කුමක්ද? එහි පරාසය කොපමණද?

Answered by විදු නැණ හවුල කණ්ඩායම

විශිෂ්ට ගුරුත්වය යනු ඝනත්වය සඳහා යෙදෙන තවත් නමකි. එනම් ඒකක පරිමාවක අඩංගු ස්කන්ධය යි.

ඝනත්වය = ස්කන්ධය / පරිමාව

සාමාන්‍ය රතු ගඩොල් වල විශිෂ්ට ගුරුත්වය 120 lb/ft3 හෙවත් 1922 kg/m3 පමණ වේ.

ඔබට ගොඩනැගිලි ඉදිකිරීම් පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා http://nerdc.lk/en/index.php වෙත පිවිසීම වඩා සුදුසුය.

2017 පෙබරවාරි 15 වන බදාදා

Q: බ’නූලී වලින් පීඩනය අඩු තැන ප්‍රවේගය වැඩි බව ගැනීමට නම් එම ප්‍රවාහ බටය තිරස් විය යුතු නොවේද?

Answered by විදු නැණ හවුල කණ්ඩායම

නැත. තරල ප්‍රවාහය අසම්පීඩ්‍ය (ප්‍රවාහය දිගේ ඝනත්වය නොවෙනස්) හා අනවරත නම් සිරස් වුවද තිරස් වුවද බ‘නුලි ප්‍රමේයය යෙදිය හැක.

2017 ජනවාරි 16 වන සඳුදා

Q: උරගයින්ගේ සමේ කොරපොතු තිබීමට හේතු?

Answered by විදු නැණ හවුල කණ්ඩායම

ප්‍රධාන කෘත්‍යය ආරක්ෂාව යි.

උරගයින්ගේ සම ක්ෂීරපායි සමට වඩා තුනීය. ඔවුන්ට හිරු එළියෙන් හා UV කිරණ වලින් ආරක්ෂාව සපයන්නේ මෙම කොරපොතු මගිනි.

තවද එමගින් දේහයෙන් ජලය හානිවීම අවම කර විජලනයෙන් ආරක්ෂාව සපයයි. එමෙන්ම සංචරනයේ දී ඝර්ෂණයෙන් හා සීරීම් ආදියෙන් වන හානි වලින් ආරක්ෂාව සලසයි.

2017 ජනවාරි 6 වන සිකුරාදා

Q: සංකෝචක රික්තක යනු මොනවා ද?

Answered by විදු නැණ හවුල කණ්ඩායම

බහුලවම ඇමීබාවන් වැනි ප්‍රොටොසෝවා වන්ට ඇති, සෛලයේ ආස්‍රැති විධානය පවත්වා ගැනීමට දායක වන රික්තක ආකාරයකි. ( සෛලය තුළින් ජලය බැහැර කර සෛලීය ජල මට්ටම යාමනය කරයි )

2017 ජනවාරි 6 වන සිකුරාදා

Q: සංයුක්ත ආලෝක අනවීක්ෂයේ ප්‍රධාන කොටස්වල කාර්යයන්

Answered by විදු නැණ හවුල කණ්ඩායම

උපනෙත- ඇස තබා බලන කොටසයි. ×5, ×10, ×15 ආදී ලෙස විශාලන බල ඇත.

අවනෙත- වර්ග 3යි. වරකට උපනෙත සමඟ එයින් එකක් භාවිතා කරයි.

  • අවබල අවනෙත-×20, ×10
  • මැදිබල අවනෙත-×40,×20
  • අධිබල අවනෙත-×100,×60,×40 ආදී ලෙස විශාලන බල ඇත.

කන්ඩෙන්සරය(සංඝනීකාරක කාචය)- ආලෝකය නිදර්ශකය හරහා යන පරිදි නාඹිගත කරයි.

දළ සීරුමාරුව-ප්‍රතිබිම්භය දළ වශයෙන් සීරුමාරු කිරීමට.

සියුම් සීරුමාරුව- ප්‍රතිබිම්භය සියුම් ලෙස සීරුමාරු කිරීමට.

දර්පණය- ආලෝකය නිදර්ශකය වෙත යොමු කිරීමට දායක වේ. එහි,

  • තල දර්පණය- දුර සිට එන කිරණ නාභිගත කිරීමට.
  • අවතල දර්පණය- ළඟ සිට එන කිරණ නාභිගත කිරීමට.

වේදිකාව- නිදර්ශකය තබන ස්ථානයයි.

2017 ජනවාරි 6 වන සිකුරාදා

Q: Alkaline water පිලිබඳ තොරතුරු එවන්න.

Answered by Team Vidu Nena Hawula under guidance of Dr. Methika Withanage - NIFS.

Alkaline water යනු ක්ෂාරීය ජලයයි. සාමාන්‍ය ජලය උදාසීනයි. pH අගය 7 පමණ වේ. නමුත් ක්ෂාරීය ජලයේ pH අගය 9ක් පමණ වන අතර කැල්සියම්, පොටෑසියම්, මැග්නීසියම් හා සෝඩියම් වැනි ක්ෂාරීය ඛනිජ අයනවලින් පෝෂිතයි.

උල්පත් වලින් පැන නගින ජලය බොහෝ විට ස්වභාවිකවම ක්ෂාරීයයි. එහෙත් ගංගා දිගේ පහළට ගලායත්ම මෙම ක්ෂාරීය ගුණ නැසී ආම්ලිකතාව වැඩිවේ. කෘත්‍රිමව ක්ෂාරීය ජලය නිපදවන්නේ අයනීකාරක යන්ත්‍රයක් භාවිතයෙන් සාමාන්‍ය ජලය විද්‍යුත් විච්ඡේදනයට ලක් කිරීමෙනි. මෙහිදී ආම්ලික හා ක්ෂාරීය ලෙසට ජලය ප්‍රවාහ දෙකකට වෙන්වේ. තවද මෙම ක්‍රියාවලියේදී අණු 13-16 අතර ප්‍රමාණයකින් වටවී පවතින විශාල ජල පොකුරු, අණු 6කින් පමණ යුත් ක්ෂුද්‍ර ජල පොකුරු බවට පත්වීම ද සිදු වේ. මෙම ක්ෂුද්‍ර ජල පොකුරු සෛල හා පටක මගින් පහසුවෙන් අවශෝෂණය කරගත හැක.

පිරිසිදු කළ ක්ෂාරීය ජලය පානය කිරීම සෞඛ්‍යමත් ජීවිතයකට අවැසි වාසි රැසක් ගෙන දෙයි. එය සතු ප්‍රතිඔක්සිකාරක ගුණ වියපත්වීම ප්‍රමාද කරයි. තවද සිරුරේ ආම්ලිකතාව අඩුකර අනවශ්‍ය ලෙස මේද තැන්පත්වීම වළකයි. රුධිර පීඩනය යාමනයට හා විෂ හරණයටද එය ඉවහල් වේ. ක්ෂාරීය ජලය භාවිතයෙන් එළවලු, ධාන්‍ය, මස් ආදිය පිසීම ඒවායේ රස ගුණ හා පෙනුම ද රැකදී සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කරයි.

එහෙත් ක්ෂාරීය ජලය පමණ ඉක්මවා පානය කිරීම දේහයේ pH අගය අනවශ්‍ය ලෙස ඉහළ නංවා පරිවෘත්තීය ක්‍රියා සඳහා අහිතකර තත්ව ඇති කළ හැක. ඒ නිසා පුරුද්දක් ලෙස Alkaline water පානය කරන්නේ නම් නිරතුරුවම දේහ pH අගය ගැන සැලකිලිමත්වීම නුවණට හුරුය.

2016 නොවැම්බර් 24 වන බ්‍රහස්පතින්දා

Q: කැටායන හා ඇනායන යනු මොනවද?මේවා ඇනෝඩ හා කැතොඩ අතර කිසියම් සම්බදතාවක් පවතිද?

Answered by විදු නැණ හවුල කණ්ඩායම

කැටායන යනු ධන ආරෝපිත අයන. ඇනායන යනු ඍණ ආරෝපිත අයන.

ඇනෝඩය වෙතට ආකර්ශනය වන්නේ ඇනායනයි. එහිදී ඇනායන ඉලෙක්ට්‍රෝන මුදාහරිමින් ඔක්සිකරනය වේ.

කැතෝඩය වෙතට ආකර්ශනය වන්නේ කැටායනයි. එහිදී කැටායන ඉලෙක්ට්‍රෝන ලබා ගනිමින් ඔක්සිහරනය වේ.

 

2016 නොවැම්බර් 24 වන බ්‍රහස්පතින්දා

Q: ඩිම්බ කෝෂය අන්තරාසර්ග ග්‍රන්ථියක් ද?

Answered by විදු නැණ හවුල කණ්ඩායම

ඔව්. එය අනෙක් අන්තරාසර්ග ග්‍රන්ථි මෙන්ම හෝමෝන නිපදවා ඍජුවම රුධිරයට මුදා හරියි. නිකුත් කරන හෝමෝන වන්නේ ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන්.

2016 නොවැම්බර් 15 වන අඟහරුවාදා

Q: කැස්බෑවාගේ ලවණ ග්‍රන්ථි පිහිටන්නේ ජම්බාලිය අසලද? ජම්බාලිය යනු කුමක්ද?

Answered by විදු නැණ හවුල කණ්ඩායම

නැත. ලවණ ග්‍රන්ථි යනු ඇතැම් උරගයින්ගේ හා පක්ෂින්ගේ වැඩිපුර ලවණ බහිස්‍රාවය සඳහා ඇස් අසල පිහිටි ග්‍රන්ථි විශේෂයකි. ජම්බාලිය යනු ප්‍රජනක හා බහිස්‍රාවී ව්‍යුහ අඩංගු කර සැදි දේහයේ අපරව පිහිටි අවයවයකි. මෙම විවරය හරහා බහිස්‍රාවී අපද්‍රව්‍ය මෙන්ම මළපහ ද බැහැර කෙරේ.

 

2016 ඔක්තෝබර් 11 වන අඟහරුවාදා

Q: ඉන්ඩක්ෂන් කුකරයේ(ප්‍රේරණ උඳුනේ) ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන්න

Answered by Team Vidu Nena Hawula

මෙම උඳුනේ කෑම පිසින බඳුන තබන ස්ථානයට යටින් තඹ කම්බි දඟරයක් ස්ථාපිත කර තිබේ. එම කම්බි දඟරයට ප්‍රත්‍යවර්ත ධාරාවක් යොමු කෙරේ(ගෘහස්ත විදුලි සැපයුම ප්‍රත්‍යාවර්ත වේ).එවිට විචලනය වන විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇතිවන නිසා ඒ අවට විචලනය වන චුම්බක ක්ෂේත්‍රයක් ද ඇතිවේ. කෑම පිසින බඳුන විද්‍යුත් සන්නායක බැවින් බඳුනට ද විචලනය වන චුම්බක ක්ෂේත්‍රය දැනේ. ඒ හේතුවෙන් බඳුනේ විද්‍යුත් ධාරා වළලු(eddy currents) ඇතිවේ. ධාරාවට බඳුනේ ඇති ප්‍රතිරෝධය නිසා විශාල තාපයක් එහි ජනනය වේ.එමඟින් ආහාර පිසගැනීම සිදුකෙරේ.කාර්යක්ෂමව තාපය ජනනයට කෑම පිසින බඳුන චුම්බක මධ්‍යයකින්(යකඩ හෝ මල නොකන වානේවලින්) සාදනු ලැබේ.

2016 ඔක්තෝබර් 3 වන සඳුදා

Q: සයුර නිල් පැහැවන්නේ ඇයි?

Answered by Team Vidu Nena Hawula

සයුර නිල් පැහැ වන්නේ ජලය මගින් දෘශ්‍ය ආලෝකයේ රතු,තැඹිලි වර්ණ අවශෝෂණය කරන බැවිනි. එවිට සයුරෙන් නිකුත් වන්නේ නිල් පැහැයයි. ජල ප්‍රමාණය වැඩිවිට අවශෝෂණය වන රතු ආලෝක ප්‍රමාණය වැඩිවන නිසා ගැඹුරු මුහුද තද නිල් පැහැ වේ.

2016 සැප්තැම්බර් 21 වන බදාදා

Q: බිත්තර කහ මදයේ කහ පැහැය ලබාදෙන්නේ කුමක් ද?

Answered by Team Vidu Nena Hawula

ලුටෙයින්(lutein) හා සීසැන්තින්(zeaxanthin) යන වර්ණක මගින් කහ පැහැය ලබාදෙයි. මේවා සැන්තොෆිල් වර්ගයට අයත් කැරටිනොයිඩ වර්ණක වේ. මෙම වර්ණක, පැහැය ලබාදීම පමණක් නොව බිත්තරයේ ඇති විටමින් වැනි වැදගත් සංයෝගවලට හානිවීම හා ඔක්සිකරණය වළකයි.

2016 සැප්තැම්බර් 16 වන සිකුරාදා

Q: මිනිසාගේ යටිපතුල් වක්‍රාකාර වීමට හේතුව කුමක් ද?

Answered by Team Vidu Nena Hawula

මිනිසා අපර ගාත්‍රා 2 පමණක් යොදාගෙන ඇවිදීම සිදුකරයි. එහි දී යටි පතුලට ශරීරයේ මුළු බර දරාගැනීමට සිදුවේ.වක්‍ර යටි පතුලක් තිබුණු විට සිරුරේ බර යටි පතුලේ විවිධ කොටස්වලට බෙදී යාම නිසා සිරුරේ බර දරා ගැනීම පහසු වේ.ඇවිදීම ද වඩා පහසුවේ.

2016 සැප්තැම්බර් 12 වන සඳුදා

Q: සංකුංචන රික්තක ස්වසන ඉන්ද්‍රියක් නොවන්නේ ඇයි?

Answered by Team Vidu Nena Hawula

සංකුංචන රික්තක යැයි හැඳින්වූයේ සංකෝචන රික්තක විය යුතුය.සංකෝචන රික්තක යනු ඇමීබා වැනි ජීවීන්ට පිහිටන උපසෛලික ව්‍යුහයකි.එය දේහයේ ජල තුල්‍යතාව පවත්වාගනියි.එනම් එහි කාර්යය ස්වසනය නොව ආශ්‍රැති විධානයයි.

2016 සැප්තැම්බර් 6 වන අඟහරුවාදා

Q: හයිඩ්‍රජන් වර්ණාවලිය පහදලා දෙන්න පුලුවන්ද?

Answered by Team Vidu Nena Hawula

හයිඩ්‍රජන් වර්ණාවලිය ආකාර 2කි.

1.අවශෝෂණ වර්ණාවලිය
2.විමෝචන වර්ණාවලිය
හයිඩ්‍ර‍ජන් වායු ගහණයක් හරහා සන්තතික විද්‍යුත් චුම්බක තරංග ශ්‍රේණියක් යවා එයින් නිර්ගත වන විකිරණ විභේදනය කර නිරීක්ෂණය කළ විට දීප්තිමත් පසුබිමක අඳුරු රේඛා දැකගත හැකිවේ.මෙය අවශෝෂණ වර්ණාවලියයි.
හයිඩ්‍ර‍ජන් වායු ගහණයකට විද්‍යුතය සපයා උත්තේජනය කර පිටවන විකිරණ විභේදනය කර නිරීක්ෂණය කළවිට අඳුරු පසුබිමේ දීප්තිමත් රේඛා දැකගත හැකිවේ.මෙය විමෝචන වර්ණාවලියකි.
හයිඩ්‍ර‍ජන් පරමාණුක වර්ණාවලිය ඇති වීම පැහැදිලි කිරීමට බෝර් ආකෘතිය ඉදිරිපත් කෙරිනි.එහි සරල අදහස පහත පරිදිය.

හයිඩ්‍ර‍න්හි න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝනය පැවතීමට නිශ්චිත ශක්ති මට්ටම් ඇත.ශක්තිය සැපයූ විට ඉලෙක්ට්‍රෝනය ශක්තිය අවශෝෂණය කර ඉහළ ශක්තිමට්ටම්වලට සංක්‍රමණය වන අතර එවිට අස්ථායි වන නිසා ලබාගත් ශක්තිය විද්‍යුත් චුම්බක තරංග ලෙස පිටකරයි. එකවර හෝ කොටස් වශයෙන් ශක්තිය පිටකර මුල් ශක්ති මට්ටමට පැමිණේ.අවශෝෂිත මුළු ශක්තිය එකවර පිටකළ විට කෙළින්ම මුල් ශක්ති මට්ටමට වැටේ. කොටස් වශයෙන් පිටකිරීමේ දී අතරමැදි ශක්ති මට්ටම්වලට ද වැටී අවසානයේ දී මුල් ශක්ති මට්ටමට වැටේ.

යම් ශක්ති මට්ටමක සිට පහළ ශක්ති මට්ටමකට ඉලෙක්ට්‍රෝනය වැටීමේ දී නිශ්චිත සංඛ්‍යාතයකින් යුත් විද්‍යුත් චුම්බක තරංගයක් මුක්ත වන අතර එමගින් විමෝචන වර්ණාවලියේ නිශ්චිත රේඛාවක් ඇති කරයි.
වර්ණාවලියේ රේඛාවක් යනු ශක්ති මට්ටමක ශක්ති ප්‍රමාණය නොව ශක්ති මට්ටම් 2ක් අතර ශක්ති වෙනස නිරූපණයකි.
ඉහළ ශක්ති මට්ටම්වල සිට 1 ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන වැටීමේ දී H වර්ණාවලියේ ලයිමාන් ශ්‍රේණිය ඇතිවේ. මෙම ශ්‍රේණියේ කිරණ පාරජම්බුල කිරණ පරාසයට අයත් වේ.
ඉහළ ශක්ති මට්ටම්වල සිට 2 ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන වැටීමේ දී H වර්ණාවලියේ බාමර් ශ්‍රේණිය ඇතිවේ.මෙම ශක්ති අන්තරය ඇති කිරණ දෘශ්‍ය පරාසයට අයත් බැවින් විමෝචන වර්ණාවලියේ දක්නට ලැබෙන වර්ණවත් රේඛා මෙම ශ්‍රේණියට අයත්ය.
ඉහළ ශක්ති මට්ටම්වල සිට 3 ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන වැටීමේ දී H වර්ණාවලියේ පාෂන් ශ්‍රේණිය ඇතිවේ.එය අධෝරක්ත කලාපයේ කිරණවලින් සෑදේ.
ඉහළ ශක්ති මට්ටම්වල සිට 4 ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන වැටීමේ දී H වර්ණාවලියේ බ්‍රැකට් ශ්‍රේණිය ඇතිවේ.
ඉහළ ශක්ති මට්ටම්වල සිට 5 ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන වැටීමේ දී H වර්ණාවලියේ ෆන්ද් ශ්‍රේණිය ඇතිවේ.
මෙම ශ්‍රේණිවල සංඛ්‍යාතය වැඩිවන දෙසට යාමේ දී වර්ණාවලි රේඛාවල පරතරය අඩුවේ.හේතුව-පරමාණු න්‍යෂ්ටියේ සිට ඈතට යත්ම ශක්ති මට්ටම් අතර ශක්ති පරතරය අඩුවීමයි.

2016 අගෝස්තු 29 වන සඳුදා

Q: අයනික සංයෝග නිර්ද්‍රැවීය සංයෝග වල දිය නොවන්නෙ ඇයි..? අයන – ස්තිර ද්විද්‍රැව අන්තර් අණුක ආකර්ශන බල ඇතිවිය නොහැකිද?

Answered by Team Vidu Nena Hawula

අයනික සංයෝගවල ඇති අයන, නිර්ධ්‍රැවීය සංයෝග සමඟ සාදන අන්තර් අණුක බන්ධන( අයන – ප්‍රේරිත ද්විධ්‍රැව බන්ධන) ඉතා දුර්වල බැවින් අයනික සංයෝග නිර්ධ්‍රැවීය සංයෝගවල දිය නොවේ. අයන – ප්‍රේරිත ද්විධ්‍රැව බන්ධනවලට උදාහරණයක් ලෙස I2 හා I- අතර බන්ධනය ගත හැක. (KI යන අයනික සංයෝගය ජලයේ දියකර I2 යෙදූ විට ඉහත බන්ධන ඇතිවේ)

අයන-ස්ථිර ද්විධ්‍රැව ආකර්ෂණ බල ඇති වන්නේ ධ්‍රැවීය අණුවක් හා අයනයක් අතරය(අයන හා නිර්ධ්‍රැවීය අණු අතර නොවේ). උදා- Na+ හා ජල අණු අතර, Cl- හා ජල අණු අතර (මේවා NaCl ජලයේ දියවීමේ දී සෑදේ)

2016 අගෝස්තු 23 වන අඟහරුවාදා

Q: දත් වර්ධනය වේ ද? එසේ නම් දත් කුහර ස්වභාවිකව සුව කළ හැකි ද? “root canal පිළියම” නොමැතිව ?

Answered by Team Vidu Nena Hawula

සිරුර සුව කිරීම ආරම්භ කරනුයේ සෛල මගිනි. දත්වල බහුලව ඇත්තේ ඛනිජලවණ බැවින් දත් සුව කිරීමට අවශ්‍ය ප්‍රෝටීන හා සෛල අඩුය. නමුත් සමහර පෝෂකවලින් පොහොසත් ආහාර මගින් දත් කුහර අවම කිරීම මෙන්ම ඇතැම් විට සුව කිරීම ද සිදුකෙරේ. මෙම ක්‍රියාවලිය ප්‍ර‍ති-ඛනිජභවනය(re-mineralisation) ලෙස හැඳින්වේ. කෙසේ වෙතත් මෙම ක්‍ර‍මයෙන් සුව කළ හැක්කේ එනමලයේ ඇති මුල් අවධියේ දත් කුහර පමණි.Root canal පිළියම සිදුකරනුයේ හානිය දතේ ඇතුළත කොටස දක්වා විහිදුනු විට දීය. එවැනි අවස්ථාවක දී ප්‍ර‍ති-ඛනිජභවනය විකල්පයක් නොවේ.

2016 අගෝස්තු 18 වන බ්‍රහස්පතින්දා

Q: ජලයේ පෘෂ්ඨික ආතතිය වැඩි සෙල්සියස් අංශක 4 ද 0 දී ද?

2016 අගෝස්තු 10 වන බදාදා

Q: dQ=dU+dW යන සමීකරණය අනුව පරිපූර්ණ වායුවක හැසිරීම පිළිබඳව උදාහරණ ඇසුරෙන් කියල දෙන්න පුළුවන්ද.. විශේෂයෙන්, උසස් පෙළ ගැටළු වල එන, කිසියම් වායු පරිමාවක් ක්ෂණිකව පරිමාව අඩු කිරීමේදී සහ, සෙමින් එහි පරිමාව අඩු කිරීමේදී, එහි dT, dQ, dW,dU යන රාශීන් වල හැසිරීම සිදුවන ආකාරය, සහ එය  සිදුවන්නේ කෙසේද කියා පැහැදිලි කර දෙන්න පුළුවන්ද?[d-delta(වෙනස), Q-තාපය, U-ආරම්භක ශක්තිය, W-කාර්යය, T-උෂ්ණත්වය]

Answered by Team Vidu Nena Hawula

dQ = dU + dW යන සමීකරණයෙහි පද පහත ලෙස හදුන්වමු.
dW- පද්ධතිය මගින් කරන ලද කාර්යය, dU- පද්ධතියේ අණුවල අභ්‍යන්තර ශක්ති වෙනස, dQ- පද්ධතියට සැපයූ තාපය

පද්ධතිවල සිදුවන තාපගතික ක්‍රියා වර්ග 2ක් වන්නේ ස්ථිරතාපී ක්‍රියා හා සමෝෂ්ණ ක්‍රියාවන් ය.

ස්ථිර තාපී ක්‍රියාවල දී පද්ධතියට තාපය සැපයීමක් හෝ පද්ධතියෙන් තාපය ඉවත්වීමක් සිදුනොවේ. එබැවින් dQ = 0 වේ. එවිට dU = – dW. මෙම ක්‍රියාවලදී පද්ධතිය මත කාර්ය සිදුවුවහොත්(- dW) පද්ධතියේ අභ්‍යන්තර ශක්තිය ඊට සමාන ප්‍රමාණයකින් වැඩිවේ. පද්ධතිය මඟින් කාර්ය සිදුකළහොත්(dW) පද්ධතියේ අභ්‍යන්තර ශක්තිය ඊට සමාන ප්‍ර‍මාණයකින් අඩුවේ.

සමෝෂ්ණ ක්‍රියාවල දී පද්ධතියේ උෂ්ණත්වය නියතව පවතියි. උෂ්ණත්වය නියත විට පද්ධතියේ අභ්‍යන්තර ශක්තිය නියත බැවින් මෙම ක්‍රියාවල දී dU = 0 . එවිට dQ = dW . එනම් පද්ධතියට සැපයූ තාපය සියල්ල පද්ධතිය මගින් කාර්ය කිරීමට වැයවේ. පද්ධතියෙන් තාපය ඉවත් වුවහොත් පද්ධතිය මත කාර්ය සිදුවේ.කිසිවිට අභ්‍යන්තර ශක්තිය වෙනස් නොවේ.

යම් ක්‍රියාවක්(පරිමාව වැඩි කිරීම/අඩු කිරීම) ක්ෂණිකව සිදු කළ හොත් පද්ධතියට තාපය ලබාගැනීමට හෝ ඉවත් කිරීමට කාලයක් නොලැබෙන බැවින් ස්ථිරතාපි ක්‍රියාවක් සිදුවේ.

ක්ෂණිකව කිසියම් වායු ප්‍රමාණයක පරිමාව අඩු කිරීම ස්ථිරතාපි ක්‍රියාවකි. පරිමාව අඩුවීම යනු පද්ධතිය මත කාර්යයක් සිදුවීමයි( – dW). එනම් පද්ධතිය මගින් කළ කාර්ය ප්‍ර‍මාණය අඩුවේ.අඩු වූ කාර්යට සම ප්‍රමාණයකින් වායු අණුවල අභ්‍යන්තර ශක්තිය වැඩි වේ. එවිට වායු අණුවල උෂ්ණත්වය ඉහළ යයි.

පද්ධතිය මත කරන ලද කාර්යය = – පද්ධතිය මගින් කරන ලද කාර්යය
පද්ධතිය මත කරන ලද කාර්යය = – dW

ස්ථිරතාපි ක්‍රියාවක් සදහා dQ = 0
dQ = dU + dW
0= dU + dW
dU = – dW
පරිමාව ක්ෂණිකව අඩු කළ විට,
dU = පද්ධතිය මත කරන ලද කාර්යය
මෙවිට dU සදහා + අගයක් ලැබේ. එනිසා ක්ෂණිකව වායුවක පරිමාව අඩු කිරීමේ දී වායු අණුවල අභ්‍යන්තර ශක්තිය වැඩි වන බව සමීකරණයෙන් ද පැහැදිලි කර ගත හැකිය.

පරිමාව ක්ෂණිකව වැඩි කළ විට මෙහි විරුද්ධ ක්‍රියාව සිදුවේ.(එවිට වායුවේ අභ්‍යන්තර ශක්තිය අඩු වීම නිසා වායුවේ උෂ්ණත්වය ද අඩුවේ)

යම් ක්‍රියාවක් සෙමින් සිදුකළහොත් අවට පරිසරයෙන් පද්ධතියට තාපය ලබාගැනීමට හෝ පද්ධතියෙන් තාපය ඉවත් කිරීමට කාලය ලැබෙන බැවින් එවිට එම ක්‍රියා සමෝෂ්ණ අයුරට සිදුවේ.
එනම් සෙමින් යම් වායු ප්‍රමාණයක පරිමාව අඩු කිරීම සමෝෂ්ණ ක්‍රියාවකි. පරිමාව අඩුවීම යනු පද්ධතිය මත කාර්යයක් සිදුවීමයි( – dW).එනම් පද්ධතිය මගින් කළ කාර්ය ප්‍ර‍මාණය අඩුවේ. අඩු වූ කාර්ය ප්‍රමාණයට සමාන ශක්ති ප්‍ර‍මාණයක් පිටත පරිසරයට මුදා හැරේ. එවිට වායු අණුවල අභ්‍යන්තර ශක්තිය වෙනස් නොවේ. වායු අණුවල උෂ්ණත්වය නියතව පවතියි.

සමෝෂ්ණ ක්‍රියාවක් සදහා dU = 0
dQ = dU + dW
dQ = 0 + dW
dQ = dW
සෙමින් පරිමාව අඩු කළ විට,
dQ = – පද්ධතිය මත කරන ලද කාර්යය

dQ සදහා – අගයක් ලැබේ. එනම් පද්ධතියෙන් තාපය පිට වී තිබේ(තාප දායකයි).
වායුවේ පරිමාව සෙමින් වැඩි කළවිට මෙහි විරුද්ධ ක්‍රියාව සිදුවේ.(පද්ධතියට පිටතින් තාපය අවශෝෂණය වේ)

2016 අගෝස්තු 5 වන සිකුරාදා

Q: බෙහෙත් ලබා ගන්නා අයෙකුට ඉස්සන් ආහාරයට ගැනීම විස වන ආකාරය විද්‍යාත්මකව පහදා දෙන්න.

Answered by Mr.Pradeep Piyathilaka - Government Registered Nutritionist

ඹෟෂධ භාවිතය සහ ඉස්සන් ආහාරයට ගැනීම අතර ඍජු සබදතාවයක් නොමැත. සමහර පුද්ගලයන් හට මුහුදු ආහාර ගැනීමේදී ආසාත්මිකතා ඇතිවේ. එවැනි පුද්ගලයන් තම ආසාත්මිකතා හදුනාගෙන ආසාත්මිකතාවයට හේතුවන ආහාර වලින් වැලකී සිටිය යුතුය. ඉස්සන් අනුභවය නිසා රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහල යන බැවින් අධි රුධිර පීඩනය, හෘද රෝග සහ දියවැඩියාව වැනි රොග වැලදී ඇති පුද්ගලයින් ඉස්සන් අහාරය සීමා කල යුතුය. තවද ප්‍රෝටීන් සහිත ආහාර සීමා කර ඇති අවස්ථා ( වකුගඩු රෝග) වලදීද ඉස්සන් අහාරය සීමා කල යුතුය. ඉස්සන් වැනි මුහුදු ආහාර පහසුවෙන්ම ව්‍යාධිජනක ක්ෂද්‍ර‍ජීවින්ගේ ග්‍ර‍නයට හසුවන නිසා කුඩා ළමුන්, ගර්භනී කාන්තාවන් සහ විවිධ රෝග වලින් පෙළෙන පුද්ගලයින් අමුවෙන් හෝ භාගයට පිසින ලද ඉස්සන් අහාරයට නොගතයුතුය. සමහර අවස්ථා වන්හිදී අතිරේක විටමින් වර්ග ලබා ගන්නා පුද්ගලයන් ඉස්සන් ආහාරයට ගත්විට විවිධ ආසාත්මිකතා වලට ගොදුරුවීම් වාර්ථා වී ඇතත් ඒවාට හේතුවී ඇත්තේ ඉස්සන් තුල ආසනික් අඩංගුවීමයි. හැකි සෑම විටම ප්‍රමිතියක් සහිත පිරිසිදු ඉස්සන් ආහාරයට එක්කරගැනීම තුලින් එය වලක්වා ගත හැකිය.

2016 ජූලි 20 වන බදාදා

Q: සාන්ද්‍ර‍, තනුක යන වචනවල තේරුම් මොනවා ද?(සාන්ද්‍ර‍ අම්ල,තනුක අම්ල කියන්නේ ඇයි?)

Answered by Team Vidu Nena Hawula

උදාහරණයක් ලෙස H2SO4 ද්‍රාවණයක් ගනිමු. එහි ද්‍රාව්‍යය හෙවත් H2SO4 අඩු ප්‍ර‍මාණයක් ඇති විට එය තනුක H2SO4 ද්‍රාවණයක් ලෙස හැඳින්වේ(ද්‍රාවකය වන ජලය වැඩියි).ද්‍රාව්‍ය ප්‍ර‍මාණය වැඩි විට සාන්ද්‍ර‍ H2SO4 ද්‍රාවණයක් නම් වේ(ද්‍රාවකය වන ජලය තනුක ද්‍රාවණයට සාපේක්ෂව අඩුය).
එනම් සාන්ද්‍ර ද්‍රාවණයක, ඒකක ද්‍රාවණ පරිමාවක ඇති ද්‍රාව්‍ය මවුල ප්‍රමාණය තනුක ද්‍රාවණයකට සාපේක්ෂව වැඩිය.

2016 ජූලි 18 වන සඳුදා

Q: පාතෙනොභවනය යනු?

2016 ජූලි 14 වන බ්‍රහස්පතින්දා

Q: ද්රැවීකරන බලය හා ද්රැවනශිලිතාව අතර වෙනස මොකක්ද?

Answered by Team Vidu Nena Hawula

කැටායනයක් මගින් ඇනායනයක ඉලෙක්ට්‍රෝන වලාව කැටායනය වෙතට ඇදගැනීමේ හැකියාව ධ්‍රැවණය(ධ්‍රැවීකරණය) ලෙස හැඳින්වේ.ඒ නිසා ඇනායනයේ ඉලෙක්ට්‍රෝන වලාව විකෘති වේ. මෙය කැටායනවල ලක්ෂණයකි. කැටායන සන්සන්දනයෙන් සංයෝගයක අයනික බව පිළිබඳ අදහසක් ලබාගැනීමට මෙම ධ්‍රැවීකරණ බලය උපකාරි වේ.කැටායනයක අරය වැඩි හා ආරෝපණය අඩු විට ධ්‍රැවීකරණය අඩු වේ. ධ්‍රැවීකරණය අඩු විට සංයෝගයේ අයනික බව වැඩි වේ.

ඇනායනයේ ඉලෙක්ට්‍රෝන වලාව කැටායනය වෙතට ඇදී යාම ධ්‍රැවණශීලිතාවය නම් වේ.මෙය ඇනායනවල ලක්ෂණයකි.ඇනායන සන්සන්දනයෙන් සංයෝගයක අයනික බව පිළිබඳ අදහසක් ලබාගැනීමට ධ්‍රැවණශීලිතාවය උපකාරි වේ.ඇනායනයක අරය අඩු හා ආරෝපණය අඩු විට ධ්‍රැවනශීලිතාව අඩු වේ.ධ්‍රැවනශීලිතාව අඩු විට අයනික බව වැඩි වේ.

2016 ජූලි 8 වන සිකුරාදා

Q: වැලි යට , දෙහි තැන්පත් කරල තිබ්බම කල් තියාගන්න පුළුවන්නේද. ඒකට මොකක්හරි විද්‍යාත්මකව පැහැදිලි කරන්න පුළුවන් සංසිද්ධියක් බලපානවද?

Answered by Pradeep Piyathilaka-Government Registered Nutritionist

වියලි වැලි මගින් ආහාරයේ අඩංගු ජලය උරාගන්නා බැවින් ක්ෂුද්‍ර ජීවීන්ට අවශ්‍ය ජලය නොමැති වේ.ඔවුන්ගේ වර්ධනය අඩාල වේ.එමනිසා ආහාර පරිරක්ෂණය වේ.මෙලෙස කොස් ඇට ද වැලි යට දමයි.

2016 ජූලි 5 වන අඟහරුවාදා

Q: හෙලිකොප්ටරේක තටු පළලින් අඩු වීමටත් විදුලි පංකාවක තටු පළලින් වැඩි වීමටත් හේතුව පහදා දෙන්න පුළුවන් ද?

Answered by Team Vidu Nena Hawula

තටුවේ දිග/පළල යන අනුපාතය වැඩිවන විට තටුවට බලපාන වායු ප්‍ර‍තිරෝධි බලය අඩුවේ.එවිට වැඩි වේගයකින් තටු භ්‍ර‍මණය වේ.උඩුකුරු බලය වැඩි වන්නේ තටුවේ වේගය වැඩිවිටයි.එනිසා දිග වැඩි පළල අඩු තටු මගින් හෙලිකොප්ටරයට උඩුකුරු බලය වැඩි කරගත හැකිය.නමුත් විදුලි පංකාවට අවශ්‍ය උඩුකුරු බලයක් නොව වැඩි වායු ප්‍ර‍මාණයක් චලනය කරවීමයි.ඒ සඳහා වැඩි වර්ගඵලයක් අවශ්‍ය බැවින් තටු පළලින් වැඩිය.

2016 ජූනි 29 වන බදාදා

Q: ප්‍ර‍තිගුරුත්ව බලය යනු කුමක් ද?

Answered by Team Vidu Nena Hawula

ප්‍ර‍තිගුරුත්වය යනු ගුරුත්වාකර්ෂණ බලයකින් තොර ප්‍රදේශයක් සෑදීම යනු අදහසයි. මෙතෙක් විද්‍යාඥයින්ට එවැනි ප්‍රදේශයක් සෑදීමට හැකිව නැත.
එමෙන්ම විද්‍යාඥයින් විසින් ප්‍ර‍තිගුරුත්ව බලය යන වචනය ගුරුත්වාකර්ෂණයට එරෙහිව ක්‍රියා කරන බලයක් ගැන හැඳින්වීමට ද භාවිතා කරයි. වස්තුවල ගුරුත්වාකර්ෂණ බලය නිසා විශ්වයේ ප්‍ර‍සාරණය මන්දනය විය යුතු බව විද්‍යඥයින්ගේ අදහස විය.නමුත් ඔවුන්ට නිරීක්ෂණය වූයේ විශ්වයේ ප්‍ර‍සාරණය ත්වරණයෙන් සිදුවන බවයි. මෙයට හේතුව ප්‍ර‍තිගුරුත්ව බලයක් බව දැන් ඔවුන් විශ්වාස කරයි.නමුත් එය ඇතිවන ආකාරය හෝ ඇතිවන ස්ථානය කිසිවෙක් නිශ්චිතව නොදනියි.

2016 ජූනි 23 වන බ්‍රහස්පතින්දා

Q: ඉපිලුම විස්තර කරන්න.

Answered by Team Vidu Nena Hawula

තරලයක වස්තුවක් පාවීම, ඉපිලීම ලෙස හැඳින්විය හැකියි. වස්තුව පාවීම සඳහා බර සංතුලනයට තරලය මගින් උඩුකුරු තෙරපුමක් ලබාදෙයි. උඩුකුරු තෙරපුම පැහැදිළි කිරීමට ආකිමීඩිස් මූලධර්මය භාවිතා වේ.
ආකිමිඩිස් මූලධර්මය
නිශ්චල අසම්පීඩ්‍ය තරලයක අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් හෝ ගිල්වා ඇති වස්තුවක් මත ක්‍රියා කරන උඩුකුරු තෙරපුම, වස්තුව මගින් විස්ථාපිත තරල ප්‍රමාණයේ බරට සමානය.

එම මූලධර්මයට අනුව ඉපිලෙන වස්තුවක් මගින් විස්ථාපනය කෙරෙන තරල පරිමාවේ බර, වස්තුව මත ක්‍රියාකරන උඩුකුරු තෙරපුමට සම වේ. උඩුකුරු තෙරපුම වස්තුවේ බරට සමාන වීම නිසා වස්තුව පාවේ/ඉපිලේ.

2016 ජූනි 10 වන සිකුරාදා

Q: වොයේජර් යානය ග්‍ර‍හලෝකයක් අසලින් ගමන් කරමින් වේගය වැඩි කරගන්නේ කෙසේ ද?

Answered by Team Vidu Nena Hawula

ග්‍රහලෝකයක් අසල දී වේගය වැඩි කරගැනීමට ග්‍රහලෝකයේ ගුරුත්වාකර්ෂණ බලය හා ග්‍රහලෝකයේ ගමන් පථය උපකාරි වේ. උපකාරක ග්‍රහලෝකය පිටුපසින් හා පැත්තෙන් අභ්‍යවකාශ යානය නිවැරදි මොහොතේ ළඟාවන ලෙස යානයේ ගුවන්ගත කිරීම සැලසුම් කරයි.ග්‍රහලෝකයට ලගාවූ විට එහි ගුරුත්වාකර්ෂණ බලයට යානය ආකර්ෂණය වී එදෙසට වේගය වැඩි වෙමින් ඇදී යයි. මෙවිට යානයේ පථය වක්‍ර වේ.වේගය වැඩි වී යම් අවස්ථාවක දී යානයේ වේගය ,ග්‍රහලෝකයේ වියෝග ප්‍රවේගය (ග්‍රහලෝකයක ගුරුත්වාකර්ෂණ බලයෙන් මිදි ඉවතට යාමට අවශ්‍ය අවම වේගය) ඉක්මවන බැවින් ග්‍රහලෝකය පසු කරගෙන ඉදිරියට යයි.යානය ඉවත් වන විට ග්‍රහලෝකයේ බලපෑම නිසා එහි වේගය අඩු වුව ද යානයට මුලින්ම තිබූ වේගය තරම් වේගය අඩු නොවේ. එනම් එය සමස්ථ ලෙස වැඩි වේගයකින් ග්‍රහලෝකය පසු කරයි.මෙම ක්‍රියාවලියේ දි යානය ග්‍රහලෝකය අසල දී හැරීමකට ලක් වන නිසා වෙනස් පථයක ගමන් කිරීමට පටන් ගනියි.

2016 ජූනි 7 වන අඟහරුවාදා

Q: බ`නූලි මූලධර්මය ගුවන්යානා වලදි යෙදෙන්නේ කෙසේද?

Answered by Team Vidu Nena Hawula

බ`නූලි මූලධර්මය සරලව මෙසේය. අසම්පීඩ්‍ය තරලයක අනාකූල රේඛාවක පිහිටි ඕනෑම ලක්ෂ්‍යයක පීඩනය, චාලක ශක්තිය හා විභව ශක්තියන්ගේ එකතුව නියතයකි.
තිරස්ව පිහිටි තරලයක අනාකූල රේඛාවක ඕනෑම ලක්ෂ්‍යයක විභව ශක්තිය සමාන නිසා පීඩනය වැඩි ලක්ෂ්‍යයක වේගය අඩු අතර වේගය වැඩි ලක්ෂ්‍යයක පීඩනය අඩුය.

තිරස්ව ගමන් කරන ගුවන්යානය වටා ඇති වායු තරලයේ ඕනෑම ලක්ෂ්‍යයක විභව ශක්තිය ආසන්නව සමාන යැයි උපකල්පනය කළ හැක.ගුවන්යානයේ තටුවක ඇති විශේෂ අනාකූල හැඩය නිසා තටුවට ඉහළින් ගමන් කරන වාත ප්‍ර‍වාහයේ වේගය වැඩි වී පීඩනය අඩු වේ.එහෙත් තටුවට පහළින් ගලන වාතයේ වේගය සාපේක්ෂව අඩු අතර පීඩනය වැඩිය. තටුවේ ඉහළ හා පහළ අතර ඇති පීඩන අන්තරය නිසා තටුව මත ඉහළට බලයක් ඇතිවේ. එමගින් ගුවන්යානයට පියාසර කළ හැකිවේ.

2016 මැයි 17 වන අඟහරුවාදා

Q: අවම සක්‍රියන ශක්තිය අවමය කියලා දැනගන්නේ කොහොම ද?අගයක්?

Answered by Team Vidu Nena Hawula

සක්‍රියන ශක්තිය යනු ප්‍රතික්‍රියාවක් සිදුවීමට ප්‍රතික්‍රියක අණුවලට තිබිය යුතු අවම ශක්තියයි. යම් ප්‍ර‍තික්‍රියාවකට එය නිශ්චිත අගයක් ගන්නා බැවින් සක්‍රියන ශක්තියට අවමයක් හෝ උපරිමයක් නැත.එනිසා “අවම සක්‍රියන ශක්තිය” යන යෙදුම නිවැරදි නොවේ.ප්‍රතික්‍රියාව සිදුවීමට ප්‍රතික්‍රියක අණු අදාළ සක්‍රියන ශක්තිය හෝ ඊට වැඩි ශක්තියකින් යුක්ත විය යුතුය.

2016 මැයි 13 වන සිකුරාදා

Q: අළුහුණු ආදිය බෝතලයකට දමා බෝතලයේ කටට බැලූනය සවිකර බැලූනය පිම්බුනු පසු බැලූනය ගැටගසා මුදාහැරිය විට ඉහලට යාම සම්බන්ධව දැනගැනීමට අවශ්‍යයි. මේ සදහා බෝතලයට දැමිය යුතු දෑ පිලිබඳව දැනුවත් කරන්න.

Answered by Team Vidu Nena Hawula

බැලූනය ඉහළ යාමට නම් එහි වාතයට වඩා ඝනත්වයෙන් අඩු වායුවක් තිබිය යුතුය.සාමාන්‍යයෙන් හයිඩ්‍රජන් වායුව හෝ හීලියම් වායුව මේ සදහා යොදාගැනේ.
හයිඩ්‍රජන් ලබාදෙන ප්‍රතික්‍රියක පහත පරිදිය.එම ප්‍රතික්‍රියක බෝතලයට දමා ප්‍රතික්‍රියා කරවීමෙන් නිකුත්වන හයිඩ්‍රජන් වායුව බැලූනයට එක්රැස් කරගැනේ.

1.හයිඩ්‍රක්ලෝරික් අම්ලය සමග සින්ක්
Zn + 2HCl ——> H2 + ZnCl2

2. කැල්සියම් ලෝහයට ජලය දැමීම
Ca(s) + 2H2O(l)  ——>  Ca(OH)2(aq) + H2(g)
අළුහුණු ලෙස හැදින්වෙන්නේ Ca(OH)2 වේ.

2016 මැයි 9 වන සඳුදා

Q: අණු භාගය යනු?

Answered by Team Vidu Nena Hawula

විවිධ අණු පවතින මිශ්‍රණයක යම් අණු වර්ගයක අණු ගණන, මිශ්‍රණයේ ඇති මුළු අණු ගණනට දරන අනුපාතය එම අණු වර්ගයේ අණු භාගය නම් වේ.මෙයට ලැබෙන අගය එම අණු වර්ගයේ මවුල භාගයේ අගයට ද සම වේ.මිශ්‍ර‍ණයේ අන්තර්ගතය ගැන අදහසක් ලබාදීමට මෙම ගණනය උදවු වේ.
අණු භාගය = මිශ්‍රණයේ ඇති අදාළ වර්ගයේ අණු ගණන ÷ මිශ්‍රණයේ මුළු අණු ගණන

2016 මැයි 5 වන බ්‍රහස්පතින්දා

Q: විසරිත ආලෝකය යනු කුමක් ද?තීව්‍රතාවය අධික ආලෝකය ද?

Answered by Team Vidu Nena Hawula

විසරිත ආලෝකය යනු ඍජු ආලෝකය රළු පෘෂ්ඨයක ගැටුණු විට පරාවර්තනය වූ ආලෝකයයි.සුමට පෘෂ්ඨයක සමාන්තර අලෝක කදම්බයක් වැදුනු විට එකම කෝණයකින් කිරණ පරාවර්තනය වේ.නමුත් පෘෂ්ඨය රළු වූ විට පතන කෝණ වෙනස් වන බැවින් පරාවර්තන කෝණ වෙනස් වේ.ආලෝක කදම්බය විසිරී යයි.මෙම ආලෝකය මද තීව්‍රතාවක් සහිතයි

2016 අප්‍රේල් 21 වන බ්‍රහස්පතින්දා

Q: මහා පිපිරුම් වාදය ගැන කියන්න

Answered by Team Vidu Nena Hawula under the guidance of Chathuranga Thotawatthage-Research Assisstant, NIFS.

විශ්වයේ ආරම්භය ගැන ඇති ප්‍රධාන වාදය වන්නේ මහා පිපිරුම් වාදයයි. එයට අනුව විශ්වයේ දැන් ඇති සියලු ස්කන්ධ හා ශක්තිය මුලින් තිබී ඇත්තේ ඉතා කුඩා ලක්ෂ්‍යයකට ඒකරාශි වී ය. මෙහි ඝනත්වය හා උෂ්ණත්වය ඉතා අධික වී ඇති බව විද්‍යාඥයින්ගේ අදහසයි.එම ලක්ෂ්‍යය පිපිරී ස්කන්ධ හා ශක්තිය විසිරී යාම නිසා විශ්වය ආරම්භ වී තිබේ. පිපිරුම නිසා තාමත් විශ්වය ප්‍රසාරණය වෙමින් පවතියි. ආරම්භයේ තිබී ඇති කුඩා අංශු පසුව එක් වී පරමාණු සාදා ඇත. පසුව පරමාණු ක්‍ර‍මයෙන් සංවිධානය වී තරු, මන්දාකිණි සෑදී තිබේ.

2016 අප්‍රේල් 8 වන සිකුරාදා

Q: ඇසේ සිවිය ගැලවිම කියන්නේ මොකක්ද? එය යාතාතත්වයට පත් කල හැකිද?ඇසක් බද්ධ කිරිමට නොහැකි ඇයි?

Answered by Team Vidu Nena Hawula under the guidance of Yumal Kuruppu,Medical Student,University of Colombo.

ඇසේ සිවිය ගැලවීම ලෙස හැඳින්වෙන්නේ හානි වූ ස්වච්ඡය ඉවත් කිරීම විය යුතුය(අක්ෂි කාචයේ සිදුවන සුද මතුවීම සඳහා සිදුකරන කෘත්‍රිම අක්ෂි කාච යෙදීම නොවේ).ඇසේ පිටතින්ම පිහිටන පාරදෘශ්‍ය ස්වච්ඡයට හානිවූ විට ආලෝක කිරණ නිසියාකාරව ඇසට ඇතුල් නොවේ.එවිට හානි වූ ස්වච්ඡය ඉවත් කර දායකයෙකුගේ ස්වච්ඡය බද්ධ කරනු ලැබේ.එවිට පෙනීම යථාතත්වයට පත්වේ.
ඇස දෘෂ්ටි ස්නායුව මගින් මොළයට සම්බන්ධ වී ඇති සංකීර්ණ සංවේදී අවයවයකි.දෘෂ්ටි ස්නායුවේ ඇති ස්නායු තන්තු කැපුණු පසු ඒවා නැවත සම්බන්ධ කළ නොහැක.එබැවින් ඇසක් මුළුමනින්ම බද්ධ කළ නොහැක.

2016 මාර්තු 16 වන බදාදා

Q: Graphane ගැන පැහැදිලි කිරිමක් කරන්න.

Answered by Team Vidu Nena Hawula

Graphane යනු ද්විමාන බහුඅවයවකයකි. Graphane සාදා ඇත්තේ graphene යන විද්‍යුත් සන්නායක ස්ඵටිකයට හයිඩ්‍රජන් එක් කිරීමෙනි.සෑම කාබන් පරමාණුවකටම හයිඩ්‍රජන් පරමාණුව බැගින් සම්බන්ධ කර ඇත. එය විද්‍යුත් පරිවාරකයකි.

2016 මාර්තු 4 වන සිකුරාදා

Q: රෙසින වර්ග කියන්නෙ මොනවද?

Answered by Team Vidu Nena Hawula

රෙසින යනු ඝන හෝ අධික දුස්ස්‍රාවිතාවක් සහිත ද්‍රව්‍ය වන අතර මේවා සාමාන්‍යයෙන් බහුඅවයවික බවට පරිවර්තනය කළ හැකිය.මෙම ද්‍රව්‍ය ශාකවලින් ව්‍යුත්පන්න කළ හෝ කෘත්‍රිමය නිපද වූ ඒවා විය හැකිය.බොහෝවිට මේවා කාබනික සංයෝගවල මිශ්‍රණයකි.මේවා ස්ථායිකාරක,වර්ණක,මැලියම්,ප්ලාස්ටික් හා බෙහෙත් සෑදීම ආදි නොයෙක් කටයුතුවලට යොදාගනියි.

රෙසින(බහුඅවයවක) තාපසුවිකාර්ය හා තාපස්ථාපන ලෙස ද වර්ග කළ හැකිය.තාපසුවිකාර්ය ද්‍රව්‍ය තාපය සැපයූ විට මෘදු වී ද්‍රව වේ.සිසිල් කළ විට නැවත ඝන වේ.උදා-පොලිවයිනයිල් ක්ලෝරයිඩ්,පොලිස්ටයරින් හා පොලිඑතිලින්.තාපස්ථාපන ද්‍රව්‍ය වඩා දැඩි ද්‍රව කළ නොහැකි(අවිලයනීය) ද්‍රව්‍ය වේ.උදා-පොලියෙස්ටර හා පොලිඒමයිඩ.

2016 මාර්තු 4 වන සිකුරාදා

Q: ආරෝපනය සහ ‘සඵල’ ආරෝපනය යන දෙකේ වෙනස පැහැදිලි කරන්නකෝ. ගවුස් ප්‍රමේයය ආශ්‍රිත ආරෝපනය ගැනයි මන් අහන්නේ. න්‍යෂ්ටික ආරෝපනය ගැනත් කියනවනම් වටීවි.

Answered by Team Vidu Nena Hawula

ආරෝපනය යන වචනය පමණක් යෙදූ විට බොහෝ විට හැගෙන්නේ ධන හෝ ඍණ ආරෝපණ වර්ග දෙකෙන් එක් වර්ගයක් පමණක් ඇති බවයි.සඵල ආරෝපණය යෙදූ විට ආරෝපණ වර්ග දෙකම ඇති වස්තුවක් ලෙස සැලකිය හැකි බැවින් ආරෝපණයන්ගේ අන්තරය සඵල ආරෝපණය ලෙස සැලකේ.වැඩියෙන් ඇති ආරෝපණ වර්ගයේ ලකුණ සඵල ආරෝපණයට ලැබේ.
න්‍යෂ්ටික ආරෝපණය යනු පරමාණුක න්‍යෂ්ටියේ ඇති ප්‍රෝටෝන ගණනයි.
සඵල න්‍යෂ්ටික ආරෝපණය යනු සංයුජතා ඉලෙක්ට්‍රෝනවලට දැනෙන සඵල ධන ආරෝපණයයි.එහි අගය පහත සමීකරණයෙන් ආසන්න වශයෙන් ලබාගත හැකිය.
සඵල න්‍යෂ්ටික ආරෝපණය = න්‍යෂ්ටික ආරෝපණය – නිවාරක ආචරණය

2016 පෙබරවාරි 23 වන අඟහරුවාදා

Q: ලැසේන් නිස්සාරකයක් සාදා ගැනීම සම්බන්ධ. සෝඩියම් සහ කාබනික සංයෝගය සහිත ජ්ව්ලන නලය රක්ත තප්ත වන තුරු රත් කරයි. පසුව එය ආසෘත ජලය ඇති වාෂ්පීකරණ දීසියකට දමනවා. එසේ දාපු විගසම කම්බ් දැලකින් වහන්න ඔනලු. ඇයි ඒ?

Answered by Team Vidu Nena Hawula

සෝඩියම් සහ කාබනික සංයෝගය සහිත ජ්ව්ලන නලය රත්වන විට සෝඩියම් කාබනික සංයෝගය සමග ප්‍රතික්‍රියා කර අයනික සංයෝග සදයි.නමුත් සියලුම සෝඩියම් මේ සදහා වැය නොවිය හැක.ඉතිරිවූ සෝඩියම් ජලය සමග ප්‍රතික්‍රියා කරයි. 2Na(s) + 2H2O → 2NaOH(aq) + H2(g) එය අධික ලෙස තාපදායක ප්‍රතික්‍රියාවකි.එමනිසා සිදුවිය හැකි අනතුරු වලකා ගැනීමට කම්බි දැලක් යොදා ආවරණය කෙරේ.

2016 පෙබරවාරි 18 වන බ්‍රහස්පතින්දා

Q: පරමාණුව යනු කුමක් ද?

Answered by Team Vidu Nena Hawula

පරමාණුව යනු යම් මූලද්‍රව්‍යයක ඇති එම මූලද්‍රව්‍යයේ රසායනික ගුණ දරන කුඩාම අංශුවයි.පරමාණුව සෑදී ඇත්තේ උපපරමාණුක අංශුවලිනි.ඒවා ප්‍රෝටෝන,ඉලෙක්ට්‍රෝන හා නියුට්‍රෝනවේ.එක් එක් මූලද්‍රව්‍යයේ පරමාණු සෑදී ඇත්තේ ඊට අනන්‍ය වූ උපපරමාණුක අංශු ගණනකිනි.එනිසා එකම මූලද්‍රව්‍යයේ පරමාණු එකම රසායනික ගුණ දක්වයි.
සෑම පරමාණුවකම මධ්‍යයේ (,හා නියුට්‍රෝනවලින් සැදුන)න්‍යෂ්ටියක් හා එය වටා ගමන් කරන ඉලෙක්ට්‍රෝන පවති.

2016 පෙබරවාරි 17 වන බදාදා

Q: 1M HCL ද්‍රාවනය 1moldm-3 HCL ද්‍රාවනය මේ දෙකම එකයිද?1M මට ප්‍රශ්නයක්.

Answered by Team Vidu Nena Hawula

දෙකම එකම තේරුම සහිතයි.Molar කෙටියෙන් M ලෙස හදුන්වයි. එය සාන්ද්‍රණය/මවුලිකතාව මනින ඒකකයකි.Mහි තේරුම වන්නේ ද්‍රාවණ ලීටර් එකක ඇති ද්‍රාව්‍ය මවුල ගණනයි. ලීටර 1 = ඝන ඩෙසි මීටර 1(1 dm3).එබැවින් 1M = 1 mol l-1 = 1 mol dm-3

2016 ජනවාරි 19 වන අඟහරුවාදා

Q: විභව අන්තරය කියලා කියන්නේ අත්තටම මොකක්ද, මම අර්ථ දැක්වීම් දෙකක් තුනක් දැක්කා. එවායේ වෙනස්කම් තිබ්බා?

Answered by Team Vidu Nena Hawula

වඩා පැහැදිළි අවබෝධයකට මුලින් විද්‍යුත් විභවය යනු කුමක් දැයි හදුනාගනිමු.විද්‍යුත් විභවය යනු ඒකක ධන ආරෝපණයක් අනන්තයේ සිට විද්‍යුත් ක්ෂේත්‍රයක පිහිටි යම් ලක්ෂ්‍යයකට ගෙන ඒමේදී විද්‍යුත් ක්ෂේත්‍රය මගින් සිදුවන කාර්ය ප්‍රමාණයයි. ලක්ෂ්‍ය දෙකක් අතර ඒකක ධන ආරෝපණයක් ගෙන යාමේදී කළ කාර්යය ප්‍රමාණය එම ලක්ෂ්‍ය දෙක අතර විභව අන්තරය ලෙස අර්ථ දක්වයි.එයට වඩා සරල අර්ථදැක්වීමක් වන්නේ යම් ලක්ෂ්‍ය දෙකක විද්‍යුත් විභව අතර ඇති වෙනසයි.

2016 ජනවාරි 18 වන සඳුදා

Q: ඉලෙක්ට්‍රෝන ඌන සංයෝග එලෙස හදුන්වන්නේ ඇයි.ඒවා මොනවාද?

Answered by Team Vidu Nena Hawula

ඉලෙක්ට්‍රෝන ඌන සංයෝග යනු ඉලෙක්ට්‍රෝන ඌන වීම නිසා සාමාන්‍යයෙන් ඇති රසායනික බන්ධන ගණනට වඩා අඩු බන්ධන ගණනක් ඇති සංයෝග වේ.මේවායේ සංයුජතා ඉලෙක්ට්‍රෝන ඌන වීම නිසා සහසංයුජ බන්ධනවල ඌනතාවක් පවතී.ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වී නැත.උදා- BF3, BH3, AlCl3, BeCl2 වේ.මේවා තම ස්ථායිතාව සදහා වෙනත් ස්වරූපවලට පරිවර්තනය වේ.උදා- BeCl2 බහුඅවයවීකරණය වේ.

2016 ජනවාරි 14 වන බ්‍රහස්පතින්දා

Q: ප්‍රතිගුරුත්වය ප්‍රායෝගිකව භාවිතා කරන්න පුළුවන් ආකාර මොනවාද?

Answered by Team Vidu Nena Hawula

බොහෝ විද්‍යාඥයන්ගේ මතය ප්‍රතිගුරුත්වය ප්‍රා‍යෝගික නොවන බවයි.කිසිම තාක්ෂණයකට මෙතෙක් ගුරුත්ව බලය නැති කිරීමට හැකිවී නැත.නමුත් බර රහිත බව අත්විදීම සිදුවන විවිධ අවස්ථා ඇත.අභ්‍යවකාශගාමීන් අභ්‍යවකාශයේ දී එය අත්විදී. ඇතැම් විට roller coastersවල දී ද බර රහිත බව අත්විදිය හැකිය.vomit comet යන අන්වර්ත නාමයෙන් හදුන්වන ගුවන් යානා මෙම අත්දැකීම ලබා දීමට යොදා ගැනේ.

2016 ජනවාරි 13 වන බදාදා

Q: කැටායන විශ්ලේෂණය ගැන පහදලා දෙන්න පුළුවන් ද?

Answered by Team Vidu Nena Hawula

ලෝහ කැටායන මිශ්‍රණයකින් එක් එක් කැටායනය වෙන්කර හඳුනා ගැනීමට කැටායන කාණ්ඩ විශ්ලේෂණය යොදා ගැනේ.මෙහිදී මූලිකව අවක්ෂේපණය යොදා ගැනේ.මුලින් කාණ්ඩ 5කට කැටායන වෙන් කර ගැනේ.ඉන්පසු එක් එක් කාණ්ඩයේ කැටායන තවදුරටත් පරීක්ෂණ කරමින් වෙන් කරනු ලැබේ.

පළමු පියවර

කැටායන මිශ්‍රණයට ජලය සහ සිසිල් තනුක හයිඩ්‍රොක්ලොරික් අම්ලය(HCl ) එක් කරනු ලැබේ. එවිට සුදු පාටින් AgCl, PbCl2 සහ Hg2Cl2 අවක්ෂේප වේ.

දෙවන පියවර

පෙර ද්‍රාවණයේ අවක්ෂේප ඉවත් කර ඉතුරු ද්‍රාවණයට HCl යොදා හයිඩ්‍රජන් සල්ෆයිඩ් (H2S) වලින් ද්‍රාවණය බුබුලනය කර ගනු ලැබේ. කළු පාටින් CuS, PbS, HgS, Bi2S3 යන සල්ෆයිඩ අවක්ෂේප වේ. SnS2, As2S3, CdS යන සල්ෆයිඩ කහ පාටින් අවක්ෂේප වේ. තවද SnS දුඹුරු පැහැයටත් Sb2S3 තැඹිලි පහැයටත් අවක්ෂේප වේ.

තෙවන පියවර

පෙර ද්‍රාවණයේ අවක්ෂේප පෙර ඉවත් කර ඉතුරු ද්‍රාවණය හොඳින් රත් කර දියවී ඇති H2S වායුව ඉවත් කර ගනු ලැබේ. දෙවනුව තනුක නයිට්‍රික් අම්ලය (HNO3) දමා රත් කරනු ලැබේ. එමඟින් ද්‍රාවණයේ Fe2+ අයන Fe 3+ බවට ඔක්සිකරණය කරවීමට බලාපොරොත්තු වේ. තෙවනුව ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් (NH4OH) සමඟ ඇමෝනියම් ක්ලෝරයිඩ් (NH4Cl) ද්‍රාවණයට එක් කරනු ලැබේ. Al(OH)3 සුදු පාට ජෙලටීනිමය ස්වරූපයකින්ද Fe(OH)3 කහ දුඹුරු පැහැයකින්ද Cr(OH)3 කොළ පැහැයකින්ද අවක්ෂේප වේ.

සිව්වැනි පියවර

නැවත අවක්ෂේප පෙරා ඉවත් කර ඉතුරු ද්‍රාවණය NH4OH වලින් භාෂ්මික කර නැවත H2S බුබුලනය කරනු ලැබේ. H2S සල්පර්කාරකයක් බැවින් සල්ෆයිඩ අයන ලබාදෙමින් ලෝහ සල්ෆයිඩ 4ක් අවක්ෂේප කරවනු ලබයි. CoS සහ NiS කළු පාටින්ද MnS රෝස පාටින්ද ZnS සුදු පාටින්ද අවක්ෂේප වේ.

පස්වැනි පියවර

පෙරා ඉවත් කරන ලද ද්‍රාවණයට ඇමෝනියම් කාබනේට් [(NH4)2CO3] එකතු කරනු ලැබේ. එවිට සුදු පැහැති කාබනේට 3 ක් අවක්ෂේප වේ. ඒවා නම් CaCO3, BaCO3 සහ SrCO3 වේ.

2016 ජනවාරි 7 වන බ්‍රහස්පතින්දා

Q: තරාදියක,(දෙපස බර සමාන කරන සාම්ප්‍රදායික තරාදිය) දෙපැත්තට සමාන බරක් දැම්මොත් එය සමබර වෙනව නේ. ඒක වෙන්නෙ දෙපසින් බල ඝූර්ණ සමාන වීම නිසා නේද. ඒක එහෙම නම්, අසමාන ස්කන්ධ දෙපසට දැම්මාමත්, (තරාදිය ඇල වෙලා) සමතුලිතතාවයකට එනව නේ… ඒත් එතනදී බල ඝූර්ණ අසමානයි නේද. ඒත් එහෙම වෙද්දී පද්ධතිය සමතුලිත වෙන්න වෙන මොනව හරි බල ක්‍රියා කරනවද?

Answered by Team Vidu Nena Hawula

එවිට අමතර බල ක්‍රියා කරයි.පහළට නැමුණු තරාදි තැටිය පොළවේ ගෑවීම හෝ මැද ඇති පොල්ලේ ගෑවීම සිදු වී ඇත්නම් තරාදි තැටිය මත බාහිර බලයක් ක්‍රියාකරයි.එමගින් බල ඝූර්ණ සමාන කරයි.නැත්නම් තරාදියේ මැද බාහුව මත හරස් බාහු සවි වන සන්ධිය මගින් ඇතිවන බලයක් මගින් ද බල ඝූර්ණ සමාන විය හැකිය.

2016 ජනවාරි 6 වන බදාදා

Q: මුහුදේ රැළි ඇතිවී( සුළග කොපමණ තිබුණත් )ගොඩබිම දෙසට එන්නේ ඇයි?

Answered by Team Vidu Nena Hawula under guidance of Prof.Asiri Nanayakkara - NIFS.

ඔබට බොහෝ විට දක්නට ලැබෙන්නේ ඈත මුහුදේ තද සුළං මගින් හටගත් මුහුදු රළ වේ.එතැන් සිට සෑම දිශාවකටම මුහුදු රළ තරංග ව්‍යාප්ත වේ.(මුහුදු වෙරළක් හමුවන තුරු )එබැවින් සෑම විටම රළ තරංග ගමන් කරන්නේ මුහුදු වෙරළ දෙසට වේ(එමෙන්ම ප්‍රතිවිරුද්ධ පැත්තේ ඇති වෙරළෙන් ඉවතට යයි).
ගැඹුරු මුහුදේ වෘත්තාකාර රළ තරංග බාධා නැතිව ප්‍රචාරණය වුවද වෙරළාසන්නයට පැමිණි විට මුහුද නොගැඹුරු වන බැවින් එම චලිතයට බාධා ඇති වේ.බාධාව නිසා වෙරළාසන්නයේ දී රළ තරංග කැඩී යයි.රළ කැඩීම වෙත අවධානය යොමුවන බැවින් වෙරළ පැත්තටම රළ එන බව පෙනේ.

2016 ජනවාරි 4 වන සඳුදා

Q: උතුරු අර්ධගෝලයේ සුළි කුණාටු භ්‍රමණය වන්නේ කිනම් දිශාවට ද?එයට හේතුව කුමක් ද?

Answered by Team Vidu Nena Hawula

උතුරු අර්ධ ගෝලයේ සුළි කුනාටු භ්‍රමණය වන්නේ වාමාවර්ථ දිශාවටය(දකුණු අර්ධ ගෝලයේ සුළි කුනාටු භ්‍රමණය වන්නේ දක්ෂිණාවර්ථ දිශාවටය).
මෙයට හේතුව වන්නේ පෘථිවියේ භ්‍රමණය නිසා ඇතිවන බලයකි(කෝරියෝලිස් බලය).

2015 ඔක්තෝබර් 23 වන සිකුරාදා

Q: පෘථිවිය භ්‍රමනය වෙන්නෙ කොහොමද?භ්‍රමනයට,පරිභ්‍රමනටය බලය ලැබෙන්නේ කොහොම්ද?

Answered by Prof. Lakshman Dissanayake

පෘථිවිය භ්‍රමණයටත් පරිභ්‍රමණයටත් අවශ්‍ය බලය ලැබී ඇත්තේ පෘථිවිය නිර්මාණය වීමේ සිට අද දක්වා සුරැකී පවතින කෝණික ගම්‍යතාවයෙනි. එය හටගෙන ඇත්තේ විශ්වය නිර්මාණය වූ මහා පිපුරුමෙහිදීයි(Big Bang). අවකාශයේ ඇති ප්‍රතිරෝධී බල ඉතා කුඩා බැවින් මෙම කෝණික ගම්‍යතාව සුරැකී පවතී. යම් දිනක වෙනත් බාහිර බලයක් මෙම පද්ධති තුල ක්‍රියාකරන තෙක් මෙම භ්‍රමණ හා පරිභ්‍රමණ එලෙසම පවතිනු ඇත.

2015 අගෝස්තු 4 වන අඟහරුවාදා

Q: මුහුදු වතුර ලුණු රස වන්නේ කෙසේද?

Answered by Team Vidu Nena Hawula

ගංගා වලින් මුහුදට ගලා එන ජලයේ විවිධ ලවණ වර්ග දියවී ඇති අතර ඒවා මුහුදට ගලාවිත් මුහුදේ සාණ්ද්‍ර වේ. (වාෂ්පීභවණය වී වායුගෝලයට එක්වන්නේ පිරිසිදු ජලය පමණක් නිසා) එබැවින් මුහුදු ජලය ලවණ/ලුණු රසක් ගනී. ගංගා වල ජල‍යේ ලවණ රසක් නැත්තේ මුහුදේ මෙන් සාන්ද්‍ර වීමක් සිදු නොවන නිසාවෙනි.

2015 ජූලි 17 වන සිකුරාදා

Q: සමහර වායුමය සංයෝග වර්ණවත් වන්නේ ඇයි? (උදා: NO2, CL2)

Answered by Dr. Kumari Thilakaratne

සංයෝග වලට වර්ණ ලැබෙන්නේ ඒවා දෘශ්‍ය වර්ණාවලියේ වර්ණ අවශෝෂණය කර යම් වර්ණ පරාසයක් පරාවර්තනය කරයි නම් වේ. කිසිදු දෘෂ්‍ය ආලෝක පරාසයක් අවශෝෂණය හෝ පරාවර්තනය නොකරයි නම් අවර්ණව පෙනේ (උදා: වීදුරු). බොහෝ වායු මෙලෙස අවශෝෂණය කරන්නේ දෘෂ්‍ය පරාසයට අයත් නොවන වෙනත් විකිරණ වේ. නමුත් වරණවත් වායුන් දෘෂ්‍ය පරාසයේ විකිරණ අවශෝෂණයත් පරාවර්තනයත් සිදු කරන නිසා අපට වර්ණ දිස්වේ.

2015 මැයි 27 වන බදාදා

Q: Why most objects in the universe take round shapes?

Answered by Team Vidu Nena Hawula

When planets form, there’s tendency for all the particles to pull towards a common center of gravity. This results in making a sphere. However most are not perfect spheres. Like some less massive objects( comets, asteroids). They may take other shapes since their gravity is not powerful enough to pull them into perfect spheres. The ability to make a perfect sphere also depends on the speed that they rotate. Objects that rotate faster are more likely to be flattened than spherical. Our sun, which has a very slow rotating speed compared to other stars, is almost a perfect sphere.

2015 මැයි 14 වන බ්‍රහස්පතින්දා

Q: විවේකීව සිටින විට දේහය ග්ලූකෝස් වෙනුවට මේද දහනය මගින් ශක්තිය නිපදවීමට යොමු වන්නේ ඇයි?

Answered by Mr. Pradeep Piyathilaka (Nutritionist)

අපේ ශරීරයේ ශක්තිය නිපදවන යාන්ත්‍රණය තීරණය වන්නේ අප නිරතවන ක්‍රියාකාරකමේ තීව්‍රතාවය හා කාලය මතය. ඒ අනුව වැඩිම තීව්‍රතාවකින් කෙටි කාලයක් තුලදී කරන ක්‍රියාවන් වලදී PCR හෙවත් ක්‍රියැටීන් පොස්පේට් පද්ධතිය මගින් ද, තීව්‍රතාව අඩුවන හා කාලය වැඩිවන පිළිවෙලට නිර්වායු ශ්වසනය, ස්වායු ශ්වසනය හා මේද අම්ල දහනය සිදුවේ. මේද අම්ල දහනයේදී ඒවා මයිටකොන්ඩ්‍රියා තුලදී බීටා ඔක්සිකරනය නම් ක්‍රියාවලියට ලක්වී, ඇසිටයිල්co-A බවට පත්වී ශ්වසනයේ TCA චක්‍රයට ඇතුළු වේ. මෙම ක්‍රියාවලිය ඉතා සුලබව සිදුවන්නේ මාංශපේශී වල සෛල තුල වන අතර මධ්‍යම ත්‍රිව්තාවයකින් ව්‍යායාම කිරීමේදි මේදය දහනය වන සීඝ්‍රතාවය වැඩිවේ.

2015 මැයි 14 වන බ්‍රහස්පතින්දා

Q: දර ඇවිලෙන විට පුපුරන්නේ ඇයි? හේතුව පහදන්න.

Answered by Dr. Kumari Thilakaratne

දර යනු දුර්වල තාප ශක්ති සන්නායකයකි. එබැවින් ඇතැම් ස්ථාන වලදී ශක්තිය ඉන් ඉදිරියට සන්නයනය නොවී එක්රැස් වේ. තාප ශක්තිය එක්රැස්වන එවන් ස්ථාන වලින් තවදුරටත් ශක්තිය සන්නයනය නොවී පැවතුනහොත් එවන් සථාන වලින් පුපුරා යයි.

2015 මැයි 11 වන සඳුදා

Q: තද හිසරදයක් ඇතිවූ විට සිහිය නැති වන්නේ ඇයි?

Answered by Team Vidu Nena Hawula

තද හිසරදය නිසා සිහි මුර්ජා වීම බොහෝවිට සිදුවන්නේ ඇතිවන අධික වේදනාවට ප්‍රතිචාරයක් ලෙස සිරුරෙහි ඇතිවන Vasovagal Syncope නම් තත්වය හේතුවෙනි. Vasovagal Syncope යනු යම් යම් පීඩාකාරී උත්තේජයකට (උදා: රුධිරය දැකීම, මානසික පීඩනයක්) ප්‍රතිචාරයක් ලෙස ඔබේ සිරුරේ සිදුවන වෙනස්වීම් හේතුවෙන් උද්ගතවන තත්වයකි. මෙවැනි අවස්ථාවලදී හෘද ස්පන්දන වේගය ක්ෂණිකව අඩුවීම නිසා මොළයට ප්‍රමාණවත් රුධිර සැපයුමක් නොලැබේ. ඒ හේතුවෙන් සිහි නැතිවීම සිදුවේ.

2015 මාර්තු 10 වන අඟහරුවාදා

Q: විදුලි බලාගාරවල නිෂ්පාදනය සම්ප්‍රේෂණය බෙදාහැරිම ගැන තොරතුරු දාන්න මට ලොකු උදව්වක්

Answered by Mr. Navoda Kankanamge

ලංකාවේ දැනට විදුලිය ජනනය කරන්නේ ජල විදුලි බලාගාර, ගල් අගුරු බලාගාර සහ ඩිසල් බලාගාර යොදා ගෙනයි. සාමාන්‍යයෙන් ජාල විදුලි ඒකකයක් (1 kWh) සදහා වැය වන්නේ රු. 3ක් පමණ වුවත් ගල් අගුරු බලාගාර සදහා රු.12 ක් හා ඩිසල් බලගාර සදහා රු. 24 පමණද වය වේ. 2012 දී තාප බලාගාර වලින් 72% ක දායකත්වයක් ලබා ගත්තද වර්ෂාව ලැබුණු නිසා 2013 දී එය 41% දක්වා අඩු විය. ලංකාවේ දිනක විදුලි පරිභෝජනය දළ වශයෙන් 30 GWh පමණ වේ. හවස 6.30 හා 9.30 අතර විදුලි ඉල්ලුම 2000 MW පමණ වේ. එම කාලය ඇතුලත වැඩ මිල ගණනින් වැඩි බලාගාරද සේවාවේ යෙදවීමට සිදුවේ. එසේ ජනනය කර ගන්නා විදුලිය ජාතික පද්ධතියට එකතු කරන්නේ 132 kV හෝ 220kV සංප්‍රේෂණ ජාලය හරහාය. ලංකාව පුර විහිදුන සංප්‍රේෂණ ජාලය තුලින් ග්‍රිඩ් උප පොළවල් හරහා පළමුව 33 kV දක්වාද පසුව බෙදාහැරීමේ උපපොළවල් හරහා 400V බවටද අවකර පරිණාමනයද සිදුකොට පරිභෝජනය සදහා බෙදා හැරේ.

2015 ජනවාරි 22 වන බ්‍රහස්පතින්දා

Q: නියුට්‍රෝන තාරකාවක් යනු කුමක්ද?

Answered by Team Vidu Nena Hawula

නියුට්‍රෝන තාරකාවක් යනු අභ්‍යවකාශයේ පවතින ඉතා කුඩා අරයක් සහිත නමුත් ඉතා විශාල ඝනත්වයක් ඇති වස්තු වේ.කළු කුහරයක් ඇතිවීමට තරම් ප්‍රබල නොවන සුපර්නෝවා පිපිරුම් වල ප්‍රතිපලයක් ලෙස මේවා ඇති වේ.නියුට්‍රෝන තරු වල අධික ඝනත්වයට හේතු වන්නේ එහි ආසන්න ලෙස නියුට්‍රෝන අංශු ඇසිරී තිබීමයි.

2015 ජනවාරි 22 වන බ්‍රහස්පතින්දා

Q: හිරුට වයස කොපමණද?

2015 ජනවාරි 22 වන බ්‍රහස්පතින්දා

Q: Tank cleaner මත්ස්‍යයා හනු රහිතද?

Answered by Team Vidu Nena Hawula

Tank cleaner ලෙස හඳුන්වන මත්ස්‍ය විශේෂ ගණනාවක් පවතී.නමුත් මොවුන් කිසිවෙක් හනු රහිත මත්ස්‍යයින් නොවේ.ඔවුන් Osteichthyes නම් උපරිවර්ගයට අයත් වන හනු සහිත මසුන් වේ.

2014 දෙසැම්බර් 23 වන අඟහරුවාදා

Q: Turbo Charger යනු කුමක්ද?

Answered by දමිත තිලකරත්න- ඉංජිනේරු ශිෂ්‍ය

එන්ජිමක බලය හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සදහා භාවිතා කරනු ලබන උපකරණයකි මෙමගින් එන්ජිම තුලට වැඩි වාත ප්‍රමාණයක් ඇතුළුවීමට සලස්වයි එවිට එන්ජිමට වැඩි ඉන්ධන ප්‍රමාණයක් ඇතුළු කළ හැකි වන අතර ‍ඒ නිසා එන්ජිම තුල වඩාත් කාර්යක්ෂම හා ඉහළ බලයක් ලබා දිය හැකි දහනයක් සිදුවේ.

2014 නොවැම්බර් 12 වන බදාදා

Q: සංයුක්ත ආලෝක අන්වීක්ෂයේ උපරිම විශාලන බලය හා විභේදන බලය කොපමණද?

2014 නොවැම්බර් 10 වන සඳුදා

Q: SiCl4 ජල විච්චේදනය වීමටත් CCl4 ජල විච්චේදනය නොවීමටත් හේතුව කුමක්ද ?

Answered by Team Vidu Nena Hawula

Si හි 3d හිස් කාක්ෂික පවතියි . මේවා මගින් ජල අණුවල ඔක්සිජන් හි අඩංගු එකසර ඉලෙක්ට්‍රෝන ලබා ගනියි. එම නිසා SiCl4 ජල විච්චේදනය වෙමින් සිලිසික් අම්ලය සාදයි. නමුත් C හි සංයුජතා කවචයේ d කාක්ෂික නොපවතියි . එබැවින් එයට තම සංයුජතාව 4 ට වඩා වැඩි කරගත නොහැකි අතර ජල අණුවලින් එකසර ඉලෙක්ට්‍රොන ලබා ගත නොහැක. එබැවින් CCl4 ජල විච්චේදනය නොවේ.

2014 ඔක්තෝබර් 22 වන බදාදා

Q: පෘථිවිය හැරුණු කොට වෙනත් ග්‍රහලෝක වලද ජීවය පැවතිය හැකිද?

Answered by ඉෂාරා මානවසිංහ- Foundation of Astronomy studies and Exploration. (FASE)

පෘථිවිය හැරුණු කොට වෙනත් ග්‍රහලෝක වලද ජීවය පැවතිය හැකිය.
යම් කිසි ග්‍රහ ලොවක ජීවය පවතියිදැයි සෙවීමට පෙර එම ග්‍රහලොව මගින් සපුරා තිබිය යුතු අවශ්‍යතා කිහිපයකි.
1.සූර්යාගේ සිට පවතින දුර -සූර්යාට වඩාත් ආසන්නයෙන් පිහිටීම, ජීවයට අහිතකර තරම් උණුසුම වැඩි වීමටත්, සූර්යාට වඩාත් ඈතින් පිහිටීම ජීවයට නුසුදුසු තරම් සිසිල් පරිසරයක් තිබීමටත් හේතුවන බැවින්, සූර්යාගේ සිට පෘථිවියට ඇති දුර හා සමාන දුරකින් පිහිටීම වඩාත් සුදුසුය.
2.ග්‍රහලෝකයෙහි ස්කන්ධය -සලකනු ලබන ග්‍රහ ලොව ස්කන්ධයෙන් ඉතා කුඩා නම් එයට දීර්ඝ කාලීනව වායුගෝලයක් පවත්වා ගත නොහැකි අතර ස්කන්ධය ඉතා විශාල නම් එහි පවතින් අධික ගුරුත්වාකර්ෂණ බලය ජීවයට බලපෑම් ඇති කරයි. පෘථිවියෙහි හා අඟහරුහි විශාලත්වය ජීවයට සුදුසුය.
3.නිශ්චිත කක්ෂයක් තිබීම – වෙනත් ග්‍රහයන් සමග ඝට්ටනය නොවීමට
4.සුදුසු වායුගෝලයක් තිබීම.
5.ද්‍රව ජලය තිබීම.
6.කාබනික සංයෝග තිබීම.
මේ පිළිබඳව පර්යේෂණ දිගින් දිගටම සිදු කරනු ලැබුවද තවමත් මේ පිළිබඳව නිශ්චිතව කරුණු අනාවරණය කොට නොමැත.

2014 ඔක්තෝබර් 20 වන සඳුදා

Q: ටයිටන් හි ජීවය පවතියි ද?

Answered by ඉෂාරා මානවසිංහ- Foundation of Astronomy studies and Exploration. (FASE)

ටයිටන් හි ජීවය පවතින බවක් මේ වන තෙක් සොයාගෙන නැත නමුත් ටයිටන් යනු පෘථිවියට වඩාත්ම සමානකම් දක්වන ග්‍රහයා යැයි හැඳින්වෙන බැවින් එහි ජීවය පැවතිය හැකි බව විශ්වාස කෙරේ. මෙහි ඉතා ඝන වායුගෝලයක් පවතින අතර කාබනික ද්‍රව්‍ය බහුලය . මෙහි සක්‍රිය වායුගෝලයක්ද , එහි පෘෂ්ටය සකස් කරන පෘථිවියෙහි පවතින ආකාරයේ ක්‍රියාවලිද පවතියි.

2014 ඔක්තෝබර් 20 වන සඳුදා

Q: සෙනසුරු ගේ උපග්‍රහයෙකු වන ටයිටන් පිළිබඳ නවතම තොරතුරු මොනවාද?

Answered by ඉෂාරා මානවසිංහ- Foundation of Astronomy studies and Exploration. (FASE)

ටයිටන් යනු සෙනසුරු ගේ විශාලතම චන්ද්‍රයායි. මේ පිළිබඳව මෑතකදී සිදු කර ඇති පර්යේෂණ වලින් අනාවරණය වී ඇති පරිදි ටයිටන් ගේ මතුපිට ද්‍රව එතේන් හා මෙතේන් වලින් සමන්විත ගංගා හා ජලාශ පවතියි. මේවා නිසා එහි වලාකුළු ඇතිවී පෘථිවියෙහි වැසි ඇතිවන ආකාරයට හා විටින් විට මෙතේන් හා එතේන් වැසිද ඇතිවේ .මෙමත ගිනිකඳුද පවතින අතර ලාවා ගංගා ද පවතිනු ඇතැයි පැවසේ.

2014 ඔක්තෝබර් 14 වන අඟහරුවාදා

Q: ජලය තුලදී පෙනීම දුර්වල වන්නේ ඇයි?

Answered by මහාචාර්ය ආසිරි නානායක්කාර.

බොහෝ විට ජලය 100% පවිත්‍ර නොවන අතර එහි ස්වල්ප වශයෙන් හෝ විවිධ අපද්‍රව්‍ය අඩංගු වේ. මේ නිසා ජලය තුල අපට ඉතා පැහැදිලි දර්ශනයක් නොලැබේ.
ජලය තුලදී පෙනීම දුර්වල වීම සදහා තවත් හේතුවක් බලපායි.
ආලෝක කිරණ එක් මාධ්‍යක සිට තවත් මාධ්‍යකට ගමන් කරන විට වර්තනය වේ. වර්තනයේදී ආලෝකය හැරෙන කෝණය, මාධ්‍ය දෙකෙහි වර්තනාංක මත රදා පවතියි. සාමාන්‍ය අවස්ථාවලදී එනම් වාතයේදී මිනිස් ඇසට ඇතුළු වන ආලෝකය, ඇසෙහි ස්වච්ඡය , අම්මය රසය හා කාචය යන තුනම නිසා වර්තනයට ලක් වී ඇසෙහි දෘෂ්ටි විතානයේ පතිත වේ.
ජලයේ වර්තනාංකය, ස්වච්ඡයෙහි වර්තනාංකයට ස‍මාන ය. එබැවින් අපේ ඇස ජලය තුල පවතින ‍විට ,වාතය තුල තිබෙනවිට දී මෙන් ස්වච්ඡය තුල දී වර්තනයක් සිදු නොවේ. එබැවින් ඇස තුළට පැමිණෙන ආලෝක කිරණ දෘෂ්ටි විතානයට පිටුපසින් නාභිගත වේ.මේ නිසා වාතයේදීට වඩා බොඳවුණු දර්ශනයක් ලැබේ.

2014 සැප්තැම්බර් 30 වන අඟහරුවාදා

Q: හිරිවැටීම සිදුවන්නේ කෙසේද? .

Answered by Team Vidu Nena Hawula

ඔබට හිරිවැටීම අත්විඳීමට සිදුවන්නේ ඔබේ ශරීරයේ යම් කොටසක් මත උදාහරණයක් ලෙස ඔබේ පාද හෝ අත් මත යම්කිසි පීඩනයක් බොහෝ වේලා යෙදුනු විටය. මෙසේ බොහෝ වේලාවක් තුල යෙදෙන පීඩනය හේතුවෙන් ඔබේ ස්නායු පථ මිරිකීම හා තද වීමට ලක්වීම නිසා ස්නායු වලට විද්‍යුත් රසායනික ලෙස ආවේග සම්ප්‍රේෂණය කිරීම සිදු කල නොහැකි වේ. මෙවිට එම ශරීර කොටසේ ඇතිවන සංවේදන ඔබේ මොළයට නොදැනෙන අතර, එම ශරීර කොටසට විධාන සැපයීමටද ඔබේ මොළය අපොහොසත් වේ. මෙලෙස ඔබේ මොළය සහ එම ප්‍රදේශ අතර පවතින සම්බන්ධය තාවකාලිකව නතර වේ. තවද මෙම පීඩනය නිසා එම ශරීර කොටස්වල සෛලවලට ගමන් කරන රුධිර වාහිනී අවහිර වන අතර පෝෂක සහිත රුධිරය නොලැබීයාම නිසා මෙහි ඇති ස්නායුද සාමාන්‍ය ලෙස කටයුතු නොකරයි. මෙම සාධක දෙකම නිසා ස්නායු ආවේග සම්ප්‍රේෂණය නිසි පරිදි සිදු නොවන අතර හිරි වැටුණු ප්‍රදේශ වල සිදුවන ස්පර්ශයන් ආදිය ඔබට නොදැනේ. ඔබ හිරිවැටුණු පාදය හෝ අත මත ඇතිවන පීඩනය ඉවත් කල විට හෝ ඉරියව්ව වෙනස් කල විට නැවතත් ස්නායු ආවේග ගමන් කිරීම ආරම්භ වන නමුත් මෙය නියමිත පරිදි සිදුවී යථාතත්වයට පත් වීමට ගත වන කෙටි කාලය තුල ඔබට සියුම් කටු අනින්නාක් වැනි සංවේදනයක් දැනෙයි .

2014 සැප්තැම්බර් 22 වන සඳුදා

Q: සර්පයින් පළවා හැරීමට භූමිතෙල් යොදා ගන්නේ ඇයි?

Answered by Dr. Indunil Clayton

සර්පයින් සමහර රසායනික ද්‍රව්‍ය වලට අතිශයින් සංවේදීය. භූමිතෙල් , තිනර් වැනි කාබනික ද්‍රාවක වල හානිකර වාෂ්පද මොවුන්ට දැවිල්ල වැනි අහිතකර බලපෑම් ඇති කරයි. සමහර සර්පයින් භූමිතෙල් ආදිය ඉසින ලද පෙදෙස්වලට යාමෙන් වලකින්නේද ඒ නිසාය. කෙසේවෙතත් මෙය සර්ප වර්ගයෙන් වර්ගයට වෙනස් වේ.

2014 සැප්තැම්බර් 18 වන බ්‍රහස්පතින්දා

Q: What is bacteria?

2014 සැප්තැම්බර් 18 වන බ්‍රහස්පතින්දා

Q: What is DNA?

Answered by Team Vidu Nena Hawula

DNA stands for Deoxyribonucleic acid.DNA is a long thin molecule made up of  nucleotides. There are four different types of nucleotides: Within each string of DNA are sets of instructions called genes. A gene tells a cell how to make a specific protein. Proteins are used by the cell to perform certain functions, to grow, and to survive.

2014 සැප්තැම්බර් 2 වන අඟහරුවාදා

Q: අකුණු ගැසීමේදී පස සරු වන්නේ කෙසේද ?

Answered by මහාචාර්ය ගාමිණී සෙනෙවිරත්න.

අකුණු ගැසීමේදී නිපදවෙන අධික තාපයෙන් වායුගෝලයේ පවතින නයිට්‍රජන් (N2) ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරමින් නයිට්‍රජන්හි ඔක්සයිඩ සාදයි. මෙම ඔක්සයිඩ වායුගෝලයේ පවතින ජල වාෂ්ප වල දියවී වර්ෂාව සමග පොළොවට වැටී පසට එකතුවේ. ශාක මගින් මේවා නයිට්‍රේට ලෙස අවශෝෂණය කරයි. නමුත් පසෙහි ඇති නයිට්‍රේට ප්‍රමාණය අතුරින් අකුණු ගැසීම මගින් පසට එක්වන නයිට්‍රේට ප්‍රමාණය ඉතා අල්පය. එම නිසා පස සරු වීමට අකුණු ගැසීමෙහි දායකත්වය ඉතා අල්පය.

2014 අගෝස්තු 2 වන සෙනසුරාදා

Q: ගැලැක්සියක් යනු කුමක්ද ?

Answered by Team Vidu Nena Hawula

ගැලැක්සියක් යනු මන්දාකිණියක් හෙවත් ගුරුත්වාකර්ෂණයේ බලපෑමෙන් එක් ස්ථානයකට රැස් වී පවතින තාරකා , ග්‍රහ ලෝක , ඒවා අතර පවතින විවිධ වායු හා දුහුවිලි කොටස් වැනි දෑ වලින් සමන්විත දැවැන්ත පද්ධතියකි.

2014 ජූලි 30 වන බදාදා

Q: නයිට්‍රස් ඔක්සයිඩ් පද්ධතියක් යනු කුමක්ද? එය සාදා ඇත්තේ කෙසේද?

Answered by දමිත තිලකරත්න- ඉංජිනේරු ශිෂ්‍ය

නයිට්‍රස් ඔක්සයිඩ් පද්ධතියක් භාවිතා කරනුයේ එන්ජිමක් මගින් වැඩි බලයක් ජනිත කිරීමටය .මෙහිදී සිදු කරනුයේ එන්ජිම තුලට ඉන්ධන හා වාතය සමග නයිට්‍රස් ඔක්සයිඩ්ද එක් කිරීමයි. නයිට්‍රස් ඔක්සයිඩ්, සෙල්සියස් 570 පමණ උෂ්ණත්වයකට රත් කළ විට එය නයිට්‍රජන් හා ඔක්සිජන් බවට පත්වෙමින් එන්ජිම තුල දහනය සදහා වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ලබා දෙයි.

2014 ජූලි 29 වන අඟහරුවාදා

Q: මිනිසුන්ගේ ශරීරයේ අස්ථි කොපමණ සංඛ්‍යාවක් තිබේද?

Answered by Team Vidu Nena Hawula

උපත ලබන විට ළදරුවෙකුගේ ශරීරයේ අස්ථි 270-300ක් පමණ පවතියි. දරුවා කෙමෙන් වැඩෙත්ම මේවා අතුරින් සමහර අස්ථි එකිනෙක හාවේ. සාමාන්‍ය වැඩුනු මිනිසෙකුගේ ශරීරයේ පවතින මුළු අස්ථි ගණන 206කි.

2014 ජූලි 16 වන බදාදා

Q: හිරු බැසගෙන යන විට අහස රත් පැහැයෙන් දිස් වන්නේ ඇයි?

Answered by Team Vidu Nena Hawula

අහසේ අපට දක්නට ලැබෙන්නේ දූවිලි අංශු මගින් විසරිත වු (ප්‍රකිරණ කිරණ) සුර්ය්‍යයාලෝකයයි. ප්‍රකිරණය සිදු නොවුනේ නම් සුර්ය්‍ය කිරණ සරල රේඛීයව පෘථිවිය මත වැටේ. නමුත් දූවිලි අංශු වාතයේ හෝ ජලයේ ඇති විට ආලෝක කිරණ මෙම අංශු වල හැපී ක්ෂණිකව තම ගමන් මාර්ගය වෙනස් කරගනී. මෙම නිසා ආලෝකය විසිරීම සිදුවේ. නිල් ආලෝකයෙහි ප්‍රකිරණය තැඹිලි, රතු හා කහ ආලෝකයේ ප්‍රකිරණයට වඩා බොහේ වැඩිය. තැඹිලි හා රතු ආලෝකයෙහි විසරිතබාවය අඩු නිසා එය ආලෝක කදම්බය ගමන්කරන සරල රේඛීය දිශාව ඔස්සේම ගමන් කරයි. ඉර නැගීමේ හා බැසයාමේ අවස්ථාවේදී අප දකින සුර්‍යයාලෝකය වායුගෝලයේ ගමන්කර ඇති පථය දවල් කාලයේදී ගමන් කරන පථයට වඩා වැඩිය. එනිසා වැඩි ප්‍රකිරණයක් ද, බොහේ දුරට කිරණ සියල්ලම වාගේ සරළ රේඛියව ගමන්කරන නිසා රත් පැහැයට පෙනේ.

2014 ජූලි 10 වන බ්‍රහස්පතින්දා

Q: ක්‍රිප්ටන් හි ප්‍රයෝජන මොනවාද?

Answered by Team Vidu Nena Hawula

ක්‍රිප්ටන් බල්බ දීප්තිමත් සුදු ආලෝකයක් නිපදවන බැවින් ඡායාරූපකරණයේදී ආලෝක ප්‍රභවයක් ලෙස භාවිතා වේ.
සූත්‍රිකා බල්බ තුල පිරවුම් වායුවක් ලෙස Xenon සමග ක්‍රිප්ටන් ද භාවිතා කිරීම මගින් සූත්‍රිකාව වාෂ්ප වීම අවම කොට සූත්‍රිකාව ඉහළ උෂ්ණත්වයක පවත්වා ගැනීමට හැකිවේ.
krypton fluoride laser නිපදවීම සදහා
විද්‍යුත් චුම්භක ‍කැලරිමීටර නිපදවීම සදහා.

2014 ජූලි 5 වන සෙනසුරාදා

Q: ශ්වසනය හැරුණු විට පෙනහළු වල කාර්යයන් මොනවාද?

Answered by Team Vidu Nena Hawula

• හදවතට ආරක්ෂාව සපයන මෘදු කම්පන අවශෝෂක ස්තරයක් ලෙස ක්‍රියා කිරීම.
• රුධිරයේ ඇති සමහර ද්‍රව්‍ය ඖෂධ ආදියෙහි සාන්ද්‍රණය පාලනය කිරීම.
• ශ්වාසනාලිකා වලින් ශ්‍රාවය වන (bronchial secretions)
ද්‍රව්‍ය මගින් ශ්වසන පද්ධතිය ආසාදනවලින් ආරක්ෂා කරයි. • ප්‍රතික්ෂුද්‍රජීවී ද්‍රව්‍ය අඩංගු ශ්ලේෂ්මල නිපදවීම මගින් ශ්වසන පද්ධතිය විෂබීජ වලින් තොරව පවත්වා ගැනීම.’
• කටහඬ නිපදවීම සඳහා අවශ්‍ය වාත ප්‍රවාහය සැපයීම
• ශ්වසන මාර්ග වල පිහිටා ඇති පක්ෂ්ම මගින් ශ්වසන පද්ධතියට ඇතුළුවන දුහුවිලි ආදිය කැස්ස හා කිවිසුම් මගින් ඉවත් කිරීම.
• ශරීරයේ රුධිර සංචායකයක් ලෙස ක්‍රියා කිරීම.( මොහොතකදී පෙනහළු වල රුධිර පරිමාව 450 ml පමණ වේ)
• ගැඹුරු මුහුදේ කිමිදීම වැනි අධික පීඩනයන් සහිත පරිසරවල සිටීම නිසා ශිරා වල ඇතිවන ක්ෂුද්‍ර වාත බුබුළු පෙරා හැරීම.

2014 ජූනි 13 වන සිකුරාදා

Q: How do snowflakes get their shapes?

Answered by Team Vidu Nena Hawula

A snowflake begins to form when an extremely cold water droplet freezes onto a pollen or dust particle in the sky. This creates an ice crystal. As the ice crystal falls to the ground, water vapor freezes onto the primary crystal, building new crystals
These ice crystals that make up snowflakes are symmetrical (or patterned) because they reflect the internal order of the crystal’s water molecules.
Ultimately, it is the temperature at which a crystal forms — and to a lesser extent the humidity of the air — that determines the basic shape of the ice crystal. Thus, we see long needle-like crystals at 23 degrees F and very flat plate-like crystals at 5 degrees F. The intricate shape of a single arm of the snowflake is determined by the atmospheric conditions experienced by the entire ice crystal as it falls. A crystal might begin to grow arms in one manner, and then minutes or even seconds later, slight changes in the surrounding temperature or humidity causes the crystal to grow in another way. Although the shape is always maintained, the ice crystal may branch off in new directions. Because each arm experiences the same atmospheric conditions, the arms look identical.

2014 මැයි 30 වන සිකුරාදා

Q: ස්වභාවධර්මයේ පවතින සර්පිල වල ෆිබෝනාචි සර්පිල පැවතීමට හේතුව කුමක්ද?

Answered by Team Vidu Nena Hawula

සූරියකාන්ත මල් වල පවතින සර්පිලාකාර බීජ සැකැස්ම මීට එක් උදාහරණයකි. මෙම සැකැස්මට අනුව මලෙහි උපරිම බීජ සංඛ්‍යාවක් රඳවා ගත හැකි වේ.

2014 මැයි 22 වන බ්‍රහස්පතින්දා

Q: සාපේක්ෂ ඝනත්වය යනු කුමක්ද?

Answered by Team Vidu Nena Hawula

සාපේක්ෂ ඝනත්වය හෙවත් විශිෂ්ට ගුරුත්වය යනු යම් සලකන ලද ද්‍රව්‍යක ඝනත්වය ජලයේ ඝනත්වයට දක්වන අනුපාතයයි.
චන්ද්‍රයාගේ ගුරුත්වජ ත්වරණය කොපමණද?
1.6249 m/s2

2014 මැයි 17 වන සෙනසුරාදා

Q: මුහුදේ ජලය ලවණ රස වීමට විද්‍යාත්මක හේතුව අවශ්‍යයි.

Answered by Team Vidu Nena Hawula

මුහුදේ ලවණ රසයට හේතු වන ලවණ සමහරක් ගිනිකඳු වලින්ද සමහරක් මුහුදු පතුලේ ඇති පාෂාණ වලින්ද වැඩි ප්‍රමාණයක් අප අවට ඇති ගොඩ බිමෙන්ද මුහුදු ජලයට එකතු වන ඒවා වේ. වර්ෂාව ඇද හැලෙන විට මෙම ඛනිජ ලවණ වලින් ඉතා කුඩා ප්‍රමාණ ගංගා ආදියට ගසා ගෙන යන අතර මේවා පසුව සාගරයට එක්වේ. ගංගා තුල පවතින්නේ මුහුදු ජලයේ පවතින ලවණ ප්‍රමාණයෙන් 1/200 කටත් වඩා අඩු ප්‍රමාණයකි. දැඩි සූර්ය රශ්මිය නිසා මුහුදු ජලය වාෂ්පීකරණයට ලක්වීම හේතුවෙන් මුහුදේදී මෙහි ලවණ සාන්ද්‍රණය තවත් වැඩිවේ. මුහුදු ජලයෙහි ලවණ රසයට හේතු වන ප්‍රධානලවනය වන්නේ NaCl ය . මීට අමතරව සුළු ප්‍රමාණවලින් මැග්නීසියම් , කැල්සියම් , පොටෑසියම් යනාදියෙහි සල්ෆේට ආදියද අඩංගු වේ.

2014 මැයි 10 වන සෙනසුරාදා

Q: We do use soap to clean our hands and body. what is the action of soaps on microorganism. pl. explain

2014 මැයි 3 වන සෙනසුරාදා

Q: ඔක්ටේන් අංකය යනු කුමක්ද?

Answered by Team Vidu Nena Hawula

ඔක්ටේන් අංකය යනු ඉන්ධනයක ක්‍රියාකාරිත්වය සම්බන්ධ සම්මත මිනුමකි. එමගින් දහන ඉන්ධන මිශ්‍රණයක අඩංගු iso-octane ප්‍රතිශතය පෙන්නුම් කරයි. ඔක්ටේන් අංකය ඉහළ වීම මගින් අදහස් වනුයේ, දහනය වීමට පෙර එම ඉන්ධනයට සාපේක්ෂව ඉහළ පීඩනයකට ඔරොත්තු දිය හැකියි යන්නයි. වායුමය ඉන්ධනයක් පුලිඟුවක භාවිතයෙන් තොරව සම්පීඩනයට භාජනය කිරීමෙන් පමණක් දහනය කරන විට, එමගින් එන්ජිම තුල ගැස්සීම් (knocking ) ඇති වේ. මෙලෙස ගැස්සීම් ඇති වීම එන්ජිමට එතරම් හිතකර නොවේ. ඔක්ටේන් අංකය ඉහළ වන තරමට, එම ඉන්ධන, එන්ජිම තුල දහනය වීමේදී ගැස්සීම් වලට භාජනය වීමේ හැකියාව අඩුවේ.

2014 අප්‍රේල් 30 වන බදාදා

Q: Vampire වව්ලන් හැසිරෙන්නේ කොයි වගේ ස්ථානවලද ?

Answered by Team Vidu Nena Hawula

මොවුන් මධ්‍යම සිට දකුණු ඇමරිකාව දක්වා පවතින වියලි ,තෙත් ,නිවර්තන මෙන්ම උපනිවර්තන කලාප වල , ගල් ලෙන් , පැරණි ළිං ,ගස් බෙන, පැරණි ගොඩනැගිලි වැනි දැඩි අන්ධකාර ස්ථාන වල රංචු වශයෙන් වෙසෙයි.

2014 අප්‍රේල් 22 වන අඟහරුවාදා

Q: MnO2 ජලයේ දිය කල විට කොළ පාටද?

2014 අප්‍රේල් 10 වන බ්‍රහස්පතින්දා

Q: අවර්තිතා වගුවේ ද්‍රව ලෙස පවතින මුලද්‍රව්‍යන් මොනවාද?

Answered by Team Vidu Nena Hawula

ලෙස පවතින මුලද්‍රව්‍යන් මොනවාද?
බ්‍රෝමින් (Br) හා රසදිය(Hg ) යන මුලද්‍රව්‍ය පමණක් 200C දී ද්‍රව තත්වයේ පවතින අතර 280C දී මෙම මුලද්‍රව්‍ය 2කට අමතරව ගැලියම් (Ga) ,සීසියම් (Cs) , ෆ්රැන්සියම් (Fr), හා රුබිඩියම් (Rb) යන මුලද්‍රව්‍ය ද්‍රව තත්වයේ පවතී.

2014 අප්‍රේල් 10 වන බ්‍රහස්පතින්දා

Q: මෝටර් බයිසිකලයක පෙට්‍රල් දහනය නිසි අන්දමට සිදුවන ආකාරය බලාගන්නේ කෙසේද?

Answered by P.C නානායක්කාර , යාන්ත්‍රික ඉංජිනේරු , ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය

වාහනයක air පෙට්‍රල් දහනය නිසි පරිදි සිදු වනවාද යන්න දැනගැනීම සඳහා දුම්බටයෙන් පිටවන වායුවේ අඩංගු කාබන් සංයුතිය විශ්ලේෂණය කල යුතු වේ . වාහනය තරමක් දුර ධාවනය කරන විට, එහි දුම්බටයෙන් ජල වාෂ්ප පිට වනවානම් , එහි air පෙට්‍රල් දහනය නිසි පරිදි සිදුවන බවට ඔබට දළ නිගමනයක් ලබා ගත හැක.

2014 මාර්තු 22 වන සෙනසුරාදා

Q: අපගේ ශරීරයට භූමිතෙල් වැනි විෂ ද්‍රව්‍ය ඇතුළු වීමෙන් ඇස් වලට බලපෑමක් ඇතිවේද? එසේ වුවහොත් ඒ සඳහා කුමක් කල යුතුද?

Answered by Dr B.M.H.P Hindagolla, General Practitioner

භූමිතෙල් ශරීරගත වුවහොත් ප්‍රධාන බලපෑම ඇතිවන්නේ පෙනහළු වලට වන අතර භූමිතෙල් වාෂ්ප පෙනහළු තුලට ඇතුළු වීමෙන් ඇතිවන නියුමෝනියා තත්වය මාරාන්තික විය හැක. භූමිතෙල් ඇස් වල ගැටුනහොත් අධික දැවිල්ලක් හටගන්නා අතර එවන් අවස්ථාවක වහාම ඇස හොඳින් ජලයෙන් සේදිය යුතුය.

2014 මාර්තු 20 වන බ්‍රහස්පතින්දා

Q: දීප්තිමත්ම තාරකාව කුමක්ද?

2014 මාර්තු 17 වන සඳුදා

Q: We hear a big noise when an aeroplane flies. Is it the noise of it’s engine or does it occur when the plane collides with the air spheres?

Answered by Professor Lakshman Dissanayake

Small general aviation aircraft produce localized aircraft noise.
Helicopter main and tail rotors produce aerodynamic noise.
A moving aircraft including the jet engine or propeller causes compression and rarefaction of the air, producing motion of air molecules. This movement propagates through the air as pressure waves. If these pressure waves are strong enough and within the audible frequency spectrum, a sensation of hearing is produced. Different aircraft types have different noise levels and frequencies. The noise originates from three main sources:
• Aerodynamic noise
• Engine and other mechanical noise
• Noise from aircraft systems
Aerodynamic noise
Aerodynamic noise arises from the airflow around the aircraft fuselage and control surfaces. This type of noise increases with aircraft speed and also at low altitudes due to the density of the air. Jet-powered aircraft create intense noise from aerodynamics. Low-flying, high-speed military aircraft produce especially loud aerodynamic noise.
The shape of the nose, windshield or canopy of an aircraft affects the sound produced. Much of the noise of a propeller aircraft is of aerodynamic origin due to the flow of air around the blades. The helicopter main and tail rotors also give rise to aerodynamic noise. This type of aerodynamic noise is mostly low frequency determined by the rotor speed.
Typically noise is generated when flow passes an object on the aircraft, for example the wings or landing gear. There are broadly two main types of airframe noise:
• Bluff Body Noise – the alternating vortex shedding from either side of a bluff body, creates low pressure regions (at the core of the shed vortices) which manifest themselves as pressure waves (or sound). The separated flow around the bluff body is quite unstable, and the flow “rolls up” into ring vortices—which later break down into turbulence.
• Edge Noise – when turbulent flow passes the end of an object, or gaps in a structure (high lift device clearance gaps) the associated fluctuations in pressure are heard as the sound propagates from the edge of the object (radially downwards).
Engine and other mechanical noise
Much of the noise in propeller aircraft comes equally from the propellers and aerodynamics. Helicopter noise is aerodynamically induced noise from the main and tail rotors and mechanically induced noise from the main gearbox and various transmission chains. The mechanical sources produce narrow band high intensity peaks relating to the rotational speed and movement of the moving parts. In computer modelling terms noise from a moving aircraft can be treated as a line source.
Aircraft Gas Turbine engines (Jet Engines) are responsible for much of the aircraft noise during takeoff and climb, such as the basson noise generated when the tips of the fan blades reach supersonic speeds. However, with advances in noise reduction technologies—the airframe is typically more noisy during landing.
The majority of engine noise is due to jet noise—although high bypass-ratio turbofans do have considerable Fan Noise. The high velocity jet leaving the back of the engine has an inherent shear layer instability (if not thick enough) and rolls up into ring vortices. This of course later breaks down into turbulence. The SPL associated with engine noise is proportional to the jet speed (to a high power) therefore, even modest reductions in exhaust velocity will see a large reduction in Jet Noise.
Noise from aircraft systems
Cockpit and cabin pressurization and conditioning systems are often a major contributor within cabins of both civilian and military aircraft. However, one of the most significant sources of cabin noise from commercial jet aircraft, other than the engines, is the Auxiliary Power Unit (APU), an on board generator used in aircraft to start the main engines, usually with compressed air, and to provide electrical power while the aircraft is on the ground. Other internal aircraft systems can also contribute, such as specialized electronic equipment in some military aircraft.

2014 මාර්තු 11 වන අඟහරුවාදා

Q: When we are cooking specially “kirihodi” that needs continuous stirring even after removed from the heat source else coagulation would occur. What is the scientific reason for this?

Answered by Dr. Ruvini Liyanage, Research Fellow-Food Science and Nutrition.

Coconut milk is an oil-in-water emulsion formed from the aqueous extract of coconut solid endosperm. The emulsion is relatively unstable because of the large droplet size and the poor emulsifying properties of coconut proteins adsorbed at the oil–water interface . When stirring continuously it decreases the droplet size and increases the stability of emulsion. Further, stirring spreads the heat throughout the liquid and avoids reaching denaturation temperature of  coconut proteins which help in maintaining the stability of emulsion.

2014 මාර්තු 1 වන සෙනසුරාදා

Q: MnO4 – අයනයක ආම්ලික මාධ්‍යයේ වර්ණය කුමක්ද ?

2014 පෙබරවාරි 28 වන සිකුරාදා

Q: පයෝලස නාලිකා වලින් උරා ගන්නා මේද අම්ල හා ග්ලිසරෝල් රුධිර කේෂ නාලිකා වලින් උරා නොගන්නේ ඇයි?

Answered by Team Vidu Nena Hawula

මේද අම්ල හා ග්ලිසරෝල් ආන්ත්‍රික සෛල වලට අවශෝෂණය වූ පසුව ඒවා ට්‍රයසිල් ග්ලිසරෝල් බවට පත්වේ . නමුත් මේවා ජලභීතික බැවින් කෙලින්ම රුධිරයට අවශෝෂණය කල නොහැක. ඉන්පසුව මේවා ජලභීතික ගෝලාකාර ව්‍යුහයන් බවට පත් කරනු ලැබේ. . මේවා අන්ත්‍රයේ ඇති රුධිර කේශ නාලිකා වල ජිද්‍ර තුලින් අවශෝෂණය වීමට තරම් ප්‍රමාණයෙන් කුඩා නොවන බැවින් මේවා ප්‍රමාණයෙන් සාපේක්ෂව විශාල සිදුරු සහිත පයෝලස නාලිකා වලට අවශෝෂණය කෙරේ . ශිරා තුල මෙම අණු ඇතුල්වීමට ප්‍රමාණවත් තරම් විශාල ජිද්‍ර පවතින බැවින් පසුව මේවා උරස් කුහරය තුලදී ශිරා තුල පවතින රුධිරයට මුදා හැරේ .

2014 පෙබරවාරි 14 වන සිකුරාදා

Q: ද්‍රවාංකය ඉහළ වන්නේ මිනිරන් වලද ? නැතහොත් දියමන්ති වලද?

2014 පෙබරවාරි 3 වන සඳුදා

Q: අකුණු ගසන අවස්ථාවක ජංගම දුරකථනයක් ළඟ තබා ගෙන සිටීම අවදානම්ද ?

Answered by Team Vidu Nena Hawula

සෛද්ධාන්තිකව කරුණු සැලකීමෙන් පැවසිය හැක්කේ අකුණු ගැසීම කෙරෙහි ජංගම දුරකථන භාවිතයේ බලපෑමක් නැති බවය. නමුත් යම්කිසි හේතුවක් නිසා යම් පුද්ගලයෙකුට අකුණක් වැදෙන විට ජංගම දුරකථනයක් භාවිතා කරමින් සිටියහොත් ඉන් පුද්ගලයාට ඇතිවන හානිය වඩාත් බරපතල වේ.

2014 ජනවාරි 25 වන සෙනසුරාදා

Q: ඇස් පිල්ලම් වැඩිපුර ගැසීමට හේතුව කුමක්ද?

Answered by Dr S.B.W Thalakiriyawe,General Practitioner .

බොහෝ විට මෙය මානසික ආතතිය වැනි තත්වයක් නිසා විය හැක .සමහර විට ආසාත්මික තත්වයක් නිසා හෝ ඇසේ ඇතිවන ආසාදනයක් හේතුවෙන් ඇති වේ .කලාතුරකින් මෙය ඇස අවට පවතින පේශි සම්බන්ධ ස්නායුගත රෝගයක් විය හැක.

2014 ජනවාරි 15 වන බදාදා

Q: Huge water tanks are built with a large circular water storage tank on top of a thin column.this odd structure with an elevated center of gravity seems very unstable.but they are built. what is the reason behind this?

Answered by Prof. Ranjith Dissanayake, Head, Department of Civil Engineering, University of Peradeniya, Peradeniya, Sri Lanka

1. To increase the water pressure ,which makes it easy to distribute water to long distances.
2. It also works as a pendulum so when unstable (like in earthquake or wind forces) not a big problem as it gets stable automatically.

2014 ජනවාරි 12 වන ඉරිදා

Q: ඇසක නගයනයක් ඇතිවීමට හේතුව කුමක්ද?

Answered by Team Vidu Nena Hawula

බොහෝ විට නගන ඇතිවීමට හේතු වන්නේ බැක්ටීරියා ආසාදනයක් හෝ ඇසිපියෙහි (eye lid) ඇති තෛල ග්‍රන්ථි වල ඇතිවන අවහිරවීමක්ය .මේ හේතුවෙන් එහි ඇති තෛල ඉවතට පැමිණීමට නොහැකි වීම නිසා මෙම ග්‍රන්ථිය ඉදිමීමට ලක්වේ.

2013 නොවැම්බර් 30 වන සෙනසුරාදා

Q: සීසියම් වල අඩංගු නියුට්‍රෝන ගණන කීයද?

2013 නොවැම්බර් 18 වන සඳුදා

Q: වෛද්‍යවරුන් අධික රුධිර පීඩනයක් ඇති රෝගීන්ට NaCl වෙනුවට KCl නිර්දේශ කරන්නේ ඇයි?

Answered by Malkanthi Jayasekara (Pharmacist)

අධි රුධිර පීඩනයට ලැබෙන ඖෂධයක් නිසා දේහයෙන් මුත්‍ර පිටවීම අධික වේ. මුත්‍ර සමග දේහයෙන් යම් අයන ප්‍රමාණයක් ඉවත් වෙන නිසා දේහයේ අයන අසමතුලිතතාවක් ඇති වේ. මෙලෙස ඉවත් වෙන පොටෑසියම් සහ ක්ලෝරයිඩ් යන යලි සමතුලිත කර ගැනීම සදහා වෛද්‍යවරු KCl නිර්දේශ කරයි.

2013 ඔක්තෝබර් 22 වන අඟහරුවාදා

Q: සූර්යාගේ සිට පෘථිවියට පවතින දුර කොපමණද?

2013 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

Q: ඩොප්ලර් ආචරණ රැලිති ටැංකියෙන් ආදර්ශනය කල හැකිද? පෙන්විය හැකි නම් පෙන්වීම සදහා ගත යුතු ක්‍රියා මාර්ග කවරේද?

Answered by විදු නැණ හවුල කණ්ඩායම

රැලිති ටැංකිය මගින් ඩොප්ලර් ආචරණය පෙන්වීමට හැකිය. ඒ සදහා කම්පන තුඩු භාවිතා කිරීම වඩාත් පහසුවේ. එක් කම්පන තුඩක් රැලිති ටැංකියේ එක් අන්තයක කම්පනය වීමට සලස්වා වෙනත් කම්පන තුඩක් රැලිති ටැංකියේ අනෙක් අන්තයේ සිට පළමු කම්පන තුඩ කම්පනය වන සංඛ්‍යාතයෙන් කම්පනය කරමින් පළමු කම්පන තුඩ දෙසට චලනය කිරීම මගින් ඩොප්ලර් ආචරණය ආදර්ශනය කළ හැක.

2013 ඔක්තෝබර් 13 වන ඉරිදා

Q: සත්ව ලොව වඩාත්ම හොදින් ඉව දැනීමට හැකියාව ඇති සත්වයා කව්ද?

2013 ඔක්තෝබර් 10 වන බ්‍රහස්පතින්දා

Q: If we drink much salt water it causes death. But in the sea, fish always drink salt water. But they won’t die. Why this happens?

2013 ඔක්තෝබර් 4 වන සිකුරාදා

Q: ද්‍රව්‍ය ප්‍රමාණය (පදාර්ථ ප්‍රමාණය) මනින්නේ මවුල වලිනි. එසේනම් ස්කන්ධය (mass) මගින් කුමක් මනින්නේද?

Answered by Team Vidu Nena Hawula

මවුල වලින් මෙන්ම ග්‍රෑම් වලින් මනිනු ලබන්නේ යම් ද්‍රව්‍යක ඇති පදාර්ථ ප්‍රමාණයයි. නමුත් භාවිතය අනුව රසායනික කටයුතු සඳහා මවුල ඒකකය වඩාත් උචිත වේ. එමෙන්ම එදිනෙදා ජීවිතයේ යම් ද්‍රව්‍යක ප්‍රමාණය පැවසීමට ස්කන්ධය යොදා ගැනීම උචිත වේ. එබැවින් මෙය භාවිතය අනුව වෙනස් වේ.

2013 සැප්තැම්බර් 18 වන බදාදා

Q: විකිරණශීලී සියලුම මුලද්‍රව්‍ය අඳුරේදී ආලෝකමත් වේද?

2013 අගෝස්තු 8 වන බ්‍රහස්පතින්දා

Q: ස්කන්ධය මැනිය හැක්කේ බර මත පදනම්වයි. එහෙත් ස්කන්ධයෙන් බලයක් මැනෙන්නේ නැත. වෙනත් ග්‍රහලෝවකදී, ස්කන්ධය මැන්නහොත් වෙනස් අගයන් ලැබේ. එහෙත් ස්කන්ධය වෙනස් විය නොහැක. හේතුව පැහැදිලි කරන්න.

Answered by Team Vidu Nena Hawula

ස්කන්ධය මගින් මනින්නේ කිසියම වස්තුවක ඇති පදාර්ත ප්‍රමාණයයි. එය සොයාගැනීමට අපට ඇති පහසුම ක්‍රමය වන්නේ වස්තුවේ බර මැන, එය ගුරුත්වජ ත්වරණයෙන් බෙදීමයි. (බර = ස්කන්ධය x ගුරුත්වජ ත්වරණය නිසා) නිශ්චිත වස්තුවකට ඇත්තේ නිශ්චිත ස්කන්ධයකි. නමුත් ගුරුත්වජ ත්වරණය ග්‍රහලෝකයෙන් ග්‍රහලෝකයට වෙනස් වේ. මේ නිසා බර සදහා ලැබෙන අගය අප සිටින ස්ථානය අනුව වෙනස් වේ. බර කොපමණක් වූවත් එම අගය ගුරුත්වජ ත්වරණයෙන් බෙදා ලැබෙන ස්කන්ධය සෑම විටම එකම අගයක් ගනී.

2013 ජූලි 22 වන සඳුදා

Q: එකසර ඉලෙක්ට්‍රෝන යනු මොනවාද?

2013 ජූලි 16 වන අඟහරුවාදා

Q: රදර්ෆඩ් ගේ රන් පත්‍ර පරීක්ෂණය සඳහා රන් පත්‍රයක්ම යොදා ගන්නේ ඇයි ?

Answered by Team Vidu Nena Hawula

රන් පත්‍ර පරීක්ෂාව සිදුකිරීමට භාවිතා කරන විකිරණ වර්ග වන්නේ ඇල්ෆා අංශු ය.මේ අංශු වල විනිවිද යාමේ හැකියාව අඩු ය. එබැවින් පරීක්ෂණයට යොදා ගන්න පත්‍රය ඉතාමත් තුනී එකක් විය යුතු වේ( පරමාණුක මට්ටමේ). සියලුම ලෝහ අතරින් වඩාත්ම සිහින් කල හැකි ලෝහය වන්නේ රත්රන් ය. මේ නිසා පරීක්ෂණය සඳහා රන් පත්‍රයක්ම යොදා ගැනේ.

2013 ජූනි 11 වන අඟහරුවාදා

Q: HCl අම්ලය අයනික සංයෝගයක්ද නැතහොත් සහසංයුජ සංයෝගය්ක්ද?

Answered by Team Vidu Nena Hawula

විද්‍යුත් ඍණතා වෙනස අනුව HCl සහසංයුජ සංයෝගයකි. නමුත් ජලීය ද්‍රාවණයේ HCl අයන වලට වෙන් වන නිසා අයනික ලක්ෂණ පෙන්වයි. එබැවින් අයනික හා සහසංයුජ අතරමැදි ලක්ෂණ පෙන්වයි.

2013 ජූනි 2 වන ඉරිදා

Q: හාවා විලෝපික සත්වයෙකු ලෙස සැලකිය හැකිද?

Answered by Team Vidu Nena Hawula

විලෝපික පෝෂණය යනුවෙන් අදහස් කරන්නේ එක ජීවී විශේෂයක් විසින් තවත් ජීවී විශේෂයක් මරණයට පත්කර ආහාරයට ගැනීමකි. හාවා ශාකභක්ෂක සත්වයෙක් නිසා තවත් සතෙකු මරණයට පත්කර ගොදුරු කර නොගනී. එබැවින් විලෝපිකයෙකු නොවේ.

2013 මැයි 22 වන බදාදා

Q: Hydrilla ශාකයේ වර්ගීකරණය කුමක්ද?

2013 මැයි 20 වන සඳුදා

Q: AgBr කෘතීම වැසි ඇති කිරීමට යොදාගන්නා බව මා අසා ඇත . ඒ කෙසේද?

Answered by Prof . J. Bandara.

AgBr කෘතීම වැසි ඇති කිරීමට යොදාගන්නා බව මා අසා ඇත . ඒ කෙසේද?
සාගර වලින් වාෂ්ප වන ජලය ඒ හරහා ගමන් කරන සුළං ධාරා වලට එකතු වේ .:. මෙම සුළං ඉහල වායුගෝලයට ගමන් කරන විට එහි උෂ්ණත්වය බෙහෙවින් පහල යන අතර මේ හේතුවෙන් මෙහි පවතින සමහර ජල බිඳිති ඒකාබද්ධ වී, තව තවත් ජල බිඳිති ඒවා වෙත ආකර්ෂණය කර ගනියි. මෙලෙස වාතයට එක්වන ඇසට නොපෙනෙන ජල වාෂ්ප ඇසට පෙනෙන කුඩා ජල බිඳිති හෝ අයිස් කැට බවට පත්වන විට වලාකුළු ඇතිවේ. මෙසේ සෑදෙන ජල බින්දු 0.1mm පමණ විශාල වන විට , තවදුරටත් වාතයේ රැඳවී පැවතිය නොහැකි බැවින් , වර්ෂාව ලෙස පොළොවට ඇද හැලේ . ඉහත ලෙස ස්වභාවිකව වර්ෂාව ඇති නොවන අවස්ථාවල කෘතීම ක්‍රම භාවිතයෙන් වැසි ඇතිකරගත හැක . කෘතීම වැසි ඇති කිරීමේදී කුඩා AgBr , AgI හෝ ඝන Carbon dioxide අංශු වලාකුළු අතරට ඉසිනු ලබයි. මෙසේ ඉසිනු ලබන අංශු, ජල වාෂ්ප ආකර්ෂණය කරමින් ඒ වටා ජල වාෂ්ප ඝනීභවනය වීමට ඉඩ සලස්වන ස්ඵටික ලෙස ක්‍රියා කරයි.ප්‍රමාණවත් විශාලත්වයෙන් යුත් ජල බින්දුවක් නිර්මාණය වූ විට , ඒවා වර්ෂාවක් ලෙස ඇද හැලේ මෙම ක්‍රියාවලිය සඳහා ඝන Carbon dioxide භාවිතය ලාභදායී වේ . AgI හා AgBr අතුරින් වැඩි සීග්‍රතාවයකින් කෘතීම වැසි ඇති කරගත හැක්කේ AgI මගින් නිසා AgI භාවිතය සාපේක්ෂව බහුලය.

2013 මැයි 18 වන සෙනසුරාදා

Q: අයඩීන් නිර්ද්‍රව්‍ය ද්‍රවානයක්ද? ද්‍රාව්‍ය ද්‍රවානයක්ද?

Answered by Team Vidu Nena Hawula

අයඩීන් සංයෝගයේ ජල ද්‍රාව්‍යතාව ඉතා අඩුය. අයඩීන් ග්‍රෑම් එකක් දිය කිරීමට ජලය ලීටර් 3.5ක් පමණ අවශ්‍ය වේ. එනිසා අයඩීන් ද්‍රාව්‍යතාව වැඩි කිරීමට පොටසියම් අයඩයිඩ් මිශ්‍ර කෙරේ. එවිට අයඩීන් ද්‍රව්‍යතාව ඉහල යයි.

2013 අප්‍රේල් 22 වන සඳුදා

Q: Be මුලද්‍රව්‍ය ලොහාලෝහද ?

2013 මාර්තු 17 වන ඉරිදා

Q: නිහාරිකාවක් යනු කුමක්ද?

2013 මාර්තු 15 වන සිකුරාදා

Q: ඔටුවන්ගේ මොල්ලියේ ජලය ගබඩා කරගත හැකියි යන කියමන සත්‍යද? ඔවුන් ජලය නිපදවා ගන්නේ සංචිත මේදය ඔක්සිකරණය කිරීමෙන්ද?

Answered by Team Vidu Nena Hawula

ඔටුවන්ගේ මොල්ලියේ ගබඩා කර ගන්නේ මේදයයි. ඔවුන් එක වරකට විශාල ජල ප්‍රමාණයක් පානය කරන අතර එම ජලය සියල්ල ගබඩා කරගන්නේ රුධිරය තුලය. එසේම මොල්ලියේ සංචිත මේදය යොදා ගන්නේ ආහාර නොමැති විට භාවිතා කිරීමටයි.

2013 පෙබරවාරි 22 වන සිකුරාදා

Q: පැස්චරීකරණය යනු කුමක්ද?

Answered by Team Vidu Nena Hawula

පැස්චරීකරණය ආහාර පරිරක්ෂණ ක්‍රමයකි.එහිදී වැඩි උෂ්ණත්වයකට රත් කර මද වෙලාවකින් නැවත සෙල්සියස් අංශක 5 ට පමණ සිසිල් කරනු ලබයි.

2013 ජනවාරි 3 වන බ්‍රහස්පතින්දා

Q: හීලියම් වායුවේ ප්‍රයෝජන මොනවාද?

Answered by Team Vidu Nena Hawula

හීලියම්- සුපිරිසන්නායක ලෝහ සිසිලනකාරකයක් ලෙස, කාලගුණ වායු බැලුන් පිටවීමට, රොකට් ඉන්ධන සෑදීමේදී සිසිලනකාරකයක් ලෙස, ලේසර් කිරණ නිපදවීමට භාවිතා වේ.

2012 දෙසැම්බර් 20 වන බ්‍රහස්පතින්දා

Q: විරංජන කුඩු, ආප්ප සෝඩා, බේකින් පවුඩර්, වෙඩි ලුණු, ආකාර ලුණු යන ඒවායේ ප්‍රධාන සංයෝග මොනවාද?

2012 නොවැම්බර් 15 වන බ්‍රහස්පතින්දා

Q: ගංජා වල සහ සිගරට් වල තිබෙන්නේ එකම රසායනික සංයෝගයක් ද? ගංජා වලට පුද්ගලයින් වඩාත් ඇබ්බැහි වීමට හා අතුරු ආබාධ වැඩි වීමට හේතුව කුමක්ද?

Answered by Team Vidu Nena Hawula

ගංජා (Cannabis ) තුල අඩංගු ප්‍රධාන රසායනික සංයෝගය ටෙට්‍රා හයිඩ්රො කැනබිනොල්/Tetrahydrocannabinol (THC) වේ. සිගරට් වල නිකොටින් අඩංගු අඩංගුය.THC වල බලපෑම මොලයට වුවද නිකොටින් වල බලපෑම ශ්වසන පද්ධතියට වේ.එනම් ගංජා මඟින් මොලය උත්තේජනය කරයි. බොහෝ දෙනෙක් ගංජා වලට ඇබ්බැහි වීමට හේතුව මෙය විය හැක.

2012 නොවැම්බර් 2 වන සිකුරාදා

Q: කළු වර්ණය අනෙකුත් වර්ණ අවශෝෂණය කරනවාද?

Answered by Team Vidu Nena Hawula

යම් වස්තුවක් කළු පැහැයෙන් දිස්වන්නේ එම වස්තුව මතට පතනය වන සියලුම දෘශ්‍ය කිරණ එමගින් අවශෝෂණය කරන බැවිනි. යම් වස්තුවක් සුදු පැහැයෙන් දිස්වන්නේ ඒමත පතනය වන සියළුම දෘශ්‍ය කිරණ එමගින් පරාවර්තනය කරන බැවිනි.

2012 ඔක්තෝබර් 24 වන බදාදා

Q: සමහර කුරුමිනියන්ගේ උදරයේ සිටින කුඩා සතුන් කාණ්ඩය කුමක්ද?

Answered by ආචාර්ය ජයන්ත වත්තෙවිදාන

කුරුමිනියන්ගේ දේහ තුල මිනිසුන්ගේ මෙන්ම පරපෝෂිතයන් ජීවත්වේ. මොවුන් නිර්වායු පරපෝෂිතයන් ලෙස හඳුනා ගැනේ.

2012 ඔක්තෝබර් 16 වන අඟහරුවාදා

Q: ඉක්කාව ඇතිවන්නේ කෙසේද?

Answered by Team Vidu Nena Hawula

අපගේ මහාප්‍රාචීරයේ ක්‍රියාවට බලපාන ස්නායු වල ඇතැම් විට ඇතිවන වේදනා නිසා මහාප්‍රාචීරය ක්ෂණිකව සංකෝචනය කරයි.එවිට එක වරම වාතය ආශ්වාස කිරීම සිදුවේ.එම වාතය ස්වරාලය හරහා ඉකමනින් ගමන් කිරීම නිසා ඉක්කාවක හඬ උපදී.

2012 ඔක්තෝබර් 14 වන ඉරිදා

Q: වන රක්ෂිතයක් තුල සීතලක් දැනීමට ප්‍රධාන හේතුව කුමක්ද?

Answered by Professor S.A Kulasooriya

වනාන්තරයක ඇති අධිකව ව්‍යාප්ත වූ තුරු වියන හරහා හිරු එලිය පොළොවට පතනය වනුයේ,එහි අඩංගු ශක්තියෙන් වැඩි කිරණ පත්‍ර මගින් අවශෝෂණය වූ පසුවය.එමනිසා පොළොවට වැටී පරාවර්තනය වන හිරු කිරණ මගින් ජනනය වන තාප ප්‍රමාණය අඩුය.අපට යම් හෝ උණුසුමක් දැනෙන්නේ මෙම පරාවර්තිත කිරණ හේතුවෙනි.එනිසා සාපේක්ෂව ඉහල ආර්ද්‍රතාවක් පැවතුනද,වනාන්තරය අභ්‍යන්තරයේ පවතින්නේ සිසිලස මුසු වටාපිටාවකි.

2012 සැප්තැම්බර් 17 වන සඳුදා

Q: SPH අගය යනු කුමක්ද? නිරෝගී ඇසක SPH අගය කොපමණ විය යුතුද?

Answered by Team Vidu Nena Hawula

SPH = Sphere Power ඇසෙහි දර්ශන තතය මනිනු ලබන ඒකකයකි. SPH අගය 0 යනු මධ්‍ය අගයයි. එම අගය + වේනම් දුර දෘෂ්ටිකත්වය සහ – වේනම් අවිදුර දෘෂ්ටිකත්වය ඇතැයි හඳුනා ගැනේ.

2012 අගෝස්තු 22 වන බදාදා

Q: මීමැස්සන්ගේ විෂ ආම්ලික නිසා දෂ්ඨ කිරීමක් මත ළූණු ආලේපය නුසුදුසුද?(ළූණු ද ආම්ලික බැවින් )

Answered by Team Vidu Nena Hawula

මීමැසි දෂ්ඨ කිරීමක් මත ළූණු ආලේප කිරීමෙන් එම ස්ථානය විෂබීජ වලින් ආරක්ෂා වීමක් සිදුවේ.